Thalaivi (2021) Tamil | Sinhala Article
October 16, 2021
ALL IN ONE, Article, Tamil, ඉන්දීවරී හේරත්
193 Views
Thalaivi (2021) Tami by Indeewari Herath

තමිල්නාඩු හිටපු ප්රධාන්ය අමාත්යය සහ ජනකාන්ත නිළියක් ද වන ජයලලිතා ජයරාම් මහත්මියගේ ජීවිත කතාව අළලානිපදවා භාෂා කිහිපයකින් සමාන්තරව තිරගත වුනු මේ චිත්රපටිය ගැන බොහෝ දෙනෙක් කතා බහ කර තිබුනා.
ඒ නිසා අටුවා ටීකා නැතුව කෙලින්ම කාරණාවට යමු.
Thalaivi සමස්තයක් ලෙස ගත් විට චිත්රපටයක් ලෙස සාර්ථකයි. සංගීතයත් කැමරාකරණයත් පර්ෆෙක්ට්ම කියන්න බෑ. නමුත් චිත්රපටයට ගැලපෙන විදියට සිද්ධ කරලා තියනවා.කොහොම නමුත් අසාර්ථක නැහැ.
කංගනා රනවුත්ගේ රංගනය ගැන තමයි හැමෝම කතා කලේ. ඒ නිසා මම කංගනා ගැන විශේෂයෙන් සඳහන් කරන්නේ නැහැ. මොකද කිව්වොත් ඒ කියලා තිබුණු කතා ඇත්ත. චිත්රපටය තුළ ඇයගේ රංගනය විශිෂ්ඨයි. ඒ ගැන කිසිම වාදයක් නැහැ. සම්පූර්ණයෙන්ම නොවුනත් ජයලලිතා යන චරිතය තුළ ඇය සෑහෙන්න දුරකට ජීවත් වෙනවා. මම එහෙම කියන්නෙ මොකද වරින් වර ජයලලිතා වෙනුවට කංගනා ව දකින්න ලැබුන නිසා,විශේෂයෙන්ම චිත්රපටයේ අවසාන භාගයේදී. මෙහි කංගනාගේ චරිතය වෙනුවෙන්දෙමළ භාෂාවෙන් හඬ කවපු ශිල්පිනියත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන 
කිසිම ඇගයීමකට ලක් නොවුනත් මෙහි MJR ලෙස රංගනයෙන් දායක වුනු අරවින්ද ස්වාමිරංගනය අති විශිෂ්ඨයි, අග්රගණ්යයි 
චිත්රපටයේ ආරම්භයේ සිට අවසානය දක්වා අඛණ්ඩව ඔහු ඒ චරිතය තුළම ජීවත් වුනා. කිසිම අවස්ථාවක MJR අභිබවා අරවින්ද් ස්වාමි මතු වුනේ නැහැ. MGR මැතිතුමා සතුව තිබූ සියුම් චරිත ලක්ෂණත් ඔහු හොඳින් ග්රහණය කරගෙන තිබුනා. කියන්න වචන නෑ ඇත්තටම සම්මානීය රංගනයක්.
එතකොට නසාර්, සමුතිරකානී, තම්බි රාමයියා ඇතුලු අනිකුත් සහය නළු නිළියන් සියලු දෙනාම තමන්ගේ උපරිමය චිත්රපටය වෙනුවෙන් ලබා දීලා තියනවා. ඒ නිසා රංගනය පැත්තෙන් මෙය බොහොම සාර්ථකයි.
අධ්යක්ෂකවරයා වන A.L. විජයි තමන්ගේ උපරිමය මේ චිත්රපටිය වෙනුවෙන් කරලා තියනවා ඒක පැහැදිලියි.නමුත් ඔහු කොයිතරම් දුරට සාර්ථක ද කියන එක නම් පොඩි ප්රශ්නයක් වුනත් කීයටවත්ම අසාර්ථක නම් නැහැ. චිත්රපටය තුළ සිදුවීම් ගලාගෙන යෑමේ අනුපිළිවෙල නැත්නම් ස්ක්රීන් ප්ලේ එක හොඳටම හොඳයි. ඒක නිසා කම්මැලිකමක් නැතුව බලාගෙන ඉන්න නම් පුලුවන්.
එතකොට අර පරණ චිත්රපට වල සිදුවීම් සහ දර්ශන රීමේක් කරපුවා නම් එච්චරම සාර්ථකයි කියන්න බෑ. ඒ වගේම චිත්රපටය ආරම්භයේදී යන ටයිට්ල් ට්රැක් එකේ විශුවල්ස් වලට ජයලලිතා ජයරාම් රඟපාන අතිශය ජනප්රිය දමිළ ගීතයක් වන ‘අම්මම්මා කාට්ර වන්ද’ ගීතයේ ආභාෂය අරගෙන තියනවා. ඒක එච්චරම සාර්ථක නෑ. මොකද කිව්වොත් ඒ සිංදු රීමේක් කරන්න අමාරුයි,කරන්න පුලුවන් නමුත් ප්රේක්ෂකයා පිළිගන්නෙ නෑ. චිත්රපටය සිනමා ශාලා තුළ අසාර්ථක වෙන්න එක හේතුවක් විදියට මම මේ කාරණාව දකිනවා.
චිත්රපටය ආරම්භ වෙන්නෙ ජයලලිතාට වයස 16 දි ප්රථම වරට MGR හමුවීම සහ ඔහු සමග රඟපාන පළවෙනි චිත්රපටය ආශ්රිත සිදුවීම් වලින්. මං දැක්ක ලොකුම නෙගටිව් පොයින්ට් එකක් තමයි කංගනාව ඒ අවුරුදු 16 චරිතයටත් යොදාගැනීම. ඒ නිරූපණය එච්චරම සාර්ථක වෙලා නැහැ. කංගනා වෙනුවට අවුරුදු දාසයක හෝ ඒ ආසන්න වයසෙ තරුණ නිළියක් යොදාගෙන කංගනාව ෆිල්ම් එකට එන්ටර් කරන්න තිබුනා ලොකු චියර් එකක් එක්ක විනාඩි පහකට විතර පස්සෙ, ඒ කියන්නේ ජයලලිතාට අවුරුදු විසි තුනක් හතරක් විතර වයස කාලෙට. ඒම කලා කියලා අවුලක් යන්නෑ මොකද ජයලලිතා කියන්නේ එක්තරා වකවානුවක හිටපු ලේඩි සුපර්ස්ටාර් තමයි. ඒ නිසා ජයලලිතා කියන චරිතයට මෙගා එන්ට්රි එකක් දුන්නට කමක් නෑ. මේකත් මට අනුව එක්තරා නෙගටිව් පොයින්ට් එකක්.
ඒ වගේම හිටපු මහ ඇමති කරුණානිධි චරිතය වෙනුවට නසාර් චිත්රපටියේ මුළ සිටම යොදාගෙන තියනවා. ඒකත් අර කංගනා අවුරුදු 16 ට රඟපානවා වගේ තමයි. MGR තරුණ කාලෙත් කරුණානිධි වියපත් වෙලා හිටියෙ නෑ කියලා මිනිස්සු දන්නවනෙ හොඳටම. ඉතිං ඒ දන්න දේවල් අර විදියට නිරූපණය කරන්න ගියාම ඒවා බලන මිනිස්සුන්ට හරි කෘත්රිම විදියට දැනෙනවා ඇති. තවත් එක නෙගටිව් පොයින්ට් එකක් ෆිල්ම් එකේ තිබුන.
කොහොම වුනත් මෙතනදි කිසිම කෙනෙක් සුද්ද කරන්න හෝ එක පාර්ශවයකට කඩේ යන්න හෝ උත්සාහ කරලා නැහැ.මධ්යස්ථව වැඩේ කරගෙන යන්න විජයි උත්සාහ කරලා තියනවා.
කවුරුත් දන්නවා ඇති මේ තලෛවි චිත්රපටය සහ ජයලලිතා මැතිණියගේ ජීවිත කතාව ඇසුුරින්ම ගෞතම් මෙනන් කරපු Queen වෙබ් සීරිස් එක රූගත කිරීම් ආරම්භ කරන්නත් කලින් ඉඳලම බොහොම ආන්දෝලනයකට තුඩු දුන්නා. අධ්යක්ෂකවරුන් දෙන්නම උසාවි ගෙන්නන්න ජයලලිතාගේ ඥාතීන් කටයුතු කලා විතරක් නෙවෙයි මේ නිර්මාණ දෙකේම පිටපත පවා finalize වුනේ පවුලේ අයගෙ අනුමැතිය ඇතුව. එතනිනුත් වැඩිපුරම කතුරට අහු වුනේ GVM. ඔහුට අඩු වශයෙන් ජයලලිතා කියන නම හෝ එයින් කොටසක් වත් යොදාගන්න අධිකරණය අවසර දුන්නෙ නැහැ. ඒක නිසා Queen වෙබ් සීරිස් එකේ ජයලලිතා චරිතය නම් කරලා තියෙන්නේ ‘ශක්ති ශේෂාද්රි’ කියලා. සෑහෙන්න වාරණය කිරීම් මැද්දේ වුනත් GVM වඩාත්ම realistic විදියට ඔහුගේ ශක්ති ශේෂාද්රි ව නිර්මාණය කරගන්න සමත් වෙලා තියනවා කියලත් කියන්න ඕන (ඇත්තටම ඒ කාරණයේදි නම් විජයි චුට්ටක් ෆේල්).
විජයි ට නම් එච්චරම ලොකු අවුලක් ආවෙ නෑ. හැබැයි මේ චිත්රපටියට යොදා ගත්තෙ පවුලේ අය විසින් අනුමත කළ තිරපිටපත. ඒ වගේම ඔහුට කංගනා සමග කටයුතු කිරීමත් තරමක අභියෝගයක් වෙල තියෙන්න ඇති කියලා චිත්රපටයේ සෙකන්ඩ් හාෆ් එක දකිද්දි හිතෙනවා. කොහොම නමුත් ජයලලිතා MGR ව පමණක් සහ MGR ජයලලිතාව පමණක් පතාගෙනම හිටියා කියලා චිත්රපටිය නිර්මාණය කලේ ඇයි ද දන්නෑ (ගොඩක් දුරට ආයෙත් උසාවි බඩගාන්න තියන අකමැත්තට වෙන්න ඕන).
කිසිම චරිතයකට අගතියක් කරපු නැති ෆැන්ටසිමය බයෝ පික් එකක් විදියට මම මේක හඳුන්වන්න කැමතියි. ෆැන්ටසිමය බයෝ-පික් එකක් කිව්වෙ මෙහි ප්රධාන චරිතය වන ජයා තුළ සැබෑ චරිතයේ ගති ලක්ෂණ බොහොම අඩුවෙන් දක්වලා තියෙන නිසා. ඒක අත්හදා බැලීමක් විදියට කරලද කියන්න දන්නෙ නෑ.කොහොම වුනත් මේ චිත්රපටිය තමිල්නාඩුව තුළ පුතික්ෂේප වෙන්න ප්රධානම හේතුව ඒක විදියට සලකන්න පුලුවන්.මොකද තමිල්නාඩුවේ මිනිස්සු ජයලලිතා ව දන්නවා. එහෙම අයට පෙන්නන්න ඕන බයෝ-පික් එකක්. ඒක ෆැන්ටසියක් කරපු ගමන් මිනිස්සුන්ට වැඩිය සෙට් වෙන්නෙ නෑ.
Queen වෙබ් සීරිස් එක සහ මනිරත්නම් මහත්තයගෙ ඉරුවර් චිත්රපටය බලලා තියන අයට නම් මේක සෑහෙන්න enjoy කරන්න පුලුවන් ෆිල්ම් එකක්. අනිත් අයටත් හොඳට රසවිඳින්න පුලුවන්. චිත්රපටිය බලනවා නම් දෙමළ භාෂාවෙන් තියන එකම බලන්න. මොකද අපි දන්න කියන නළුවන්ගෙ දෙබස් එයාලගෙ හඬින් නැතුව හින්දියෙන් ඩබ් කරපු එකක් ඇහෙද්දි පොඩ්ඩක් අවුල් වගේ.
අවසාන වශයෙන් කියන්න ඕන පොඩි දෙයක්. චිත්රපටියෙ අගම හරිය සෑහෙන්න Feminism පැත්තට බරයි 

පොඩ්ඩක් එහෙම අවුලක් තියනවා. හැබැයි චිත්රපටිය බලන්න නම් කිසිම බාධාවක් නෑ ඒකෙන්. මොකද කිව්වොත් ෆිල්ම් එක හදලා තියෙන්නෙත් කාන්තාවක ගැනනෙ 
ඉන්දීවරී හේරත්
Writer