Sillu Karupatti (2019) Tamil | Sinhala Article

Sillu Karupatti (2019) Tamil 

My Rating : 9/10

 

93% liked this film Google users

#හෑල්ල ?

2019 වර්ෂය අවසාන වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී සිනමාලෝලියෙකුට නරඹන්නට ලැබෙන අතිශය සුන්දර මෙන්ම අනර්ඝවූද සිනමාපටයක් නැරැඹීමේ අවස්ථාව මට හිමිවුණා. කාරණා කිහිපයක් නිසාවෙන් මේ අවස්ථාව මට සුවිශේෂීයි. දිනෙක ශ්‍රී ලංකාවේ “ප්‍රශස්තම අධ්‍යක්ෂකවරයෙකු” බවට අනිවාර්යයෙන්ම පත්වෙන “ආදරණීය මනුස්සයෙකු” සමග, අනර්ඝ සිනමාපටයක්, දැවැන්ත PVR සිනමා පරිශ්‍රයේදී දැක බලා ගන්නට ලැබීම අමතක නොවන අත්දැකීමක්. හෑල්ල එපමණයි ?. දැන් හැරෙන්නම් සිනමාපටය සහ ඒ හා සබැඳි කාරණා පිළිබඳව සඳහන් කරන්නට.

#සිනමාපටය ?

දමිළ සිනමාවට තවත් මැණිකක් එකතු වුණා. මලයාලම් රහ දැනෙන පිරිසට Sillu Karuppatti (2019) සුන්දර මෙන්ම අනර්ඝ සිනමාපටයක් වනවා නොඅනුමානයි. යන්න ! සිනමා ශාලාවකටම ගොස් නරඹන්න !! වියදම් කරන මුදලට ශතයක පාඩුවක් නම් සිදු වන්නේ නැහැ.

මම නිතර කියනවා සහ මටත් සමහරු නිතර කියනවා, ඕනෑම සිනමාවක හොඳ නිර්මාණ සහ නරක නිර්මාණ තිබෙන බව. අපි තෝරා බේරාගෙන හොඳ සිනමා නිර්මාණ නරඹන්නට යොමුවිය යුතුයි. සමහරු හොලිවුඩ් පමණක් හොඳ නිර්මාණ බිහි කරනවා යැයි සිතමින් හොලිවුඩ් සිනමාපට පමණක් නරඹනවා. සමහරු ඉන්දියන් සිනමාවට පමණක් ලඝු වෙනවා. ඒ අතරිනුත් සමහරු හින්දි සිනමාව පමණක් අත-පත ගහනවා. වාසනාවකට මට ඉන්දියානු සිනමාව වේවා හොලිවුඩය වේවා හින්දි වේවා මලයාලම් වේවා #ටැමිල් වේවා ස්පාඤ්ඤ වේවා ප්‍රංශ වේවා ජපන් වේවා දකුණු කොරියානු වේවා ඕනෑම සිනමා කලාපයක නිර්මාණ නරඹන්නට තරම් කැමැත්තක් තිබෙනවා. හොඳම නිර්මාණ බොහෝ මග හැරී තුබුණත්, තව බොහෝමයක් රටවල සිනමාව මග හැරී තුබුණත් “කවලමේ” එකකට පමණක් ලඝු නොවී සිනමාව විඳ ගැනීමට තරම් සබුද්ධික වීම පිළිබඳව පවතින්නේ සතුටක්. කවලමේ නරඹද්දි අත-පත නොගැසූ වෙනත් දේශයන්වල සිනමාවටත් නිර්මාණවලටත් අවධානය යොමු කරන්නට කිසියම් පෙලැඹවීමක්, එකකට පමණක් ලඝු නොවී සිටීම නිසාවෙන් මට ලැබෙනවා.

එකම නිර්මාණයක් තුළ එකකට එකක් වෙනස් කතා කිහිපයක් ගලාගෙන යෑම අපට අලුත් අත්දැකීමක් නොවේ. 5 Sundarikal, Aviyal, Solo (මලයාලම්) වැනි සිනමා නිර්මාණ තුළ මෙම ලක්ෂණය ඔබ දැක ඇති ඒවා නැරැඹුවා නම්. Sillu Karuppatti ත් අන්න එහෙම එකක්. “අපි යන්නෙ එක කතාවක් නරඹන්න. නමුත් අපිට කතා කිහිපයක්ම නරඹන්නට අවස්ථාව ලැබෙනවා”. ප්‍රේමය – විරහව, දුක – සතුට, විවාහය, මනුෂ්‍යත්වය යනාදී දහසකුත් එකක් දෑ එකට කලවම් කොට ප්‍රේක්ෂකාගාරය ඉදිරියේ කතා සතරක් ලෙස දිග හරිනු ලබයි.

කැමරාකරණය අතිශය ප්‍රශංසනීයයි. වර්ණ භාවිතය, විශේෂකොට කැමරා කෝණ යනදිය ප්‍රශස්ථ මට්ටමත් ඉක්මවා තිබීම දැක ගත හැකි වේවි. රාමුවෙන් රාමුවට අපූරුවන සිනමා නිර්මාණයක් ප්‍රේක්ෂකාගාරය ඉදිරියේ දිග හරින්නට “අධ්‍යක්ෂකවරිය” සමත්. ඔව් මේ අධ්‍යක්ෂකවරියක් ❤! පසුබිම් සංගීතය මින් පෙර මා නොදැන සිටි නිර්මාණකරුවෙකුගෙනි. සමස්ථය පිළිබඳව සැලැකූ කල මෙය “සොඳුරු කවියක්” වැනිය.

සමුදිරකන්නි, ලීලා සැම්සන් (OK Kanmani) වැනි ප්‍රවීණ නළු නිළියන් සේම නවක නළු නිළියන්ද දක්ෂ ලෙස සිය රංගන කාර්‍යයෙහි නිරත වෙති. අධ්‍යක්ෂවරියගේ නම Halitha Shameem ය. මෙයට පෙර එක් සිනමා නිර්මාණයක් ඇගේ නමට යටින් ඇත. බොහෝ නිර්මාණකරුවන්ට “සංතෘප්ත” නිර්මාණයක් බිහිකරලන්නට නොහැකි වටපිටාවක මැය අපූරු ලෙස ප්‍රශස්ථ සිනමා නිර්මාණයක් ප්‍රේක්ෂකාගාරයට දායාද කොට තිබේ.

අනිවාර්යයෙන්ම මෙය ඔබගේ සිනමා ලැයිස්තුවේ ඉහළින්ම වැජැඹෙන නිර්මාණයක් වනවා නියතයි. මග නොහැර නැරැඹිය යුතු “මැණිකක්” ලෙස පවසමි.

Initial releaseDecember 27, 2019 (India)
Download
Subtitle Download

කෝසල D මධුරවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *