Shyam Singha Roy (2021) Telugu by Peter Barthelot
ශ්‍යාම් සිංහා රෝයි
දැනටත් සෑහෙන පිරිසක් බලල ඇති කියල හිතනවා…මේ ෆිල්ම් එක බලපුගමන්ම මට හිතුනේ මේකටනම් මොනවා හරි පොඩ්ඩක් ලියන්නම ඕනේ කියල. ඒ තරමට මේ ෆිල්ම් එක සාර්ථකයි කියන්න පුලුවන්.
ප්‍රධාන චරිතය නානි…
මෙයා ගැනනම් මම විස්තර කරන්න ඕනේ නෑනෙ.. මේ ෆිල්ම් එකේ මම දැක්කේ වෙනස්ම නානි කෙනෙක්. ඒ චරිතයතුළටම ගිලා බැස්ස නානිව.. විශේෂයෙන් ශ්‍යාම්ගේ චරිතය.. මම හිතන්නේ නෑ ඒ තරම් සාර්ථක ලෙස වෙන කිසිම නලුවෙක්ට ඔය චරිතය කරන්න පුලුවන් වේවි කියල. නානිගේ රංගන හැකියාව විශිෂ්ට ලෙස ඉහලම තත්වයට ගෙනල්ල තියෙනවා. මේ නානිගේ රංගනයට සරිලන සහයක් ලැබෙනවා සායි පල්ලවිගෙන්…
සායි පල්ලවි…

කීර්ති ෂෙට්ටි ඇගේ රංගනයත් හොද තත්වයක තිබුනා.. වාසුදේව්ගේ (නානි) පෙම්වතිය ලෙස ඇයට ලැබුන කාලයේ උපරිම සාධාරණයක් කරල තියෙනවා. රංගනය පැසසුම් සහිතයි. ඒ වගේම අපේ මඩෝනා නංගි ගැනත් පොඩ්ඩක් කියන්නම ඕනේ.. අඩු කාලයකින් වැඩි අවධානයක් ලබා ගන්න සමත්වෙලා තියෙනවා.. ඇයව හදුන්වා දෙන විදියනම් නියමයි. රංගනය පැත්තෙන් මේ අයයි ප්‍රධාන චරිතවිදියට පේන්න තියෙන්නේ.
සංගීතයත් මනරම්…
Mickey J. Meyer විසින් සංගීතය මෙහෙයවල තියෙන්නේ. ගීත හා පසුබිම් සංගීතය නියම ගානට චිත්‍රපටය හා ගලා යාමක් දකින්න ලැබුනා. චිත්‍රපටයක සංගීතයට හැකියාවක් තියෙනවා චිත්‍රපටය හා අපව බැද තබන්න. ඒ කාර්‍යයයනම් ඉහළින්ම මේ Mickey විසින් ඉෂ්ඨකලා කියන්න පුලුවන් .

සිනමාවක ජීවනාලිය සිනමාකරණය. Sanu John Varghese. කියන්න වචන නෑ.. විශේෂයෙන් 60 – 70 දශකයට අපව රැගෙන යාම ….. අති විශිෂ්ටයි.. දර්ශනයෙන් දර්ශනයට ලබා දෙන පින්තූර.. යොදාගෙන ඇති වර්ණයන්.. සිනමාව හා අපව බැද තියාගන්න උපරිමයෙන් ඔහුගේ කාර්යය කරල තියෙනවා. සිනමාකරණය හා එකට යන එක තමයි සංස්කරණය.. ලස්සනට කැමරාවතුලින් ගන්නා වීඩියෝව ලස්සනට එකතුකරල එකිනෙක ගැලපෙන විදියට ඉදිරිපත්කිරිමත් ලේසි වැඩක් නෙවෙයි. ඒ දේ හරියට නොවුනනම් අර කැමරාකරු මොන දේ කලත් වැඩක් නැතිවෙනවා.. හැබැයි ඉතින් අඩුවෙන්ම කතාවෙන පුද්ගලයා තමයි මේ සංස්කාරක.. මේ චිත්‍රපටයේ සංස්කාරක විදියට Naveen Nooli එයාගේ උපරිම වැඩ පෙන්නල තියෙනවා. එයා ගැන කතා නොකරම බැරිවුනේ ඒ නිසයි. Sanu ගේ විශිෂ්ට සිනමාකරණයට ඔප දැමු කැටයම්කරු Naveen කියල කියන්න පුලුවන් .

මට අමතක වුන කියන්නම ඕනේ දෙන්නෙක් ඒ Costume Designer Neeraja Kona හා Anusha Punjala ගැන මේකෙත් Anusha Punjala ගැන කියන්නම ඕනේ. මෙයා තමයි ඔයා 60 – 70 දශකය නිර්මාණය කලේ. කතාවට විශාල වශයෙන් බලපාන දේ තමයි මේ වටපිටාව.. ලේසි සෙල්ලමක් නෙවෙයි අධ්‍යක්ෂකගේ හිතේ තියෙන දෙයක් ඒ විදියට නිර්මාණය කරල දෙන එක. ඒ වගේම Neera ඒ ඒ කාලවලට දීල තියෙන ඇදුම් ආම්පන්න නියම විදියට මැච් කරළ තියෙනවා. විශේෂයෙන් රෝයිගේ හා රෝසිගේ ඇදුම්.
අනෙක් කෙනා Makeup . මේකත් ෆිල්ම් එකට නියම විදියට ලැබිල තිනුනා. ඒ නානිගේ හා සායිගේ අතීත පෙනුම.. කිසිම ඕවර්ලුක් නැතිව ගානට ඒ කාර්යය කරල තියෙනවා. මගේ සිත්ගත් වෙස් ගැනිවීමේ අවස්තාව වුනේ අවසානයේ සායිගේ වයසක පෙනුම.. මුහුණට ගැලපෙන වයසක පෙනුම… නියම වැඩක්…

අවසානවශයෙන් කියන්න තියෙන්නේ අධ්‍යක්ෂක කියන මුදුන්මුල හරහා ශක්‍තිමත්වුන මේ Shyam Singha Roy කියන මහ වෘක්ෂය , මල් පල ගැන්විලා විහිදිලා ගිහින් තියෙනවා. ඒ වෘක්ෂය බලාගන්න මගහැර ගන්න එපා. කතාව ගැන මම කියන්න යන්නේ නෑ.. අනිවාර්යයෙන් බලන්නම ඕන එකක් නිසා මේක බලලම කතාව දන ගන්න.
මේක ලොකුවට මට හිතුන දෙයක්.
රීමෙක් එක අද ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඒ නිසා කවුරු හරි මේක රීමේක් කරනවනම් බොහෝම පරිස්සම් වෙන්න ඕනෙ ෆිල්ම් එකක් .. ඒ තරමට මේ ෆිල්ම් එකේ හැම අංගයක්ම සාර්ථකව කරල තියෙනවා. ඒකට උපරිම සාධාරණයක් කරන්න වෙන කණ්ඩායමකට පුලුවන් වේවිද ?
මේ ලිව්වේ මට හිතුන දේ ? ඔයාලට වෙන මොකක් හරි හිතෙන්න පුලුවන් ? කියන්න බලන්න එහෙමනම ඔයාලට හිතුන දේ ?
Initial release: December 24, 2021
Director: Rahul Sankrityan
Box office: est. ₹50 crore
Story by: Janga Satyadev
Production company: Niharika Entertainment