Tamil Movies Shoot in Sri Lanka | Sinhala Article

Tamil Movies Shoot in Sri Lanka

හැමදාමත් කොලිවුඩය ගැන කතා කරද්දි අපි නළු නිලියෝ අධ්‍යක්ෂකවරැ ගැන විතරක්මනේ කතා කරන්නේ.. ඊටත් ටිකක් වෙනසකට ගිහින් හොයලා බලද්දි හම්බ උනා ඉන්දීය සිනමා අපේ ලංකාවේ රෑගත කරපු ස්ථාන කිහිපයක් පිලිබද විස්තර ටිකක්. ඔයාලා වෙනුවෙන් ඒ සදහා ඉඩ ටිකක් වෙන් කරගත්තා ඉතිං. බලන්න ⁣ඒවා මීට කලින් දැනන් හිටියද කියලා..

?#Pilot_premnath1978 වසරේ තිරගවු වු මෙම චිත්‍රපටයේ සිවාජි ගනේෂන් සමඟින් නිළි රැජිනි මාලනී ෆොන්සේකා රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා..මෙහිදී බණ්ඩාරනායක ගුවන් තොටුපලට සිවාජි ගොඩ බසින ආකාරය චිත්‍රපටය තුලින් පෙන්වලා තියෙනවා.. #ඉලංගයිල්_ඉලංකුයිල් කියන ගීතය පේරාදෙණිය මල් වත්තේදී ෂූට් කර ඇති අතර මවුන්ට් ලැවනියා හෝටල් පරිශයේ සහ දෙහිවල සත්වෝද්‍යානයේ දීද චිත්‍රපට කොටස් කිහිපයක්ම රෑපගත කර තිබෙනවා.තවද ගාලුමුවදොර හීද ගීතයක් රෑපගත කර තිබෙනවා..මීට අමතරව Gargils ceylon,කතරගම,විහාරමහ දේවී උදාන්‍යයේදීද මෙම චිත්‍රපට රෑගත කර තිබීම විශේෂත්වයකි..

?#Pudhiya_Mugam

1993 තිරගත වූ මෙම චිත්‍රපටයෙ සූරේශ් චන්ද්‍රමේනන්,විනිත්,රේවතී රගපා ඇත.චිත්‍රපටයේ මුල් විනාඩි 30 කාලය මුළුමනින්ම ශ්‍රි ලංකාවේ රෑප ගත කර ඇති අතර එහි එන ජනප්‍රිය ගීයක් වන #ජූලයෛ_මාදම්_වන්දාල් ගීතය විහාරමහදේවී උද්‍ර්‍යානයේ,ගෝල්ෆේස්,නිදහස් චතුරස්‍රය,ලයිට් හවුස්,BMICH, බෙංතොට beach hotel, මවුන්ට් ලැවනියා බීච් හොටෙල් යන ස්ථාන වල රෑපගත කර තිබෙනවා.. එමෙන්ම #නේට්‍ර_ඉල්ලාද_මාට්ට්‍රම් ගීතය නුවර එළියේද #කන්නුක්කු_මෛ_අලගු ගීතය ලංකාවේ බීච් ආශ්‍රිතව රෑගත කර තිබේ..

?#Thee
1981 රජිනිකාන්ත්, සුමන්, ශ්‍රි ප්‍රියා රගන මෙම චිත්‍රපටයද ලංකාවේ බොහෝ තැන් රෑගත කර තිබෙනවා.පේරාදෙණිය මල් වත්ත, ගෝල් ෆේස්, නිදහස් චතුරස්‍රය, පෙටා ෆෝන් ස්ට්‍රිට්, BMICH, මේ අතර වේ..

?#Poi
2006 වසරේ තිරගවු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂක බාලචන්ද්‍රන් විසින් අධ්‍යක්ෂනය වූ චිත්‍රපටයකි.මෙය මුළුමනින්ම ලංකාවේ පමණක් රෑගත කෙරැ චිත්‍රපටයක් වීම මෙහි ඇති විශේෂත්වයයි.. පේරාදෙණිය, බණ්ඩාරනායක ගුවන් තොටුපල,විහාරමහදේවී උද්‍ර්‍යානය,බම්බලපිටි කෝවිල,නුවර, ගාලු කොටුව,සීගිරිය,ගෝල් ෆේස්, කදිරේසන් මණ්ඩපය,වැල්ලවත්ත යන ප්‍රදේශයන්හි රෑගත කර තිබේ..

?#Kannathil_Muthamittal
2001 වසරේ තිරගවු මෙම චිත්‍රපටය මනිරත්නම් විසින් වූ අධ්‍යක්ෂනය වූ සහ මාදවන්,සිම්රන් විසින් තම රංගන දායකත්වය සැපයු චිත්‍රපටයයි. මෙහි රෑගත කිරීම් විහාරමහදේවී, කොටුව,කොටුව වෙළද කලාපය,නිදහස් චතුරස්‍රය,අවුකන බුද්ධ ප්‍රතිමාව,ගංගාරාමය සහ කිලිනොච්චිය යන ප්‍රදේශ ආවරණය වන පරිදි රෑගත කිරීම් සිදු කර ඇත..

?#Kaakha_kaakha
ගෞතම් වාසුදේව් මේනන් අධ්‍යක්ෂණයෙන් සූරියා ජොතිකා රංගනය සැපයු 2003 වසරේ තිරගත වු චිත්‍රපටයයි.මෙහි විශේෂත්වය වන්නේ කන්දේ ඇළ යන ප්‍රදේශයේ මාස තුනක පමණ කාලයක සිට Tree house එකක් සාදා සති දෙකක පමණ කාලයක් මෙහිදී රෑගත කිරීමයි..චිත්‍රපටයේ එන #එන්නෛ_කොංඤම්_මාට්‍රි සහ #කලාබක්_කාදලා ගීතය සහ ජොතිකාව පැහැරගෑනීම් සිද්දි පවා මෙම ස්ථානයේදී රෑ ගත කර තිබේ..නමුත් දැනට මෙම ස්ථානයේ මෙම Tree house එක දක්නට නොලැබීම කනගාටුවට කරැණකි..

?#Kangalal_Kaidhu_Sei
2004 වසරේ තිරගත වු මෙම චිත්‍රපටයේ ගීත බොහෝමයක් ශ්‍රි ලංකාවේදි රෑ ගත කර ඇත..කොළඹ Mc, කොළඹ වරාය, ගෝල් ෆේස්,හෙරිටල්ස් කන්දලම හෝටලය දඹුල්ල ,නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය රෑ ගත කිරීම් සදහා යොදා ගෙන ඇත. මේ වෙනුවෙන් දවස් 36 කාලයක් වෙන් කර ඇති බවයි සදහන් වන්නේ..

 

?#Unnai_ Ninathu
සූරියා,ස්නේහා,ලයිලා රංගනයෙන් දායක වූ මෙම චිත්‍රපටයේ #එන්නෛයි_තාලාට්ටුම්_සංගීදම් ගීතය පේරාදෙණිය මල් වත්තේ රෑ ගත කර තිබීම විශෙශ්ෂත්වයයි.

 

?#Parthiban_Kanavu
ශ්‍රි කාන්ත් සහ ස්නේහා රංගනය ලබා දුන් මෙම චිත්‍රපටයෙ ගීත තුනක් ලංකාවේ රෑ ගත වීම සිදු වී ඇත. පේරාදෙණිය මල් වත්ත, ගෝල් ෆේස්,නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය ඒ අතර වේ..

 

?#Silambattam
සිම්බු සහ ස්නේහා රගන මෙම චිත්‍රපයේ #මච්චාන්_මච්චාන් ගීතය පේරාදෙණිය මල් වත්තේ දී රෑ ගත කර ඇත..

 

 

ඔයාලා දන්න ඒවා මොනවද?

නිරෝෂා භාරතී

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *