Sillunu Oru Kaadhal (2006) Tamil | Sinhala Article

Sillunu Oru Kaadhal (2006) Tamil


7.1/10 · IMDb

77% liked this film Google users

හැමදාම ෆිල්ම්ස්,සිංදු,නළු නිළියෝ ගැන කතා කරන එකේ හිතුනා චුට්ටක් එහාට ගිහින් වෙනස්ම දෙයක් ගැන කතා කරන්න. වෙනස් කිව්වට මේක චිත්‍රපයට අදාලම දෙයක්..මොකක්ද දන්නවද චිත්‍රපටයේ #Review එක ගැන..

ඔයාලා හැමෝම වගේ මම මේ කියන්න යන ෆිල්ම් එක එක පාරකට වගේ බලලා ඇති.. බලපු අය නැත්තම් කියනවට එක වතාවක් බලන්න. ආයේම සැරයක් බලන්න හිතෙනවා නොඅනුමානයි…

හැබැයි සමහර අය බලන්න අරගෙනත් පටන් ගද්දිම හිනාවක් නැති කසාද බදිනවට බදිනවාට බදින ජෝඩුවක් දැක්ක නිසා ආපෝ කියලා අදහස අතහැරපු අයත් ඇති…ඒ නිසා ආපහු මතක් කරනවා එක සැරයක් බලන්නම කියලා…

හරි අපි දැන් කතා වස්තුවට යමු…

සූරියා ජෝතිකා භූමිකා රංගන දායකත්වය සපයන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂනය ක්‍රිෂ්ණා විසින්.

මෙහෙමයි මෙම චිත්‍රපටය 2006 තිරගත වුනා කියලා දන්න අය මතක අය දන්නවා ඇති.. නමුත් අවාසනාවකට මෙම චිත්‍රපටය සදහා නළුවෙක් සොයා ගැනීම හරිම අමාරැ කටයුත්තක් වෙලා තියෙනවා..පුදුම වෙන්න එපා ඒක තමා ඇත්ත..හරියටම කියනවනම් චිත්‍රපටයේ (කුන්දවී) චරිතයට ජෝතිකා හැර වෙන කිසිම චරිතයක් නොමැති අවස්ථාවක ඉතුරැ සෙසු ප්‍රධාන චරිත දෙකම ප්‍රශ්නාර්ථයක් වී තිබෙනවා.. ප්‍රධානම දේ තමයි චිත්‍රපටයේ සියලුම ගීත රචනා කර ගායනා කර අවසන් වූවත් චිත්‍රපටයේ වැඩ ඒ වනවිටත් ආරම්භ වී නොතීබීම. හරියටම කියනවනම් අවුරැදු දෙකක කාලයක් තිස්සේ කිසිම නලුවෙකු කැමැත්ත ප්‍රකාශ කරලත් නෑ..

ඔයාලා හිතනවා ඇති මේ වගේ ලස්සන ෆිල්ම් එකට කවුද අකැමැති උනේ කියන එක…ඇත්තම කිව්වොත් හැම නලුවෙක් වගේම අකැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. මුලින්ම අධ්‍යක්ෂක යන්නෙත් මාධවන් ලඟට. එයා ප්‍රතික්ෂේප කරද්දි යන්න පුලුවන් චරිතයට ගැලපෙයි කියන හැම කෙනා ලගටම ගියත් අවාසනාවට කිසිම කෙනෙක් කැමැති වෙලා නෑ.හේතුව තමයි මේ කතාවේ කතා නායකයාට දරැවෙක් සිටීම..දරැවා ව කතාවෙන් අයින් කරනවනම් චරිතයට කැමැති වුන නළුවෝ ගොඩ දෙනෙක් හිටියා..

ඒත් ඇයි මේ වගේ කතාවකට දරැවෙක් නිසා නළුවෙක් අකැමැති වුනේ කියන එක ඔබට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.. හේතුව මොකද්ද නම් මේ චිත්‍රපටයේ විවාහයට කලින් ආදරය සහ විවාහයෙන් පසු ආදරය කියන චරිත ද්විත්වය යම් අවස්ථාවක එකම තලයකට නිරෑපනය වන නිසා පියෙකු වශයෙන් යම් තැනකදී නළුවා හිර වන ස්වාභාවය නිතැතින්ම එනවා.. අන්න ⁣ඒ හේතුව උඩ නිසාම නළුවන් විසින් මෙම චිත්‍රපටය ප්‍රතික්ෂේප කරනවා.. සූරියා කියලා වෙනසක් නෑ ඔහුත් මෙම චිත්‍රපටය කිහිප අවස්ථාවකම ප්‍රතික්ෂේප කරනවා..

අන්න ඔය අවස්ථාවෙදී තමා අධ්‍යක්ෂක විසින් චිත්‍රපටය නවත්වලා දාන්නෙත්.. හරියටම අවුරැදු දෙකකට පස්සේ සූරියාම අධ්‍යක්ෂකත් එක්ක කතා කරලා මෙම චිත්‍රපටය සදහා සිය කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.. එතකොට කුන්දවී ගෞතම් චරිත දෙකම සම්පූර්ණ වෙනකොට අයිශුගේ චරිතය ප්‍රශ්නාර්ථයක් වෙනවා..ඒකට මොකද කරන්නේ.. අධ්‍යක්ෂක තීරණය කරනවා අයිශුගේ චරිතයට මුලින්ම #අසීන් ව.. නමුත් ඇයත් මෙය ප්‍රතික්ෂේප කරනවා.හේතුව කුන්දවී කියන චරිතය..මොකද චිත්‍රපටය ආරම්භයේදීම ඇල් මැරැනු මනාල යුවලක් උනාට විනාඩි ගනනකට පසුව ඉතාම ආදරණීය දෙපලක් තමා අපිට පෙන්නුම් කරන්නේ.. එතකොට නම් ටිකක් හිතාගන්න අමාරැයිනේ විවාහයට කලින් ගෞතම්ට මේ වගේ ආදරයක් තියෙන්න ඇති කියන එක..

නමුත් තැනකදී අධ්‍යක්ෂක කියනවා කුන්දවී සහ අයිශු කියන චරිත දෙකම මෙතනදී සමාන මට්ටමින් යන චරිත දෙකක් කියන එක. නමුත් අවාසනාවකට නිළියන් එය පිලිනොගද්දි නැවතත් චිත්‍රපටයෙ ආරම්භ කිරීම් කල් යනවා..

ඊටත් ටික කාලෙකට පසුව භූමිකාව චිත්‍රපටයකින් දකින අධ්‍යක්ෂකට ඇයි අයිශුගේ චරිතය භූමිකාට දුන්නොත් හොද නැද්ද කියන එක ඔළුවට වැටෙද්දි ඒ ගැන සූරියාට කියනවා.. සූරියාගේ කැමැත්ත විමසුවත් ඔහු කියන්නෙත් මේකට ඇය ගැලපෙනවා නමුත් භූමිකා ඒ දවස් වල කොලිවුඩ් වල නිතර දක්නට නොලැබුන නිළියක් නිසා ප්‍රේක්ෂකයන් පිලිගනීද කියන එක.. නමුත් සියල්ල අවසානයේ දී අයිශුගේ චරිතයට භූමිකාත් සිය කැමැත්ත ප්‍රකාශ කර සිටිනවා..

දැන් ඔයාලට හිතෙන්න පුලුවන් චිත්‍රපටයක් වෙනුවෙන් ඔච්චර කාලයක් බලන් ඉන්න ඕනිද? අර කිව්වත් වගේ දරැවා කියන චරිතය නැතිව වෙන කෙනෙක් යොදවලා චිත්‍රපටය ගන්න තිබුනනේ? සහ අයිශු කියන චරිතයේ ප්‍රබලත්වය අඩු කරන්න තිබුනනේ කියන සංකල්පය..

එහෙම කරන්න තිබුනා මෙය ගොතන ලද චිත්‍රපටයක් නම්. නමුත් මෙය සැබෑ ජීවිතයේ ගෞතම්,කුන්දවී,අයිශු වටා ගෙතුනු ඇත්තම ඇත්ත කතාවක් නිසා කිසිදු විදියක වෙනස් කිරීමක් සිදු කිරීමට අධ්‍යක්ෂක කැමැති වුනේ නෑ..

සැබෑ ජීවිතයේ කුන්දවී යන චරිතය සිය සැමියා ගෙෘතම්ගේ ඩයිරිය තුලින් දුටු අතීත කතාව අයිශු වටා ගෙතුනු එකක් බව දකිනවා.. ඉතිං ඇය මෙම චිත්‍රපටයේ අවසානය විදියටම දවසකට ගෞතම් සහ අයිශුව ලං කරනවා..

ඉතිං අධ්‍යක්ෂකත් කතාව ඒ විදියටම ගත යුතු නිසාම මෙතෙක් කල් ඉවසලා ඉවසලා හොදම ⁣ව්දියට චිත්‍රපටය අවසන් කරනවා..

අදටත් සූරියාගේ හොදම #Romance ෆිල්ම්ස් කිව්වම මතකෙට එන චිත්‍රපටයක් තමා #සිල්ලුනු_ඔරැ_කාදල්

තව මතක් කල යුතුම දෙයක් තමා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂනය..A.R.Rahman

මේකත් හරි අපූරැ සිදුවීමක්. ක්‍රිෂ්ණා කියන්නේ ඒ වෙනකොට ආධුනිකයෙක්. හිතන විදියට චිත්‍රපට එකක් හෝ දෙකක් අධ්‍යක්ෂනය කල අධ්‍යක්ෂකවරයෙක්..ඔහුට ඕන උනා මෙම චිත්‍රපටයට රහුමාන්ගේ සංගීතය.. රහුමාන්ව හමුවනවා තියන එකත් හරි අමාරැ කටයුත්තක්නේ.. කොහොම හරි නිෂ්පාදකවරයාට කියලා රහුමාන් සර්ව හමුවෙන්න වෙලාවක් ඉල්ල ගන්නවා. පැය භාගයක කාලයක් තමා ඔහුට ඒ වෙනුවෙන් ලැබෙන්නෙත්. එදා දවස හරි වැස්සලු ගංවතුරත් එක්කම. අධ්‍යක්ෂකවරයාට යන්න එන්න වාහනයක් වත් නැති වෙනකොට පයින්ම ගිහින් නිෂ්පාදකවරයාගේ ගෙදරට එතනින් තමා තෙමිච්ච ඇදුම පිටින් රහුමාන් සර්ව මීට් වෙන්නෙත්.. වාසනාවකට ඔහු කතාව ඇහුවම සංගීත අධ්‍යක්ෂනයට කැමැති වෙනවා.. හොදම දේ මේ වනකොට කුන්දවී චරිතය හැර වෙන කිසිම චරිතයක් චිත්‍රපටය වෙනුවෙන් සුදානම් නොවී තිබීමයි..

ඔන්න ඔහොම තමයි සිල්ලුනු ඔරැ කාදල් නිර්මාණය වුනේ කියලා අධ්‍යක්ෂකවරයා තැනකදී සදහන් කරනවා..කොච්චර බාධා ආවත් ඒ නිර්මාණය වුන නිර්මාණය අද මතක් වෙනකොටත් හරී ආදරණීයයි..

Krishna

නිරෝෂා භාරතී

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *