Thank God (2022) Hindi | Sinhala Article

Thank God (2022) Hindi by Mmp Ranaweera

හින්දු පුරාවෘත්තයට අනුව මිනිසෙකු මිය ගිය පසු, ජීවත්ව සිටිය කාලේ කළ යහපත් ක්රියා සහ අයහපත් ක්රියා ඇගයීමට ලක් කර, ඒ අනුව, ඔබ යා යුත්තේ ස්වර්ගයට ද නැත්තන් නිරයට යන්න තීරණය කරන්නේ දෙවියෙකු විසින්.. මේ දෙවියන්ගේ නම “චිත්රගුප්ත”

මේ දෙවියන් ගාව තමා අපේ උපතේ සිට මරණය දක්වා ක්රියාවන් පිළිබඳ සම්පූර්ණ වාර්තා තියෙන්නේ. ඒ අනුව ඔහු අතේ තමා අපි මරනයට පන අදින මොහොතක අපි තවත් ජීවත්විය යුතුද නැද්ද යන්න තීරණය තියෙන්නෙත්.

?කතාව පැත්තට හැරෙමු..

කතාව ආරම්භ වන්නේ කෝටි 16ක් ණය වී සිටින අයන් කපූර් (සිද්ධාර්ත් මල්හෝත්රා) හඳුන්වා දීමෙන්. ඔහු තරමක් විනෝදකාමී වගේම ටිකක් මෝඩ පහේ පොරක්. කපටි කමත් ඇගපුරාම. ණය නිසාම ඔහු කළු සල්ලි සම්බන්ධ ගණුදෙණු වලට සම්බන්ධ වනවා. ඒ වගේම ඔහු දේපළ වෙළඳාම් ව්යාපාරයක් ද කරගෙන යන එක් දරු පියෙක්. මේ අතර ඔහු මේ සම්බන්ධයෙන් වරද කරුවෙකු වනවා.. පොලිස් නිළධාරිනියක් වූ ඔහුගේ බිරිද රුහි කපූර් (රාකුල් ප්රීත් සිං) සහ දියණිය පිහු කපූර් දෙදෙනාත් ඔහුගේ මේ වැරදි වලට දුක් විදින්නේ මේ අතරතුරයි.

සියල්ල ඔලුවේ තියාගෙන දුක් විදින අයාන් වෙන සිහි කල්පනාවක යද්දී ඔහුගේ කාර් රථය සමග අනතුරකට පත් වෙනවා.. සියල්ල සිදුවන්නේ එතැන් සිටයි..

ජීවිතයත් මරණයත් අතර හිර වෙන අයාන් ව ස්වර්ගයේ සහ නිරයේ දොරකඩට වැටෙන්නේ ඉන් පසුවයි.. එතන ඉන්නේ මම අර කළින් කිව්ව දෙවියන් වහන්සේ.නමින් චිත්රගුප්ත වූ මෙතුමන් දැන්නම් අපි අර හිතන් ඉන්න දේවරූපෙන් වැඩමවලා නම් නෙවෙයි ඉන්නෙ. ෆුල් ෂූට් ගහගෙන. ඒ මදිවට නමත් ෂෝට් කරලා. දැන් නම CG (අජේ දේව්ගන්) .

CG ට ඉන්නවා ජූරි සභාවක්. ඒ අනුව අයාන් මේ ජූරි සභාව මැද ඉන්දවලා හිස් භාජන දෙකක් දෙපැත්තෙන් තියනවා.. ඒ නරක සහ හොද.. ජූරියේ අය ගාව කළු සහ සුදු බෝල තියෙනවා. ඒ අනුව CG අයාන් ජීවිත කාලය තුල කළ කී දෑ ප්රකාශ කරමින් ඔහුගෙන් ප්රශ්න කිරීම් සිදු කරන අතර. ඒවාට දෙන උත්තර අනුවයි ජූරිය කළු සහ සුදු බෝල භාජන වලට දැමිය යුතුයි.. සුදු බෝල වලින් භාජනය පිරුනොත් අයාන් ස්වර්ගයට යාවි. කළු භාජනය පිරුනොත් ඔහු අපායට යාවි.

කුමක් සිදුවේවිද? අයාන් ස්වර්ගයට යාවිද? අපායට යාවිද? නැත්නම් රෝහලේ දී සනීපවෙලා පවුල සමග ආයිත් එකතු වේවිද? කියා දැනගන්න චිත්රපටිය බලන්නන වෙනවා..

Dil (1990), Beta (1992), Raja (1995), Ishq (1997), වැනි සුපර්හිට් චිත්රපට ගනනාවක් බොලිවුඩයට ගෙන ආ ඉන්ද්රකුමාර්ගේ අවසන් නිර්මාණය වූ Total Dhamaal (2019) වලට වඩා ඔහුගේ Thank God (2022) චිත්රපටිය ඇත්තෙන්ම හොදයි.. අජේ වගේම සිද් ගේ රංගනයත් බලන් ඉන්න පුලුවන් මට්ටමක තියෙනවා..

ඒ වගේම අපේ කෙල්ල යොහානිගේ “මැනිකේ” ගීතයත් චිත්රපටියේ අපූර්වත්යට අපූරුවට දායක වී තිබුනා..

එහෙනම් චිත්රපටිය අනිවාර්යෙන්ම බලමු…❤️ ඔබේ ජීවිතයට අපූරු පනිවිඩයක් එයින් ලබා දේවි…

Release date: May 16, 2019 (Germany)
Director: Kanwal Sethi
Cinematography: Eeshit NarainConrad Lobst
Costume design: Maria TharakanKirti Kolwankar
Distributed by: Netflix

MMP රණවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *