Shimit Amin Indian Film Director | Sinhala Article

Shimit Amin Indian film director by Ravindu Sampath Wickramasekara

?SHIMIT AMIN

ඔබට මේ නම අනිවාර්යයෙන්ම නුහුරු ඇති. මොකද “Shimit Amin” කියන්නෙ ඒ තරමටම ජනප්‍රිය අධ්‍යක්ෂකවරෙයක් නෙවෙයි. ඒ වගේම ඔහු චිත්‍රපට ඉතාම සීමිත ප්‍රමාණයක් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. නමුත් ඔහු ඉතාම සුවිශේෂී සහ අති දක්ෂ සිනමාකරුවෙක් විදියට ලෝකෙම හදුනාගැනීමට සහ සුපිරිම Director කෙනෙක් කියලා කට පුරා කියන්න පුළුවන් FILM එකක් අධ්‍යක්ෂණය කරනවා. මේ චිත්‍රපටය හරහා ඔහු ඔහුගේ සිනමා ජීවිතයම වර්ණවත් කරගැනීමට සමත් වූ බව සදහන් කරන්නම ඕන.

“Sattar(70) Minute, Sattar Minutes Hai Tumhare Paas. Shayad Yeh.. Tumhare Zindagi Ke Sab Se Khaas Sattar Minute Hai. Aaj Tum Achha Khelo Ya Bura Khelo, Yeh Sattar Minute Tumhe Zindagi Bhar Yaad Rahenge…”

??? දැන් ඉතින් SHIMIT AMIN ගේ මේ අති විශිෂ්ඨ සිනමාපටය මොක්කද කියලා හැමෝම දන්නවනේ..

?”CHAKDE INDIA”

ඔව්… සුපිරි නලු SHAH RUKH KHAN ගේ සිනමා ජීවිතයේ අතිශය සුවිශේෂීතම සිනමාපටයක් වන , බොහෝ දෙනෙකුට අනුව ඔහුගේ හොඳම රංගනය ඇතුලත් සිනමාපටය ලෙස හදුන්වන “CHAKDE INDIA” නමැති ජනප්‍රිය සහ විශිෂ්ඨ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා තමයි SHIMIT AMIN කියන්නෙ.

උගන්ඩාවේ “කම්පාලා” නුවර උපත ලබා ඇමරිකාවේ “FLORIDA” හීදී හැදෙන වැඩෙන SHIMIT AMIN කුඩා කල පටන්ම සිනමාව කෙරෙහි ආසාවක් ඇති කරගෙන තිබෙනවා. ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලය හරහා ගණිතය පිළිබඳව උපාධියක් හදාරන ඔහුගේ සිත ඒ වනතුරුත් සිනමාව කෙරෙහි දැඩි ලෙස බැදී තිබුණා.

උතුරු ෆ්ලොරිඩාවේ පලමු ජාත්‍යන්තර “ආසියානු / ඇමරිකානු සිනමා උළෙල” සංවිධානය සදහා සම්බන්ධ වීමෙන් අනතුර Shimit Amin හට “Miami” නුවරටත් ඉන් පසු “California” වෙතටත් පැමිණ Hollywood සිනමාපට කිහිපයක් සදහා විවිධ අංශ වලින් සම්බන්ධ වීමට අවස්ථාක් ලැබෙනවා.

ඔහුගේ සිනමා දැනුම පිළිබඳව Hollywood අධ්‍යක්ෂකවරුන් ගේ විශාල ප්‍රශංසා හිමිව තිබෙන බව සදහන් වෙනවා.

TOLLBOOTH 1994
PET SHOP 1994
LOVE STREET 1994/95
CYBER BANDITS 1995
TEMPTRESS 1995
COLDBLOODED 1995
HOT LINE 1995
HIT ME 1996
PERFECT TARGET 1997

ඉහත සඳහන් කළේ ඔහු සම්බන්ධ වූ HOLLYWOOD නිර්මාණ රාශිය අතුරින් කිහිපයක් පමණයි.

ලොස් ඇන්ජලීස් හීදී ඔහුට ඉන්දියානු සිනමා කර්මාන්තයට සම්බන්ධ වීමට අවකාශය ලැබෙන අතර , ඔහුගේ මිතුරෙකු හරහා ඔහුට 2003 වසරේ දී “BHOOT” සිනමාපටය සදහා සංස්කරණ ශිල්පියෙකු ලෙස සම්බන්ධ වීමට ඔහුට හැකියාව ලැබෙනවා.

මේ හරහා ඔහු ඉන්දියානු බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වන අතර , වැඩිකල් නොයාම 2004 වසරේදී “AB TAK CHHAPPAN” නමැති සිනමාපටය හරහා අධ්‍යක්ෂකවරයෙකු බවට පත්වෙනවා. පලමු චිත්‍රපටයම සාර්ථක කරගන්නා ඔහුට තම සිනමාගමනයේ වැදගත්ම සංධිස්ථානය මුණගැහෙන්නේ 2007 වසරේ දීය.

සුප්‍රසිද්ධ “YASH RAJ” ආයතනයේ ඊලඟ සිනමාපටය වූ “CHAKDE INDIA” සිනමාපටය අධ්‍යක්ෂණය කිරීමේ වාසනාව ඔහුට හිමිවෙනවා.

එහිදී ඔහුට ඉන්දියානු ජනකාන්ත වාණිජ සිනමාවේ අතිශය ජනප්‍රිය ප්‍රේමණීයතම රංගන ශිල්පියාව මෙහිදී තනිකරම හොකී පුහුණුකරුවෙකු බවට පත් කිරීමට සිදුවීම දැවැන්ත අභියෝගයක් බව අමුතුවෙන් සදහන් කිරීමට අවශ්‍ය නැහැ.

නමුත් SHIMIT AMIN එම අභියෝගය අති සාර්ථකව ජයගනු ලබන්නේ SHAH RUKH KHAN නම් වූ රංගන ශිල්පියා සමග පුදුමාකාර සහසම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින් හා අති විශිෂ්ඨ චරිතාංග චරිත නිරූපණයක් SHAH RUKH KHAN ගෙන් ඉස්මතු කරගැනීමට සමත් වෙමිනි.

අදටත් SHAH RUKH තම සිනමා ජීවිතයේ කැමතිම අධ්‍යක්ෂක වරයෙකු ලෙස SHIMIT AMIN ව හදුන්වා දෙනු ලබනවා.

ඉන්පසු ඔහු 2009 වසරේ දී “Rocket Singh: Salesman of the Year” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවා. එම චිත්‍රපටයෙන් පසු නැවත අදවන තුරු ඔහු එකදු චිත්‍රපටයක් වත් අධ්‍යක්ෂණය කර නොතිබීම පුදුමයට කරුණක්. නමුත් අධ්‍යක්ෂණකවරයෙකු ගේ පරිචය හා විශිෂ්ඨත්වය තීරණය වන්නට අසාර්ථක නිර්මාණ සීයක් නොව , සාර්ථක නිර්මාණ එකක් දෙකක් තිබුනත් ප්‍රමාණවත් බව ඔහු දිහා බැලුවම හොදින්ම තේරෙනවා.

මේ වනවිට ඔහු “MIRA NAIR” / “ADITHYA CHOPRA” වැනි ඉතා විශිෂ්ඨ සිනමාකරුවන් සමග සංස්කරණ ශිල්පියෙකු ලෙස සම්බන්ධ වී තිබෙනවා. ඒ වගේම චිත්‍රපට කිහිපයක් සදහා නිශ්පාදකවරයෙකු ලෙසත් ඔහු සම්බන්ධ වී තිබෙනවා.

ඔහුගේ සම්මාන ගොනුව දෙස බැලුවාම වැඩිම සම්මාන ප්‍රමාණයක් ලැබී තිබෙන්නේ “CHAKDE INDIA” වෙනුවෙන් බව පහත ලැයිස්තුව විසින් පැහැදිලි කර දෙනවා.

?National Film Awards2008 – National Film Award for Best Popular Film Providing Wholesome Entertainment for Chak De India

?Filmfare Awards2008 – Best Film Critics for Chak De India

?IIFA Awards2008 – Best Director for Chak De India

?Apsara Awards2008 – Best Director for Chak De India

?Stardust Awards2008 – Best Director in Editor Choice for Chak De India

?Other Awards2007 – CNN-IBN Indian of the Year (Entertainment) for Chak De India2008 – V.Shantaram Award for Best Director for Chak De India

?ඔහු කෙතරම් අත්දැකීම් හා දක්ශතාවය ඇත්තෙක් වු නමුත් චිත්‍රපට අතිශය සීමිත ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කිරීම ගැන ඔබ මොකද හිතෙන්නේ… ???

?ඔහු තවත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා නම් ඔබ කැමති මොන වගේ චිත්‍රපටයකටද ?????

රවිඳු සම්පත් වික්‍රමසේකර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *