Ten Best onscreen Couples of Malayalam Cinema
July 16, 2021
ALL IN ONE, Article, Breakdown, Explanation, Malayalam, ඉන්දීවරී හේරත්
191 Views
10 Best onscreen couples of Malayalam Cinema
1. ප්රේම් නසීර් සහ ශීලා
මලයාලම් සිනමාවේ සදාකාලික යුවළ! ඒ දෙන්නට කිට්ටු වෙන්න දෙන්නෙක් තාම ඇවිල්ලත් නෑ, ඉස්සරහට එන්නෙත් නෑ. ප්රේම් නසීර් සහ ශීලා එකට රඟපෑ චිත්රපටි සංඛ්යාව 130. එසේම එය ගිනස් වාර්තාවක්ද වනවා.
Football Champion(1973), Thapaswini(1971), Veshanal(1968) වගේ චිත්රපටි වල ගොඩාක් ජනප්රිය වෙලා තියනවා.
[ප්රේම් නසීර් චිත්රපටි පන්සියයකට අධික සංඛ්යාවක රඟපාලා තියනවා. ඒකත් රෙකෝඩ් එකක්. ඔහු තමන් ඉතාම හොඳින් ස්ථාවරව හිටපු කාලෙත් වෙනත් නළුවන්ගේ චිත්රපටි වල සහය චරිත රඟපෑවා. Ego එක zero මනුස්සයෙක්.]
2. සත්යන් සහ ශාරදා
ශාරදා සහ සත්යන් දෙන්නගෙම රංගන හැකියාව එකම මට්ටමක සහ එකම ස්ටයිල් එකක තිබුනලු. ඒක නිසා කැමරාව ඉදිරියේ මේ දෙන්නා ඉතාම හොඳ අනෝන්යය ගැලපීමක් සහිත යුගලයක් බවට පත් වෙලා තියනවා. Yakshi(1968), Kuttavali(1970), Sthree(1970) වැනි චිත්රපටි අතිශය ජනප්රිය චිත්රපටි වුන බව කියැවෙනවා.
3. මධු සහ ශ්රී දිව්යා
මේ දෙන්නත් මලයාලම් සිනමාවෙ ඉඳපු තවත් ionic pair එකක්. චිත්රපටි හැටක් සඳහා ඔවුන් දෙදෙනා එක් වෙලා තියනවා .
4. ජයන් සහ සීමා
ජයන් සහ සීමා චිත්රපටි වල පමණක් නෙවෙයි සැබෑ ජීවිතෙත් හොඳට ගැලපෙන ජෝඩුවක් වෙලා හිටියලු. ජයන් තමයි මලයාලම් සිනමාවෙ පළවෙනි ඇක්ෂන් හීරෝ බවට පත්වුනේ. මේ දෙන්නා එකට රඟපෑ චිත්රපටි අතරින් Lisa (1979), Moorkhan (1980) වගේ චිත්රපටි ගොඩක් ජනප්රියයි.
5. මෝහන්ලාල් සහ ශෝභනා
දන්න කියන දෙන්නෙක් නිසා අටුවා ටීකා අවශ්ය නැතිවෙයි මං හිතන්නේ. වගකීමෙන් කියන්න පුලුවන් මෝහන්ලාල්+ ශෝභනා කියන්නේ ආය කියලා වැඩක් නෑ හොඳටම කැපෙන ජෝඩුවක්. මලයාලම් සිනමාවෙ පළවෙනි ඔෆීෂියල් සුපර්ස්ටාර් තමයි මෝහන්ලාල්. එතකොට ශෝභනා තමයි ඩාන්සින් ක්වීන්. රිදී තිරයෙ මේ දෙන්නගෙ ගැලපීම අග්රගණ්යයි. බාහිර පෙනුමෙ ඉඳලා රඟපෑම වෙනකන්ම තියන ගැලපීමක්.
ලාලේට්ටන් සහ ශෝභනා රඟපෑ චිත්රපටි බොහොමයක් අදායම අතිනුත් සාර්ථකයි. මේ ජෝඩුව අපිට දකින්න ලැබෙන්නේ අනූව දශකයේදි. මලයාලම් සිනමාවෙ හිටපු,ඉන්න ජෝඩු අතරින් කියුට් ම ජෝඩුවක් තමයි අපේ ලාලේට්ටන් & ශෝභනා මැඩම්.
Minnaram(1994), Maya Mayooram(1994), Thenmavin Kombath (1994) වගේ චිත්රපටි බොහොම අපූරුයි.
6. මම්මුති සහ සුහාසිනී
අසූව දශකයේදි සිනමාවේ ආධිපත්යය උසුලපු යුවළ තමයි මම්මුති සහ සුහාසිනී. මෝහන්ලාල්-ශෝභනා දෙන්නා වගේම බාහිර පෙනුමෙ ඉඳලා රංගනය වෙනකන් ගැලපීමක් තියනවා මම්මුති සහ සුහාසිනී අතරෙත්. දෙන්නගෙම ෆේස් expressions එහෙම උපරිමයි 

චිත්රපටි අටක් වගේ පොඩි ගාණක තමයි මම්මූක්කා සහ සුහාසිනී එකට රඟපාලා තියෙන්නේ. හැබැයි ඒ චිත්රපටි අට ම විශිෂ්ඨ චිත්රපටි. මම්මූක්කා සමග ගීතා, ශෝභනා, සුමාලතා, නයන්තාරා වගේ ගොඩක් නිළියො රඟපාලා තියනවා. නමුත් අදටත් මම්මූක්කා වෙනුවෙන් රිදී තිරයේ ගැලපෙන හොඳම පාට්නර් සුහාසිනී විතරයි කියලා තමයි කේරළේ ඉන්න ඔරිජිනල් මලයාලම් ෆෑන්ස්ලා කියන්නේ. විශේෂයෙන්ම මේ දෙන්නා රණ්ඩු වෙන දර්ශන තියන චිත්රපටි බලන්නම වටිනවා, ඒ තරම්ම තාත්වික රණ්ඩු ඒවා 
ප්රේම ජවනිකාත් එම මයි, එසේමයි.
මම්මුති එක්ක රඟපෑ අනිත් නිළියන්ට සාපේක්ෂව සුහාසිනීගෙ මම දකින විශේෂත්වය තමයි ඇය මම්මුතිට යට වෙලා හිටියෙ නෑ චිත්රපටි වල. කරට කර රංගනයක් දුන්නා. අනිවාර්යයෙන්ම ඇය එක්ක රඟපෑම මම්මුතිට සෑහෙන්න අභියෝගයක් වෙන්නැති. Pranamam(1986), Ente Upasana(1984), Katha Ithuvare(1985) වගේ චිත්රපටි විශේෂයි.
[මලයාලම් වලින් එළියට පොඩ්ඩක් ගිහිල්ලා බැලුවොත් මම දන්න විදියට මම්මූක්කට විතරක් නෙවෙයි තෙලිඟු මෙගා ස්ටාර් චිරන්ජීව්ටත් හොඳටම ගැලපුන පාට්නර් සුහාසිනී මැඩම් තමයි
. Yathra තෙලිඟු චිත්රපටියේදි මම්මුති සහ සුහාසිනී එකට දකින්න පුලුවන්, හැබැයි couple එකක විදියට නම් නෙවෙයි]
7. ජයරාම් සහ ඌර්වසී
සෑහෙන්න ෆෑන් බේස් එකක් තියන වගේම මලයාලම් සිනමාවේ Best onscreen pair එකක් කියලා සලකන දෙන්නෙක් තමයි ජයරාම් සහ ඌර්වසී. දෙන්නගෙම තියන හාස්යය මුසු රංගනය එයට ප්රධාන හේතුවක්. Kadinjool Kalyanam(1991) චිත්රපටියේ තමයි ජයරාම් සහ ඌර්වසී එකට රඟපෑ පළවෙනි චිත්රපටිය. මලයාලම් විතරක් නෙවෙයි දමිළ චිත්රපටි වලටත් මේ ජෝඩුව දායක වෙලා තියනවා. ජයරාම් කියන්නේ දමිළ සිනමාව තුළ වඩාත්ම ස්ථාවර මලයාලම් නළුවා(මම්මූක්කාත් ස්ථාවරයි තමයි. හැබැයි ජයරාම් සපෝටින් කැරැක්ටර්ස් පවා කරනවා). ජයරාම් ෆෑන්ස්ලා දන්නවා ජයරාම් කියන්නේ මුළු ඇඟෙන්ම රඟපාන නළුවෙක්. කටහඬ, ශරීර ඉරියව්, ෆේස් expressions ඔක්කොම එකට යනවා. ඌර්වසීත් එහෙම යි. ඒක නිසා මේ දෙන්නා හොඳට ගැලපෙන ජෝඩුවක්. පුතම් පුදු කාලෛ ටමිල් anthology එකේ මේ දෙන්නා එකට හිටියා මතක ඇති, පරණ ෆෑන්ස්ලට දුන්න පොඩි ෆ්ලෑෂ්බැක් එකක් 
Koodikazhcha(1991), Ponmuttayidunna Tharavu (1988) වගේ චිත්රපටි ගොඩක්ම ජනප්රියයි.
8. කුන්චාකෝ සහ ශාලිනි
කුන්චාකෝ සහ ශාලිනී කියන්නේ අනූව දශකයේ අග භාගයේ මලයාලම් තරුණ තරුණියන්ගේ හදවත් වශී කරපු, එයාලගෙ පරමාදර්ශයක් බවට පත් වෙලා හිටපු යුවලක්. මේ දෙන්නා එකට රඟපෑවෙ ඉතිං 100% ආදර කතා වලම තමයි
. බහුතරයක් කතා වල අන්තිමේට කොල්ලයි කෙල්ලයි, ඒ කියන්නේ කුන්චාකෝ යි ශාලිනියි පැනලා යනවා
. ඒක නිසා තරුණ අයගෙ කැමතිම ජෝඩුවක් වගේම එයාලගෙ අම්මලා තාත්තලට පේන්නම බැරි ජෝඩුවක් වෙලා හිටියා මේ දෙන්නා.
කුන්චාකෝ සහ ශාලිනී අතර බොහොම sweet & romantic chemistry එකක් තියනවා. දෙන්නම එක වයසෙත් වගේ. ඕවා මේවා නිසා අන්තිමේට ශාලිනී කුන්චාකෝව කසාද බඳින්න යනවා කියලත් rumor එකක් ගියලු ඒ දවස් වල. හැබැයි කුන්චාකෝ පහුගිය දවසක ඔය ගැන කතා කරලා තිබුනා; එයා නම් කිව්වේ ශාලිනී අදටත් හොඳම යාළුවෙක් කියලා. ගොඩක් අය හිතන්නේ අජිත් කුමාර් සහ ශාලිනී අතර සම්බන්ධයක් ඇති වෙන්නේ අමර්කාලම් චිත්රපටියේ දෙන්නා එකට රඟපෑවයින් පස්සේ කියලනෙ. හැබැයි කුන්චාකෝ කියනවා ඊට කලින් ඉඳලම ඒ දෙන්නගෙ ආදර සම්බන්ධය බොහොම රහසිගත මට්ටමින් තිබුනලු. ශාලිනී ශූටින් එද්දි ගෙදරිනුත් කවුරුහරි එයා එක්ක තනි නොතනියට එන නිසා අජිත් ශාලිනීට කතා කරන්න ඕන වුනාම කුන්චාකෝගෙ මොබයිල් එකට කතා කරනවලු. ප්රසිද්දියේ අජිත් කතා කරනවා කියන්න බැරි නිසා අපේ චාකෝච්චන් ශාලිනීට කියනවලු ‘මෙන්න AK47 කතා කරනවා’ කියලා 
Nakshatratharattu(1998), Niram(1999), Prem poojari (1999) වගේ චිත්රපටි තමයි ගොඩක්ම ජනප්රිය.
9. දිලීප් සහ කාව්යා මාධවන්
ඔන්න මිත්රවරුනි චිත්රපටි වලින් පටන් අරගෙන විවාහය දක්වාම අඛණ්ඩව ගියපු ජෝඩුවක් තමයි දිලීප් සහ කාව්යා මාධවන්. චිත්රපටි විසි පහක විතර දෙන්නා එකට රඟපාලා තියනවා. ගොඩක්ම චිත්රපටි දෙදාස් දහයට පෙර තිරගත වුන ඒවා.
දිලීප් කියන්නේ සහය නළුවෙක් විදියට සිනමාවට ඇවිල්ලා හීරෝ කෙනෙක් නොවී කොමඩි චරිත හරහාම top actor කෙනෙක් වුන එකම මළයාලම් නළුවා.
Meesa Madhavan(2002), Kochi Rajavu(2005), Thilakkam (2003) වගේ චිත්රපටිය තමයි මේ දෙන්නගෙ හොඳම චිත්රපටි කියලා කියන්නේ.
10. නිවින් සහ නස්රියා
දෙන්නම එක රැයින් ජනප්රිය වුන දෙන්නෙක්. නේරම්, ඕම් ශාන්ති ඕශාන චිත්රපටි දෙක නම් බලලා නැති කෙනෙක් නැතුව ඇති.
[හැබැයි නිවින්ට ඊශා තල්වාර් එහෙමත් ලස්සනට ගැලපෙනවා]
මේ ජෝඩු දහය තේරුවෙ නම් මම නෙවෙයි. ලිස්ට් එකත්, මේ අය රඟපෑ චිත්රපටි වල නම් සහ පළවෙනි ජෝඩු හතර ගැන විස්තරත් මම අරගත්තේ Times of India වෙබ් අඩවියෙන්. අනිත් ජෝඩු හය පිළිබඳව ඕපදූප සහ විස්තර මගේ රත්තරන් අත් දෙකෙන් ලියපුවා 
.
ඉන්දීවරී හේරත්
Writer