Slumdog Millionaire (2008) Hindi | Sinhala Article

Slumdog Millionaire (2008) Hindi

#සිනමාවෙන්_ජීවිතයට ❤?️?️?

Smelling the same feeling again and again.❤

මේ චිත්‍රපටය මගේ ජීවිතේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරපු චිත්‍රපටයක්.

හොට් සීට්” අත්දැකීම ගැන පළවෙනි වරට මගේ හිතේ ප්‍රබල ආශාවක් වගේම උනන්දුවක් ඇති කළේ ස්ලම්ඩෝග් මිලියනර් චිත්‍රපටය. 2009 හොස්ටල් එකේදි අපි කට්ටිය වටවෙලා සීඩී එකක් ගෙනැල්ල චිත්‍රපටිය බලපු හැටි මට තාමත් හොඳට මතකයි. අන්තිමට ඒ ආශාව නතර වුණේ මාවත් Who Want’s to be a Millionaire තරඟාවලියෙ “මිලියනපතිනියක්” කරල.

එදා හොට් සීට් එකේ වාඩිවුණු මොහොතෙ ඉඳල අවසානයේ ජයග්‍රාහී මිලියනපතිනියක් විදියට ඒකෙන් නැගිටින මොහොත දක්වාම මේ චිත්‍රපටයේ මතකය මගේ ඔලුව ඇතුළෙ වැඩ කළා. එදා මාව වටකරගෙන පාට පාට ලස්සන කඩදාසි කොළ කෑලි වැටෙද්දි මට ඉබේටම මතකයට ආවෙ ස්ලම්ඩෝග් මිලියනර් චිත්‍රපටියෙ ජමාල් මලික්ගෙ ජයග්‍රාහී මොහොත. ❤ ඉතින් මම හිත පුරා ඒක විඳගත්තා ❤ ඒ නිසා ඒ අත්දැකීම වගේම මේ චිත්‍රපටයත් මගේ ජීවිතේ සදානුස්මරණීය මතකයන්.❤

ඇත්තටම ඒ හැම ප්‍රශ්නයක්ම කවදහරි ජීවිතේ කොතැන හරි ලබපු අත්දැකීමකට සම්බන්ධවෙලා තිබුණා.

එදා මම හොට් සීට් එකට ගොඩවුණෙත් ජමාල්ගෙන් ලබපු ඒ අත්දැකීමත් එක්ක. ඉතින් මගේ හිත ඇතුළෙ හිටපු ජමාල් මට හැමවෙලාවෙම මතක් කළේ එක දෙයයි.

ජීවිතේ කියන්නෙ අපි ලබන දැනුම විතරක් නෙවෙයි. ජීවිතේ කියන්නෙ දැනුම සහ අත්දැකීම්වල එකතුවක්❤

ජීවිතේ ඔයාගෙ දැනුම ගැන විශ්වාසයක් තියන්න බැරි අවිනිශ්චිත මොහොතක හොඳට හිතන්න. මතක්කරන්න. ඔයාගෙ අත්දැකීම් ඒ වෙලාවට ඔයාට උදව්වට ඒවි. ඔයාගෙ අත්දැකීම් ඔයාට මාවතක් විවෘත කරල දේවි. ඒ අත්දැකීම් හොඳින් ග්‍රහණය කරගන්න හැමවෙලාවෙම අවදි මනසකින් ඉන්න.

ජමාල්ගෙ ඒ පාඩම මාව එච්චර දුරක් ගෙනාවා.❤

ඔව්… ජීවිතේ කියන්නෙ දැනුම සහ අත්දැකීම්වල එකතුවක්❤

ඇත්තටම නිර්මාණයකට සහ නිර්මාණකරුවෙකුට කරන්න පුළුවන් දේවල් කොච්චරක් ද?

ඉතින් ජමාල්,

ස්තුතියි කියනවට වඩා දෙයක් තියෙනවා.

ආදරෙයි

ඒ ඇරෙන්න කියන්න මට වෙන දෙයක් තියේවි ද? ?❤

ඉතින් රසවිඳින්න…..
රූප විතරක්ම නෙවෙයි ❤
ජීවිතේට අලුත් දෙයක් එකතුකරගන්න ගමන් රසවිඳින්න….

හංසිනී කවින්දි

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *