Sundari Gardens (2022) Malayalam | Sinhala Article

Sundari Gardens (2022) Malayalam by Janidu Raajakaruna

‘Madhuram’ තරමටම පැණි රසවූ ????
Sundari Gardens ?

❤️ ආදරය කවදා හෝ අපට හමුවේ දැයි, කවදා හෝ අපගේ ම වේ දැයි අප නොදනිමු. එහෙත් තවත් අයෙක් තමන්ගේ කර ගැනීමට, තවත් අයෙක් වෙනුවෙන් ජීවත් වීමට අප නිරන්තරයෙන් ආශා කරමු. ඇතැම් විට එවැනි සිතිවිලි ආත්මාර්ථකාමී බවින් පරිපූර්ණ විය හැකිය. එවන් තේමාවන් පිරි කථා පුවත් කොතෙකුත් අප නරඹා තිබුණ ද, ‘Sundari Gardens’ චිත්‍රපටය එබඳු නිර්මාණ අතරින් වෙනස් වන්නේ නරඹන්නන් හට යථාර්ථවාදී පාඩමක් කියා දෙමින් ජීවිතයේ ඇති සුන්දරත්වය අපට නැවත නැවත සිහිපත් කරවීම නිසාවෙනි.

? මෙම සිනමා නිර්මාණය තුළ සවන් පිනවන පසුබිම් සංගීතය, චිත්‍රපටයේ එන කථාව ප්‍රේක්ෂකයා හමුවේ මනා ලෙස ඉදිරිපත් කිරීම ට සහාය වෙමින් මානව සබඳතාවන් හි පවතින සංකීර්ණ බව අපට පසක් කරවන්න ට සමත් වෙයි. නෙතට රසඳුනක් වන හරිත පැහැයෙන් පිරී ඉතිරී ගිය තුරුලතා අපට සොබාදහම සමඟින් ඒකාත්මික වීමට අත් වනයි. ඒ සංඥාව න් අපගේ හදවත් පත්ලට එක්වර ම කිඳා බහින්නේ ඒකාකාරී වූ අපගේ දිවි ගමනට විවේකයක් ලබා දී සොබාදහමේ අපූර්ව තැන් සමඟ දින කීපයක් හෝ ගත කිරීමට අපව අභිප්‍රේරණය කරවමිනි.

? සෑම දිනයක්ම උදෑසන ආරම්භ වී රාත්‍රී කාලයේ දී අහසෙන් නික්ම යන්නට වන්නේ නැවත අප දිවියේ අළුත්ම උදෑසනක් හෙට දිනයේ පැමිණෙන බවට පොරොන්දුවක් අප හමුවේ තබමින් ය. දිනය පුරාවට ම අප හදවත් තුළ තැන්පත් ව ඇති අපගේ ආශාවන් අන්ධකාරය සමඟ දියාරු වී යන්නේ ය. එවිට අප ද, අහසේ ඔහේ පාවී යන තනි වූ වළාකුළක් ද අතර කිසිදු වෙනසක් නොමැත. දවස පුරා තමන් ආශා කරන දෙයක නිරත වීම නිසා ම අප දිවියේ මතකයන් සැඟවී නොයනු ඇත. ඒ මතකය න් වාරුවක් වෙමින්, අප අත් දකින නවමු අත්දැකීම් පිරි මනස්කාන්ත දසුන් අපට චිත්‍රණය කරවන්නේ, මුහුදු වෙරළ ක් අසළ සිටින විට අප හමුවේ හමා යන සිහිල් මන්ද මාරුතය සමඟින් රළ පෙළ සැදී බිඳී යන්නා ලෙසින් ය.

? චිත්‍රපටය සඳහා ඉංදීය නිළි Aparna Balamurali රංගනයෙන් දායක වන චරිතය Sundari Mathews ය. ඇය ජීවත් වන ගෘහය ‘Sundari Gardens’ ලෙස නම් තබා ඇත. ඇය මින් පෙර රංගනයෙන් දායක වූ ‘Soorarai Pottru’ දමිළ චිත්‍රපටයේ ඇයගේ චරිතයේ නම Sundari Nedumaran වීම අහම්භයක් ලෙස මම නොදකිමි. ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය සුන්දර නිසාවෙනි.

? චිත්‍රපටය සඳහා Aparna Balamurali, Neeraj Madhav, Lakshmi Menon, Jude Anthony Joseph, Binu Pappu, Vijayaraghavan, Smino Sijo සහ Sruthy Suresh වැනි නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන අතර මලයාලම් සිනමාවේ තවත් එක් මධුර මනෝහර වූ සිනමාත්මක අත්දැකීමක් ලෙස ලෙස මෙම චිත්‍රපටය අවිවාදයෙන් නම් කළ හැකිය.

ජනිදු රාජකරුණා

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *