Temporal (2022) Short Film | Sinhala Article

Temporal (2022) Short Film by Luckshman Aranwala

දැන් නම් කාලෙ හරි වගේ…

ඒක තමා High School Junkies කණ්ඩායමේ අලුත්ම නිර්මාණය බලල ඉවර වුණාම ඔළුවට මුලින්ම ආපු දේ. ෆීචර් ෆිල්ම් එකකට යන්න දැන් නම් කාලෙ හරි වගේ. High School Junkies වැඩක් කිව්වම මට නම් එකපාරටම මතකෙට එන්නේ කොලිටි වැඩක් කියන එකයි. එතනදී හයිලයිට් වෙන්නේ ප්‍රඩක්ෂන් කොලිටිය කියන දේයි. කලා නිර්මාණයක අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු ඒ කාරණාව සම්බන්ධයෙන් නම් මෙයාලා විශේෂඥයින් කියන්න පුළුවන්. මීට කලින් එයාලගෙන් දැකපු හැම වැඩකදිම දැක්කා වගේ මේකෙදිත් ඒ කොලිටිය හොඳටම මේන්ටේන් කරල තියෙන හැටි දකින්නට පුළුවන්.

තේමාව නම් ලෝකෙ පුරාම විවිධ භාෂාවන්ගෙන් පවා නිපැයුණු සුලභ මාතෘකාවක්. එතකොට වෙන්නෙ මොකක්ද කියන අපිට ගෙස් කරන්නත් පුළුවන්. මං හිතන්නේ නිර්මාණකරුවෙක්ට බොහොම ලේසියෙන්ම හදන්න පුළුවන් මාතෘකාවත් මේකම තමා. හැබැයි තිරරචනය ඇතුළු සමස්ත ක්‍රියාවලියම නරඹන්නාට නැවුම් අත්දැකීමක් සපයන ආකාරයකින් නිර්මාණශීලීව ආකර්ෂණීයව ඉදිරිපත් කරන්න ඕන. ප්‍රඩක්ෂන් කොලිටිය මේන්ටේන් කිරීම තුළ ඒ කොටස නිරායාසයෙන්ම පිරවෙනවා. මෙතනත් වෙලා තියෙන්නෙ එහෙම එකක් බව පේනවා. එතකොට සමස්තයක් විදිහට සුළු සුළු අඩුපාඩු ඉස්මතු වෙන එක අවම වෙනවා. පෞද්ගලිකව මට නම් හයිලයිට් කරල පෙන්නන්න තරම් ලොකු අඩුපාඩු හමුවුණේම නැහැ. චරිත විස්තරයට අදාළව ප්‍රධාන රංගන ශිල්පියාගෙන් දැකපු රංගනය මනාව පෑහෙනවා ඒ කලබලකාරී, අවිනිශ්චිත, අන්තරායකාරී වාතාවරණය සමඟින්. එයා නිසාම සමස්ත කාස්ට් එකම ආවරණය වෙනවා. හැබැයි එහෙම වෙන්නෙත් මේක කෙටි චිත්‍රපටයක් නිසාමයි. ෆීචර් එකක් නම් රංගනය මීට වඩා පොලිෂ් වෙන්නම ඕන.

මියුසික් තමයි මට නම් හොඳම දේ. කුතුහලාත්මක වාතාවරණය වඩාත් තීව්‍ර කරවන්නට බැක්ග්‍රවුන්ඩ් ස්කෝ එක මනා පිටිවහලක් වෙනවා. OST එකත් මරු. කෙටි නිර්මාණයක් වුණත් පරිපූර්ණ වෙන්න ඒවා අනිවාර්යයෙන්ම බලපාන සාධකයන් තමයි. High School Junkies කණ්ඩායම එහෙම දේවල් ගැන හොඳ අවබෝධයකින් යුතුව ක්‍රියාකරන බව පෙර නිර්මාණ වල ඉඳන්ම දකින්නට ලැබුණා. ඒ වගේම මොඩර්න් දේශීය සිනමාවක් උදෙසා අලුත් කන්සෙප්ට් හඹා යන බවකුත් පේනවා. වර්තමානයේ පවතින කෙටි චිත්‍රපට නිර්මාණ රැල්ලෙන් ඔබ්බට ගිහින් ෆීචර් ෆිල්ම් එකකට බොහොම ඉක්මනින් ප්‍රවේශ වන සලකුණුත් දකින්නට ලැබෙනවා. මෙහි ඇතුළත් පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක ඒ සඳහා වූ ඉඟියක් වෙන්නත් පුළුවන්. අධ්‍යක්ෂක Akash Sunethkumara ඇතුළු කණ්ඩායමටම සුබ සහ ජය පතනවා ඒ බලාපොරොත්තුව වෙනුවෙනුත්.

යූටියුබ් ඔස්සේ නරඹන්න මෙතනින්: https://youtu.be/Y2WL-IITz_k

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *