Spencer ( 2021) English | Sinhala Article

Spencer ( 2021) English by Viduni Hettiarachchi

#Princess_Diana ඇය ජීවතුන් අතර නැතිවුනත් ඇයගේ නාමය අමරණීයයි. රජ පවුලකට බැදී, දරුවන් ලැබ, සතුට සමග මිශ්‍ර වූ දුක් සහිත කාලයන්ටද මුහුණ දී, ඉන්පසු තමන්ගේ කැමැත්තට රිසි ජීවිතයක් සොයා ගියත්, ඇය දිවියෙන් සමුගන්නේ ලොව පුරා සිටිනා මිනිස්සුන්ගේ හදවත් කම්පා කරමින්.

ඇය ජීවත් වූ කාල පරිච්ඡේදයන් ඇසුරෙන් නොයෙකුත් කලා නිර්මාණයන් ලොවටම බිහිවුනේ ඇය ගැන කතාකිරීම කවදාවත් නොනවතින මාතෘකාවක් බවට පත්ව ඇති නිසායී.

මේ අලුත්ම සිනමාපටියත් ඇය ගැනයි, ඇගේ විවාහය බිද වැටීම ගැනයි, ලොව සිටිනා බලවත් පවුලකට එරෙහිව යමින් ඇය ගත්තා වූ තීරණයක් ගැනයි.

#Spencer නාමය ඇය විවාහ වන්නට පෙර තිබූ නමයි. චිත්‍රපටියේ නමත් එයමයි.

කතාව ගෙතී ඇත්තේ සති අන්තයක් ගැනයි, රාජකීය පවුලේ එකට එකතුවීම, එහෙත් ඇය අසතුටින්, #දවස්_තුනක් ඇතුලත ඇයට සිදුවෙනවා, ඇය ඇත්තටම කවුරුන් වූ වග, ඔහුව හමුවීමට පෙර යලි මතක් කර ගනිමින් ඉදිරිය සදහා සූදානම් වීමට.

#Biographical_Psychological_Drama ෆිල්ම් එකක් ලෙස කැටගරි කර ඇති මෙහි, #Kristen_Stewart ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. ඇයට පුලුවන් ලෙසින්, උපරිමයෙන්ම මේ ලෝ පතල චරිතය ප්‍රේක්ෂකයින්ට ගෙන එන්නට උත්සාහ දරන්නේ, භාෂා උච්චාරණයත් හරිම විදිහට පුහුණු වෙමින් සහ #Diana සැබෑ දිවියේ පෙන්වූ භාව ප්‍රකාශනයන්, රිදී තිරයේ මවන්නට වෑයමක් ගනිමිනුයි.

මෙහි තිර රචනකරු #Steven_Knight ප්‍රකාශ කර ඇත්තේ, #Diana කුමරියව දන්නා පිරිස් සමග සාකච්ඡා කරමින්, ඇය ඇත්තටම කවුරුන් වූ වග සිතෙහි සටහන් කරගත් බවයි. ඇය ඉතා සාමාන්‍ය කෙනෙක්, එහෙත් අසාමාන්‍ය තත්ත්වයන්ට මුහුණ දුන්, ඔහු ඇයව දකින්නේ එලෙසින්.

මෙම සැප්තැම්බර් මස 78 වැනි වෙනීස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී මෙය ප්‍රථම වරට ප්‍රදර්ශනය කල අතර, ප්‍රතිචාරයන් ඉතාම හොදින්ම ලැබුනු බවයි පැවසෙන්නේ.

මෙම අවුරුද්දේම නොවැම්බර් 5 වන දින, තිරය වර්ණවත් කරමින් මෙය නිකුත් වන්නටයි කටයුතු සූදානම් වන්නේ.

ඇය මියගිහින්, එහෙත් ඇය කියූ සහ කෙරූ දේවල් සදහටම පවතින අයුරින් ඇය ජීවිතය ජීවත් කරවූ වග නම් නොරහසක්.

විදුනි හෙට්ටිආරච්චි

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *