Sri Lankan Who Directed Indian Movies | Sinhala Article

Sri Lankan Who Directed Indian Movies by Mmp Ranaweera

ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ ලාංකිකයෝ ගැන ඔබ අසා තිබෙනවා ද…

බොහො විට අපේ සිනමා ඉතිහාස කතාව වල අප අසා ඇත්තේ ඉංදියානුවන් පැමිණ අපේ චිත්‍රපට නිර්මාණය සඳහා දායකත්වය සැපයූ අයුරුයි. මුල් කාලීන සිනාමාවේ සිට මේ වන තෙක්ම එනම් රාජකීය වික්‍රමය හැදූ ගුප්තා ගේ සිට මෑත භාගයේ උදුම්බරා නිර්මාණය කළ කේ. චමත්රාජ් දක්වා ඉන්දියානු සිනමාකරුවන් විසි හත්දෙනෙකු අපේ සිනමා නාමාවලියේ හමුවෙනවා. නමුත් බොහො දෙනා නොදන්නා කාරණාවකුත් තිබෙනවා ඒ ලාංකිකයින් විසින් ඉන්දියානු චිත්‍රපට නිපදවා තිබෙනවා. මේ නම් අපට බොහො විට දැක ගත හැකි වන්නේ දකුණු ඉන්දියානු සිනමා නාමාවලියේ දීය.

තිමති වීරරත්නයි කියූ සැනින් බොහෝ විට අප ඔහු හදුන්නනේ ප්‍රවීන් කැමරා ශිල්පියෙකු සහ දක්‍ෂ චිත්‍රපටි අධ්‍යක්‍ෂකවරයෙකු ලෙසයි. නැතහොත් ජනප්‍රිය ප්‍රවීන් නිළියක් වන සංගීතා වීරරත්නගේ ආදරණීය පියානන් ලෙසයි. නමුත් ඔහු ඉන්දායනු සිනමාවේ කැමරා අධ්‍යක්ෂවරයෙකු හැටියටය. Dil Tera Diwana (1962) , Kashmir Ki Kali(1964) වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක කැමරා සහායක ලෙස කටයුතු කළ පුද්ගලයෙක්.තිමති සිනමා කැමරාකරණය පිළිබඳ ප්‍රවීණ ඉන්දියානු කැමරා අධ්‍යක්ෂ වී.කේ.රෙඩ්ඩි යටතේ පුහුණුව ලද්දෙක වූ හෙයින්ම ඔහුගේ සහය ඉන්දියානු චිත්‍රපට රැසකට ලබා ගැනීමට ඔහු කටයුතු කළා. ඉන්දියානු දෙමළ චිත්‍රපටයක් අධ්‍ය්‍යක්ෂණය කළ එකම සිංහල සිනමාකරුවා ලෙස තිමති මහතා ඉතිහාස ගත වන්නේ 1980 වසරේ තිර ගත කරන ලද නැංගූරම් චිත්‍රපටය සමගයි. . විජය කුමාරතුංග සමග එවකට ජනප්‍රිය හා සම්මානනීය ඉන්දියානු නිළියක වන ලක්ෂ්මී එහි චරිත නිරූපණය කළ අතර. එහි ඉන්දියාවෙන් මුත්තුරාමන් සමඟ සබීතා පෙරේරා, ෆරීනා ලායි, ඒ.ඊ.මනොහරන්, ආදී නළු නිළියන් රැසක් එහි රංගනයෙන් දායක වූවා.

ජෝ දේව් ආනන්ද් සමහර විට ඔබ ඔහුගේ නම එතරම් අසා නැතත් එකළ සිනමාවේ ජනප්‍රියම සිනමා නිර්මාණ රැසක හිමිකරුවා ලෙස ඔහු වැජබුනා. ඔහු වෘත්තියෙන් යාපනයේ විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කළ අයෙක්.. ඉංග්‍රිසි ගුරුවරයෙකු වූ ඔහුගේ නම ඉන්දියානු දෙමළ සිනමාව හා යා වෙන්නේ Rathathin Rathame (1981) චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා හැටියටයි. ජයශංකර්, රාධිකා, නාගේෂ්, හා අශෝකන් වගේම ගීතා කුමාරසිංහද මෙහි රංගනයෙන් දායක වූවා..

Rathathin Rathame (1981) චිත්‍රපටයෙ ප්‍රධාන නිලිය වූ රාධිකා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිළියක් බව ඔබ දන්නවා ඔබ දැන සිටියා ද ඇයගේ මව රීටා ප්‍රනාන්දු සිංහබාහු නාට්‍යයේ මුල්වරට සිංහයා ලෙස රඟපෑ මාක් ඇන්ටනි ප්‍රනාන්දුගේ සොහොයුරියය බව.

කොළඹ කෞතුකාගාරයේ ඇති මෙරට ඉතිහාසය හෙළිදරවු කරන ඉපැරැණි රන් සන්නසක් වූ වල්ලිපුරම් රන්පත ආරක්ෂා කොට බාර දෙන ලද එස්. තංගරාජා මහතා ගේ පුතා තමයි අර්ජුන තංගරාජ් කියන්නේ ඔහු අධ්‍යාපනය ලද්දේ කොළඹ රාජකීය විදුහලෙනි. ඔහු ඉන්දියානු සිනමා අධ්‍යක්ෂවරුන්ගේ ගොන්නට හසුවන්නේ 1981 වසරේ නිර්මාණය කරන ලද vasanthil oru vaanavil චිත්‍රපටය සමඟය. එහි මෙරටින් රොබින් ප්‍රනාන්දු රඟපෑ අතර රාධිකා, ප්‍රතාප් පොතෙන්, දිල්ලි ගනේෂ් ඇතුළු දකුණු ඉන්දියානු නළු නිළියෝ රැසක් චරිත මැවූ ජනප්‍රිය දමිලි චිත්‍රපටියක්.

බාලු මහේන්ද්‍රන් මඩකලපුවේ මෙතෝදිස්ත හා ශාන්ත මයිකල් විදුහල්හි අධ්‍යාපනය ලද අතර ඔහු වෘත්තිය ජීවිතය අරඹනුයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පියකු හැටියටය. ජෝ දේව් ආනන්ද්ගේ පාසනිලා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන බාලු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අක්කර පහ සහ සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාව චිත්‍රපට සඳහා ද දායක වූයේය. පසුව සිනමාවෙ පිළිබද අධ්‍යාපනය සඳහා ඉන්සියාවට යන ඔහු කිසිදා ලංකාවට පැමිනේනේ නැහැ. දෙමළ සිනමාවේ පමණක් නොව දකුණු ඉන්දියානු සිනමාවේ නව රැල්ලේ පුරෝගාමි සිනමාකරුවා ලෙස බහුමානයට පාත්‍රවන ඔහු ඉංදීය සිනමාවේ සම්මානනීය අධ්‍යක්‍ෂකවරයෙකු වනවා.

බෙංගාලි භාෂිත චිත්‍රපටියක් වූ Chatrak චිත්‍රපටය පෑත කාලයේ ඉන්දියාවේ වාරණයට හසු වූ චිත්‍රපටියක් වූවා. එහි අධ්‍යක්‍ෂක වරයා වන්නේ ලාංකීය නව පරපුරේ අධ්‍යක්‍ෂකවරයෙකු වන විමුක්ති ජයසුන්දරයි. ඒ අනුව මෑත කාලීන චිත්‍රපට අධ්‍යක්‍ෂක වරුන්ගේ ඉන්දියානු නාමාවලිය හැඩ කරන්නේ විමුක්ති විසිනුයි..

මෙන්න මේ විදිහටයි ඉන්දියානු සිනමාවේ අපේ ලාංකිකයින්ගේ නම සඳහන් වන්නේ..

MMP රණවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *