Superstar Rajini’s Superb 10 Years by Peter Barthelot
රජිනිකාන්ත් වයස අවුරුදු 71
(සුපර්ස්ටාර් ආගමනය)
දිවාලි දින එලිදැක්වු අන්නාත චිත්‍රපටය තිරගතවීමට ප්‍රථමයෙන්ම ඒ ගැන පළවු හා තිරයට ආ පසු ඒ ගැන පළවු නෙගටිව් රිවිව්ස් හා මිමිස් නම් එමටයි. නමුත් පලමු සතියම වැඩි සිනමාශාලාවල අන්නාත හවුස්ෆුල් දර්ශන තිරගත වෙලා තියෙන්නේ. ඒකට එකම හේතුව සුපර්ස්ටාර් රජිනිකාන්ත් . චිත්‍රපට විමර්ශනයන් කෙසේ වෙතත් රජිනිගෙ චිත්‍රපටයක් එක් වතාවක් හෝ සිනමාශාලාවේ දැකීමට ප්‍රිය කරන අය බහුලවීම හා ඒ අය පවුල්පිටින් සිනමා ශාලාව වෙත ඇදී යාමයි.
ඉතින් දෙසැම්බර් 12 වන දින වයස අවුරුදු 71ක් සම්පූර්ණ කරන රජිනි අවුරුදු 40කට පෙර තමන්ට පුද කරන ලද සුපර්ස්ටාර් කියන නාමයට අදටත් සරිලන කෙනෙක් කියන එක අමතක කරන්න බැහැ. වසර 50ක් සම්පුර්ණ තම සිනමා ජීවිතය සම්පූර්ණ කිරීමට සැරසෙන මොහු අදටත් දමිළ සිනමාවේ ප්‍රබල ස්ථානයක රැදී සිටිනවා. ඒ සදහා අඩිතාලම වැටුන කාලය තමයි 1980-89 වසර 10ක කාලය. මේ වසර 10යේ කාලය තුල ඔහුගේ චිත්‍රපටවල සාර්ථකත්වය මොහුගේ ගමන වැලක්වීමට නොහැකි තත්වයක් පැවතුනා.
1978 එලිදැක්වු ” බහිරවි” රජිනිගේ පලමු ප්‍රධාන චරිතය කල චිත්‍රපටය. ඉන් පසුවත් රජිනි ප්‍රධාන චරිත කලත් හොද ස්ථාවර ස්ථානයක් ලබා ගන්නට් හැකියාව ලැබෙන්නේ 1980 සිටයි.
1980 සිට ඉදිරි වසර 10ක් තුල රජිනිගේ රගපෑමෙන් ප්‍රථමයෙන්ම තිරයට ආ චිත්‍රපටය වුයේ. ” බිල්ලා(1980)”. මෙය වාණිජමය අතින් අති සාර්ථකත්වයට පත්විය.ඒ වගේම ” Cult Classic ” (ජනප්‍රිය සම්භාව්‍ය තත්වයක්) කියන ස්ථානයද ලබා ගැනීමට හැකිවිය. Action Hero ( සටන් නලුවෙක්) ලෙස තම ආදිපත්‍ය ස්ථීරකරගැනීමට “පොල්ලාදවන්” ” ජානි” වැනි ම වසරේම නිකුත්වූ ජයග්‍රාහී චිත්‍රපට වේ. වසර අවසානයේ ” මුරට්ටු කාලයි” විරත්වය හා සෙනෙහස පිරි ගැමියෙක් ලෙස රජිනි රරගපානවා. මෙම චිත්‍රපටයේ ජයග්‍රාහණය ගැමියන් අතරද රජිනිගේ තරුගුනය ප්‍රචලිත විය.
රජින්ගේ අති විශිෂ්ට ජයග්‍රහහි චිත්‍රපටයන් මෙ කාලවකවානුවන් තුල් නිකුත් විය. මේ එක දිගටම ලබාගත් ජයග්‍රහණයන් රජිනිව දමිළ සිනමාවේ නොසෙල්විය හැකි ස්ථානයක් ලබා දිමට රුකුල්විය.
මෙ කාලවකවානුවෙ සෑම චිත්‍රපටයක්ම රජිනිගේ වාණිජමය තත්වය ඉහල දැමීමට සමත් විය. ඒ වගේම ඉහල කුලයේ සිට සම්භාව්‍ය සිනමාවට කැමති රසිකයන් දක්වා සියලු රසිකයන්ගෙ ආදරය, ගෞරවය ලැබෙන නලුවෙක් බවට පත්විය.
මහෙන්ද්‍රන්ගේ “ජානි” හා එස්.පී. මුත්තුරාමන්ගේ ” පුදුක්කවිදයි” වැනි චිත්‍රපටය හරහා සියුම් ප්‍රේමවන්තයෙක් ලෙස කෙල්ලන්ගේ සිත් පැහැරගන්නට රජිනිට හැකියාව ලැබිණි. ” එංගේයෝ කේට්ට කුරල් ” චිත්‍රපටයේ කිසිදු විශේෂ විශේෂත්වයක් නොමැතිව නිහඬ, සරල ගැමියෙක් ලෙස රගපෑවා. කේ . බාලචන්ද්‍රන් ගේ පෞද්ගලිකව මා ඉතාමත් කැමතිම චිත්‍රපටයවන ” තිල්ලු මුල්ලු” රජිනිගෙ විකට නලුවෙක්ගේ හැකියාව එළිදැක්වීමට හැකියාව ලැබිණි. 3 සමගම ” තම්බික්කු එන්ද ඌරු” ” වෙලයික්කාරන්” ” ඌර්කාවලන්” ” ධර්මත්තින් තලයිවන්” ” ගුරු ශිෂයන්” ” රාජා සින්න රෝජා” “රාජාදි රාජා” වැනි චිත්‍රපටයන්හි විකට නලුවෙක්ගේ චරිතයද ඉතා සාර්ථක ඇන්දමින් ඉෂ්ඨකලා.
” මූන්ඩ්‍ර මුගම්” චිත්‍රපටය මගින් ගරු ගාම්භීර , කඩවසම් නීතිගරුක පොලිස් නිලධාරියෙක් වන ඇලෙක්ස් පාන්ඩියන්ව ජනතාව අතරේ ජීවත් කෙරෙව්වා. දමිළ සිනමාවේ සිවාජි ගනේෂන්ගේ ” තංග පදක්කම්” චිත්‍රපටයේ එස්. පී . චෞද්ද්‍රි කියන පොලිස් චරිතයට පසුව රසිකයන්ගෙ සිත්තුල අරක්ගත් එතෙක් මෙතෙක් රැදුන චරිතයනම් ඒ පොලිස් නිලධාරි ඇලෙක්ස් පාන්ඩියන් තමයි. මේ චරිතය රජිනිට තමිල්නාඩු රාජ්‍ය සම්මාණයේ හොදම නලුවා කියන සම්මානය ලබා ගැනීමට හැකියාව ලැබිණි.
” නෙට්ට්‍රික්කන්” හි අධි කාමුකයෙක් ලෙසත් ” නල්ලවනුක්කු නල්ලවන් ” හී ආදරණීය පවුලක මූලිකයා ලෙසත්. තම වයසට වඩා වැඩි වැඩිහිටි චරිතයකින් රගපා රසිකයන්ගේ සිත් දිනාගැනීමට ” පඩික්කාදවන් ” හරහා හැකියාව ලැබිණි.
මීට අමතරව සහෝදර බැඳීම්, හැගීම්බර චරිත තුලින් මේ කාලවකවානුවේ රසික සිත් දිනාගැනීමට රජිනිට හැකියාව ලැබුන. සටන්, ස්ටයිල් පමණක් නොමැතිව විකට , හැගීම්බර දර්ශන තමන්ටම ආවේනික විදියට රංගනයේ යෙදීමෙන් හැකියාව රජිනිව සෑම වයස් පරතරයක රසිකයන්ගේ සිත් දිනාගැනීමට හැකි විය. එය තාමත් රැක ගැනීමට රජිනිට හැකියාව ලැබී ඇත.
1989-80 වසර 10 ක කාලවකවානුවතුල චිත්‍රපට 70ක රජිනිවිසින් රංගනයේ යෙදී ඇත. වසරකට චිත්‍රපට 7 ක් වන ලෙස වසර 10ක් තුල චිත්‍රපට 70ක් 80 දශකයේ ඔහු විසින් රගපාන ලදි. මෙය ඒ දශකයේ සිටි අනෙක් නලුවන් හා ගත්කල සිතා ගන්නට බැරි තරමට ඉහල අගයක් විය. මෙය ලේසි පහසු දෙයක් නොවන අතර. මෙයින් ඔහුගේ රංගනය සදහා ඇති කැපවීම පෙන්නුම් කර ඇත.
මේ කාලවකවානුවේ රජිනි හා වැඩි චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණයේ යෙදුණ එස්. පී . මුත්තුරාමන් එක් සම්මුඛ සාකච්ඡාවකදී වසර තුනක්දී චිත්‍රපට 25ක් රජිනිවිසින් රගපා ඇතිබව සහතික විය. 1980 කාලවලදී මුලු දවසම රූගත කරන ස්ථනයේම රැදී ඉදල තියෙනවා. ඔහුට ලැබෙන සුලු විවේකයේදී අතේ ඇති ලෙන්සුවකින් හෝ රෙද්දකිම් මුහුණ වසාගෙන එම ස්ථානයේම නිදා ගන්නවලු.
රූගතකිරීම් සදහා පිට ප්‍රදේශවලට යන අවස්ථාවලදී ඔහු සෙසු අය සමගම නවාතැන් ගන්නා බව සෙසු ශිල්පීන් පවසා ඇත. ඒ කාලයේදී ඔහුගේ අදහස වී ඇත්තේ සුලු විවේකයක් තමන්ට ඇති බවයි. මෙවෙනි සරල ගති පැවතුම් හා ඔහුගේ කැපවිමම ඔහුව මෙවෙනි ඉහල තරුවක් බවට ගෙන ඒමට උපකාරී වූ බවනම් නිසැකයි.
මෙන්න මේ ගුනාංග තමයි පසුකාලිනව නිසෙල්විය හැකි සුපිරිම තරුවක් බවට ඔහුව පත් කරන ලද්දේ.
” ඉතින් අපේ වන් ඇන්ඩ් ඔන්ලි සුපර්ස්ටාර් ට සුබ උපන්දිනක් කියල සුබ පතමු “
තොරතුරු : ගෝපාලක්‍රිෂ්ණන් මහතාගෙන්