Sillunu Oru Kaadhal ( 2006) Tamil | Sinhala Article

Sillunu Oru Kaadhal ( 2006) Tamil by Nayanathara Rajarathna

▪️කුන්දවි – හායි ishwarya
මම කුන්දවි ගෞතම්ගේ වයිෆ්….

▪️ishwarya – එතකොට මම කවුද….

Sillunu Oru Kaadhal කියන්නේ 2006 ක්‍රිෂ්ණා විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරපු ඉන්දියානු දෙමළ භාෂා ආදර චිත්‍රපටයක්.. එය නිසැකයෙන්ම ආදර පුරාණයක් බදුයි… එහි ඇති ආදරය තරම් සැබෑ ලොකේ මෙවැනි ආදර කතා තිබෙද යන්න නම් කුතුහලයක්…

” කතාව නම් කුන්දවි යන තරුණිය හැදී වැඩුණේ අම්බසමුද්‍රම් නම් කුඩා ගම්මානයක.. ඇගේ පියා ඇගේ කැමැත්තට පිටින් ගොස් ගෞතම් නම් පිරිමියකුව ඇයට විවාහ විමට යෝජනා කරනවා…නමුත් ඇය මෙයට කිසිවිටෙකත් කැමති වුයේ නැත… ඒ වගේම මේ යෝජනා කරපු පිරිමි ළමයා පවා ඇයට කැමත්තක් දැක්වුයේ නැ…නමුත් දෙදේනාගේ අකමැත්තෙන් ඔවුන්ට ඔවුන්ගේ ජිවිතේ වැදගත්ම දවස අනුන් වෙනුවෙන් කැප කරන්න උනා….

හැමදෙම ඉවරයි මගේ ජිවිතය විනාශ උනා… මෙසෙ ඔවුන් දෙදෙනාම මුමුණන්න ගත්තා… නමුත් මෙය දෙවියන්ගේ සුන්දර ත්‍යගයක් බව මොවුන් දැන සිටියේ නැ…. “

මෙහි සූරිය, ජෝතිකා සහ භූමිකා ප්‍රධාන චරිත නිරූපණය කරයි.. විශේශම දෙයක් නම් මෙම චිත්‍රපටය සූරිය සහ ජෝතිකා විවාහ වීමට දින තුනකට පෙර 2006 සැප්තැම්බර් 8 වන දින තමයි නිකුත් කර තිබෙන්නේ … එය ඇත්තටම ඔවුන්ගේ රසිකයන් හට සතුට ඉහවහා යන කරුණක් උනා… මෙහි චිත්‍රපටයේ අවසානයේ අප බලාපොරොත්තු උනේ කුන්දවි සහා ගෞතම්ගේ එකතු විම..එය ඇත්තටම සැබෑවක්ම උනා…

වසර හයකට පසු දිනක්

ජිවියම විනාශයි කියා මුමුණපු මේ යුවලගේ පවුලට රෝස මලකගේ ආදරය පැමිණෙන්නෙ ඔවුන්ව මේ ලොව හොදම ප්‍රේමවන්තයන් කරලයි….ඒ තමයි ishu ඔවුන්ගේ සිඟිති දියණිය… තවද ගෞතම් මේ වන විට Gowtham Maruti Suzuki හි ප්‍රධාන කාර්මිකයා ලෙස සේවය කරයි…ඒ අතර කුන්දවි දේශීය ඇමතුම් මධ්‍යස්ථානයක සේවය කරයි… ඔවුන් ඔවුන්ගේ ජිවිතය ඉතාමත් ප්‍රිතිමත්ව ගෙනයාම නම් සිතාගන්න වත් නොහැකි…ඇත්තටම එය ලස්සනයි ඔවුන්ගේ ආදරය දුටු විට අපටද සිතුවිලි පහල වන්නේ ඉබෙටමයි… නමුත් මේ අතර ගෞතම් කෙටි කාලයකට New York නගරයට යනවත් සමගම මොවුන්ගේ ජිවිතයේ සැගවි තිබු විශාල වෙදනාවක් උඩට මතු වෙනවා..කුන්දවීට ගෞතම්ගේ පැරණි විද්‍යාල දිනපොත හමුවෙනවා…මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ… ඉතාමත් දුක්මුසු ගෞතම්ගේ අතීතය කුන්දවි ආදරයෙන් කියවිමට පටන් ගන්නවා…

ගෞතම්ට කුඩා කල සිටම ඉංජිනේරුවෙකු වීමට අවශ්‍ය වූ අතර ඔහු විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ළබයි මේ අතර ඔහුට මන්ත්‍රීවරයෙකුගේ දියනියක් වන ishwarya වෙත ආකර්ෂණය වෙයි…නොයෙකුත් බාදකයක් මැද්දේ Gowtham සහ Ishwarya ආදරයෙන් බැඳිලා විවාහ වෙන්න තීරණය කරනවා. නමුත් සිදුවුණේ නොසිතු දෙයක්.. රෙජිස්ට්‍රාර් කාර්යාලයට පැමිණෙන Ishwarya ගේ පියා සහ ඔහුගේ මිනිසුන් ගෞතම්ට පහර දී Ishwarya එතනින් රැගෙන ගොස් ඕස්ට්‍රේලියාවේ Sydney වෙත පිටත් කරනවා… කෙතරම් උත්සහා කලත් ඔහුට ඇයව ලබා ගන්නට පින නැතුව යනවා… දිනපොත අවසානයේ ගෞතම් සටහනක් ලියනවා “මට එක ප්‍රාර්ථනාවක් ඇත්නම්, එය අවම වශයෙන් එක් දිනක්වත් ඊශ්වර්යා සමඟ සතුටින් ජීවත් වීමයි.”

තව ඔබ දැන සිටියාද මෙය මුලින්ම Jillunu Oru Kadhal ලෙස නම් කර ඇති අතර පසුව එය Sillunu Oru Kadhal වෙනස් කරද තිබෙන බව.. එ වගේම භූමිකා වසර 5කට පසු නැවත දමිළ සිනමාවට පිවිසි තිබෙන්නේ මෙ චිත්‍රපටියෙන් . අපට බොහොදුරට මතක හිටින්නේ සිනමාපටයක සිටින ප්‍රධාන නළුවා හෝ නිළිය පමණයි…නමුත් මෙහි භූමිකාද අපට කිසිදා අමතක නොවන චරිතයක් උනා….

ගෞතම් නිව් යෝර්ක් සිට ආපසු පැමිණෙන අතර ඔහුගේ බිරිඳ වෙනස් වී ඇති බව ඔහුට වැටහෙයි නමුත් හරියටම කරුණක් නොදන්නා නිසා ඔහු ඉවසිමෙන් ඇයගේ පැණයක් පැමිණෙන තුරු බලාසිටි.. මේ අතර කුන්දවි ගෞතම්ගේ නැතිවූ ආදරය ishwarya සොයාගෙන යන්නට සැරසෙයි… නමුත් විද්‍යාලයේ සිටපු ishwarya ට වඩා ගොඩාක් වෙන්ස් ishwarya කෙනෙක් ව තමයි අවසානේ ඇයට දැකගන්න ලැබෙන්නෙ.. නමුත් කුන්දවි ඇයට හැමදෙම තෙරුම් කොට ගෞතම් සමග දවසක් ගත කර යන්නයි ඇයට පවසනවා… ඔබටත් පුදුම සිතෙයි…කවදාවත් අප ආදරය කරන කෙනෙක්ව එක දවසකට හෝ පිට අයෙකුට දිම කෙතරම් කටුක දුක්මුසු දෙයක් ද…නමුත් කුන්දවි ඇයගේ ආදරණිය සැමියාගේ කැමත්ත නිසා එවැනි තීරණයක් ගැනීමට පෙළබුනා….

කුන්දවි පසුව දියණියත් සමග ගෙදරින් පිටව ගොස් මිතුරියකගේ නිවසට යයි..ඇයට තිබු දැඩි කම්පනය නිසා ඇය නිදාගැනිමට යන බව මිතුරියට පවසයි….ඇය එවිට සිහිනෙන් එකෙක දෙවල් දකි..සිහින වලට බිය වි ඇය අවදි වෙන විටත් රෑ බො වි හමාරයි…එදා දීපවාලි දවසක්..

මෙම චිත්‍රපටයේ සංගීතය A. R. Rahman විසින් තමයි රචනා කර තිබෙන්නේ .. එය නම් පුදුමයක් නොවෙ..මොකද එහි ඇති ගීත සියල්ලම ඉතාමත් චමත්කාර සිත් ගන්නා සුළු ගීත විමයි..මෙහි ගීත වල සංගීතය පවා අපට තවමත් කටපාඩම් .. අවුරුදු ගණනාවක් ගියාත් මෙහි ගීත සහා මෙම කතාව අපට කවදාවත් අමතක නොවෙවි කියලායි මගේ අදහස…

” බියට පත් වී ආපසු නිවසට පැමිණෙන ඇය තම සැමියා නිවසේ තනිවම සිටිනු දකියි… ඇයට මෙය ගැටලුවක් කුමක්ද ඇත්තටම සිදු වුයේ… “

මා ඉතුරු ටික කියන්නේ නැ.. ඇත්තටම එදා කුමක්ද උනේ කියා ඔබ නරඹාම දැනගන්න…

කෙසෙ නමුත් මෙම සිනමාපටය සම්මාන රැසකින් සමන්විත සිනමාපටයක් ..මෙය මම නැරඹුම් වාර කොපමණද කියා මට වත් සිතාගත නොහැකි..නමුත් මෙය නරඹන සැමවිටම අලුතින් බලනවා සේ මට හැගෙයි…ඒ තරම් මා මෙයට කැමති ….

අවසානයේ මට ඔබෙන් දෙයක් ඇසිමට හිතෙනවා …
ඔබ ඇත්තටම කැමති ගෞතම් කුන්දවි සමග එකතුවිමටද…
නැතිනම් ishwarya සමග එකතුවිමටද..
මොකද්ද ඔබේ අදහස…..

Krishna

නයනතාරා රාජරත්න

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *