Squid Game (2021) Korean by Vishu Rajapaksha
#Squid_Game බලන්න ඕනේ ඇයි??
මේ දවස්වල ගොඩාක් කතා බහට ලක් වෙන කොරියානු වෙබ් සීරිස් එකක් තමයි Squid Game කියන්නේ.ඉකුත් සැප්තැම්බර් 17 වනදා මේ කතා මාලාව Netflix ආයතනය ඔස්සේ නිකුත් වුණා.කොටස් 9කින් සමන්විත සීසන් 1ක් තමයි දැනට තියෙන්නේ.
රේටින් ගැන කිව්වොත් IMDb දර්ශකයේ 8.2/10 සනිටුවහන් කළා වගේම Rotten Tomatoes ප්‍රතිශතය 100%ක් වාර්තා වුණා.
මීට අමතරව Rotten Tomatoes සම්පුර්ණ ප්‍රතිශතය වාර්තා වුණු නිර්මාණයක් විදියට මට මතක් වෙන්නේ Park Shin Hye රංගනයෙන් දායක වුණු “Call/Kol” කොරියානු චිත්‍රපටයයි.
Squid Game හි ප්‍රධාන රංගන ශිල්පීන් ලෙස Lee Jung Jae, Park Hae Soo, Tripathi Anupam (ඉන්දීය නළු), Ho Yeon Jung, Oh Young Soo, Kim Joo Ryung, Jo A In, Kang Mai Geum, Wi Ha Joon, Heo Sung Tae, Lee Yoo Mi, Kim Young Ok, Gong Yoo, John D. Michaels. (ඇමෙරිකානු නළු) ඇතුළු කොරියානු මෙන්ම විදේශීය රංගන ශිල්පීන්ද රාශියක් එකතු වී තිබීම විශේෂත්වයක්.
මොකක්ද මේ “Squid Game”කියන්නේ? කතා මාලාවට නම එන්නේ පැරණි කොරියානු ළමා ක්‍රීඩාවකින්. සිංහලෙන් කිව්වොත් “දැල්ලෝ ක්‍රීඩාව”. මේ ක්‍රීඩාව මොකක්ද කියලා පලවෙනි කොටස ආරම්භයේදිම පුංචි හැදින්වීමක් ලැබෙනවා. දැල්ලෙක් වැනි රේකා වලින් සංවෘත කරගත් පිටියක පිල් 2ක් විසින් ක්‍රීඩා කරන ක්‍රීඩාවක් කියලා සරලවම කියන්න පුළුවන්.
“Squid Game” නැත්නම් “Ojingo Geim” නිකුත් වූ සැනින්ම නැරඹිම දුෂ්කරම (disturbing) කතා මාලා අතරට එකතු වුණා.. හේතුව මෙහි එන සංවේදී කතාව හා දර්ශනයි (plot). නමුත් නරඹන්න වටිනාම කතා මාලාවක් බවට මට සහතික වෙන්න පුළුවන්..
ලොවම ආදරයෙන් වැළඳ ගත් “Hunger Games”ඉංග්‍රීසි නවකතා හා චිත්‍රපට මාලාවට පසු, ඒ සමාන තේමාවක් Squid Game කතා මාලාව අරගෙන එනවා. නමුත් සම්පුර්ණයෙන්ම පරස්පර හා වෙනස් විදියට තමයි ගලාගෙන යන්නේ..
“මුදල්” කියන්නේ ඔක්සිජන් වලටම සමාන සම්පතක් කිව්වොත් වැරදි නැ. නමුත් ස්වභාවික නොවන “මුදල්” හා “ධනය” මිනිසා විසින් උපාය ගන්නම ඕනේ. මේ ධනය හැම කෙනා අතරම සමානව බෙදී යන්නක් නෙමෙයි..ඉතිං මුදල් හා ආර්ථික ප්‍රශ්න වලින් මෙන්ම සමාජයේ තර්ජනයට ලක් වෙලා ඉන්න පිරිසක් සදහා Squid Game නම් ආයතනයක් විශාල මුදල් ත්‍යාගයක් දිනාගන්නට අවස්ථාවක් ලබා දෙන සිද්දියක් තමයි මෙහි අන්තර්ගතය..නමුත් මේ මුදල් ත්‍යාගය හිමිකරගන්න නම් තරග වදින්න වෙනවා.. ඒ මොන වගේ තරගද? මේ ආයතනය මොකක්ද? තරගකරුවන්ට මුහුණ දෙන්න වෙන අභියෝග මොනවද?
මේ දේවල් මං spoil කරන්නේ නෑ..
කතා මාලාව Horror / Thriller /Adventure හා Drama ශානරයට අයත් එකක්..විශේෂත්වයක් විදියට මෙහි බොහෝමයක් කොරියානු දේශීය ළමා ක්‍රීඩා පිළිබද ඇතුලත් වෙනවා දකින්න පුළුවන්.
එවැනි පුංචි විනෝදාස්වාදයක් බිහිසුණු තීරණාත්මක පැත්තකට පෙරළෙන අන්දම ඔබට හිතාගන්නවත් බැරි වෙයි..
කතාව පුරා හොඳ හාස්‍ය රසයක් වගේම මනුෂ්‍යත්වය පිළිබද ලොකු පාඩමකුත් ඉගෙන ගන්න පුළුවන්.. ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය වගේ ගැඹුරු අර්ථකථනත් ඒ වගේම අන්තර්ගතයි.
එහෙනම් අනිවාරෙන්ම නරඹන්න..
පවුලේ සැමට නරඹන්න නම් ටිකක් අපහසුයි. 4 වෙනි කොටස 18+ විදියටත් වෙන් කරලා තියෙනවා. මේ වගේ නිර්මාණයක් ආයේ ඒවිද දන්නේ නෑ.. මේ දැවැන්ත නිර්මාණය රචනය වෙන්නෙත් අධ්‍යක්ෂණය වෙන්නෙත් Hwang Dong Hyuk විසින්..
දැනටමත් ඉංග්‍රීසි උපසිරැසි සමග සමහරු නරඹලත් ඉවරයි.. සිංහල උපසිරැසි මේ දිනවල cineru.lk වෙබ් අඩවියට නිකුත් කරමින් පවතිනවා.. කොටස් 4කට උපසිරැසි ලබා දීලා තියෙන්නේ ඉතුරු 5ත් හැකි ඉක්මනින්ම සම්පුර්ණ කරන්න නියමිතයි.
Really interesting post!