Spiderman No Way Home (2021) English by Prageeth Shan
දැන් ඉතින් කට්ටියම Spiderman No Way Home බලලා ඉවර ඇති කියලා හිතනවා. ඒකයි මේක දැම්මෙ
Spiderman ලා තුන්දෙනෙක්, කතා තුනක්, Personalities තුනක් 

මේ ඔක්කොම ඒ ඒ කාලෙම බලන්න මම ඇතුලු මේ බොහෝ දෙනෙක් වාසනාවන්ත උනා. ඉතින් ඒ හැම මතකයකම කූටප්‍රාප්තිය තමයි Spiderman No way Home කියන්නෙ..
ඉතින් අපේ ලමාකාලය, තරුණ කාලයෙ මතක ගොඩක් හොරකම් කරපු ඒ අපූරු Spiderman ලා තුන්කට්ටුව හඳ එලියෙ එකිනෙකාට නොදෙවෙනි විදියට පිනුම් ගගහා යද්දි ඉබේම කෑගැහුනෙ නැත්නම් ඒ මනුස්සයෙක් වෙන්න බෑ…
මේ චිත්‍රපටිය ගැන සෑහෙන දේවල් කතාකරන්න උවමනා නිසා ඒ ගැන වෙනම Movie Review post එකක් ඉක්මනටම දානවා.. එතකන් මේ පහල පින්තූරෙ ගැන පොඩ්ඩක් කතාකරන්න හිතුනා..










ඉතින් මේ පහල පින්තූරෙ අපිට දකින්න ලැබුනෙ NWH එකේ end credit වලදි. ඉතින් මේකේ මේ සටහන් තුනේ වෙනසක් ඔයාලට පේන්න ඇති. පහලම තියෙන Toby ගේ Spiderman ගේ Mask එක සම්පූර්ණයෙන්ම පාටකරලා අවසන් කරලා තියෙනවා. නමුත් Andrew ගේ Spidey mask එක තුනෙන් දෙකක් වගේ තමයි වර්ණ ගන්වලා තියෙන්නෙ. ඊටපස්සෙ උඩම ඉන්න Tom ට තාම Spiderman mask එකක් ඇඳලම නෑ.. මට හිතෙන විදියට මේකෙන් මේ තුන්දෙනා එයාලගෙ චිත්‍රපටි වලින් Character Buildup උන Status එක පෙන්වනවා වෙන්න ඕන. මොකද Spiderman 3 අවසන් වෙද්දි Toby කියන්නෙ ගොඩක් ම පරිණත spiderman කෙනෙක්. එයාගෙ Trilogy එකත් සම්පූර්ණ නිසා එයාව සම්පූර්ණ වර්ණ ගන්වලා තියෙනවා.. ඒ කියන්නෙ එයාගෙන් සම්පූර්ණ Peter Parker කෙනෙක් වගේම Spiderman කෙනෙක්වත් බලාගන්න පුලුවන්..




ඊලඟට Andrew. කට්ටිය හොඳම Peter Parker කියන්නෙ මෙයාටනෙ. හැබැයි අවාසනාවන්ත විදියට Sony ලගෙ මුල් Plan වෙනස්වීම නිසා Andrew ට එයාගෙ Trilogy එක අහිමි වෙනවා. Sinister six එකම එකට දාලා ලොකුවට Plan කරන් ඉදපු Amazing Spiderman 3 ෆිල්ම් එක මේ වෙනකන් එලියට එන්නෙ නෑ. අන්න ඒ නිසා Peter Parker අතින් Perfect උනත් Andrew ට තව film එකක් ලැබෙන්න ඕන. අන්න ඒ දේ තමයි සම්පූර්ණ ඇඳපු Peter Parker ගෙන් සහ බාගෙට පාට කරපු Spiderman mask එකෙන් පෙන්නන්නෙ. මේ වෙද්දි ලෝකෙ පුරාම The Amazing Spiderman 3 ආයෙ හදන්න කියලා Fans ලා එකතුවෙලා Campaign එකක් කරගෙන යන නිසාම සමහරවිට මේකෙන් Marvel ලා Andrew ට ඉදිරියට තව ෆිල්ම් එකක් දෙන්න සැලසුමක් තියාගෙන ඉන්නව කියලා ගොඩක් අය අනුමාන කරනවා. ඒ කියන්නෙ එයාලා Andrew ටත් Spiderman Trilogy එකක් ලැබෙන්න ඕන නමුත් දැනට ඒක අසම්පූර්ණයි කියලා අදහසක ඉන්න බව අඟවන්න මේ පින්තූරෙ දැම්මා කියලා අනුමාන කරන අය ඉන්නවා. ඉතින් WB එකට හාත්පසින්ම වෙනස් විදියට නිතරම තමන්ගෙ Fans ලා ගැන, එයාලගෙ ඕනෑ එපාකම් ගැන ගොඩක් සැලකිලිමත් වෙන Marvel Studio එක දැනටමත් මේකට Plan එකක් හදලා තිබුනොත් ඒකේ පුදුම වෙන්න දෙයක් නෑ..

ඒ නිසා ඒ ගැන ගොඩක් ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වේවි..








