The Dark Clouds | අදුරු වළාකුළු | Award Winning Sinhala Short Film Gayan Fernando
වසර ගනනාවකට පෙර මා විසින් නිර්මාණය කරන ලද සම්මාණනීය අදුරැ වලාකුළු කෙටි චිත්‍රපටය ගැන වර්තමානයේ නැවතත් කතාබහක් කලා.
විශේෂ ස්තුතිය | Thishara Withana
Sihina E Magazine
සටහන.
අඳුරු වළාකුළු …….
වර්තමාන සමාජයේ ජීවත්වන බොහෝ මිනිසුන් පසුවන්නේ දැඩි දරිද්‍රතාවයකිනි. මෙසේ පැවසූවිට ඔබට සිතෙත්නේද මිනිසුන්ගේ භෞතිකමය දරිද්‍රතාවය පිළිබඳවයි. නමුත් , කුඩා දරුවාගේ පටන් වැඩිහිටි පරම්පරාව දක්වාම සමාජයේ වෙසෙන අපේම මිනිසුන් තුළ වැඩි වශයෙන් පවතින්නේ මානසික දරිද්‍රතාවයකි. මේ කතාව සමාජයේ අප සුලබව කතාබහ නොකර දරිද්‍රතාවයෙන් පෙළෙන අපේම මිනිසුන් ගැන …….
” අඳුරු වලාකුළු ” නමින් Zoom Film Sri Lanka ඉදිරිපත් කරන ලද මෙම කෙටි චිත්‍රපටය ගැඹුරු යථාර්ථයක් පිළිබඳව අපට පවසයි. සමාජයක දියුණුව රඳා පවතින්නේ මානසික දියුණුවත් සමගයි. එහෙත් , අවාසනාවකට මෙන් අප අද ජීවත්වන්නේද මානසිකව නොදියුණු සමාජයක යැයි සිතෙන අවස්ථාවන්ට මුහුණදීමට අපට සිදුවී ඇත. කලාකාමී ඇසකින් සමාජයේ පවතින යථාර්ථය පිළිබඳව ගෙනහැර දැක්වීමට මේ කෙටි චිත්‍රපටය සමත් වී ඇත.
ඉරුණු ඇඳුම් පැළඳුම් ආදී භෞතික සම්පත් ඔස්සේ සමාජය ගැන නිවැරදිව සිතීමට හැකි නම් එය දරිද්‍රතාවය නම් සුවිසල් මන්දිර වැනි නිවාසත් සුවපහසු වාහන , අලුත් ඇඳුම් පැළඳුම් ආදිය ඇති මිනිසුන් දරිද්‍රතාවයකින් නොපෙළෙන බවත් අපට නිගමනය කළ හැකිද ? සමාජයේ පවතින යථාර්ථය නම් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා’යැයි කියන මිනිසුන් ද මානසික දරිද්‍රතාවයෙන් පසුවන අවස්ථා අනන්තවත්ය.
මෙම කෙටි චිත්‍රපටය Zoom Film Sri Lanka YouTube නාලිකාව ඔස්සේ නිර්මාණය කර ඇති අතර ගයාන් ප්‍රනාන්දු විසින් අධ්‍යක්ෂණය සිදු කර ඇත. මෙහි තිර රචනය මෙන්ම සංස්කරණ කටයුතු ද ඔහු විසින්ම සිදු කර ඇත. චමෝද් ජයශංක කැමරාකරණයෙන් මෙම නිර්මාණයට දායක වී ඇත. මෙහි ප්‍රධාන රංගන ශිල්පීන් ලෙස සවිෂ්ක ඉරෝෂන් සහ රොෂෙල් ශෙනාලි යන අය කටයුතු කර ඇත.
” අඳුරු වලාකුළු “ සම්මානනීය කෙටි චිත්‍රපටයක් බවත් ඔබට කිවයුතුමයි. එදිනෙදා ජීවිතයට සිනමාරූපී අර්ථයක් එක්කිරීම ලේසි පහසු කටයුත්තක් නම් නොවේ …..
සටහන : තිෂාරා විතාන
Sihina E Magazine
සම්පූර්ණ කෙටි චිත්‍රපට බලන්න