Shiddat (2021) Hindi | Sinhala Article

Shiddat (2021) Hindi by Tharuka Niroshan


ගූගල් පරීශිලක දර්ශකය 94%

IMDB 9.2/10

පිවිතුරුය පළමු පෙම
බිහිසුණුය බිදුණු දින
ලෙන්ගතුය සුවද ඔබ….. සුදු හාමිනේ
තනිකඩය තවම මම

මේ ලෝකේ ආදරයට ඇත්තටම අවංක උනේ පිරිමි අපිද ? ගැහැණු ඔයාලාද ?

බිලියන 7.7 ජනතාව ඉන්න,
සුරංගනාවියෝ වගේ ලස්සන කෙල්ලෝ ඉන්න මේ ලෝකේ ඔයා වෙනුවෙන් හිත ගියේ ඇයි ද කියලා
මම අදටත් දන්නේ නැ.
ජිව්තයේ කාලා බිලා සතුටින් හිටිය කොල්ලෙක් උනත්
මම ඔයාව දැක්ක දවසේම තීරණය කරා
ඔයා තමයි මගේ ජිවිතයට හරියටම ගැලපෙන කෙනා කියලා.
ඔයා එක්ක ජිවත් වෙන්න,
ඔයා ලගට වෙලා ඔයාගේ ආදරයේ පහස විදින්න
මම ආස කරපු තරම්,
ඔයා තාමත් දන්නේ නැතිව ඇති….
සමහර විට දවසක ඔයා මගේ ආදරය තෙරුම් ගනී
එදාට ඔයා දුක් වෙයි,
අද මම දුක් වෙන තරමටත් වඩා
එත් එහෙම දවසක් එන්න එපා ජිවිතයට
මොකද ?
ඔයා අඩනවා බලන්න බැරි තරම්,
මම ඔයාට ආදරය කළ නිසා…..?

කොල්ලෙක්ගේ ආදරයත් මෙන්න මේ වගේ

ජිවිතයේ අපි හැමොටම තියෙනවා , කවදාවත් ලබා ගන්න බැරි එත් කවමදාවත් අමතක කරන්නත් බැරි ආදර කතාවක්. ඒ ආදර කතා ගොඩක් වෙලාවට වෙන් වෙලා යන්නේ ඉරණම නිසාවත් කරුමේ නිසාවත් නෙවෙයි සමහර විට අනිත් කෙනාත් අපි වගේ කියලා හිතලා එයාව තෙරුම් ගන්න පුංචි වෙලාවක්වත් වෙන් නොකරන නිසා කියලා මට හිතෙනවා. ආදරයක් ළඟ තියෙනකොට පරිස්සමි කර ගන්න බැරි නම් ඒ ආදරය අපිව දාලා දුරකට ගියාම අපි කොච්චර හැඩුවත් වේදනා වින්දත් කිසිම තෙරුමක් නැ කියලා මට හිතෙනවා.

මේ ලෝකේ සමහර පිරිමි ඉන්නවා තමන්ගේ ආදරය වෙනුවෙන් නොකරන දෙයක් නැ , සප්ත මාහා සාගරය පීරාගෙන පීනලා හරි තමන්ගේ ආදරය වෙනුවෙන් කැප කිරිම් කරන පිරිමි මේ ලෝකේ ඉන්නවා. ඔයාලා මේ කතාව කියවාගෙන යනකොට සමහර විට මේ නිර්මාණය රස විදලා ඇති තවත් විටක එය රස විදලා නැති ව ඇති. ඒ කොහොම උනත් මේ නිර්මාණය අවසානයේදී පුංචි දෙවල් කිහිපයක් හිතන්න ඉතුරු කරා කීවොත් මම නිවරදි කියලා හිතනවා.

ආදරය පැතිකඩවල් හතරක් ගැන මේ කතාවෙදි හරිම අපුරුවට කතා වෙනවා. සමහර විට මේ හතරෙන් එක කොටසක ඔයා ජිවිතේ එකම දවසක හරි ඉදලා ඇති. ඒ කොයි කොටසක හිටියත් අවසානයේ විනිශ්චය තවත් ජිවිතයකට බලපානවා කියලා හොදින්ම තෙරුම් ගන්න පුළුවන් වේවි.

ආදරය කියන්නේ රාගය මූලික කර ගත්ත දෙයක් නොවන බව මේ නිර්මාණය තුලින් පෙන්වලා දෙන්න නිර්මාණය කරුවා හොද උත්සහයක් අරන් තියෙනවා. එහීදී මේ නිර්මාණයයේ කාර්තිකා තුලින් එය මානා කොට පිළිඹිබු වෙනවා. ඇයගේ ආදරය ආදරයකට වඩා එහා ගිය කාම ආශාවක් බව නිර්මාණය කරුවා පෙන්වා දෙනවා. ජොගින්දර් තුලින් සැබෑ ආදරයක් දකින පිරිමි කෙනෙක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා.

අපි ආදරය මොහොතකට අමතක කරලා පියවි ලෝකයේ යතාර්ථය ගැන කතා කරොත් ඇත්තටම මේ ලෝකේ තවත් ලොකුම ගැටළුවක් තමයි සරණගතයින් කියන්නේ. කෙනෙක්ට හිතෙයි ඔවුනුත් මිනිසුන් නේ එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ඔවු එක ඇත්ත නමුත් සරණගත බව නිසා ඔවුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් නැති වෙලා යනවානම් ඔවුන්ගේ ජිවිත සුරක්ෂිත කළ යුතු බව නිර්මාණය තුල කතා කිරිම නිර්මාණකරුවා උත්සහ ගෙන තියෙනවා. එවිට මෙය තවත් එක ආදර කතාවකට එහා ගිය සමාජ ප්‍රශ්නයක් ගැන කතා කිරිමක් විදියට දකින්නත් පුළුවන්.

චිත්‍රපටය ඉතාමත් අලංකාර ගීත කිහිපයකින්ම සමන්විත වන, ඒ තුලින් චිත්‍රපටයට නැවුම් බවක් එකතුකරා කිවොත් මා නිවරදි. චිත්‍රපටයේ මුල මැද දෙකම ඉතාමත් ගුණාත්මක ආකාරයෙන් නිර්මාණය කරලා තිබුනත් අන්තිම දර්ශනය ඉතාමත් දුරවල දර්ශනයක් විදියට මා දකින්න කැමති.

ආදරය වෙනුවෙන් කැප කිරිම් කරන , එකම එක හදවතකට වෙනස් නොවි ආදරය කරන පිරිමි මේ ලෝකේ ඇති තරම් ඉන්නවා. එහෙම අය හම්බුනොත් මග හරින්න එපා.

මොකද,

අපිට හැමදෙකදිම ජිවිතේට දෙවනි අවස්තාවක් හම්බෙන්නේ නැති නිසා.

තාරුක නිරෝෂාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *