Star Wars: A long time ago in a galaxy far, far away Ep 05 | Sinhala Article

A Long Time Ago in a Galaxy Far, Far Away…. by Indeewari Herath 

Episode 05- Lightsaber

⚔Lightsaber එකක් කියන්නේ සරලවම කිව්වොත් Laser Sword එකක්. මේ වෙපන් එක සාමාන්යයෙන් ජෙඩායිවරු, Sith order එකේ අය අැතුළු අනිකුත් Force-Sensitive පුද්ගලයින් විසින් භාවිතා කරනවා.
⚔ Lightsaber එකක් කියන්නේ ජෙඩායිවරයෙකුගෙ අනන්යතාව පෙන්වන දෙයක්. ජෙඩායි කෙනෙකුට Lightsaber එක කියන්නේ තමන්ගේ ජීවිතය තරම්ම වටින උපාංගයක්. භාවිතා නොකරන අවස්ථාවලදි මේ lightsaber එක එයාලගෙ බඳ පටියෙ රඳවගෙන ඉන්නවා.
⚔ Lightsaber එක අයිති වෙන්නේ Melee weapons type එකට. මේ Melee wepons ඩිසයින් කරන්නේ සමීපව කරන සටන් සඳහා. Lightsabers වලට අමතරව Swords(කඩු), Gaderffii(මැන්ඩලෝරියන් එකේ ඉඳපු ටස්කන් රයිඩර්ස්ලා යූස් කරන වෙපන් එක) සහ Vibro-Axes( Dath Maul ළඟ vibro-Ax එකක් තියනවා) වගේ වෙපන්ස් අයිති වෙන්නෙත් මේ Melee weapons type එකට.
⚔ lightsaber එකක් යූස් කරන්න force එකට ඉතා සුළු වශයෙන් හෝ සම්බන්ධයක් තියෙන්න ඕන. නමුත් force sensitive වීම විතරක් ප්රමාණවත් නැහැ, ඒ සඳහා හොඳ පුහුණුවක් තිබිය යුතුයි. මේ දෙකම නැති පුද්ගලයෙක් ලයිට්සේබර් එකක් යූස් කරන්න උත්සාහ කිරීම ඔහුට වගේම වටපිටාවේ ඉන්න අයටත් අනතුරුදායකයි.
⚔ජෙඩායි සහ Sith Lightsaber යනු self-made වෙපන් එකක්. ඒ කියන්නේ ජෙඩායි Padawan කෙනෙක් හෝ Sith පුහුණුව ලබන කෙනෙක් විසින් තමන්ගේ ජෙඩායි/Sith පුහුණුවෙ කොටසක් විදියට තමන්ගේ lightsaber එක නිර්මාණය කරගන්නවා. ඒ සඳහා සති කීපයක් කාලය ගත වනවා. ඒ නිසා ජෙඩායි/Sith lightsaber එකක් කියන්නේ unique වෙපන් එකක්. ඇත්තටම කිව්වොත් මේ lightsaber එකේ hilt එක(කඩුවක මිට) තමයි තමන්ගෙ අවශ්යතාවයට ගැළපෙන විදියට තමන් විසින් නිර්මාණය කරගන්නෙ.
⚔Lightsaber එකේ තියෙන්නේ Plasma Blade එකක්.
ප්ලාස්මා එකෙන් තමයි lightsaber බ්ලේඩ් එකට අවශ්ය හීට් එක සපයමින් බ්ලේඩ් එකේ ශේප් එකත් පවත්වාගන්නෙ. එසේම lightsaber එකේ තියන force field එක කන්ටැමිනේටඩ් වෙන එකත් වලක්වනවා.
⚔ සාමාන්ය ලයිට්සේබර් එකක මිට සෙන්ටිමීටර් 25-30 අතර දිගක් තියන Metal සිලින්ඩර් එකක්. නමුත් මේ දිග සහ hilt shape එක වෙනස් වෙන්න පුලුවන් ඒක හදන පුද්ගලයාගේ අවශ්යතාවය අනුව. උදාහරණයක් විදියට මාස්ටර් යෝඩාගෙ ලයිට්සේබර් එක දිගින් අඩු පොඩි එකක්. කවුන්ට් ඩූකු යූස් කරන ලයිට්සේබර් එකට තියෙන්නේ කර්ව් ශේප් hilt එකක්.
⚔ Lightsaber එ⁣කක් අැතුලේ ප්රධාන කොටස් තුනක් තියනවා; power Assembly, Crystal Energy chamber සහ Emitter Assembly.

? Power Assembly

මේ කොටස තමයි ලයිට්සේබර් එකේ බැටරිය විදියට ක්රියා කරන්නේ. මේකෙ තියෙන්නෙ Diatium power cell එකක්. ඒක තමයි ලයිට්සේබර් එකේ ප්රයිමරි පවර් සෝර්ස් එක.
මේ Diatium power cell එක naturally recharge වෙනවා.
Power cell එක වටා power field conductes සහ power vortex rings පිහිටලා තියනවා. ඒවා මගින් පවර් එක ලයිට් සේබර් එකේ ඉහළට සම්ප්රේෂණය කරන්න උදව් කරනව.

?Crystal Energy Chamber

මෙම කොටස ඕනම ලයිට්සේබර් එකක හදවත විදියට හඳුන්වන්න පුලුවන්.
මෙතනදි වෙන්නේ power assembly එක හරහා එක එනර්ජි එක lightsaber crystal හරහා යැවීම. පවර් සෙල් එකෙන් එන එනර්ජි එක ප්රයිමරි ක්රිස්ටල් එකක් හරහා focusing crystals වෙත යවනවා. මේ සඳහා යොදාගන්නෙ Kyber Crystals නමින් හඳුන්වන විශේෂ crystal එකක්.
**මේ කයිබර් ක්රිස්ටල්ස් කියන්නේ force-attuned ක්රිස්ටල් එකක්. මේවා ස්වභාවිකවම තමයි නිර්මාණය වෙන්නේ. ජෙඩායි ට්රේනින් එක ආරම්භ කරන නවකයින්ව Ilum ප්ලැනට් එකේ තියන ක්රිස්ටල් කේව් එකට යවනවා තමන්ට අවශ්ය විදියට ක්රිස්ටල් හොයාගන්න.
Ilum වලට අමතරව ටැටූයින්, Lothal, Dantooine වගේ ප්ලැනට්ස් වලත් මේ කයිබර් ක්රිස්ටල්ස් තියනවා.

?Emiter Assembly

මෙම කොටසේදී තමයි ලයිට්සේබර් බ්ලේඩ් එක නිර්මාණය වෙන්නේ.
Crystal energy chamber එක හරහා එන energy එක Arc wave එකක් බවට කන්වර්ට් වෙනවා. එම Arc wave එක Blade energy channel සහ cycling field energizers හරහා ගමන් කිරීමෙන් බ්ලේඩ් එක නිර්මාණය වනවා.
බ්ලේඩ් ලෙන්ත් එක සහ පවර් එක අවශ්ය පරිදි අඩු වැඩි කරගැනීමට knobs තියනවා.
⚔අපි සාමාන්යයෙන් දකින්නේ සිංගල් බ්ලේඩ් Lightsabers. නමුත් ඩබල් ⁣බ්ලේඩ් Lightsaber යූස් කරන අයත් මේ ගැලැක්සි එකේ ඉන්නවා. එයින් ප්රසිද්ධම පුද්ගලයා තමයි Dath Maul. Episode I- The Phantom Menace ෆිල්ම් එකේදි Dath Maul සමග ඕබි-වැන් සහ ක්වයි-ගොන් සිදු කරන සටනෙදි මේ ඩබල් බ්ලේඩ් ලයිට්සේබර් එක දකින්න පුලුවන්.
ඩබල් බ්ලේඩ් lightsaber එකක් ගැලැක්ටික් ක්රෙඩිට්ස් 18,600 පමණ වටිනවා. සිංගල් බ්ලේඩ් Lightsaber එකක මිල සාමාන්යයෙන් ගැලැක්ටික් ක්රෙඩිට්ස් 3000 පමණ ඉඳලා ලක්ෂ පහක් වෙනකන් රේන්ජ් එකක තියනවා.

⚔Lightsaber එක භාවිතා කරන අවස්ථාවන්

?සටනක් සඳහා

ලයිට්සේබර් එක සටනකදි කඩුවක් වගේ හසුරුවන්න පුලුවන්. ඒ වගේම උණ්ඩ වගේ දේවල් වලක්වා ගන්නත් පුලුවන්.

?Jedi සහ Sith චාරිත්ර සඳහා

ජෙඩායි Padawan කෙනෙක් නයිට්වරයෙක් බවට පත්කෙරෙන knighting ceremony එකේදි ඒ සිදුවන ක්රියාවලියට සාක්ෂිකරුවන් වශයෙන් නයිට්වරයට පත්වන padawan වටා ජෙඩායි මාස්ටර්ස් තමන්ගේ ලයිට්සේබර් එක ඔන් කරගෙන හිටගන්නවා. මේ සඳහා බොහෝ දුරට සහභාගී වන්නේ ජෙඩායි කවුන්සිලයේ සාමාජිකයින් දොලොස් දෙනා.
ඒ වගේම Sith Order එක තුළ පැවැත්වෙන sith knighting ceremony එකේදි ශිෂ්යා තමන්ගේ මාස්ටර් ඉදිරියේ දණ නමාගෙන ඉද්දි මාස්ටර් විසින් තමන්ගේ ලයිට්සේබර් එක ශිෂ්යයාගෙ හිස දෙපැත්තෙන්ම ඉහළ ඉඳලා පහලට චලනට කරනවා.

? Concordance of Fealty

මෙයත් එක්තරා ජෙඩායි සම්ප්රදායක්. මෙහිදී කරන්නේ තමන්ගේ ලයිට්සේබර් එක තමන්ගේ ශිෂ්යයෙකු ලබා දීම.

⚔Lightsabers Colors

අපිට විවිධ පාට ලයිට්සේබර්ස් දකින්න ලැබෙනවා. මේ පාට තීරණය වන්නේ ලයිට්සේබර් එක නිර්මාණය කරද්දි යොදා ගන්න kyber crystals වල පාට අනුව.

?Purple Color

මේ දම් පාට ලයිට්සේබර් එක තමයි skywalker saga එක තුළ දකින්න ලැබුන සුවිශේෂී, most ionic ලයිට්සේබර් එක. ඒක අයිති වෙලා තිබුණේ ජෙඩායි කවුන්සිල් මෙම්බර් කෙනෙක්ද වුන මාස්ටර් Windu ට. මාස්ටර් Windu කියන්නේ බොහොම පවර්ෆුල් ජෙඩායි කෙනෙක්.

?රතු පාට

රතු පාට ලයිට්සේබර්ස් අයිති වෙන්නේ Sith lords වෙත. ඩාත් සිඩියස්,ඩාත් වේඩර්, ඩාත් මුවල්, Kylo Ren වගේ සියලු දෙනාගෙම lightsabers රතු පාටයි.

?කලු පාට

කලු පාට ලයිට්සේබර් (darksaber) එක අයිති වන්නේ ජෙඩායි ඕඩර් එකට බැඳුන පළවෙනි මැන්ඩලෝරියන්වරයා වන Tarre Vizla ට. මේක ක්ලෝන් වෝස් සීසන් 2 එකේදි තමයි පළවෙනි වතාවට දකින්න ලැබුනේ. මැන්ඩලෝරියන් සීසන් 2 එකේදිත් මෙය දකින්න ලැබුනා මතක ඇති.

?නිල් පාට

ලූක්ගෙ පළවෙනි ලයිට්සේබර් එක සහ ඕබි වැන්ගෙ තුන්වෙනි ලයිට්සේබර් එක නිල් පාටයි.

?කොළ පාට

මාස්ටර් යෝඩා සහ ක්වයි-ගොන් කොළ පාට ලයිට්සේබර්ස් භාවිතා කලා.
**කොළ සහ නිල් තමයි most common lightsaber colors.

?සුදු පාට

Ahsoka Tane ලඟ වයිට් ලයිට්සේබර් එකක් තියනවා.

⚔ ⁣skywalker saga එක තුළ දකින්නට ලැබෙන හොඳම ලයිට්සේබර් සටන් කිහිපයක්

?ක්වයි-ගොන් සහ ඩාත් මුවල් අතර ටැටූයින් ප්ලැනට් එකේ සිදුවුන සටන(The Phantom Menace)
?ඕබි-වැන් සහ ඩාත් මුවර් අතර Naboo ප්ලැනට් එකේ සිදුවුන සටන(The Phantom Menace)
?Geonosis හිදී සිදුවුන ඇනිකන්, ඕබි-වැන් සහ කවුන්ට් ඩූකු අතර සටන
(Attack of the Clones)
?Geonosis හිදී සිදුවුන මාස්ටර් යෝඩා සහ කවුන්ට් ඩූකු අතර සටන (Attack of Clones)
?මාස්ටර් යෝඩා සහ ඩාත් සිඩියස් අතර සටන (Revenge of the Sith)
?Mustafar හි සිදුවුන ඇනිකන් සහ ඕබි-වැන් අතර සටන (Revenge of the Sith)
?ලූක් සහ ඩාත් වේඩර් අතර සටන් (the empire strikes back සහ return of the jedi )
?ෆින්, රේ සහ Kylo Ren අතර සටන (the force awakens)
?රේ සහ Kylo අතර සිදුවූ සටන්(the rise of skywalker)
……………………………………………………..
තොරතුරු හා සහය  
හෂාන් දුලංග ධර්මරත්න

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *