Sinhala Masterpiece by Theekshana Lankara
මේක මම ගිය අවුරුද්දේ ලියපු ලිපියක්. ” Masterpiece “කියන වචනය මෙතනට ගැලපෙන්නෙ නැතිවුනත් ලංකාවේ බිහිවුන චිත්‍රපටි අතරින් මෙම චිත්‍රපටි දෙක වඩාත් අනර්ඝ තත්වයේ තිබුන නිසා එසේ යෙදුවා…

පලවෙනි වතාවට ලංකාවේ චිත්‍රපටයක් ගැන post එකක් දාන්නේ
. 2012 න් පසු ලංකාවේ ඕන තරම් චිත්‍රපට එලිදැක්වුනා. ඒත් ඒ සියලු චිත්‍රපට වලට වඩා මිනිසෙක්ගේ මොලයට යම් දෙයක් යම් පණිවිඩයක් දෙන්න නිර්මාණය වුන චිත්‍රපට දෙකක් තමයි

• තණ්හා රති රගා ( 2014 )
• The Newspaper ( 2020)
තණ්හා රති රගා ලංකාවේ මැත කාලයේ බිහිවුන හොදම නිර්මාණය. ඒ Film එක කවදා බැලුවත් එපා වෙන්නැ. යුද්ධයෙන් පස්සේ ලංකාවේ තරුණයන් තුන්දෙනෙක් වටා තමයි ඒ Film එක ගොඩනැගුනේ. ඒ Film එක ගැන වැඩිය කතා කරන්න ඕනේ නැනේ. හැමොම බලලා තියෙනවා
. The newspaper , ඊට නොදෙවැනි චිත්‍රපටය. හැමදේම වගේ මේකත් පටන් ගන්නේ බිහිසුන තිස් අවුරුදු යුද්ධයෙන්. ඇත්තටම ලංකාවේ මනුස්සයෙක් බලන්න ඕනම චිත්‍රපටයක් The Newspaper . කතාව ගැන බැලුවොත්,

” ගුනා කරුණාවන්ත හදවතක් ඇති මවක් සමඟ රටට බරක් නොවී ධාර්මිෂ්ඨ ජීවිතයක් ගත කරයි. ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු වන්නේ පුවත්පතක පළ වූ වැරදි තොරතුරු හේතුවෙනි. පුවත්පත කියවන ගම්වාසීන් විසින් ගුනා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසයි. නීතිය අතට ගැනීමට තීරණය කළ ගම්වාසීන් ගුනාගේ අත් පා කැඩී ඔහුගේ නිවසට ගිනි තබා ඔහුගේ පවුල ගමෙන් පන්නා දැමූහ. මෙම සිද්ධියෙන් පසු ගුනා ගෙදර හැදූ රෝද පුටුවකට දමා දිළිඳුකමෙන් පෙළෙන ජීවිතයක් ගත කරයි. ගම්වාසීන් අතර ඔහුට සහය වන්නේ ඔහුගේ මිත්‍ර ලුවිස් පමණි. ” මෙච්චරයි කතාව මං ලියන්නේ . ඉතුරු ටික ඔයාලම බලලා අත්විදින්න.

The Newspaper දැක්කගමන් සරල අදහසක් වුනාට Film එක ඇතුලේ පෙන්වන රූප රාමු වල කටුකත්වය නම් බොහෝම අධිකයි. අසරණ වු පවුලක ගෞරවය වෙනුවෙන් සියලුම දේ කැප කරන කතාවක්. මේක නිකන්ම Movie එකකට වඩා එහාට හිතන්න පුලුවන් දෙයක්. අපි ඕන තරම් English , Tamil movies බලලා ඇති. ලංකාවේ නිර්මාණය වුන මේ movie දෙකම අග්‍රගණ්‍ය නිර්මාණ දෙකක් වුනා. ඒ මේ දෙකම ලංකාවේම නිශ්පාදක වරයෙන්ගේ නිර්මාණ විම නිසා සහ පිටරට චිත්‍රපට වල Copy නොවන නිසා. මේ Movie එක ඇතුලේ පෙන්නනවා අද ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප / ඔය හැමොම බලන රුපවාහිනි මාධ්‍ය වල ප්‍රවෘත්ති වල නිරුවත / පත්තර කලාවේ නිරුවත පැය 1.30 ක් තුල ලංකාවේ නුතන සමාජයේ කොටසක්ම නිරුපණය කරනවා මේ චිත්‍රපටය තුලින්. ඇත්තටම අද ලංකාවට ඕන මේ වගේ චිත්‍රපට . මිනිහෙක්ගේ මොලය හදන්න පුලුවන් චිත්‍රපට.
ලංකාවේ කවදාවත් සමහර දේවල් වල සත්‍ය රුපවාහිනි ප්‍රවෘත්ති සහ පත්තර වලින් එලියට ආවේ නැ. අද ගත්තත් ලංකාව ඇතුලේ රුපවාහිනි ප්‍රවෘත්ති , පත්තර වලින් පෙන්වන බොහොමයක් බොරු. නැත්නම් කතාව විකෘති කරලා. ඒ ගැන වැඩිය කතා කරන්න යන්න ඕන නැ. තණ්හා රති රගා තරම්ම සුපිරියක් . ඒවගේම Movie එක බලන හැමොටම අන්තිම විනාඩි 5 ඇතුලත ඇස් දෙකට කදුලක් එක්කරමින් හිතුවෙවත් නැති විදියට Movie එක ඉවරවේවි
. අනේ එහෙම නොවුනනම් කියලා කියවේවි. හැම කතාවකම සතුටු දායක අවසානයක් නැ කියලා චිත්‍රපටය තුලින්ම පෙන්නුම් කරනවා. මේ වගේ ඇත්තටම මිනිසුන්ගෙ කතා මොනතරම් තියෙන්න ඇතිද? තාමත් මොනතරම් මිනිසුන් දුක් විදනවා ඇතිද? මේක මිනිසුන්ගේ කතාවක්

අපි අද කොතැනද? මොලයට සිතන්න යමක්….
___________________________________________
පසුව ලියමි,
අද ලංකාවේ ඇතිව තිබෙන අරගලය ගැන ගන්න. අදවන විට තවමත් ඇතැම් ජනමාධ්‍ය සිදුකරන්නේ සමාජය තුල බොරුව පතුරා හැරිමකි. මිනිසුන් රටක සිදුවනදැ දැනගන්නේ ජනමාධ්‍ය හරහාය . ඉතින් ජනමාධ්‍යම රටේ මිනිස්සුන්ට බොරු බේගල් පතුරා හරිනවානම් කෙසේද ඒ රටේ ජනතාව බොරුවෙන් සත්‍ය වෙන්කරලා ගන්නේ…
ජනමාධ්‍ය සිටිය යුත්තේ ජනතාවගේ පැත්තේය. අද සිදුව ඇත්තේ ජනමාධ්‍ය මුදලට හා බලයට යට වි තිබිමයි. මෙය හුදක් චිත්‍රපටියක් නොවනු ඇත. චිත්‍රපටියේ ආකාරයටම අදටත් ලංකාව තුල ඉතිහාසයේ සිදුවු ඇතැම් සිද්ධින් රහසක්ව පවති. එයට හේතුව ජනමාධ්‍ය ඒ සිද්ධින් විකෘති කර මහජනතාවට ලබාදිමයි. ජනතාව විසින්ම මේ බොරුව පතුරන ජනමාධ්‍ය ප්‍රතික්ෂේප කල යුතුය. ඇත්තටම කිව්වොත් මම අද වන විට ලංකාවේ කිසිම Tv Channel එකක් නරඹන්නේ නැති තත්වෙට පත්වෙලා
අවුරුදු ගානකින් බලලා නැ. සමහර ටෙලිනාට්‍ය හැරුනු කොට බහුතර ටෙලිනාට්‍යයක් ගත්තත් ” බොලදත්වය “ ඉතා ඉහලයි. අද ලංකාවේ මමත් ඇතුලු බහුතර තරුන පිරිස් විදේශිය ටෙලිනාට්‍ය , චිත්‍රපටි වලට හුරුව සිටින්නේ ලංකාවේ Tv Channel සහ වැඩසටහන් අධ්‍යක්ෂකවරුන්ගේ ඇති මනා නොහැකියාව නිසයි……

කෙදිනක හෝ එය වෙනස්වේවායැයි පතමි.
• The Newspaper ( 2020)
Thanha Rathi Ranga