Stanley Kubrick American Film Director | Sinhala Article

Stanley Kubrick 

සිනමා ජීවිත කතාව

ලෝකප්රකට අධ්යක්ශකවරුන් ගැන කතාකරන article series  එකේ පලවෙනි Article එක තමයි අද අරගෙන එන්නෙ. ඉතින් අද කතාකරන්නෙ ලෝක සිනමා ඉතිහාසයේ ඉදපු විශිෂ්ඨතම වගේම අමුතුම සිනමාකරුවෙක් ගැනයි. කෙටියෙන්ම කිව්වොත් ලෝකෙට බම්බු ගහගන්න කියලා තමන්ගෙ ආතල් එක වෙනුවෙන් චිත්රපටි හදපු මනුස්සයෙක් තමයි මේ. ඔව් අද කතාකරන්නේ මහා සිනමාකරු Stanley Kubrick ගැනයි. එහෙනම් අපි මේ මහා සිනමාකරුවාගේ ආරම්භයේ සිට අවසානය දක්වා සිනමා ගමන ගැන සහ සුවිශේෂී සිදුවීම් ගැන පිලිවෙලින් කතාකරමු.

1928 වසරෙදි New York නගරයේ ඉපදුනු Stanley ගේ පියා වෛද්යවරයෙක්. ඉතින් ඒ නිසාම මෙයාට කුඩා කාලේ නම් කිසිම අගහිඟකමක් තිබිලා නෑ. මෙයාගෙ තාත්තට උවමනා වෙලා තියෙන්නෙ තමන්ගෙ පුත්රයාව ඉගෙනීමෙන් ඉහලටම යවලා තමන් වගේම වෛද්යවරයෙක් කරන්නයි. නිතරම තමන්ගෙ පුතාට පොත්පත් අරගෙන දීලා කියවන්න උනන්දු කරපු මේ පියා ඊට අමතරව Stanley ට චෙස් පවා උගන්නලා තියෙනවා. හැබැයි ඉතින් අවාසනාවන්ත විදියට Stanley Kubrick කියන්නෙ නම් ඉගෙනීමට දක්ශ දරුවෙක් වෙලා නැහැ. ඇත්තටම ඔහුට ඒ ගැන කිසිම ආකාරයක උනන්දුවක් තිබිලා නෑ. පසුකාලෙකදි ඒ ගැන ඔහු මෙහෙම ප්රකාශ කරලා තියෙනවා.

“I never learned anything at all in school and didn’t read a book for pleasure until I was 19 years old, “

 

ඉතින් හිතාගන්න මෙයා ඉගෙනගන්න මොනතරම් අකමැති කෙනෙක් වෙන්න ඇතිද කියලා. හැබැයි ඔය අතරෙදි අපූරු සිද්ධියක් වෙනවා. Stanley ගේ තාත්තා තමන්ගේ පුතාගෙ 13 වෙනි උපන්දිනේට වෙනස්ම තෑග්ගක් දෙනවා. ඒ කැමරාවක්. ඉතින් තමන්ට ලැබුන මේ අලුත්ම භාණ්ඩෙ ගැන Stanley ගොඩක්ම සතුටු වෙනවා වගේම ඔහුට ඒ වෙනකන් ලැබුන වටිනාම තෑග්ග විදියට ඒක සලකලා තියෙනවා. ඉතින් ඊටපස්සෙ මේ කොලුගැටයා පටන්ගන්නවා අවට ලෝකය කැමරා කාචය තුලින් දකින්න. අද වෙද්දි අපි Stanley Kubrick ව අඳුනන්නෙ සිනමා අධ්යක්ෂකවරයෙක් විදියට උනත් ඇත්තටම මෙයා මුලින්ම අති සාර්ථක උනේ ඡායාරූප ශිල්පියෙක් විදියටයි. නිතරම කැමරාව ලඟින්ම තියාගෙන අවට දකින්න ලබුනු අපූරූ දේවල් ඡායාරූප ගතකරමින් සිටි මෙයාට 1945 දී Franklin Delano Roosevelt ගේ මරණයත් එක්ක අපූරූ අවස්ථාවක් ලැබෙනවා. ඒ එම ශෝකජනක පුවත සිරස්තලය ලෙස සටහන් උන පුවත්පත් රාශියකින් වට උන පුවත්පත් අලෙවිකරුවෙකුගේ ශෝකජනක මුහුණ Stanley ගේ කැමරා කාචයේ සටහන් වීමත් එක්කයි. මේ අපූරූ ඡායාරූපය දුටු Look නම් සඟරාවේ කතුවරුන් එහි තිබුන භාවාත්මක ස්වභාවය ගැන පැහැදිලා Stanley ගෙන් එම ඡායාරූපය මිලට ගන්නවා. එවකට 17 වන වියෙහි සිටි Stanley Kubrick විසින් අලෙවිකල පලමු ඡායාරූපය එයයි.

 

Stanley Kubrick විසින් අලෙවිකල පලමු ඡායාරූපය
ඉතින් මේ දක්ෂ ඡායාරූප ශිල්පියාගේ අපූරු කලාත්මක ඇහැ ගැන හඳුනාගනිපු Look සඟරාවේ ප්රධානීන් මොහුව තමන්ගේ ඡායාරූප ශිල්පියෙකු ලෙස ස්ථීර රැකියාවකට බඳවගන්නවා. ඉන්පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ විවිධ පෙදෙස්වල ඇවිද යමින් සඟරාව වෙනුවෙන් ඡායාරූපකරණයේ යෙදෙන Stanley ට අමුතු අමුතු පුරුදු තිබුනත් ඔහුගේ වැඩ සඳහා උපරිම නිදහසක් ලබාදෙන්න Look සඟරාවේ කාර්යමණ්ඩලය කටයුතු කරනවා. ඒ අතරෙ Columbia විශ්වවිද්යාලයටද ඇතුලත් වෙන Stanley Kubrick තම රැකියාව සහ අධ්යයන කටයුතු අතරතුරේ ලැබුනු විවේකයේදි New York Museum of Modern Art හි ප්රදර්ශනය කල සිනමාපට නැරඹීමට වගේම තම පියා ඔහුට ඉගැන්වූ චෙස් ක්රීඩාව මුදලට ක්රීඩා කර අමතර මුදලක් සොයාගැනීමටත් කටයුතු කරනවා.

 

ඔන්න Stanley Kubrick තමන්ගෙ ජීවිතයේ වඩාත්ම සාර්ථක උන ක්ශේත්රයට අතගහන්නෙ 1951 ඔහුට අවුරුදු 23 දී මිනිත්තු 16 ක කෙටි වාර්ථා චිත්රපටියක් නිර්මාණය කිරීමෙනුයි. ඔහු මෙය නිර්මාණය කරන්නෙ එතෙක් ඔහු විසින් ඉතිරි කරගත් මුදල් වලිනුයි. එවකට ප්රසිද්ධ බොක්සිං ශූරයෙකු උන Walter Cartier ගැන සිදුකල මෙම වාර්තා චිත්රපටයේ නම උනේ Day of the Fight. උදවුවට කවුරුවත් හිටියෙ නැති නිසා Stanley මේකේ අධ්යක්ෂක, කැමරාකරු, සංස්කාරක සහ ශබ්ද තාක්ෂණ ශිල්පියෙකු ලෙසින් කටයුතු කල අතර පසුව RKO නම් සමාගම මගින් මේ Documentary එක මිලදී ගන්නවා. ඔවුන් එය New York හි Paramount රඟහලේදි ප්රදර්ශනය කරනු ලබනවා. ඉන්පසුව තම ආසාව පසුපස හඹායන Stanley Kubrick ඔහුගේ ඡායාරූප ශිල්පී රැකියාවෙන්ද ඉවත්වෙන්නෙ පූර්ණ කාලිනව සිනමාව කෙරෙහි යොමුවන්නයි. RKO මගින් ලැබුන අත්තිකාරම් මුදල වියදම් කර ඔහු The Flying Padre නමින් තවත් වාර්තා චිත්රපටයක් නිර්මාණය කරනවා. ඒ තමන්ගේ New Maxico පල්ලිය වටා පියාසර කල Fred Stadtmueller නම් පියතුමා ගැනයි.

 

ඉන් වසර දෙකකට පසුව ක්ශේත්රයේ තවත් ඉදිරියට යමින් මිනිත්තු තිහක ධාවන කාලයකින් යුක්තව තම ප්රථම වර්ණ සිනමාපටය Seafarers නමින් නිර්මාණය කරනු ලබනවා. 1953 දී තමන්ගේ පලමුවෙනි සිනමා නිර්මාණය වෙනුවෙන් Stanley තමන්ගේ ඥාතීන්ගෙන් ඩොලර් 13000 ක මුදලක් එකතු කරගන්නවා. ඒ විදියට නිර්මාණය වෙන සිනමාපටයේ නම Fear and Desire. සතුරු බලමුලුවකට හසුවී පැන එන සෙබලුන් සතර දෙනෙකුගේ කතාවක් පාදක කරගත් මෙහි එම සෙබලුන් දෙදෙනෙකු සතුරන් යැයි වරදවා වටහාගෙන තමාගේම සගයන් දෙදෙනාට වෙඩි තියා මරා දමන ආකාරය දැක්වෙනවා. නමුත් තමන්ගේ කුලුඳුල් සිනමා නිර්මාණයම අසාර්ථක, බොලඳ කතාවක් බව Stanley ම බොහෝ අවස්ථාවන් වලදී ප්රකාශ කරලා තියෙනවා වගේම තමයි අවස්ථාවන් කිහිපයකදීම එය ප්රසිද්ධියේ පෙන්වීමද වලක්වන්න කටයුතු කරලා තියෙනවා.

 

The Killing (1956) | The Criterion Collection1955 තිරගත උන ඊලඟ චිත්රපටිය වූ Killer’s Kiss වෙනුවෙන්ද Kubrick විසින් ඔහු දන්නා හඳුනන අයගෙන් ඩොලර් 40,000 ක මුදලක් එකතුකරගෙන තියෙනවා. එය මැරයෙකුගේ පෙම්වතිය සමග එක්වන වයස්ගත බොක්සිං කරුවෙකුගේ කතාවක් පාදක කරගෙන තියෙනවා. ඉතින් මෙයත් හිතපු තරම්ම සාර්ථක නිර්මාණයක් වෙන්නෙ නෑ. ඉන්පසුව 1956 දී නිර්මාණය වෙන The Killing සිනමාපටය නම් Stanley සිතූ ආකාරයටම සාර්ථක සිනමාපටයක් බවට පත්වෙනවා. Stanley Kubrick තමන්ගේ නියම සිනමා ජීවිතයේ ආරම්භය විදියට සඳහන් කරන්නෙත් මේ The Killing කියන සිනමාපටයම තමයි.

 

1957 දී Stanley විසින් අදටත් ගොඩක් දෙනෙක් කතාකරන යුධමය සිනමාපටයක් උන Paths of Glory සිනමාපටය නිර්මාණය කරනවා. Kirk Douglas ප්රධාන නලුවා ලෙස දායක වීමට පෙරාතුව කිසිම Studio එකකින් බාරගැනීම ප්රතික්ශේප කල මෙම සිනමාපටයේ රූගතකිරීම් සිදුකරලා තිබුනේ ජර්මනියේදියි. බියගුලු සොල්දාදුවන් තිදෙනෙකුගේ Paths of Glory (1957)ක්රියාකලාපයන් පිලිබදව දැක්වුන Paths of Glory කියන්නෙ යුද්ධයේ බියකරු ස්වභාවය පිලිබදව අපූරුවට නිරූපණය උන සිනමාපටයක් ලෙස අදටත් බොහෝ විචාරකයන් කතාබහ කරනු ලබන නිර්මාණයක්. මේ විදියට The Killing සහ Paths of Glory බොහෝ සාර්ථක උනත් ඉන්පසුව නම් Stanley Kubrick ට එතරම් හොඳ කාලයක් උදාවෙන්නෙ නෑ. ඔහු විසින් නිර්මාණය කරන්න සැලසුම්කල බොහෝ නිර්මාණ නිශ්පාදන මට්ටමෙන් එහාට නොයා නවත්වන්න සිදුවෙනවා. ඒ අතරතුරේදි Spartacus නම් සිනමාපටයේ අධ්යක්ෂකවරයා ලෙස කටයුතු කල Anthony Mann ව හදිසියේම සේවයෙන් පහකිරීමෙන් පසුව එහි නිෂ්පාදකවරයා උන Kirk Douglas විසින් තමන් එක්ක කලින් එකට වැඩකරපු Stanley ව Spartacus හි නව අධ්යක්ෂකවරයා ලෙසින් බඳවගන්නවා. එවකට 32 හැවිරිදි වියේ සිටි Stanley Kubrick හටද දැවැන්ත කාර්යයක් උන මෙය පුරා දින 167 ක් රූගතකිරීම් සිදුකල අතර 10,000 කට අධික මිනිසුන් පිරිසකගේ දායකත්වයෙන් ඩොලර් මිලියන 12 ක දැවැන්ත මුදලක් වැයකොට නිර්මාණය කරපු සිනමාපටයක්. 1960 වසරෙදි තිරගත වෙලා ඇකඩමි සම්මාන උලෙලේදී පවා ලොකු අවධානයක් දිනාගත් සිනමාපටයක් උනත් තමන් සිනමාපටයට නියමාකාරයේ දායකත්වයක් නොදැක්වූ බව විශ්වාස කල Stanley Kubrick මෙම සිනමාපටයෙන්ද තම දායකත්වය ඉවත් කරගැනීමට උත්සාහ කල බව සඳහන් වෙනවා.

 

Amazon.com: Chicarianoy Lolita (1962 Film) French Movie Kubrick Poster Wall Art Home Decor Gifts for Lovers Painting: Posters & Printsඉන්පසුව මෙයා අතගගන්නෙ තවත් වෙනස්ම විදියේ වැඩක් වෙන Lolita සිනමාපටය නිර්මාණය කිරීමටයි. Vladimir Nabokov ගේ මතභේදයට තුඩුදුන් Lolita නවකතාව සිනමා නිර්මාණයක් බවට පත්කිරීම හරියටම දැලි පිහියෙන් කිරි කෑම බඳු උනා. ඒ වෙනුවෙන් Stanley සහ නිෂ්පාදකවරයා උන James B. Harris එංගලන්තය බලා ගොස් ඔවුන් දෙදෙනා විසින් Lolita කතා පිටපත වෙනස්ම ආකාරයකින් නැවත ලියනු ලැබුවා. Vladimir Nabokov ට අනුව ඔවුන් දෙදෙනාගේ මේ අලුත් කතාවෙ ඇතුලත් වෙන්නෙ ඔහුගේ Original Lolita නවකතාවෙන් 20% ක ප්රතිශතයක් පමණයි. මුල් නවකතාවෙ තිබුන ඉතාම සංවේදී මතභේදාත්මක ලිංගික කරුණු තරමක් දුරට අවම කරමින් ප්රේක්ෂකයාට, සමාජයට දරාගන්න පුලුවන් මට්ටමේ නිර්මාණයක් කරන්න මොවුන්ට උවමනා උනත් සිනමාපටය නිර්මාණය වී අවසානයේදි එයද සිනමා විචාරකයින්ගේ දෝෂදර්ශනයට ලක් උනේ එහි ඇතුලත් කරුණු ස්වභාවිකත්වයෙන් එහා ගිය ඒවා බව විචාරකයින් පැවසීමත් එක්කයි ( හැබැයි ඉතින් මුල් නවකතාවෙ විදියටම හැදුවනම් විචාරකයො Stanley Kubrick කියන්නෙ මානසික පිස්සෙක් කියන්නත් බැරිකමක් තිබිලා නෑ..)

 

Lolita නිර්මාණයෙන් පසුව එංගලන්තයේම පදිංචි උන Stanley එහි තරමක් හුදෙකලා ජීවිතයක් ගතකරමින් ඉදලා තියෙනවා. තරමක් අමුතු පහේ කෙනෙක් උන මෙයා ඒතරම්ම සමාජ ආශ්රයට ප්රියකල කෙනෙක් වෙලා නැහැ. මෙයාගෙ මේ අමුතු අමුතු වැඩ නිසා මෙයාට සහ මෙයත් එක්ක වැඩකරපු අයට උන අකරතැබ්බ ගැනත් මම මේ සටහනේ දෙවෙනි කොටසෙදි කියන්නම්කො. Kubrick ගේ ඊලඟ සිනමාපටය උන Dr. Strangelove නිකුත් වෙන්නෙ 1964 වසරේදියි. ඒකාලයෙ ඇමෙරිකාව සහ රුසියාව කියුබානු මිසයිල අර්බුධය හේතුවෙන් සීතල යුද්ධයේ උච්චතම අවස්ථාවක සිටි අතරතුරදී තිරගත උන මෙය සැලකෙන්නෙ සිනමා ඉතිහාසයේ blackest comedy එක විදියටයි. Peter George ගේ Red Alert කියන නවකතාව ආශ්රයෙන් නිර්මාණය කල මේ සිනමාපටය සීතල යුද්ධය පාදක කරගනිපු ත්රාසජනක කතාවක් වගේම යුධමය හා දේශපාලන අංශ දෙකම ඉතාම දරුණු ලෙස උපහාසයට ලක් කරන සිනමා නිර්මාණයක්. කොහොම උනත් මේ වැඩේ තියෙන කලාත්මක ගතිය නිසාම Stanley එම වසරෙදි හොඳම අධ්යක්ෂක, නිෂ්පාදක ලෙසින් මෙන්ම පිටපත් රචනය සඳහාද ඔස්කාර් නිර්දේශ අතරට එක්වෙන්න පවා සමත් වෙනවා.

 

75 Graphic Design Inspiration ideas | graphic design inspiration, photoshop for photographers, photoshop photographyඊලඟට තමයි Stanley Kubrick කියන්නෙ මොන වගේ දක්ෂයෙක්ද කියලා පෙන්වන යුගයේ වෙනස්ම, තාත්විකම විද්යා ප්රබන්ධ නවකතාවක් වන 2001: A Space Odyssey සි සිනමාපටය නිර්මාණය කිරීම ආරම්භ වෙන්නෙ. මිනිස්සු හා හපුරා හඳට ගියපු 1967 වගෙ කාලෙකදි සුප්රකට විද්යා ප්රබන්ධ රචක Arthur C. Clarke සමග එක්ව නිර්මාණය කල මේ සිනමාපටයෙ දකින්න ලැබුනු රූපරාමු හේතුවෙන් මෙය නැරඹූ අය විශ්මයෙන් විශ්මයට පත්වෙලා තියෙනවා. ඒ කාලයට පමණක් නොව අදට උනත් පුදුමවිය හැකි ආකාරයේ අභ්යවකාශ දර්ශනයන් මෙහි ඇතුලත් වෙලා තියෙනවා. සිනමාපටය නරඹබු බොහෝදෙනෙන් තරමක් ඇල්මැරුනු ස්වභාවයෙන් යුක්ත සිනමාපටයක් විදියට සැලකුවත් එදත් අදත් 2001: A Space Odyssey සිනමා නිර්මාණය සැලකෙන්නෙ එදාමෙදා තුර නිර්මාණය උන විශිෂ්ඨතම විද්යා ප්රබන්ධ සිනමාපටයක් විදියටයි. මේක මොනතරම් තාත්වික උනාද කිව්වොත් ඒකාලේ සඳ ගමන බොරුවක් බවට මතයක් රැගෙන ආපු පුද්ගලයින් පවා විශ්වාස කරලා තියෙන්නෙ 1967 මුලු සඳ ගමනේම දර්ශන Stanley Kubrick විසින් චිත්රාගාරයක් තුලදී රහසේම රූගත කල දර්ශන බවයි. ඉතින් මෙයාගෙ වැඩ ගැන ඒකේන් හිතාගන්න පුලුවන් නෙ. කොහොම උනත් Kubrick තමන් විසින් චිත්රපටිය වෙනුවෙන් නිර්මාණය කල දර්ශන තල, ඇටවුම් සියල්ලම රූගතකිරීම් අවසානයේදී විනාශ කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ තමන්ගේ නිර්මාණයට පසුව එවන් සිනමා නිර්මාණයක් යලි නිර්මාණය වීමට තිබූ ඉඩකඩ අහුරා දැමීමටයි. ඒ නිසා ඒ ගැන වැඩිමනක් තොරතුරු සොයාගන්නට ලැබෙන්නෙ නැහැ. කෙසේ නමුත් Stanley එම වසරේදිද 2001: A Space Odyssey තිර රචනය සහ අධ්යක්ෂණය වෙනුවෙන් ඔස්කාර් සම්මාන නිර්දේශ අතරට එක්වන අතර ඔහුගේ ජීවිතයේ ඔහු ලද එකම ඔස්කාර් සම්මානය මෙහි විශේෂ ප්රයෝග වෙනුවෙන් ලබාගන්නට ඔහු සමත්වෙනවා. මෙය සිනමා නිර්මාන ඉතිහාසයේ තාක්ෂණික පුදුමයක් ලෙස සැලකුණ සිනමාපටයක් උනා විතරක් නෙමෙයි තවත් අපූරූ වාර්ථාවක් තබන්නට සමත්වෙනවා. ඒ තමයි තිරගත උන දිගු කාලයට සාපේක්ෂව අඩුම දෙබස් ප්රමාණයක් ඇති සිනමාපටයක් විදියටද මෙය සැලකීම. චිත්රපටයේ පැය තුනක ධාවන කාලයෙන් මිනිත්තු හතලිහක පමණයි දෙබස් දකින්නට ලැබෙන්නෙ. ඉතින් ඒකත් ගොඩක් දෙනෙක් මේක Boring කියන්න ලොකු හේතුවක්. මේ ගැන Stanley Kubrick නම් කියලා තියෙන්නෙ තමන්ට පෙනෙන දැනෙන දෙයින් ලබාගන්නා අවබෝධය එය වචනවලින් ප්රකාශ කිරීමෙන් ලැබෙන අවබෝධයට වඩා වැදගත් බවයි. තවත් වතාවක Kubrick කියලා තියෙන්නෙ මෙහෙම,

 

 

“I tried to create a visual experience.”
ඒ කියන්නෙ 2001: A Space Odyssey බලන අපිට ඒකෙ වෙන දේවල් ගැන අමුතුවෙන් විස්තර කිරීමක් වෙන්නෙ නෑ. ඒක හරියට අපිත් ඒ අභ්යවකාශ චාරිකාවෙ මගියෙක් උනොත් අපිට දකින්න ලැබෙන දේම චිත්රපටියක් විදියට ප්රතිනිර්මාණය කලා හා සමානයි. කොහොම උනත් ඒ කෝණයෙන් බැලුවොත් නම් 2001: A Space Odyssey එකට ගහන්න පුලුවන් තාත්වික මට්ටමේ විද්යා ප්රබන්ධ සිනමාපටයක් තවමත් නිර්මාණය වෙලා නෑ කියලයි මටනම් හිතෙන්නෙ.
Pin by Sherlock Holmes on MOVIES | Clockwork orange, A clockwork orange poster, Clockworkඉන්පසුව 1971 දී Stanley තවත් ගොඩක් මතභේදාත්මක නිර්මාණයකට අතගහනවා. ඒ තමයි Anthony Burgess ගේ Clockwork Orange නවකතාව ආශ්රයෙන් සිනමා නිර්මානයක් කිරීම. මෙහිදී දකින්නට ලැබුනු ප්රචණ්ඩ දර්ශන නිසාවෙන් ඇමෙරිකාවෙ මුලින්ම “X” rating එකක් ලබාගත් සිනමා නිර්මාණය උන Clockwork Orange මගින් Kubrick ට මෙවරත් writer, producer සහ director විදියට තවත් ඔස්කාර් සම්මාන නිර්දේශයන් තුනක් ලබාදෙන්නට සමත් වෙනවා. මේක තිරගත වීම ආරම්භ කරලා වසරක් ගතවීමට මත්තෙන් එංගලන්තයේදී මෙය ආදර්ශයට ගෙන ඇති උන දැවැන්ත අපරාධ රැල්ලක් හේතුවෙන් Clockwork Orange නරඹන සිනමා ප්රේක්ශකයන් වැරදි ආදර්ශයක් එයින් ලබාගැනීම නිසා ඉන්පසුව Kubrick සහ Warner Brothers විසින් මෙහි සියලුම තිරගතකිරීම් නවත්වා දමන්නට කටයුතු කර තිබෙනවා. Stanley Kubrick ගේ ඊලඟ සිනමා නිර්මාණය උනේ 1975 දී තිරගත උන Barry Lyndon. ඔහුගේ පෙර නිර්මාණයන්ගේ රටාවෙන් බැහැර උන මෙම සිනමාපටය ප්රේක්ෂකයන්ගේ අවධානය දිනාගැනීමට සමත් නොවුනත් විචාරකයන්ගේ පැසසීමට ලක් උන සිනමා නිර්මාණයක් බවට පත් උනා. ඒවගේම ඇකඩමි සම්මාන 7 කටත් නිර්දේශ උන අතර සුපුරුදු පරිදිම මෙවරත් Stanley ව writer, producer සහ director විදියට නිර්දේශ වෙනවා. හැබැයි ඉතින් පුදුම අවාසනාවක් විදියට මේ වාරයෙදිත් එය දිනාගැනීමේ අවස්ථාවක් නම් ඔහුට හිමිවෙන්නෙ නෑ.
ඔන්න ඊට අවුරුදු පහකට පස්සෙ Kubrick තවත් වෙඩිමුරයක් පත්තු කරනවා. ඒ තමයි Master of Horror විදියට සැලකෙන Stephen Kingගේ ජනප්රියම නවකතාවක් උන The Shining සිනමාවට රැගෙන ඒම. මේකෙදිත් Kubrick තමන්ගේ මුරණ්ඩු පිලිවෙතම ප්රකට කරමින් King ගේ The Shining නවකතාව ඉතාම දරුණු ලෙස වෙනස් කරමින් සිනමා නිර්මාණය සිදුකරනු ලබනවා. මේකෙන් Stephen King ඉතාමත්ම කෝපයට පත්වෙලා තියෙනවා. ඒ විශේෂයෙන්ම තමන්ගේ නවකතාවෙ තිබුන අවසානය සම්පූර්ණයෙන්ම හිතුවක්කාරී ලෙස වෙනස්කිරීම හේතුවෙන්. ඔහු තමන්ට Shining සිනමාපටය දකින්න ලැබුනු ආකාරය ගැන සඳහන් කරලා තියෙන්නෙ මෙහෙමයි,
“With Kubrick’s The Shining I felt that it was very cold, very, ‘We’re looking at these people, but they’re like ants in an anthill, aren’t they doing interesting things, these little insects.”
ඒවගේම මෑතකාලයෙදි BBC Interview එකකදි පවා Stephen King විසින් Stanley Kubrick ගේ චරිත ගොඩනැංවීම ගැන පවා කියලා තියෙන්නෙ මේ විදියටයි.
“one of the most misogynistic characters ever put on film.”
The Shining Movie Poster | 1 Sheet (27x41) Original Vintage Movie Poster | 6789ඉතින් හිතාගන්නකො මේ දෙන්නා මොනතරම් තරහෙන් ඉන්න ඇතිද කියලා. කොහොම උනත් ඉතින් Stanley Kubrick නම් මේ කතා සතපහකට ගණන් නොගෙන තමන්ගේ වැඩේ තමන්ගේ විදියට කලා. ඒ නිසාම ආදායම් අතින්ද සාර්ථක උන The Shining සැලකෙන්නෙ ලෝකයේ එදාමෙදාතුර නිර්මාණය උන හොඳම Psychological Horror සිනමාපටයක් විදියටයි. ඊට අමතරව Symbolization කියන විවිධ සංකේත ඇසුරෙන් වෙනස්ම කතාවක් ඉදිරිපත් කරන්නාවූ සිනමාපට අතරද ඉහලම තැනක් මෙයට හිමිවෙලා තියෙනවා. මුල්කාලයේ මේ ගැන විවේචනාත්මකව කතාකල බොහෝ දෙනෙක් පවා පසුකාලීනව යලිත් සිනමාපටය නරඹා එහි ඔවුන් නොදුටු පැතිකඩයන් පිලිබඳව අවබෝධකරගැනීමෙන් පසුව ඒ ගැන බොහෝ ප්රශංසා මුඛයෙන් කතාකර තිබෙනවා..❤️ කොහොම නමුත් Kubrick තමන්ගේ නවකතාවට කල වෙනස්කම් ගැන හොඳටම අවුලෙන් හිටපු Stephen King විසින් තමන්ගේ Original novel එකේ කතාව ආශ්රයෙන් 1997 වසරෙදි Tv Series එකක් නිර්මාණය කරන්නට කටයුතු කරලා තියෙනවා…??
Full Metal Jacket (1987) Original Italian 2 Fogli Movie Poster - Original Film Art - Vintage Movie Postersඉන්පසුව 1987 දී Stanley Kubrick නැවතත් තමන්ගේ මුල්කාලීන සිනමාපටවල තේමාව උන යුද්ධය තුලින් ඇතිවෙන ප්රතිවිපාක මූලික කරගනිමින් තවත් අති විශිෂ්ඨ යුධමය සිනමාපටයන් නිර්මාණය කරනු ලබනවා. ඒ තමයි Full Metal Jacket. Gustav Hasford ගේ The Short Timers නවකතාව පාදක කරගනිමින් නිර්මාණය උන මෙය වියට්නාම සටනට යැවෙන භට පිරිසකට මූනදෙන්නට සිදුවන දැඩි හමුදා පුහුණුව මෙන්ම සටන් අත්දැකීම් වල තිබෙන බිහිසුණු ස්වභාවය තාත්විකව නිරූපණය කරන්නට සමත් උන නිර්මාණයක් විදියට සලකන්න පුලුවන්. මෙහි රූගතකිරීම් අතරතුරේදි තමන්ගේ නිර්මාණයට බොහෝම තාත්වික පෙනුමක් ලබාදෙන්න උවමනා උන නිසාම Kubrick විසින් 1930 කාලවකවානුවේ ඉදිකර තිබුනු ගොඩනැගිලි බොහෝමයක් පුපුරුවා දමා ඔහුටම කියා සුන්බුන් කොටස් නිර්මාණය කර ඇති අතර ස්පාඤ්ඤයෙන් තල් ශාකද තවත් ප්ලාස්ටික් වලින් සකසන ලද නිවර්තන පැලෑටි අනුරූ 10,000 ක් පමණ Hong-kong වලින්ද ගෙන්වාගත් බව සඳහන්…??
කොහොම නමුත් දැන් අපි එන්නෙ මේ මහා සිනමාකරුවාගේ අවසාන සිනමා නිර්මාණය ගැන කතාකරන්නයි. ඒ තමයි තවත් ලිංගිකත්වය Amazon.com: Eyes Wide Shut Movie Poster 1 Sided Original Ver B 27x40 Tom Cruise Nicole Kidman Stanley Kubrick: Posters & Printsපාදක කරගත් මතභේදයට තුඩුදුන් සිනමා නිර්මාණයක් උන Eyes Wide Shut. පුරා වසර දෙකක් තිස්සෙ රූගතකිරීම් සිදුකෙරුණු මෙය Frederic Raphael ගේ නවකතාවක් ආශ්රයෙන් නිර්මාණය උන සිනමාපටයක්. දෙදෙනාම මනෝ චිකිත්සකයින් වන යුවලක් තුල එකිනෙකා කෙරෙහි හටගන්නා ඊර්ශ්යාව සහ උමතු ලිංගික චර්යාවන් සහ ඒවාගෙන් ඇතිවිය හැකි ප්රතිවිපාක පිලිබඳව වෙනස්ම ආකාරයේ කතාවක් මෙහි ඇතුලත් වෙනවා. මෙහි දර්ශන රැසක් නැවත නැවතත් රූගත කිරීමට සිදුවීම හේතුවෙන් සහ එයට සම්බන්ධ වූ බොහෝ දෙනා අතරමගදී ඉවත්වීම හේතුවෙන් ඉතාම විශාල ගැටලු රාශියකට මුහුණදීමට Stanley Kubrick ට සිදුවෙනවා. කොහොම නමුත් සියලු කරදර බාධක මධ්යයේ වුවත් මෙය සාර්ථකව නිර්මාණය කරන Stanley Kubrick එය තිරගත වනතෙක් නම් ජීවතුන් අතර සිටින්නේ නැහැ. මෙම සිනමාපටයේ සම්පූර්ණ කරන ලද පිටපත Warner Brothers වෙත බාරදී දින හතරකින් පසු 1999 මාර්තු 7 වන දින අවුරුදු 70 ක් ආයු වැලදූ මෙම මහා සිනමාකරුවා ඔහුගේ ජීවිත ගමන තම සිනමා ගමන සමගම නිමාකරනු ලබනවා..?? ඒ හේතුවෙන් තමාගේ අවසාන සිනමාපටය මහජන ප්රදර්ශනයට නිකුත් වූ පසුව නරඹන්නට අවස්ථාවක් නම් ඔහුට ලැබෙන්නෙ නැහැ..??

එහෙනම් මේ දීර්ඝ සටහන කියෙව්වා නම් Stanley Kubrick ආරම්භයේ සිට අවසානය දක්වා ආපු සිනමා ගමන ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. ඇත්තටම මේ මහා සිනමාකරුවා හා සම්බන්ධව තව කියන්න බොහෝ දේවල් තියෙනවා. ඒ ඔහු සහ ඔහුගේ සිනමාපට හා බැඳුනු අපූරූ සහ විස්මයජනක සිදුවීම් ගැනයි. ඒ ගැන මෙතනදි කතාකලොත් මේ සටහන තවත් දිගු වෙන නිසා ඒ කතන්දර ටික මම වෙනම Article එකක් විදියට අරගෙන එන්නම්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ Stanley Kubrick කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලෝකෙට බම්බු ගහගන්න කියලා තමන්ගේ ආතල් එක උපරිමෙන්ම ගනිපු මනුස්සයෙක්. අනිත් අධ්යක්ෂකවරුන් මූල්යමය සාර්ථකත්වය හඹායන අතරේ, ජනප්රිය මාතෘකාවන් සොයන අතරෙ මිනිසුන් අතර එතරම් කතාබහට ලක් නොවෙන මාතෘකාවන් වෙන යුද්ධයේ සැඟවුණු කෲරත්වය, මිනිසුන්ගේ උමතුභාවයේ පැතිකඩයන්, ලිංගිකත්වයේ විවිධාකාර විශම පැතිකඩයන් මෙන්ම මානව පරිණාමයේ වෙනස්ම සීමා මායිම් කරා Stanley Kubrick ගේ සිනමා නිර්මාණයන් දිවයනවා. ඇත්තටම මේවගේ මාතෘකාවන් චිත්රපට අධ්යක්ෂකවරයෙක් අතගහන්න බයවෙන මාතෘකාවන්. නමුත් Kubrick එයින් වෙනස්ම මානයකට ප්රේක්ශකයාව රැගෙන ගියා. ඇත්තටම Stanley Kubrick ගේ සිනමාපට ගොඩක් ආසාවෙන් රසවිදින අය ඉන්නෙ බොහොම අතලොස්සයි. නමුත් ඒ සුලු පිරිසගේ හිත්වල Kubrick කියන්නෙ කාටවත් කල නොහැකි වූ දේ කල විශිෂ්ඨයෙක් විදියට සදා අමරණීය නාමයක් සටහන් කරලා තියෙනවා. ඉතින් මේ Kubrick ගැන කතාකරන ලිපියෙ පලමු කොටස පමණයි. ඉක්මනටම දෙවෙනි කොටසක් අරගෙන එන්නම්. එහෙනම් සිනමාලෝලී සියලු දෙනාටම ජයවේවා !!

ප්‍රගීත් ශාන්

Writer

2 comments

  1. Peter Barthelot

    නියමයි ප්‍රගීත් ❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *