Thamasha (2015) Hindi | Sinhala Article

Thamasha (2015) Hindi by Ravindu Sampath Wickramasekara

? ජීවිතය කියන්නෙ මොකක්ද…?

මේක මම කපපු වලකට මාවම තල්ලු කරපු කුප්ප වැඩක් නිසා ලියන්න වෙච්ච සටහනක්.

ලෝකය රගමඩලකි අපි එහි නලුවෝ වෙමු
???????????????

එහෙම අහලා තිබුනට , දැකලා තිබුණේ නෑ නේද…?

ඔව්… මට දැකගන්න පුලුවන් වුනා ජීවිත රගමඩල තුල නිරාමිස රංගනයක නිරත වන මනුස්සයෙක් ව…

2015 දී තිරගත වන “IMTIAZ ALI” විසින් රචනා කර අධ්‍යක්ෂණය කරනු ලැබූ “THAMASHA” චිත්‍රපටය මම ඒ දවස්වලම බලන්න පටන් අරන් පැය භාගයක් බලලා නවත්තලා දාපු චිත්‍රපටයක්. මට පලවෙනි පැය භාගයෙන්ම සෙට් වුනේ නෑ වැඩේ…

දැන් මේ සටහන ලියන්න ඕන නිසා ආයෙ බලන්න පටන් ගත්තා. සුපුරුදු පරිදි ඉතින් එදා වගේම තමා… එහෙම මහ ලොකුවට සෙට් වුනේ නෑ…

මම ඉතින් ඔහේ බලාගෙන හිටියා… ??

හරියටම චිත්‍රපටයේ මැද හරියෙදී… , INTERVAL එක දෙන තැන. මැජික් එකක් වෙනවා…

“වේද්… මම හෙව්වෙ කොෂිකා වල හිටපු DON ව”

අර මම ඔහේ බලාගෙන හිටපු චිත්‍රපටය හෙනයක් ගැහුවා වගේ TURN වෙනවා ටහුඩු වෙන ටර්න් වීමක්… මට කට උත්තර නැති වුනා… ඒක අතිශය සියුම් සහ ජීවිතය හා සම්බන්ධ කියෙවීමක ඉතා විශිෂ්ඨ සිනමාත්මක හැරවුමක් ?

සිරාවටම එතැන නම් මගේ ඇගේ හිරිගඩු පිපුනා… FILM එක නොහිතපු විදියට කණපිට ගැහෙනවා…

ෂිට්…… මම FILM එකේ එතැනින් එහාට ගලාගෙන යන ගලායෑම දිහා බලාගෙන හිටියේ මම මෙතෙක් නැරඹූ අති විශිෂ්ඨතම සිනමාපට ගොනුවට THAMASHA එකතු වෙයිදෝ යන හැගීම එක්ක වීම අතිශය විශේෂයි.

ජීවිතය……………..

මම “ජීවිතය” කියන සංකල්පය දිහා හරිම වෙනස් විදියකට කියවන්න උත්සාහ කරන සහ ඒ පිළිබඳව නිතර දෙවේලේ හිතන , හොයන කෙනෙක්. “ජීවිතය” කියන්නේ මම මාරම ආස කරන Consept එකක්.

පෞද්ගලිකව මම සෑහෙන්න “ජීවිතය” කියන කන්සෙප්ට් එක ගැන හැම තිස්සෙම කල්පනා කරනවා. නිතරම මගේ ලගම මිතුරන් කිහිප දෙනෙක් එක්ක කතා කරනවා.

✴ජීවිතය කියන්නෙ මොකක්ද ?

✴අපි ජීවත් වෙන්න ඕන කාට ඕන විදියටද ?

✴ජීවිතය අයිති කාටද ? ඇත්තටම ජීවිතය මට අයිති ද ?

✴ජීවිතයේ ව්‍යුහය තීරණය වෙන නිර්ණායක මොනවද ?

✴ජීවිතයේ සාර්ථකත්වය සහ අසාර්ථකත්වය තීරණය වෙන්නේ කොහොමද ?

✴ජීවිතය තවත් ජීවිත එක්ක සසදන්න පුළුවන් ද?

✴ඇත්තටම අපේ ජීවිතය අපිට ඕන විදියට හසුරවන්න පුළුවන් ද ?

බුදු අම්මේ… ඔය ප්‍රශ්න හැම තිස්සෙම මගේ ඔලුවෙ කැරකෙන අවිනිශ්චිත හෙවනැලි වගේ මහ අමුතු හැගීමක උපතක්.

ඔය ප්‍රශ්න වලට මම විසින්ම හදාගෙන හිටපු උත්තර කිහිපයක් පවා මට නොතිබුණාම නෙවෙයි. ඒත් ඒ උත්තර වලට ප්‍රාණවත් කොදු නාරටියක උවමනාව තදින්ම තිබුණා…

අනේ දෙයියනේ මට “THAMASHA” හරහා උත්තරයක් නෙවෙයි , උත්තර පත්තරයක් ම හම්බවෙනවා… ?

සුවිශේෂීතම කාරණාව ජීවිතය ගැන මම හදාගෙන තිබුණු උත්තරය සහ අදහසට අතිශය සමාන උත්තරයක් THAMASHA සන්ධර්භය ඇතුලෙ ගොනු වෙලා තියෙනවා…

?අනේ… මම මාවම දැක්කා…

ඔව්… THAMASHA ඇතුළත මට මාවම පෙනුනා…

මම මගේම දිහා බලාගෙන හිටිය තවත් එක අතිශය සුවිශේෂීතම සිනමාපටයක් ලෙස THAMASHA දැන් ඉස්සරහම පේලියේ වාඩිවෙලා උජාරුවෙන් හිනාවෙනවා. ?

IMTIAZ ALI………….තවුසෙ නම් යකෙක්… මම IMTIAZ ALI ගේ චිත්‍රපට වලින් “HIGHWAY” තමයි මෙච්චර කාලෙකට කැමතිම චිත්‍රපටයක් විදියට හදවතේ තැන්පත් කරගෙන හිටියේ…

අනික තමයි “JAB HARRY MET SEJEL” ඒත් මම ජබ් හැරී මේට් සර්ජල් ගැන කැමැත්තක් ඇති කරගන්නේ මගේ ජිවිතේ ප්‍රියතම රංගන ශිල්පියා “SHAH RUKH KHAN” වීම හේතු කොටගෙන.

ඒත්….. THAMASHA කෙරෙහි මා උමතු වූයේ නම් ඒ අමන්දානන්දනීය සිනමා වෘතාන්තය නිර්මාණය වෙලා තියෙන පුදුමාකාර නිර්මාණාත්මක බව සහ ඒ අතිශය සියුම් හැගීම් සමුදායක වර්ණවත් මෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “වෙනස්” වූ සිනමා රූපී ප්‍රකාශණය නිසා…

තනිකරම මායාකාරී තිර රචනයක්… මම ඒ SCREENPLAY එක ගැන ගැන පපුව මැද ගැඹුරු තැනකින් ඉස්මතුවෙච්ච ආදරයක් ඇති වුනා… මාරම ලිවිල්ලක් ඒක ??

වාව්…… මාරම මාරම මාරම ලිවිල්ලක්… IMTIAZ ALI ගෙ මම දැකපු මාරම SCREENPLAY එක මේක. PLOT එක වෙනම ලෙවල් එකක්… ජීවිතය ගැන කියවපු චිත්‍රපට අතර THAMASHA නම් වූ Consept එක , Screenplay එක ඇතුලු සමස්ථ චිත්‍රපටයම තියෙන්නේ උස……ම තැනක.

? IMTIAZ ALI නම් වූ අධ්‍යක්ෂකවරයා ගේ අද්විතීය අධ්‍යක්ෂණ ක්‍රියාවලිය මුලු සිනමාපටයම අද්විතීය තැනකට අරන් එන්න සමත් වෙනවා. ඒක මම දැකපු අති විශිෂ්ඨතම අධ්‍යක්ෂණ ක්‍රියාවලියක්.

? “Story Teller” එහෙමත් නැත්නම් කතන්දර කාරයා… ඇත්තටම පෞද්ගලිකව මමත් එහෙම කෙනෙක් වෙන්න උත්සාහ කරන කෙනෙක්. මගේ කතන්දරයේ සෙවනැලි රාශියක් THAMASHA චිත්‍රපටය පුරාම දකිද්දී මේ FILM එක ගැහැණියක් නම් විවාහ කරගැනීමට පවා හිතෙන තැනකට ගෙනාවා…

❤ මම ආසම නලුවා ශාරුක්. මේ චිත්‍රපටයේ “වේද්” සහ ඔහුගෙ පෙම්වතිය ගේ නිර්මාණාත්මක හා අසීමාන්තික ජීවන රටාවේ SHAH RUKH KHAN ගේ චිත්‍රපට චරිත හා දෙබස් සෑහෙන්න දුරට අන්තර්ගතව තිබීම , මේ චිත්‍රපටය මට තව තවත් සමීප කරන්නට සමත් වූ වග නම් මට පිළිගන්නම වෙනවා…

?RANBEER KAPOOR කියන්නේ මම එච්චරම කැමති නලුවෙක් නෙවෙයි. හැබැයි ඔහුගේ විශිෂ්ඨ රංගන හැකියාව ගැන ලොකු ගෞරවයක් තියෙනවා. මේ චිත්‍රපටය පුරාම ඔහුගේ අති විශිෂ්ඨ රංගනය හා සුරූපී DEEPIKA PADUKONE ගේ සුකුමාල රංගනය මෙන්ම , A.R RAHEMAN ගේ උන්මාදනීය සංගීතය චිත්‍රපටයට අවශ්‍යතම පාට තවරා ලන්නට සමත් වෙනවා.

“MATARGASTI” කියන්නෙ දැන් මගේ PLAY LIST එකේ නිතරම අහන ගීතයක්. ඒක චිත්‍රපටයේ හැගීම නියෝජනය කරනවා මාරම විදියට.

?මනුස්සයෙක් ගෙ ජීවිතයක ව්‍යුහය ඇතුලෙ “පාසල , විශ්ව විද්‍යාලය , රැකියාව , විවාහය , දරුවො” කියන්නෙ අනිවාර්ය අංග ලෙස සම්මත මත මුල් බැහැපු අහිංසක මිනිස්සු කියන්නෙ ජීවිතය විදිනවා වෙනුවට ඒකාකාරී ලෝකයක ඉර පායන නිසා ඇහැරිලා ඉර බැහැගෙන යන නිසා නිදාගන්න අසරණ හිර කාරයෝ වර්ගයක්.

?මේ චිත්‍රපටයේ හරි අපූරු සංස්කරණයක් තුල ඒ ඒකාකාරී බව ඉතාම විශිෂ්ඨ ලෙස එක තැනකදි පෙන්නුම් කෙරෙනවා…

ඒ වගේම ජීවිතය කියන්නෙ මොකක්ද කියලා අපිට ආයෙ ආයෙ හිතන්න පුළුවන් ඉතා අපූරු අවසානයක් එක්ක , සමස්ථ චිත්‍රපටයම මුලු මහත් ජීවිතය හොයන මිනිස්සු වෙනුවෙන් පෙනී සිටිනවා…

ඔව්……….

?THAMASHA යනු , මම මෙතෙක් නැරඹූ අති විශිෂ්ඨතම සිනමාපට ගොනුවට මම දැනටමත් එකතු කරලා අහවරයි.

මේක මායාවක්.???

2015 දී පැය භාගයක් බලලා නතර කරපු චිත්‍රපටය ආයෙ බලන්න පොළබවලා තාරක යා ලොකු පිනක් කරගත්තේ…

මාව මේ සුන්දර වලට තල්ලු කරාට Tharaka Sandaruwan Jayawardane බොහොම ස්තූතියි ?

“IMTIAZ ALI” කියන්නේ මාව අදුර ගත්ත අධ්‍යක්ෂකවරයෙක්” ? මෙන්න මෙහෙම කමෙන්ට් එක THAMASHA සම්බන්ධයෙන් Ramitha Vimukthi ගෙන් තැන් කිහිපයකම වැටිලා තිබුනා…

THAMASHA… ඔව්… “ජීවිතය රගමඩලක්… අපි එහි අපිට ඕන විදියට රගන නලුවෝ වෙමු” ?

“එන්න… මමත් DON කෙනෙක්…” ?

ඔබ………?

Release date: November 27, 2015 (USA)
Director: Imtiaz Ali
Music composed by: A. R. Rahman
Box office: est. ₹136.6 crore
Budget: ₹87 croreNote: includes print and advertising costs

රවිඳු සම්පත් වික්‍රමසේකර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *