Temples for Kollywood Actress by Mmp Ranaweera
වරම් ලබා දෙන දේවාමාතාවන් වූ කොලිවුඩ් නිළියන්…
කොලිවුඩ් රසික රසිකාවියන් සිනමා තරු කෙරෙහි දක්වන ආදරය අසීමිත බව කවුරුත් දන්නා කරුණක්. සිනමා ප්‍රේක්ෂකයෝ තමන් කැමතිම තරු වලට දේවාල හදලා වැඳිම ඇරඹෙන්නේ දකුණු ඉන්දීය සිනමාවේ දී බවයි පැවසෙන්නේ. ඒ අනුව MGR, ජයලලිතා, රජිනිකාන්ත්, කුෂ්බූ, සහ Namitha වැනි නළු නිළියන් විශේෂ වනවා. මේ අතරින් කුෂ්බු දමිළ සිනමාවේ ඉතිහාසගත වූයේ ඇයගේ නමින් දේවාලයක් ඉදිකළ පළමු නිළිය ලෙසයි.
කුෂ්බු Dharmathin Thalaivan චිත්‍රපටයෙන් දමිළ සිනමාවට පිවිසි කුෂ්බු, Kizhakku Vasal, My Dear Marthandan, Chinna Thambi වැනි චිත්‍රපට කිහිපයක් සමඟින් ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියට පත් වනවා. ඇය දෙමළ, තෙළිඟු, මලයාලම්, කන්නඩ සහ හින්දි ඇතුළු භාෂා ගණනාවක චිත්‍රපට ගණනාවක රංඟනයෙන් දායක වූ අතර.. 90 දශකයේ, ඇය සිය වෘත්තීය ජීවිතයේ උච්චතම අවස්ථාවෙහි සිටියදී, ඇගේ රසිකයන් තමිල්නාඩුවේ තිරුචිරපල්ලි හි කෝවිලක් ඇය වෙනුවෙන් ඉදි කරනවා. මේ කෝවිල්දී ඇයව වන්දනා මාන කරන අතර. කුෂ්බු ගෙනවා ඇය සඳුන් ගල්වා කිරෙන් නහවා දේවතාවියන්ට කරන සියළු වතාවත් සිදු කරනු ලැබූවා. මේ ජීවමාන දේවතාව වදින්නට දිනයන් වෙන් කර දී තිබූ අතර . මේ සඳහා ඇය එදිනට සහභාගී වීමද සිදු වූවා.. නමුත් ඇගේ එක් ප්‍රකාශයකින් ඇය දේවත්වයෙන් ඇදහූ.. මිනිසුන්ම ඇයට දෝශාරෝපනය කරන්නට පටන් ගන්නවා. ඒ විවාහයට පෙර ලිංගිකව එක්වීම සහ ඒඩ්ස් පිළිබඳව ඇය කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙන් .. මේ නිසා ඇයගේ රසික රසිකාවියන් කෝපයටපත්ව . ඇගේ මේ දේවාලය විනාශ කර පිළිම ගිණි තබනවා…
Namitha 2004 දී Vijaykanth ගේ Engal Anna චිත්‍රපටයෙන් දෙමළ සිනමාවට පිවිසියාය. Naan Avan Illai, Azhagiya Tamil Magan, Billa, Englishkaran සහ Kovai Brothers වැනි කොලිවුඩ් චිත්‍රපට සමඟින් ඇය ප්‍රසිද්ධියට පත් වූවා පමනක් නොවෙයි ඇගේ පිරිපුන් සරාගී පෙනුම රසිකයින් කුල්මත් කිරීමටත් සමත් වූවා. මෙම චිත්‍රපටවල සාර්ථකත්වයෙන් පසු, ඇය ක්ෂණිකව විශාල රසික පිරිසක් අත්පත් කර ගත් අතර කොලිවුඩයේ Glamour Queen යන නාමය ලබා ගන්නට සමත් වූවා. 2008 දී, නිළිය සිය වෘත්තීය ජීවිතයේ උච්චතම අවස්ථාවෙහි සිටින විට, ඇගේ රසිකයන් තමිල්නාඩුවේ තිරුනෙල්වේලි හි Namitha වෙනුවෙන් පන්සලක් සෑදූ අතර. “මම නිරාගමිකයෙක්, ඒ නිසා මගේ දේවාලයත් සියලුම ආගම්වලට විවෘත විය යුතුයි” යැයිද ඇය ප්‍රකාශ කර තිබුනා. මේ ප්‍රකාශයත් සමග ඇගේ රසිකයින් තරමක් දේවාලය වැදුම් පිදුම් කිරීමට මැලි වන්නේ. සියළු ආගම් සමාන ලෙස ඇය සිතන නිසා බැවි සැලකෙනවා.
තමිල්නාඩුවේ කෝවිල් ඉදිකර ඇති හෝ ඉදිකිරීමට සැලසුම් කර ඇති නිළියන් කිහිප දෙනෙකු ඉන් පසුව නම් කෙරුණ අතර ජනප්‍රිය නිළියක් වූ නයනතාරා මේ අතර වූවා. ඇගේ රසිකයින් දේවාලය සඳහා ඇගෙන් අවසර ඉල්ලූ අවස්තාවේ දී . “මම කිසිදාක දෙවියෙකු වන්නේ නැහැ. මගේ දෙවියන් මගේ රසිකයින් පමණයි. ඒ කියන්නේ ඔබලාම පමණයි. මට ආදරය නොදැක්වූවා නම් මම කිසිදා ඔබ සමඟ නොසිටින්නට තිබුනා.. ඒ නිසා මට වන්දනා කරනවාට නොව මට ඔබ සියළු දෙනාට වන්දනා කිරීමට අවස්ථාවක් උදා කරන දෙන්න..”
යනුවෙන් ඇය ඇගේ දේවාලය ප්‍රතික්ෂේප කර තිබුනා.