Sinahawa Atharin (2015) Sinhala | Sinhala Article

Sinahawa Atharin (2015) Sinhala by  Nayanathara Rajarathna

සිනහව අතරින්

ගැහැණියකට තම ස්වාමිපුරුෂයාගෙන් ලැබෙන්න ඔනේ සෙනෙහස , ආදරය , රැකවරයණය හරි ආකාරව ලැබෙනවා නම් ඇයට කවදාවත් වෙනත් පිරිමින්ගේ සෙනෙහස පතන්නට අවශ්‍ය වන්නේ නැ…

මම හිතන්නේ කුමාරිටත් උනේ එ දෙයමයි ,

කුමාරිත් අනෙකුත් ගැහැණියන් මෙන් හැගිම් දැනිම් තිබෙන සිංහල ගැහැණියක් , ඇයට අවශ්‍ය උනේ පිටරට සංකෘතියයි සිංහල සංකෘතියයි එකතු කරන්න , නමුත් ඇය නොසිතු විදිහට එම ක්‍රියාව නිසා ඇය මුළු ජිවිතයෙන්ම කඩා වැටුනා.. මට එක වෙලාවකට හිතෙනවා ඇයි රිචඩ් ට බැරි උනේ කුමාරිට අවශ්‍ය සෙනෙහස ලබා දි ඇයව බලා ගන්න.. එහෙම නැත්තන් ඇයි නිමල් ට බැරි උනෙ ඔහුගේ දරුවා සමග කුමාරිව බාර ගන්න..

මම හිතන්නේ මොවුන් දෙදෙනාම බියගොළුයි.. පිරිමියෙක් උනාම ඔනේම ගැටලුවකට කොන්ද කෙලින් තියන් විසදුමක් හොයන්න පුලුවන් වෙන්න ඔනේ , නමුත් රිචඩ් සහා නිමල් දෙදෙනාම කරන්නේ ප්‍රශ්න වලින් පැන යාමක්, අවසානයේ තනි උනේ කුමාරියි සහා අහිංසක දරු පැටියයි.. ගොඩාක් අයට සිතෙන්න පුලුවන් කුමාරිට මෙච්චර සැප සම්පත් තිබියදිත් රිචඩ් සමග ඇයට සතුටින් ජිවත් වෙන්න තිබියදිත් මොකටද මේ වෙනත් මිනිසෙකු ලගට ගියේ කියලා..

එහෙම තමයි අපට මොන සැප සම්පත් තිබුනත් අපට අවශ්‍ය කරන අප හොයන සෙනෙහස අපට ලැබෙන්නෙ නැත්තන් එවැනි සෙනෙහසක් සොයා යාමට කුමාරි වගේම ඔනේම ගැහැණියක් හදන්න පුලුවන් … නොසිතා කියු කෙරු දැ නිසා අවසානයේ රිචඩ් අකාලයේ මියැදුනා , නිමල් මහන උනා , කුමාරි තනි උනා , ඇගේ දරුවාට වැදු පියත් හැදු පියත් යන දෙදෙනාම අහිමි උනා ..

සිනහව අතරින් (දුක තුළින් සිනහවක්)

මෙය සුනිල් ටී නිර්මාණයක් ඒ වගෙම මෙහි සනත් ගුණතිලක සහ සේමිණී ඉද්දමල්ගොඩ හෂිනි ගෝනගල සහ ජයනි සේනානායක රංගනයෙන් දායකත්වය ලබා දි තිබෙනවා .. තවද මෙහි නිරෝශා විරාජිනිගේ ඇති සිංදුව මේ සිනමාපටය වඩාත් ජනප්‍රිය වෙන්න හෙතුවක් උනා.. මෙය මුල් වරට ආපු කාලයේ මම මේ සිනමාපටයට ඇත්තටම ප්‍රියක් තිබ්බේ නැ.. මොකද මෙය විවාහ උන වැඩිහිටියන්ගේ ආදරයක් ගැන නිසා.. නමුත් කෙමෙක් කෙමෙක් වයසින් වැඩෙන විට තෙරුම් ගියා සෑම දෙනාටම ආදරයක් අවශ්‍යයි කියල , එය තරුණ වැඩිහිටි කියලා නැ..සැවොම හොයන්නේ ආදරය සෙනෙහස එයයි ලෝක ස්භාවය ,

Initial release: April 30, 2015
Based on: Chaminda Perera

නයනතාරා රාජරත්න

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *