The Dark Knight Trilogy by Prageeth Shan
මේ දවස්වල තියෙන Batman උණුසුමත් එක්ක ආයෙම පරණ The Dark Knight Trilogy එකම බලන්න ගත්තා..
Hans Zimmer ගේ music එක්ක මේ ටික ආයෙම බලන එකත් වෙනම ආතල් එකක්..
ෆිල්ම් එක බලලා ඉවර වෙද්දි අර නිතරම batman theme music එක වගේ දාන සද්දෙ කටිනුත් ඉබේම මිමිණෙනවා.. ඉතින් මේ අතරෙන් උඩින්ම තියෙන The Dark Knight ආයෙම බලද්දි දැනුන දේවල් ගොඩක් තියෙනවා. Batman Begins වලදි එහෙම අලුතින් විශේෂත්වයක් නොදැනුනත් TDK වලදි ඒක දැනුනා. ඒ ඒ සිදුවීම් ගලාගෙන යද්දි ඒවා අතරෙ තියෙන සම්බන්ධකම් හොඳට පේන්න ගත්තෙ මෙදාපාර තමයි..
ඒවගේම යම් යම් අවස්ථාවලදි ඒ ඒ චරිත ඒ ඒ අවස්ථාවන් අර්ථකථනය කරන්න පාවිච්චි කරපු දෙබස් වල වටිනාකම වැඩිවැඩියෙන් දැනෙන්නෙත් දැන් 













මිනිස්සුන්ගෙ ඇතුලෙ තියෙන දුශ්ඨකම් එලියට අරගෙන ඒක ලෝකෙට පෙන්නන එක, මිනිස්සු කියන්නෙත් ශිෂ්ඨ ගතියක් මතුපිටින් පෙන්නුවට ඇත්තටම අමු සත්තු සෙට් එකක් කියලා පෙන්නන එක තමයි මිනිහගෙ ආතල් එක උනේ. එක විදියකින් ඒක බැරි උනත් කොහොමහරි මිනිහා අන්තිමට දිනුවා. තමන් අතින් අවාසනාවන්ත විදියට Harvey ට උන දේ නිසාම ආයෙ එලියට එන්න බැරි විදියට පලායන්න Batman ට සිද්ධ උනා..
ඒකත් හරියටම Harvey කිව්වා වගේම, “You Either Die A Hero Or Live Long Enough To See Yourself Become The Villain.”


ඊලඟට දැකපු ලස්සනම දේ තමයි Batman සහ Joker කියන්නෙ එකම කාසියක දෙපැත්ත කියලා පෙන්වපු විදිය. ඒක නිකන් Harvey ගේ කාසිය වගේ. එක පැත්තකින් හොඳත් අනිත් පැත්තෙන් දුෂ්ඨකමුත් නිරූපණය වෙනවා. ඒකෙන් Batman නිතරම මිනිස්සුන්ගෙ හොඳ ගතිගුණ දැකලා ඒවට මූලිකත්වය දීලා මිනිස්සුන්ව බේරගන්න කැපවෙන අතරෙදි Joker මිනිස්සුන්ගෙ තියෙන අවස්ථාවාදී, ආත්මාර්ථකාමී දුෂ්ඨ ගති එලියට අරගෙන ඒවගෙන්ම මිනිස්සුන්ව විනාශ කරන්න උත්සාහ කලා. Batman කියන්නෙත් මනුස්සයෙක් ම නිසා එයාගෙ සමීපතමයන්ට පවා තියෙන විශේෂ බැඳීම් එක්ක සෙල්ලම් කරන්න Joker ට පුලුවන් උනේ අන්න ඒ දුර්වලතා Batman ගෙන් පවා එලියට ආපු නිසයි..
ඊලඟට මේකෙ තිබුන Quotes..




ඒවනම් මසුරන් වටිනවා.. පලවෙනි එක තමයි Harvey, Batman ගැන කියන, “You Either Die A Hero Or Live Long Enough To See Yourself Become The Villain.” අන්තිමට මේක Batman ට වගේම තමන්ටත් ඒ විදියට ම බලපාපු හැටි Harvey ට හොඳටම තේරෙන්න ඇති.. අනික මේ quote එක කියවද්දි අපේ ලංකාවේ කෙනෙකුත් නිකන්ම මතක් වෙනවා වගේ නේද…



අනිත් එක තමයි Joker තමන් සහ ලෝකයෙ සියලු දෙනාගෙම උමතුව ගැන කියන, “Madness, As You Know, Is A Lot Like Gravity. All It Takes Is A Little Push.” මෙතනදි කියන්නෙත් ඕනම කෙනෙක්ව පිස්සෙක් වගේ උමතු කරන්න මහලොකු දේවල් කරන්න උවමනා නෑ. හරියට නිලය බලලා පොඩි තල්ලුවක් දුන්නම ඇති කියන එක. අන්න ඒ දේ Joker, Batman ට Harvey ට වගේම තව ගොඩ දෙනෙක්ට කරලා සාර්ථක ප්‍රථිපල ගන්න විදියත් මතක් වෙනවා නේද. ඒ ගොඩක් අවස්ථාවලදි Joker කරේ මේ අයගෙ බැඳීම් තියෙන තැන් බලලා ඒ තැන්වලට හරියටම පහරදීලා ඔවුන්වත් තමා වගේම උමතුවෙන් හැසිරෙන අය බවට පත්කිරීම. සරලවම හැමෝම පොඩි තල්ලුවක් දුන්න ගමන්ම තමන්ගෙම මට්ටමට වැටෙන බව ලෝකෙටම පෙන්වන්න Joker උත්සාහ කලා. ඒවගේම Batman කෙනෙක් නොහිටින්න ඒ අවස්ථාවන් බොහෝමයක් සාර්ථක කරගන්න Joker ට පුලුවන් වෙන්න තිබුනා.
ඊට පස්සෙ Joker කියන, “If you’re good at something, never do it for free.” අපි අපේ මහන්සියෙක් දක්ශතා දියුණු කරගෙන වැඩක් පටන්ගන්න ගියාම මේ ප්‍රකාශේ තියෙන වැදගත්කමත් ටිකෙන් ටික අවබෝධ වෙන්න ගන්නවා. තමන් දෙයකට දක්ශ නම් ඒ value එක තමන් ගතයුතුමයි. නැති නම් තමන් කරන දේ තේරුමක් නැති වෙනවා 



ඊලඟට Alfred විසින් Joker ගේ නියම ස්වභාවය Bruce ට පෙන්වලා දෙන, “Some Men Just Want To Watch The World Burn.” මේකත් මේ කාලයට ගැලපෙන කියමනක්. හැමකෙනාම නීතිරීති වලින්, මිනිසුන් විදියට අපි නම්‍යශීලී වෙන සීමා වලින් (මුදල්, බලය, තත්ත්වය වගේ) නමන්න බෑ කියන එක Alfred හරි අපූරුවට කියාදෙන්නෙ මේ විදියට. “Because some men aren’t looking for anything logical, like money. They can’t be bought, bullied, reasoned, or negotiated with. Some men just want to watch the world burn.”

ෆිල්ම් එකේ මුල ඉදන්ම Batman ට උවමනා වෙන්නෙ කවදහරි තමන් Batman නොවෙන දවසක් උදාවීම වෙනුවෙන් නගරයේ වීරයා එහෙමත් නැත්නම් The White Knight විදියට Harvey ව තමන් වෙනුවට Replace කරන්නයි. නමුත් Joker අතින් Harvey ව තමන් බලාපොරොත්තු උන කෙනාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් බවට පත්කිරීම නිසා තමන්ගෙ මුල් සැලසුම දිගටම සාර්ථකව අවසන් කරලා Harvey ව වීරයෙක් විදියට Gotham හි මිනිසුන්ට ඉදිරිපත් කරන්න Harvey ගෙ මරණයෙ වගකීම බාරගෙන නීතියෙන් පලායන්නෙක් බවට පත්වෙන්න වගේම ආයෙම Batman විදියට කටයුතු නොකරන්න Bruce තීරණය කරනවා. අන්න එවෙලෙ තමාට අකමැත්තෙන් හෝ Batman ගේ පසුපස පැන්නීමට සිදුවීම සහ මේ මොහොතෙ Gotham නගරයට උවමනා නොවුනත් එයට සැබැවින්ම අවශ්‍ය ආරක්ශකයා Batman පමණක් බව Gordon ගෙ වචන වලින් කියවෙනවා. ඉතින් මේක Superhero ෆිල්ම් එකක වගේම ඕනෑම චිත්‍රපටියක දැකපු හොඳම අවසානයක් බව කියන්නම ඕන 



ඉතින් අවසානයට කියන්න තියෙන්නෙ The Dark Knight කියන්නෙ Masterpiece කියන වචනෙට ඇත්තටම ගැලපෙන සිනමාපටයක්. Nolan සහෝදරයන්ගෙ අතිවිශිෂ්ඨ පිටපත, Heath, Bale, Garry Oldman, Michael Caine වැන්නන්ගෙ අපූරූ රඟපෑම. විශේෂයෙන්ම Heath ගේ අදහගන්න බැරි තරම් තාත්වික රංගනය නිසාම මේ ෆිල්ම් එක බලන බලන වතාවක් පාසා තව තවත් හිත ඇතුලට කාවදින සිනමාපටයක් බව කියන්න ඕන. ඇත්තටම මේකේ තියෙන සමහර අවස්ථා මාරම epic කියන්න පුලුවන්. ආයෙම මේ වගේ සුපිරිම Performances ගොඩක් එකට එකතුවෙලා මෙහෙම නිර්මාණයක් කවදා හරි නිර්මාණය වෙයිද කියලා මටනම් සැකයි. TDK කියන්නෙ අන්න ඒවගෙ සර්වකාලීන ෆිල්ම් එකක්..



එහෙනම් මගෙ හෑල්ල අවසානයි. බලා සිටි ඔබ සැමට ස්තූතියි 




