Stuff and Dough ( 2001) Romanian
71% liked this film Google users
| රුමේනියානු සිනමාකරු Cristi Puiu , Stuff And Dough සමග පාරට බසී |
ඖෂධ වෙලෙන්දෙකු ලෙස පෙනී සිටින්නා වූ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ඔහුගේ හිතවතෙකුගේ රැකියා විරහිත තරුණ පුත්‍රයෙකු ලවා ඔහුව නොමග හැර ඖෂධ යැය් පවසා මත්ද්‍රව්‍ය බෑගයක් බුකාරෙස්ට් හි සිය ගණුදෙනු කරුවෙකුට යවන්නේය. ඒ වෙනුවෙන් තරුණයාට සුළු මුදලක්ද ගෙවන්නේය. එම තරුණයා ඔහුගේ මිතුරා හා මිතුරාගේ පෙම්වතිය මෙම ගමනට එකතුකර ගනුයේ එය තරමක් දුර චාරිකාවක් වන හෙය්නි.

Puiu සැමවිටම චිත්‍රපට වලට නගනුයේ සරල සිදුවීම්ය. අතිශය රේඛීය මෙන්ම එකපෙලට එම සිදුවීමෙහි විකාශනය ඔහුගේ චිත්‍රපට වල ස්වභාවයය්. ස්වභාවිකත්වයට මුල් තැන ලබාදෙමින් අතිශය යථාර්ථයට සමපාත අයුරින් සිනමාකරණයේ යෙදීම Puiu ගේ ආඛ්යානයය් . ඔහුගේ චිත්‍රපටයන්හි එකී අමු ඉදිරිපත් කිරීමේ ස්වභාවය කර්ණයෙන් අපි එය නිරායාසයෙන්ම ආත්මීය කරගන්නෙමු.
Struff And Dough යනු රෝඩ් මූවිස් වලින් යම් තරමක් වෙනස් වූවක් වනුයේ Puiu ගේ මෙම සිනමා භාෂණයේ අනන්‍යතාව නිසාමය. Stuff and Dough එක් දිනයක එක් සිදුවීමක් පාදක කරගත්තක් වුවද කිසිලෙසකින්වත් පෙරයීම් කල නොහැකි චිත්‍රපටයකි. මනුශ්‍ය ජීවිත කෙසේ නම් පෙරයීම් කර හැකිද ?
.
බුකාරෙස්ට් වෙත දීර්ඝ සංචාරයක යෙදෙන මිතුරන් දෙදෙනා හා පෙම්වතිය ඔව්න්ගේ අනාගත අභිලාෂයන් , ඉච්ඡවන් පිළිබඳ වෑන් රථයේදී කතිකා කරන්නෝය. ඔව්න්ගේ ජීවිත වල පෙර වූ රසවත් සිදුවීම් සංවාද කරන්නෝය . එකිනෙකාට වාග් ප්‍රහාර එල්ල කරගනිමින් තර්ක කරමින් රණ්ඩු වන්නෝය. යලිත් මිතුරුව කුළුපග සාමීචියෙහි යෙදෙන්නෝය. සංවාද උදෙසා අතිශය අවධානයක් දුන් චිත්‍රපටයකි මෙය. අවසානයේ ජීවිතයන්හි ඉරණම තීරණය වන මෙම තරුණයන් දෙදෙනා පිළිබඳව නරඹන්නාගේ අනුකම්පාව ලබා ගැනීමට මෙන්ම අර්ථාන්විතවත් විවේචනාත්මකවත් බලපෑමක් කිරීමට එකී සංවාදයන් හේතුවන්නේය.
ඒ හැරුණු විට මෙකී අව්‍යාජාත්මක සංවාද හා රූපපෙළහර රුමේනියානු තාරුණ්‍යය, රුමේනියානු සමාජයෙහි අප්‍රකට අපිළිවෙල හා දුගී භාවය , වල පල්ලට යමින් ඇති රුමේනියානු මාර්ග නීති , මහ දවල් මාවත් හී පුහු වීරත්වය ප්‍රකට කරවන පාතාලය. සැනසිල්ලේ මත්ද්‍රව්‍ය ගණුදෙනු හා ව්‍යාපාරයන්හි නිරතවන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මෙන්ම දූෂිත , නිර්ලජ්ජිත පොලිසිය විවේචනාත්මක ලෙස මේ තුලින් තිරයහි රෝපනය කරන්නේය.

චිත්‍රපටය තුල වගකීම් බාරය අතිශය ප්‍රායෝගික ස්වභාවික රංගනයේ ආනුභාවයෙන් අදින්නා වූ Alexandru Papadopol හා Dargos Bucur මෙන්ම Loana Flora ගේ රංගනයද Stuff and Duff පිළිබඳව සදහනේදී මගහැරිය නොහැක්කේය. එය පරිසමාප්තියට පත් අතිශය අව්‍යාජ චරිත නිරූපණයකි. එසේම Puiu විසින් මෙම චිත්‍රපටයට ලබා දුන් කදිම අවසානය පිළිබදවද මා හට ඇත්තේ මනා පැහැදීමකි. තරුණයන් දෙදෙනා හා තරුණිය අවසානයේ වටහා ගනුයේ ඔවුන්ගේ ජීවිත හා අනාගතය තවදුරටත් ඔව්න් අතේ නොමැති බවය. !
Initial release: June 1, 2001 (Romania)