Sumana Amarasinghe Sri Lankan Actress by Rohan Senevirathne
ප්‍රවීන සිනමා නිළි රුබී ද මැල් අධ්‍යක්ෂණය කල ‘පිපෙන කුමුදු’ සිනමා පටයෙන් සිනමාවට පිවිසි සුරූපී සුමනා අමරසිංහ මහත්මිය මෙරට සිංහල සිනමාව එලිය කල තවත් එක් රිදී තාරකාවියකි.
හතර පෙරළිය, රෑන ගිරව්, හතර කේන්දරේ, දැන් මතකද, ශීලා, වැනි සිනමා පටවල සිනමාවට පිවිසි මුල් යුගයේදී තම ර්ංගනයන් ඉදිරිපත් කල මෙතුමිය ‘සුනේත්‍රා’ චිත්‍රපටයෙන් අරඹන රොයි -සුමනා යුගය ‘මේ දැස් කුමටද, සුකිරි කෙල්ල, සිංගප්පූර් චාලි, ඔබයි මමයි, රන්තිලකා, වැනි එදා රිදී තිරයේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ සිනමාපට රැසක් දක්වා මොවුන් දෙදෙනාගේ සිනමා රංගන චාරිකාව දිව යන්නේය.
විජය-මාලිනී සිනමා යුගය මෙන්ම රෝයි-සුමනා යුගය ද සිනමාවේ ස්වර්ණමය යුගයන් උදා කිරීමට ප්‍රධාන වූ සිනමා තාරකා යුගලයන්ය. රෝයි-සුමනා මෙන්ම තිස්ස-සුමනා යුගයක් ද පැවතුනි. එදා සිනමාවේ සුකුමාර පෙම්වතා වූ සිනමා නළු තිස්ස විජේසුරේන්ද්‍රයන් සමග මෙතුමිය රඟපෑ ‘සිනාවයි ඉනාවයි, හදවතක වසන්තය, හොඳ හිත, සිතක සුවඳ, සුදු පරවියෝ, නිවෙන ගින්න, රෝස මල් තුනක්, දීපාංජලී, නීලා, වැනි එදා අතීශය වාර්තාගත සාර්ථක වානිජ චිත්‍රපට රැසක රංගනයන් සුන්දර ගීතමය ජවනිකාවන් සැබැ සිනමා රසික අප මතකයේ තවමත් රැඳී තියේ.
එසේම දුලීකා, ලොකුම හිනාව, නුවන් රේණු, ජෝඩු වළලු, පෙති ගෝමර, බඹා කෙටූ හැටි, රහස් කුමන්ත්‍රණය, සැනසුම, හදවතක වේදනා, රහසක් නැති රහසක්, හොඳම නළුවා, සමන්මලී, සුමිතුරෝ, මිහිඳුම් සිහින, කඩවුනු පොරොන්දුව, සුදු මාමා, අජාසත්ත, තණ ගිරවි, වැනි සිනමා පට රැසක මෙතුමිය විවිධ චරිතාංග රංගනයන් ඉදිරිපත් කලාය. ප්‍රධාන නිළියන් අතර සිටි සුරූපීම දක්ෂ රංගන ශිල්පිනියක වුවද මෙතුමිය තම ප්‍රතිරුපය පසෙකලා තම සම කාලින නිළියන්ගේ දෙවෙනි චරිතය වුව නොබියව රංගනය කරන්නට ඉදිරිපත් වූවාය. එසේම දුලීකා, අජාසත්ත, ජෝඩු වළලු, තණගිරවි, කඩවුනු පොරොන්දුව, තාත්ති මං ආදරෙයි, සුදු පිරුවට, ගෙදර බුදුන් අම්මා වැනි සිනමා පටවල ඉතා දක්ෂ රංගනයන් ඉදිරිපත් කලාය.
සම්මාන උළෙලවල් වල එවන් රංගනයන් නිසි ඇගයීමට ලක් නොවුනද සැබැ සිනමා රසික අපට එම දක්ෂ චරිතාංගයන් තවමත් මතකයේ රැඳී තියෙන්නේය. චිත්‍රපට සහය අධ්‍යක්ෂිකාවක්, නිෂ්පාදිකාවක් , දක්ෂ රංෆන ශිල්පිනියක් ලෙසත් සිනමාවට අනුපමේය මෙහෙවරක් කල මෙවන් ශිල්පිනියකට සිනමාවෙන් තව බොහෝ දේ ලැබිය යුතුමය.
සුමනා අමරසිංහ රංගනවේදිණියනි කිසි දිනක රුපවාහිණී නාටකයක රඟ නොපා තම සිනමා තාරකා රස්මිය එක ලෙසම තබා ගනිමින් සිනමාවේ ගරුත්වය රකින ඔබ තුමියට සිනමාවේ තව තවත් බුහුමනයට ඉඩ හසර ලැබේවායි ඔබේ රංගනයන්ට ඇලුම් කල සැබැ සිනමා රසික අප ප්‍රාර්ථනා කරන්නෙමු.එතෙක් ඔබට නිදුක් නිරෝගි චිර ජීවනය ප්‍රාර්ථනා කරන්නෙමු.
එදා මා ලියූ මේ සටහනට අද මා කෙසේ ඔබතුමියට නිවන් සුව ලැබේවා කියා ලියන්නද. එහෙත් නොසිතු දෙයම සිදුවන මේ ලොවේ අනිත්‍යතාවය තුල ඔබතුමියත් අප අතරින් සදහටම වෙන්ව ගොසිනි. සදා සැබැ රසික සිනමා සිත් තුල නොමැකෙන සිනමා මතක සටහන් රැසක් තැබූ සැබැ සිනමා තාරකාවියනී
ජේෂ්ඨ රංගණවේදිණියනි ඔබතුමියට නිවන් සුව අත්වේවා