VIJAY SETHUPATHI
1978 ජනවාරි මස 16 වෙනි දා ඉන්දියාවේ Rajapalayam හීදී උපත ලද මොහුගේ සැබෑ නාමය වන්නේ Vijay Gurunatha Sethupathi Kalimuthu ය , තම වෘත්තීමය කටයුතු සදහා මෙම “Vijay Gurunatha Sethupathi Kalimuthu’ යන නාමය “විජේ සේතුපති” යනුවෙන් වෙනස් කලා කියලා තමා කියන්නේ. මේ වන 42 වන වියේ පසුවන මොහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
ඉන්දියානු සිනමා නලුවෙක්, නිෂ්පාදකවරයෙක් , ගීත රචකයෙක් හා දෙබස් රචකයෙක් වන මොහු, හින්දි , මලයාලම් , තෙලිගු වැනි භාෂා කීපයක් හැරුනු විට ප්රධාන වශයෙන් දමිල භාෂා චිත්රපට වල රංගනයෙන් එකතු වෙනවා. ඉන්දියානු මාධ්ය හා ඔහුගේ රසිකයින් විසින් ඔහුට එක් අන්වර්ත නාමයක් ලබා දුන්නා ඒ තමා “මක්කල් සෙල්වන්” යන නාමය, මෙහි තේරුම වන්නේ, “මහජන තරුව “ යි.
මේ වන විට චිත්රපට 30 ට අදික සංඛ්යාවක රඟපා ඇති සේතුපති විසින් ෆිල්ම් ෆෙයාර් සම්මාන දෙකක් සහ විජය සම්මාන තුනක් ඇතුලු තවත් සම්මාන රාශියක් ලබාගෙන තියෙනවා..
මුල් කාලයේ ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කිරීමෙන් පසුව ඔහු රංගනය ගැන සලකා බලන්න පටන් ගත්තා.ඔහු තම සිනමා ජීවිතය ආරම්භ කලේ “පසුබිම් නලුවෙකු” ලෙසයි, ඒ වගේම අවුරුදු 5 ට අදික කාලයක් සහාය චරිත සදහා රංගනයෙන් එකතු උනා..
සේතුපතිගේ පලවෙනි ප්රධාන චරිතය රගපෑමට පෙර Director: Seenu Ramasamy විසින් අධ්යක්ෂණය කරන ලද Thenmerku Paruvakaatru (2010 ) චිත්රපටයේ දුෂ්ටයාගේ චරිතයට පන පොවන්න ඔහුට අවස්තාවක් ලැබුනා ඒ තමා ඔහුගේ මේ සිනමා ජීවිතයේ මුලින්ම ප්රධාන චරිතයකට රංගනයෙන් එකතු වෙන්න ලැබුන පලවෙනි අවස්තාව , ඊට පස්සෙත් ඔහු Director: S. R. Prabhakaran විසින් අධ්යක්ෂනය කරන ලද Sundarapandian (2012) ද දුෂ්ඨයාගේ චරිතයට පන පෙව්වා..
පසුව Pizza (2012) සහ Naduvula Konjam Pakkatha Kaanom (2012) චිත්රපට දෙකෙන් ඔහුගේ සිනමා ජීවිතයේ ප්රධාන නලුවාගේ චරිතය ආරම්භ කලා…
සේතුපතිගේ පෞද්ගලික ජීවිතය ගැන ටිකක් බලමු………..
චෙන්නායි නගරයේ රාජපලයම් හීදී සේතුපතිගේ උපත සිදු විය.සේතුපතිට අනුව ඔහු පාසල් කාලයේ සිටම සාමාන්ය ශිශ්යයෙක්ට වඩා අඩු මට්ටමක සිසුවෙක් උන අතර ක්රීඩාව හෝ විෂ්ය භාහිර කටයුතු කිසිවකට උනන්දුවක් නොදැක්විය.
පසුව සේතුපති තෝරයිපාකම් හි ධන්රාජ් බෙයිඩ් ජයින් විශ්ව විද්යාලයෙන් වාණිජවේදී උපාධියක් ලබා ගත්තේය..
මොහුගේ අධ්යාපන කටයුතු සියල්ල අවසන් කිරීමෙන් පසුව තොග සිමෙන්ති ව්යාපාරයක ගිණුම් සහායකයකු ලෙස රැකියාවක නියත උනා..ඉතිං මෙතන රැකියාව කරගෙන ඉන්න අතරදී ඔහුට සිදුවූ දුෂ්කරතා හේතුවෙන් ගණකාධිකාරීවරයෙකු ලෙස ඩුබායි වල රැකියාවකට පිටත් උනා, ඒ වෙන මොනවත් නිසා නෙමේ ඔහුට ඔහුගේ සහෝදර සහෝදරියන් තිදෙනාව රැකබලා ගැනීමට අවශ්ය නිසයි.ඉතිං ඩුබායි හි රැකියාවේ යෙදුන අවුරුදු දෙකේදී ඔහුට ජෙසී නම් කාන්තාවක් හමුවෙනවා, ඇය සමග කතා බහ කරල කොහොම කොහොම හරි 2003 වසරේ දී විජේ සේතුපති “ජෙසී” සමග ඔහුගේ විවාහ ජීවිතයට පා තබනවා.
ඉතිං ඔහොම ටික කාලයකට පසුව ඔහුගේ රැකියාව ගැන වැඩි ඇල්මක් නොදැක්වූ මොහු එම වසරේම නැවත ඉන්දියාවට පැමිණෙනවා. ඉන්දියාවට පැමින ඔහුගේ මිතුරන් සමග ව්යාපාරයක් කරගෙන ඉන්න අතරතුරදී චිත්රපට අධ්යක්ෂක Balu Mahendra සර්ගෙ පෙලඹවීමෙන් තමා ඔහුගේ සිනමා ජීවිතයට පා තබන්නේ…………..
ඉතිං ඕක තමා පුංචි තැනකින් පටන් අරගෙන අද වෙනකොට මුලු මහත් ලෝකයක් පුරා රසික පිරිසකට හිමිකම් කියන විජේ සේතුපතිගේ කතාව……..