The Batman (2022) by Devinda Perera
NO SPOILERS!
කතාව ගැන කියන්නැ බලලා ඉවරවෙලා දැනුනු විදිහෙන් මතක මතක ටික අමතක නොවෙන්න කලියෙන් ලිව්වා මෙහෙම .
“Ladies. Gentlemen. You have eaten well. You’ve eaten Gotham’s wealth. Its spirit. Your feast is nearly over. From this moment on…none of you are safe.”
– Frank Miller, Batman: Year One –

කෙටියෙන් කියනවනම් මෙච්චරයි..
දැනට ඇවිත් තියෙන Accurateම Batman Adaption එක.. එතකොට The dark knight? Nolan Trilogy ? Ben affleck’s Batman and the story? හරි.. ඉන්න.. ඒවා පැත්තකින් තියන්න.. එතන්ට මන් පස්සෙ එන්නම්.. මුලින්ම The Batman ගැන කියලා..
මුලින්ම කියන්නම් මේක පට්ටම පෞද්ගලික ලියැවිල්ලක්.. මගේ දැනුම මගේ හැඟීම් හා මට දැනුන දේවල්වලට සාපේක්ෂව ලියන මගේ The Batman කියැවීම.. හරි දැන් එකින් එකට අරන් කියන්නම්..
මන් අර කලින් කිව්ව වගේ ‘”මට අනුව” මේක තමා මෙතෙක් ආපු Accurateම Batman Film එක..හරි එහෙම කියන්න හේතු මොනවද කියලා බලමු.. හැබැයි මෙතන Accurate ම කිව්වෙ Origin එක වගේ දේවල් ගැන නෙමෙයි… කොමික් ඇඩැප්ශන් එකක් විදිහට මේක කොච්චරක්නම් ඒකෙ Source material එකට ලෙන්ගතුද හුරුපුරුදුකම් කියනවද කියන එකයි… ලොකුම හේතුව තමයි මේ ෆිල්ම් එක හැදෙන පසුබිම හා විලාසය.. ෆිල්ම් එක ගොඩනඟන ගෝතම් නගරය හා ඒ වටාවූ ප්‍රධානම චරිත කොමික් වල වටපිටාවට බොහෝදුරට සමාන්තරයි.. Fantasy ගතියත් Grounded ගතියත් අතර තැනක තමයි ගොඩනැගෙන්නෙ.. මන් උදාහරනයක් අරන් කිව්වොත් මෙතනදි Zack snyder ගොඩනගපු DC ලෝකය Fantasy පැත්තට ටිකක් බරවයි යන්නෙ.. Doomsday වගේ චරිතයක් කිසි අපහසුතාවයකින් තොරව ඒ ගොඩනගන ලෝකයට ගේන්න පුලුවන්.. Scifi ගතිය වැඩිකරවන්න පුලුවන්.. අනිත් අතට Nolange DC ලෝකය හා මෑතක ආව joker ෆිල්ම් ගත්තම ගොඩක් grounded ගතියක් තියෙන්නෙ.. Scifi Fantasy කියන සාධක යොදාගන්නම බැරිතරම්.. ඒ ගොඩනගපු ලෝකය ගොඩක් Humanized ලෝකයක්.. ඇත්ත ලෝකයට ගොඩක් සමානව ඇත්තටම අපේ සාමාජයේ වුනත් මෙහෙම දෙයක් වෙන්න පුලුවන්නෙ කියන තැන ඉදන් හදපු ලෝකයක්..

Nolan කරේ Batman කියන චරිතය හා ඒ වටා ඇති කතාවලට Alternative Realistic Approach එකක් දුන්න එක..හරිම සිවිල් ගතියක් දුන්නා ඒ චරිත වලට.. Nolanගෙ බැට්මෑන් බය කියන එක ආයුධයක් කරගෙන යන අඳුරට අධිපති රාක්ෂයෙක් විදිහට දකිනවට වඩා මන් දැක්කේ මිනිස්සු වෙනුවෙන් වෙනසක් කරන්න කැපවෙන “මනුස්සයෙක් විදිහටයි.” ඔව් නෝලාන් ලොක්කා එච්චරටම බැට්මෑන්ව සිවිල් කරා..ඒක out of this world වැඩක්.. Joker එකෙ වුනෙත් ඒවගේම දෙයක්.. ඒත් මට පට්ට ඇම්මක් තිබ්බා Comic වල වගේ තරුණ බැට්මෑන් කෙනෙක්ව දකින්න.. Detective Skills එක්ක යන Almost inhuman Batman කෙනෙක්ව දකින්න.. මොකද අපි දන්නව කොමික් වල හැටියට Bruce කියන්නෙ සාමාන්‍යය මනුස්සයෙක්ට වඩා පොඩ්ඩක් වෙනස් physically හා mentally advanced තත්ත්වෙක ඉන්න කෙනෙක් කියන එක..

ඉතින් ඔන්න ඔය මට දකින්න ඕන වුන අඳුරට අධිපති විදිහට ඉන්න හෙවනැලි අස්සෙන් මතුවෙන නම කිව්වත් ඕන කෙනෙක්ගෙ ඇඟේ හිරිගඩුපිපෙන ලෝකෙ දක්ෂම රහස් පරීක්ෂක වගේම හරිම සමබර Batman කෙනෙක්ව මන් මේකෙන් දැක්කා.. ඒ වගේමයි කිසිම අඩුවක් නැති Rage එකක් හිතයට හිරකරන් පරිණත තත්ත්වයට පත්වෙමින් සිටින තරුණ බැට්මෑන් කෙනෙක්.. මැට් රීව්ස් ආදරෙයි යකෝ.. තව දෙයක් තමයි සාමාන්‍යයෙන් Batman comic වල ගොඩක්ම පාවිච්චි වෙන්නෙ කලු සුදු කහ හා රතු වර්ණයන්.. ඒ වගේමයි වෙන කොමික් වලට සාපේක්ෂව බැට්මෑන් කොමික් වල තියෙන Artworks එහෙම මාරම මාර stylish.. අන්න ඒ stylish ගතියටම හරියන්න නිමැවුනු cinematography එකක් මේකෙ තියෙනව මන් අර උඩ කිව්ව පාටවල් වැඩිවශයෙන් යොදාගෙන කෙරුනු.. ෆිල්ම් එකේ පලවෙනි විනාඩි පහලව වගේ වෙලාව තුල මට වැඩියෙන්ම දැනුනෙ අන්න ඒ stylish ගතිය.. මාරම ලස්සනක් ඒක.. කොමික් එකක පිටුපෙරලනවා වගේ මාර ගොතික් ෆීල් එකක්..

Action Sequences හා music ගැන කියනවනම් බැට්මෑන් ෆිල්ම් එකකින් බලාපොරොත්තු වෙන්න පුලුවන් විදිහේ close hand to hand combat වැඩිවශයෙන් බලාගන්න පුලුවන්.. අපිට මැට් රීව්ස් ගේන්නෙ තරුණ පට්ටම Badass බැට්මෑන් කෙනෙක්..ඒ වගේමයි ඒ බැට්මෑන්ව ගොඩනගන්නෙ බෑට්මෑන්ව ඇත්තටම portrait කරවන්න ඕනෙම විදිහටයි.. මැරෙන්න ලංවෙද්දි සමහරුන්ට ගොක්කොල මල්වඩම් පේන්න ගන්නවා.. ඒ වගේ දෙයක් හීනෙන් හරි දැක්කොත් දැනග්න්නව මැරෙන්න ලගයි කියලා… අන්න ඒ වගේ දෙයක් තමයි බැට්මෑන් සිම්බල් එක අහසේ ඇඳෙද්දි හොරුන්ට දූෂිතයන්ට තේරෙන්නෙ.. මෙන්න මෙහෙමයි කොමික්වල බැට්මෑන්ව පෙන්වන්නේ.. බය කියන දෙය හා අඳුර තමයි බැට්මෑන්ගෙ ලොකුම ආයුධ වෙන්නේ.. මේන්න මේ ඔක්කොටම හරියන්න යොදාගෙන තියෙන මියුසික් නම් out of this world.. පට්ටම satisfying වගේම මාරම gothic grim ගතියක් තියෙන්නෙ… මටනම් ඒක කියන්න තේරේන්නැ විශුවල් එක්ක දකිද්දි ඔයාලටම ඒක තේරෙයි.. හැබැයි theme tracks වල variety එක තව වැඩිවුනානම් හොදයු කියලත් හිතුනා.. Micheal මහත්තයෝ ඔයාගේ මියුසික් නම් මාරයි ඇඟේ හිර්ගඩු පිපෙනවා..
තව කියන්නනම් දේවල් එමටයි ඒත් තාම මේක ආපුගමන්නෙ.. මන් මෙච්චර උඩ දාගෙන මේක ගැන කියෙව්වේ මන් ආසම බැට්මෑන් කොමික්වලට..ඉතින් අන්න එහෙම කියවලා ඔලුවෙ මවාගත්තු චිත්තරූපවල එකතුවක් තමයි මන් අද හැබැහින් දැකගත්තේ ඒක ඕනම batman fanboy කෙනෙක්ගෙම wet dream එකක් වගේමඒ වෙනුවෙන් දෙන්නපුලුවම් උපරිමේ මේ ෆිල්ම් එකෙන් දෙනවා කිසිම සැකයක් නෑ.. ඔ ර් ගැ ස ම් !
Pattinson is THE Batman that we always dreamed about knowing nothing but was given away to us just like that. ඒ වගේම කියන්නොනෙ Penguin ට රඟපාන්නෙ කවුද කියලා කොහෙවත් දාලා තිබුනැත්නම් අදටත් දන්නැ කවුද penguinට රඟපෑවේ කියලා… The riddler කියන චරිතේ ගැන ලොකුවට කතාකරොත් මේක තව දිග වෙනව ඉතින් ඒක පස්සට… Riddler කියලා අපි අවතක්සේරු කරපු චරිතයට අලුත් පණක් වගේම වෙනස්ම Approach එකක් මෙතන්දි ලැබෙනවා..හැබැයි තව ටිකක් ඒකට ඉඩ දෙන්නත් තිබුනා වගේ දෙයක් තමා හිතුනේ.. Alfred , Selena , Gordon , Falcone වගේ චරිත වුනත් එහෙමයි මරු.. පෞද්ගලිකව Falconeට රඟපාන කෙනාගැනනම් මගේ ලොකු පැහැදීමක් නෑ හැබැයි ඒක අවුලක් නෑ..

ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි..
ඔයා Comic කියවන Batman lover කෙනෙක්නම් මේක ඔයාට මෙච්චරකාලෙකට ලැබෙන ultimate Treat එකක් වේවි.. ඔයා සාමාන්‍යය DC / MCU Fan කෙනෙක්නම් මේක පට්ට CBM එකක් වේවි… ඔයා දාර්ශනිකවාදී ලොකු “පොරක්නම්” ඒත් මේක හොද ෆිල්ම් එකක් කියාවි.. ඔයා බැට්මෑන් කියන්නෙ මොකාදවත් නොදැන කාගෙහරි තනියකට ගිහින් මේක බලනවනම් ඒත් කිසි වරදක් නැතුව බලාගෙන ඉදීවී…
Trust me you all are in for a huge treat!!
4.5 / 5 from me.. Near perfect movie!!