Suriya Indian Actor
සරවනන් සිවකුමාර් එහෙමත් නැත්තම් සූර්යා සිවකුමාර්.. 1975 ජුලි 23 දින සිවකුමාර් සහ ලක්ෂ්මි සිවකුමාර් දෙපලට දාව උපත ලැබු ආදරණීය පුතුණුවන්ය..තම පියා පමණක් නොව සහෝදරයා වන කාර්තික්, නැගණිය බ්රින්දා ද සහ තම ආදණීය බිරිද වන ජෝතිකා ද මේ වන විට කලා ලොවේ වැජඹෙන තරැ බවට පත්ව අවසන්ය.නමුත් මොහු කලා ක්ෂේත්රයට පිවිසීමට පෙර චෙන්නයි පද්ම ශේෂා ත්රි බාල භවන් පාසලෙන් මූලික අධ්යාපනය ලබන අතර මොහුගේ ආසාව වන ව්යාපාර ක්ෂෙත්රයේ ජය ගැනීම වෙනුවෙන් චෙන්නායි ලයොලා කොලේජයේ B.com ඩිග්රිය සම්පූර්ණ කර ගන්නවා..ඊට මූලික අඩිතාලමක් වශයෙන් මාස 8ක කාලයක් රැපියල් 8000 ක වැටුපකට Garment export factory හී සේවය කරන අතරතුරදී අධ්යක්ෂක වසන්ත් විසින් 1995 දී තිරගත වු ආසෙයි මූවී එකට මොහුට ආරාධනා කරනු ලබනවා.. නමුත් සූර්යා විසින් තමන්ට රගපෑමට කිසිදු කැමැත්තක් නැති බව පවසමින් එම යෝජනාව ගෞරවයෙන් ප්රතික්ෂේප කරද්දි අජිත් විසින් එම චිත්රපටය රගදක්වමින් එය සාර්ථක කර ගන්නවා.. පසුකාලීනව අධ්යක්ෂක මනිරත්නම් විසින් සූර්යාට ඔයා රගපාන්න තමා අකැමැති ඒත් අපි වෙනුවෙන් Photo shoot එකක් කරලා දෙන්න යැයි ආරාධනාවක් යවනවා.. සූර්යාත් ඔහුගේ වචනයට ගරැ කරමින් Photo shoot එකට එකඟ වෙනවා.. එය දැකපු මනිරත්නම් මං ඊළගට Produce කරන චිත්රපටිය ඔයා රගදක්වන්න ඕනේ කියමින් කරපු ආරාධනාව පිලිගෙන 1997 වසන්ත් විසින් අධ්යක්ෂනය කරනු ලැබු #නේරැක්කු_නේර් ෆිල්ම් එක විජේත් සමඟ රගනු ලබනවා.. එය සූර්යාගේ පලමුවන චිත්රපටයයි..එම චිත්රපටයෙන් පසුව #සරවනන්_සිවකුමාර් වන මොහුගේ නම #සූර්යා_සිවකුමාර් ලෙස මනිරත්නම් විසින් මාරැ කරනු ලබනවා..
ඉන් පසුව..
Kaadale nimmathi
Sandippoma
Periyanna
Poovellam kettupar
Friends
යන චිත්රපටවලට තම රංගන දායකත්වය ලබා දුන්නද හිතපු තරම් එය ඔහුට සාර්ථකත්වයක් ලබා නොදුන්නා යැයි කිව යුතුය.. එතනදී මොහුගේ උස, නර්තනය පිලිබද බොහෝ විවේචන එල්ල වුනා..ඉන්පසුව රංගනයෙන් සුළු කාලයකට තිත තබමින් සූර්යා විසින් වෙනස්ම ප්රතිරෑපයකින් නැවත #නන්දා චිත්රපටය හරහා ප්රේක්ෂක ආකාර්ශණය නැවත ලබා ගන්නට සමත් වෙනවා. එය අධ්යක්ෂක බාලා විසින් අධ්යක්ෂනය වු චිත්රපටයකි.. එම චිත්රපටය සූර්යාගේ කලා ලෝකයේ වෙනස්ම පෙරලියක් කල චිත්රපටය ලෙස නම් කල හැකිය..Tamilnadu best state film award & Best actor යන සම්මාන දෙකම නන්දා චිත්රපටය වෙනුවෙන් මොහු ලබා ගත් සම්මාව වෙයි.. ඉන්පසුව
Unnei ninettu
Mounam pesiyade
යන චිත්රපටවල රගපාමින් නැවත ජෝතිකා සමඟ G.V.M අධ්යක්ෂණයෙන් 2003 වසරෙදි #කාක්ක_කාක්ක යන සුපර් හිට් චිත්රපටයට දායක වෙමින් නැවත වරක් Best actor සම්මානයට ද පාත්ර වෙනවා.. ඊට පසුව වික්රම් සමගින් පිදාමගන් යන අතිසාර්ථක චිත්රපටයක් සහ වෙනස්ම ස්වරූපයකින් පේරලගන් චිත්රපටය ද සාර්ථකව ලබා දෙනවා..මේ වන විට මොහු බොහෝ රසික හිත් දිනාලත් අතිසාර්ථක නලුවෙක් බවට ද පත්වෙනවා.. මනිරත්නම් නිසා ක්ෂේත්රයට පිවිසුනද ප්රථම වරට ඔහුත් සමඟ එක් වී කරපු චිත්රපටිය ලෙස Aayutha Elutthu හදුන්වා දෙන්න පුලුවන්.. පසුව A.R. මුරගදාස් අධ්යක්ෂණයෙන් #Gajini හරහා Syco thriller චිත්රපටියෙන් වෙනස්ම රංගන දායකත්වයක් ලබා දුන්නා.. මෙතනින් එහාට මොහුගේ කලා ලොවේදී අතිසාර්ථක චිත්රපට රැසක් අපට බලාගන්න පුලුවන්.ඒ අතර
Sillunu oru kaadhal
Vel
Vaaranam aayiram
Singam
Aadawan
Ayan
7m Arivu
Aaru

මොහුගේ කලා ජීවිතය එසේ තිබියදී පෞද්ගලික ජීවිතයද සාර්ථකව ලැබී ඇත.. Poovellam kettupaar චිත්රපටයෙන් ජෝතිකා හා හිතවත් වු මොහුන් දෙදෙනාගේ ආදරයද මේ වන විට සාර්ථකව ගෙවී යයි.. කොලිවුඩයේ ආදර කතා අතර ඉහලින්ම ඇත්තේ මොවුන් දෙදෙනාගේ නම්ය.. සූර්යා ජෝ නැති ආදර කතාවක් කොලිවුඩයේ නැති තරම් යන මට්ටමට මොවුන් දෙදෙනාගේ ආදරය සුන්දරය.. 2006 වසරේදී විවාහ වන මොවුන් දොදනාට #දියා #දෙව් නම්නි දරැවන් දෙදෙනෙකුද සිටී..
රගපෑමට අමතරව සූර්යා විසින් Pepsi, TVS motor, Sunfeast biscuit,Aircell යන කම්පැනි වල Grand Ambaster ලෙසද කටයුතු කරයි.. ඊටත් වඩා වැදගත්ම ලෙස බොහෝ මූල්යම අවශ්යතා ඇති පවුල් වලට මුදල් මෙන්ම අධ්යාපනය නොමැති බොහෝ දරැවන් හට නොමිලේ අධ්යාපනය තමන් විසින්ම ලබා දෙයි.. #Agaram_foundation යන නාමයෙන් පවත්වා යන අධ්යාපන ආයතනයේ ශ්රිලාංකික දරැවන්ද අධ්යාපනය ලැබීම අපටත් ආඩම්බරයකි.. නොමිලේ ඖෂධ ලබා දීමද මොහු කරනු ලබන තවත් එක් පුණ්ය කර්මයකි..
මේ වන විට මොහු රංගන දායකත්වය ලබා දුන් චිත්රපට සංඛාව 38 වන අතර සුපර් හිට් මූවීස් 8 කුත් බ්ලොක්බස්ටර් මූවීස් 5 කුත් ඒ අතර වනවා.. දැනට ඔහු සතුව ඇති සම්මාන සංඛ්යාව 39 කි..
මීළඟට පැමිණීමට ඇති චිත්රපට
Rocketry
Vaadivaasal
Untitled pandiraj film
Untitled T.J. Gnanavel film වේ..
ඉතිං ඉදිරි ගමනටත් කරනා හොද දේටත් හදවතින්ම ප්රාර්ථනා කරනවා.. මගේ ප්රියතම සහ ආසම නලුවා..
