Soorarai Pottru (2021) Tamil
96% liked this film Google users
මාරන්ගේ මෙි හීනය ආත්මාර්ථකාමී එකක් නෙමෙයි. ඒක පරාර්ථකාමී එකක්. මෙි හදන්න හදන ගුවන් සමාගම සමිපුර්ණයෙන්ම ඉලක්ක කරන්නෙ පොඩි මිනිස්සු වෙනුවෙන්. ඒ කියන්නෙ තුන්වෙිලක් කාලා නොමැරී ඉන්න පුලුවන් සාමාන්ය ජනතාවක් වෙනුවෙන්.ඉතින් මාරන් මෙි අඩු වියදමි ගුවන් සමාගම පටන් ගන්න වැඩෙිට හවුල් කරගන්න හදන්නෙ ජෑස් කියන ගුවන් සමාගමෙි අයිතිකරැ පරේෂ් ගෝස්වාමි. හැබැයි රාමාගේ වීරයා මෙි පරේෂ් ගෝස්වාමිව තමයි. පෙරැමිපුරලා පෙරැමිපුරලා තමයි ගෝස්වාමිව හමිබවෙන්න මාරන්ට සිද්ද වෙන්නෙ. අන්තිමෙිදි මාරන්ට මෙි ගෝස්වාමිව මුහුණට මුහුණ හමිබවෙනන් පුලුවන් වෙනවා. නමුත් මාරන්ගේ අදහස් සහ ගෝස්වාමිගේ අදහස් තියෙන්නෙ අහසට පොළවට වගේ. ඒ කියන්නෙ මාරන් හිතන් හිටපු ගෝස්වාමි නෙමෙයි මාරන්ට මුණ ගැහෙන්නේ. ගෝස්වාමිගේ හිස් මුදුනටම නැගපු මාන්නක්කාරයෙක් කියලා දැනගන්න මාරන්ට වැඩි වෙලාවක් යන්නෙ නෑ. මාරන්ට අන්තිමට සිද්ධ වෙන්නෙ ගෝ්ස්වාමිත් එක්ක වාද කරලා ගෝස්වාමිගේ මාන්නයේ රහබලන්න වෙන එක. තව දුරටත් මාරන්ගේ වීරයා ගෝස්වාමි නෙමෙයි. දැන් ඉඳන් මාරන්ගේ දුෂ්ටයා ගෝස්වාමි. ඒ කියන්නෙ මාරන් තමන්ට තමන් අභියෝගයක් කරගන්න පටන් ගන්නෙ මෙන්න මෙතන ඉඳන්. මෙිත් එක්කම චිත්රපටය නියාමාකාරායෙන් ආරම්භ වෙන්න මාරන්ගේ අභියෝගයට එකතු වෙන තවත් අපුරැ මනුස්සයෙක් එක්ක. මාරන්ගේ මෙි හීනයට වටිනාකමක් හමිබවෙන්නෙ ඔහුගෙන්.
සැබෑ ලෙසම කුඩා කෙනෙක් ඉහල තැනකට යෑමේදී විදින්නට සිදුවෙන අපහසුතා, ඒ වගේ ගැරහීම්, දරා ගැනීම්, සියල්ල ගැනම සුරයි පෝටෲ චිත්රපටය ඇතුලේ කතා වෙනවා. බොහො සාර්ථක වූ මිනිසුන් තවත් අයෙක්ට සාර්ථක විමට උදවු උපකාර කරන්නේ නැත.
ඔවුන් ඉතා මාන්නයකින් සිටින බව නිර්මාණ කරුවා පෙන්වා දී තියෙනවා.චිත්රපටයේ හරයට බලපාන පරේෂ් ගෝස්වාම් කතාවට හදුන්වා දිමේදි නිර්මාණ කරුවා යොදා ගත් උපක්රමය මගින් ඔහුගේ ඇති මාන්නයත්, මාරන්ගේ ඇති නිහතමානීකමත් හොදින් පෙනවා දී තියෙනවා. “සැම සාර්ථක පිරිමියෙක් පිටුපසම ගැහැණියක් සිටිනවා” මේ සිද්දාන්තය මේ කතාවේදිත් උපයොගී කරගෙන තියෙනවා. පැය දෙකයි විනාඩි තිහක් පුරාවටම දෙමළ චිත්රපටවල ආවෙිණික කිසිදු ක්රියාදාම දර්ශනයකින් තොරව නාටකීය බව පමණක් රඳවාගෙන ප්රේක්ෂකයා රඳවාගන්නට චිත්රපටය සමත්වීමම චිත්රපටය විශිෂ්ට සහ බලසම්පන්න තිරරචනයක ලක්ෂණ පෙන්වනවා. මේ චිත්රපටය සත්ය කතාවක් ඇසුරින් තමා නිර්මාණය වෙලා තියෙන්නෙ. චිත්රපටයේ කතන්දරයට පාදක කරගෙන තිබෙන්නේ මධ්යම පාන්තිකයන් වෙනුවෙන් ඉතා අඩුම පිරිවැයකට ගුවන් ටිකට් පත් නිකුත් කිරීම නිසාවෙන්, ඉන්දියාවේ ප්රථම low-cost carrier එක විදිහට ඉතිහාසයට එක් වෙමින්, ඉන්දියාව තුළ සැබෑ පෙරළියක් සිදු කළ එයාර් ඩෙකෑන් (වර්තමානයේ දී සිමිප්ලිෆ්රලයි ඩෙකෑක්) නම් ගුවන් සමාගමේ නිර්මාතෲවරයා වන G.R. Gopinath ගේ චරිතාපදානයයි.


මේ හිනය ඇත්තටම කොච්චර වටිනවාද කියලා නිර්මාණ කරුවා අවස්තා දෙකකදී මානුෂිය ආකාරයෙනුත් මූලමය ආකාරයෙනුත් කතා කරලා තියෙනවා. එම නිසා චිත්රපටයට අමතර වටිනාකමක් ලබා දී තියෙනවා. මෙි අඩු වියදමකින් කරන ගුවන් සේවයේ ආරක්ෂාව කියන සාධකය තර්කයක් විදියට ගෙනල්ලා ඒ පිළිබඳව මහජනයාගේ විශ්වාස කොයි මට්ටමකට තියෙන්න ඔනාද කියලා පවා චිත්රපටය තුළ කතා කිරිම මේ කතාවට මහත් ආලොකයක් ලෙස කියන්න පුළුවන්. සමස්තයක් විදියට ගත්තාම ඉතාමත් සංයමයකින් නිර්මාණය කරපු විශිෂ්ට දමිළ චිත්රපටයක්. චිත්රපටය පුරවට කිසිම කම්මැලිකමක් හෝ ඒකාකාරී බවක් අඩංගු නොවන නිසා එක දිගට නරඹන්න පුළුවන් වෙනවා. 2020 වසරේ පැමිණි විශිෂ්ටතම දමිළ චිත්රපටය වෙන්න “සූරයි පෝටෲ” පැය දෙක හමාරක් ඇතුලේ කරපු ප්රේක්ෂක සිනමා බන්ධනය හොඳටම ප්රමාණවත් බවයි අවසාන වශයෙන් කියන්නට තිබෙන්නෙ.
Sudha Kongara
Initial release: November 12, 2020
Based on: Simply Fly: A Deccan Odyssey; by G. R. Gopinath
Language: Tamil