Signal (2016) Korean by Sithum Ishara
• ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐ | 10/10
• Sci-fi / Crime / Thriller
මේක ටිකක් පරණ වුනත් තාමත් මගෙන් ඇහුවොත් බලපු හොදම Kdrama එක මොකක්ද කියලා මේක තමා මම කැමතිම Kdrama එක..ඒ වගේම Thriller #Kdrama වලින් හොදම Kdrama එකක් තමා Signal කියන්නෙ..?තාමත් Highest Rated Kdrama ගොඩේ තියන Kdrama එකක්..ඒ වගේම 3 Days , Kingdom , Ghost #Screenwriter Kim Eun Hee ම Signal එකෙත් Screenwriter ??? ඒ වගේම මම බලපු හොදම Storyline එකක් තිබ්බ Kdrama එකක් තමා Signal කියන්නෙ..
Baeksang Art Awards එකේ ඒ කාලෙ Best Tv Drama Win කරපු Kdrama එක තමා Signal කියන්නෙ..මේකෙ ස්ටෝරිය ගැන කියනවා නම්..
අවුරුදු 15 කට කලින්..පොඩි ගෑනු ළමයෙක් ව Kidnap කරනවා ඉස්කෝලේ ඉදන් ගෙදරට එන අතරමගදි…ඒ කාලෙ ප්‍රාථමික පාසල් සිසුවෙක් වුන පාර්ක් හේ යන්ග් තමා එකම කෙනා මේ අපරාධය ඇස් දෙකෙන් ම දැකපු..දවස් ගාණකට පස්සෙ ඒ ගෑනු ළමයව මැරිලා කියලා පොලීසිය හොයාගන්නවා..පොලීසිය වැරදිකරුව හොයාගන්න කොච්චර උත්සහා කලත් පොලීසියට වැරදිකරුව හොයාගන්න බැරිවෙනවා..පාර්ක් හේ යන්ග් තමන් දැකපු දේ කියන්න කොච්චර උත්සාහ කලත් එයා කියපු දේවල් සතපහකට පොලීසිය ගනන් ගන්නෙ නෑ..?
ඒ නිසාම එදා ඉදන් පාර්ක් හේ යන්ග් ට පොලීසිය ගැන ලොකු අවිශ්වාසයක් ඇතිවෙනවා..අවුරුදු 15 කට පස්සෙ පාර්ක් හේ යන්ග් දැන් පොලිස් අපරාධ නිලධාරියෙක් !! දවසක් මෙයාට කුණු බෑග් එකක තිබ්බ වෝකි ටෝකි එකකින් පාර්ක් හේ යන්ග් ට කෙනෙක් කතාකරනවා..?ඒකෙ කිසිම බැටරියක් නෑ..ඒත් එක පාරටම වැඩ කරන්න ගන්නවා..මේකෙන් කෙනෙක් කතාකරනවත් එක්ක..ඒ රහස් පරීක්ෂක ලී ජේ හැන් ගෙන්..පුදුම දේ කියන්නෙ මේ වෝකි ටෝකි එකෙන් කතාකරන ලී ජේ හැන් කතාකරන්නෙ අතීතයේ ඉදන්..?ඒත් ලී ජේ හැන් වර්තමානයේ ජීවතුන් අතර නෑ..හැමදාම රෑ 11.23 ට මේ බැටරි නැති වෝකි ටෝකි එක වැඩකරන්න ගන්නවා..ඒකත් පොඩි වෙලාවකට විතරයි ??ඉතින් අතීතයේ තිබ්බ වර්තමානයේ තාමත් නොවිසඳුණු අපරාධ නඩු..පාර්ක් හේ යන්ග් එක්ක ලී ජේ හැන් එකතුවෙලා විසඳන්න පටන් ගන්නවා..
ඇත්තටම ලී ජේ හැන් මැරුනෙ කොහොමද ? එතකොට ඇයි මේක පාර්ක් හේ යන්ග් ටම හම්බවුනේ..කොහොමද ලී ජේ හම් පාර්ක් හේ යන්ග් ගෙ නම දන්නෙ ? ඔය වගේ ගොඩක් ප්‍රශ්න වගේම ඒවට උත්තර දැනගන්න පුළුවන් මේක බැලුවොත්..අතීතය සහ වර්තමාන අතර දෝලනය වෙන අපරාධ විසදන්න උත්සාහ කරන මෙයාලගෙ ඉරණම කොහොම විසදෙයිද කියලා දැනගන්න මේක බලන්නම වෙනවා.?
කිසිම Korean Drama එකක දැකපු නැති සාමාන්‍ය Crime / Thriller Drama එකකට එහා ගියපු එකක්..ඒ වගේම තමා Cast එක ?? කොරියන් බලං කෙනෙක් නම් නොදන්නවා වෙන්න වෙන්න බෑ..සුපිරිම Cast එකක් ඉන්නෙ..Kim Eun Hee ගෙ වැඩ නම් කියන්න දෙයක් නෑ..???ස්ටෝරියට නම් 10/10 ක් දෙන්න පුළුවන්..කුතුහලය අන්තිම එපිසෝඩ් එකේ අන්තිම විනාඩිය වෙනකං උපරිම ?
ඒ වගේම Ending එක Season 2 ගැන බලාපොරොත්තු දීලා තමා ඉවරවුනේ..ඒත් මේ ළඟදි තමා Announced කලේ Season 2 එනවා කියලා..??කියන්න තියෙන්නෙ කොරියන් බලන්නෙ නැති කෙනෙක් ට වුනත් බය නැතුව
Highly Recommend කරන්න පුළුවන් Kdrama එකක්..සිංහල සබ් නම් නෑ..English තමා..#Masterpiece #Kdrama එකක්..❤️
” අතීතය වෙනස් කරන්න , එතකොට අනාගතයත් වෙනස් කරන්න පුළුවන් “