The Assassination of Jesse James (2007) English | Sinhala Article

The Assassination of Jesse James (2007) English by Upul Dissanayake

ඇමරිකානු පුරාවෘත්තයක්

අපරාධකරුවෙකු මරා දැමීම වීර ක්‍රියාවක් ද බියගුලු ක්‍රියාවක්ද යන වග තීරණය කරන්නේ ඒ ක්‍රියාව සිදුවන සමාජය -කෙසේද ඒ සිදුවීම බාරගන්නෙ කියන සාධකය මතයි. සමාජයට ඒ වීරත්වය බලපාපු ආකාරය අනුවයි.

එහෙම කවුරු හෝ පුත්ගලයෙක් පෙළඹෙනවානම් අපරාධකරුවෙකුට එරෙහිව නැගී සිටින්නට ඔහුට සාධාරණ හේතු තියෙන්නට පුළුවන් , නමුත් ඒ එක හේතුවක්වත් අවසානයේ සාධාරණ නොවු ලෙස බලපාපු විශිෂ්ට කතාවක්..මේක ඇත්ත කතාවක්..ඔයාලනම් බලල ඇති..බලල නැති උදවිය කාවද මේ මරණයට පත් කලේ කියල බලන්නම වටිනවා, කොයි වගේ චරිතයක්ද මරල දැම්මෙ කියල බලන්නම වටිනවා..මම මේ මරල දාන කතාව බය නැතිව කිව්වෙ ඒකෙන් පමණක් ස්පොයිල් නොවන නිසා, මොකද මේ චිත්‍රපටයේ නමත් ඒකම නිසා..

අලස වෙන්නට තිබූ පිටපතක් , අග්‍රගන්‍ය රංගන කුසලතා නිසා , මුළු චිත්‍රපටය පුරාවටම බලන අපිව ඇඳ බැඳ තබා ගන්නට සමත් වුන මහ ප්‍රාතිහාර්යක්..සහ ඒ දක්ෂ පසුබිම් සංගතය සහ සිනෙමොටොග්‍රෆියත් බලපෑවා..ඒ දෙකම හරිම මූසලයි, බියකරුයි, ත්‍රාසය පිරිල..මහාලොකු සටන් නැතිව හරි අපූරුවට ප්‍රෙක්ෂකයාව රඳවගන්නට හැකි අධ්‍යක්ෂණයක් බව කිව යුතුයි .

?The Assassination of Jesse James by the Coward Robert Ford ? is a 2007 American -epic revisionist Western- film written and directed by Andrew Dominik. Adapted from Ron Hansen’s 1983 novel of the same title.

එපික් රෙවිෂනිස්ට් වෙස්ටන් චිත්‍රපටියක්..
එපික් කියන්නෙ දැවැන්ත.
රෙවිෂනිස්ට් වෙස්ටන් කියන්නෙ, වෙස්ටන් එකේම ප්‍රබේදයක්,,The Revisionist Western, Anti-Western or Post-Western කියන්නෙ වෙස්ටන් ශානරයේ උප ප්‍රබේදයන් ⁣.. එය සම්මත වෙස්ටර්න් ස්වරූපය සහ තේමාව වෙනස් කරයි, සාම්ප්‍රදායික බටහිර ශානරය සම්මත ආකෘතියක ගමන් කරන අතර එමඟින් ශක්තිමත් අසරුවන් සහ රිවෝල්වරය සමග දක්ෂ පිරිමි ප්‍රධාන චරිතයක්, සෘජු ක්‍රියාමාර්ග තුළින්, ශිෂ්ඨ සම්පන්න ජනතාවගේ මඟට බාධා කරන ශිෂ්ඨ සම්පන්න නොවන බලවේගයන්ට එරෙහිව නායකත්වය දෙනවා.

නමුත් මේ රෙවිෂනිස්ට් වෙස්ටර්න් කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් වූ ක්‍රමයක්,මේකත් වෙස්ටර්න් වෙන්නේ ඒ කාල පරිච්ඡේදයටම අයිති, සාමාන්‍ය වෙස්ටන් චිත්‍රපට වල එන කවුබෝයි සහ ආයුධ සහ හැසිරවීම් එහෙන් පිටින්ම සමාන වීම නිසයි..නමුත් ප්‍රධාන චරිත වල සැකැස්ම සහ අරමුණු සම්පූර්ණයෙන් උඩුයටිකුරු වෙනවා..

මේ චිත්‍රපටය තුල, ඉතා සියුම් ලෙස, උකහාගෙන තිබුනා, යම් පීඩිත අවස්ථා වලදී මිනිසුන්ගෙ තියුණු හැඟීම්, ඒ හැඟීම් අරගෙන දෙන්නට අධ්‍යක්ෂවරයා වන Andrew Dominik උපරිමය පුදුම පාලනයක් සහිතව අරගෙන දීල තිබුන..මා ප්‍රියතමයා ප්‍රධාන වශයෙන් අපේ දක්ෂයා, බ්‍රැඩ් පිට්..වගේම ඔක්කොටම එහා ගියාදෝ හිතුන “කෙසී ඇෆ්ලෙක්” ඒ චරිතය කරල තිබුන සුපිරියටම, ඇත්තටම ඒ චරිතය ගොඩනගල තිබුන හරි අපූරුවට පිටපත විසින්, තව Sam Rockwell ගේ රංගනයත් අගය කල යුතුයි ඉහලින්ම ..

මේ චිත්‍රපටය සර්ව කාලීන වූ සමාජ කතිකාවක් එලියට අදිනවා.සේ මට දැනුනා, මිනිස්සුන්ට වාසියක් ලැබෙනවනම් ඒක මැටියෙන්ද රිදියෙන්ද වැඩක් නෑ, ඕන විසබීජයක් අනුමත කරගන්නවා..
වත්මන් ලාංකීය දේශපාලන සාක්ෂරතාව වගේ.

හොරකම් එලි කරපු මිනිස්සු අවසානයේ වැරදියි, හොරකම් කරපු වුන් පූජාසනයේම ඉන්දෝනව ජනතාව විසින්..අපි මේ පාලකයන්ට බැන්නට, ගහන්න ඕනෙ මේ ආත්මාර්ථකාමී පොදු ජනයාටම තමා මඩු වලිගෙන්.

“ආර්ථික තරඟය සමහර අය විසින් සලකන්නේ ආර්ථික යුද්ධ හැටියට. එහෙත් නොපෙනෙන දේ අවබෝධයට උත්සාහ කරන අයට ඒ යුද්ධය සමාජ සහයෝගීතාවයක් ලෙසට පෙනෙනු ඇත. තරඟය අහිතකර යැයි කියමින් “සාධාරණ බෙදීමක් බලාපොරොත්තුවෙන් යුටෝපියාවක් නිර්මාණය වන තුරු පීඩිත ජනයා දැං කලක සිට බලා සිටී, නමුත් එය කල් යෑමෙන්, රොබින්හුඩ් කෙනෙක් හෝ පැමිණ සමාජයට යම් සහනයක් ලබා දෙනවනම් අර තමන්ගෙ නම ඉතිහාසයේ ලියා ගැනීමේ අටියෙන් විප්ලවකල වුන්ට ඔවුන්ගෙ අරමුණු හකුලාගන්නට සිදුවෙනවා.”

උපුල් දිසානායක

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *