සුරාජ් වෙන්ජරමුඩු…
Suraj Venjaramoodu..
මලයාලම් සිනමාවට බිහිවුනු තවත් අති දක්ෂතම රංගන ශිල්පියෙක්, ප්‍රහසන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක් සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්. සුරාජ් වාසුදේවන් නැතිනම් සුරාජ් වෙන්ජරමුඩු උපත ලබන්නේ 1976 වසරේ ජූනි මස 30 වන දින කේරලා ප්‍රාන්තයේ ට්‍රිවන්ඩ්‍රම් නුවර වෙන්ජරමුඩු ප්‍රදේශයේදීය. සුරාජ් යනු ඉන්දීය හමුදාවේ විශ්‍රාමික සොල්දාදුවෙකු වන වෙන්ජරමුඩ් කේ. වාසුදේවන් නයාර් සහ ගෘහණියක් වන විලසිනිගේ දරුවන් තිදෙනාගේ බාලම දරුවා ය. ඔහුගේ සුරතල් නාමය වන්නේ “කුට්ටප්පන්” ය. සිය ද්විතීයික පාසල් හැරයාමේ සහතිකය සම්පූර්ණ කිරීමෙන් පසු හමුදාවට සේවය කිරීමට සුරාජ්ට වුවමනා වූ නමුත් බයිසිකලයකින් වැටීමෙන් අත කැඩී යාම නිසා අත්හැර දැමීමට සිදුවිය. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ වෙන්ජරමුඩු හි K.V.M.L.P.S පාසලෙනි. ඔහු අටින්ගල් රජයේ කාර්මික තාක්ෂණ ආයතනයෙන් යාන්ත්‍රික පාඨමාලාවක් හැදෑරූ අතර ඉන්පසු රංගන අනුකරණයට යොමු විය. Kairali රූපවාහිනියේ විකාශය වූ විකට වැඩසටහනක් වන Jagapoka හි රඟපෑමෙන් ඔහුගේ සිනමාවේ ඉදිරි ගමන අත්පොත් තබන්න විය. 2005 දී සුරාජ් පද්මනාභස්වාමි කෝවිල අසල වයිකුන්තම් ශ්‍රවණාගාරයේදී සුප්‍රියා සමඟ විවාහ විය. ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටින අතර ඔවුන් කෂිනාදන්, වාසුදේව් සහ හදියා.
සුරාජ් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ නැගී එන ප්‍රහසන නළුවෙකු ලෙසිනි. චිත්‍රපට 250 ඉක්මවා රංගනයෙන් එක්වි සිටින ඔහුගේ මුල්ම සිනමාපටය වන්නේ 2002 වසරේ තිරගතවු Jagapoga හරහාය. 2007 වසරේ දී සුපිරි නළු මොහන්ලාල් සමගින් රංගනය එක්වුන ඔහු හොදම විකට රංගනය වෙනුවෙන් Asianet සම්මානය දිනාගන්නා ලදි. මුල් කාලයේ ප්‍රහසන ශිල්පියෙක් ලෙස ජනප්‍රිය වුන ඔහු 2009 වසරේ නිර්මාණය වුන Ivar Vivahitharayal චිත්‍රපට වෙනුවෙන් හොදම ප්‍රහසන රංගන උදෙසා කේරල ප්‍රාන්ත චිත්‍රපට සම්මාන දිනාගන්නා ලදි. 2010 වසරේ දි T.G.රජීව් කුමාර් අධ්‍යක්ෂණයෙන් හැඩවු Oru Naal Varum හා 2013 වසරේ දී තිරගතවු Daivathinte Swantham Cleetus හි රංගනය වෙනුවෙන් හොදම ප්‍රහසන රංගන වෙනුවෙන් පුදලන කේරලා ප්‍රාන්තය සම්මානයෙන් දිනාගැනිම සමත්විය. ඔහුගේ චරිතාංගන රංගන හැකියාව මැනවින් ඉස්මතු වුයේ 2015 වසරේ දී තිරගතවු Dr. බීජු අධ්‍යක්ෂණයෙන් හැඩවු Perariyathavar නම් විශිෂ්ඨම සිනමාපටයේ සුවිශේෂී රංගනය වෙනුවෙන් ජාතිය චිත්‍රපට සම්මානය දිනාගන්නා ගන්නා ලදි.
2016 වසරේ දී සාර්ථක නිර්මාණය රැසකට රංගනය දායකත්වය සැපයු අතර Action Hero Biju, Pulimurugan, Oru Muthassi Gadha හා Anyarku Praveshanamilla ප්‍රධාන තැනක් උසුලුනවා. 2017 වසරේ දී තිරගත වුන අතිසාර්ථක නිර්මාණයක් වන Thondimuthalum Driksakshiyum හි ඔහු එක්කල හරිම සුවිශේෂී එකක් විය. ඒ සදහා හොදම චරිතාංගන රංගන වෙනුවෙන් Asianet සම්මානය දිනා ගන්නා ලදි. 2018 වසරේ දී Theevandi, Neerali, Njan Marykutty, Kuttanpillayude Sivarathri, Aabhaasam සහ Parole සිනමාපටයන් සදහා එක්විය. 2019 ඔහු අති සාර්ථකත්වයක් ලබාගත් වසර විය. සතීෂ් බාලක්‍රිෂ්ණන් නිර්මාණයක් වුන Android Kunjappan Version 5.25 හි සුවිශේෂී රංගනය වෙනුවෙන් හොදම රංගනය වෙනුවෙන් කේරළ ප්‍රාන්ත සම්මානය, Asianet සම්මානය හා වනිතා සම්මානයෙන් පිදුම් ලැබිය. එම වසරේ දී නිර්මාණය Vikruthi සිනමාපටය වෙනුවෙන් කේරලා ප්‍රාන්ත සම්මානය හා CPC Cine සම්මානය දිනාගන්නා ලදි. සුපිරි නළු පෘත්විරාජ් සුකුමාරන් සමග රංගනයෙන් එක්වු Driving Licence චිත්‍රපටය වානිජමය අතින් අති සාර්ථකත්වයට පත්විය. 2021 වසරේ තිරගතවු The Great Indian Kitchen සිනමාපටයේ ඔහුගේ රංගනය විචාරකයන්ගේ ඉහල ඇගයිමට ලක්විය.