Shiddat (2021) Hindi | Sinhala Article

Shiddat (2021) Hindi by Sandeepa Lakshan

#උබ_කාට_හරි_ආදරේ_කරනවනම්_කියවයි❤

බලල නැත්නම් ඒත් බලල ඉන්න?

කාලයක් ඩවුන්ලෝර්ඩ් කරන් ඉදිය.ඒත් රැල්ලට ගොඩක් අය බලල පෝස්ට් දාල සෑහෙන විප්ලවයක් උනා ඉතින් පරක්කුකරල බැලුව නිදහසේ එක හුස්මට?ාආදරේ. මොකදද ඇත්තටම මේ ආදරේ. අද කාලෙ facebook, insta, tiktok වගෙ ඒවගෙ අපි දකිනව ආදරේ. එහෙම නැත්නම් ලොකූස්ටෝරි වල අපි දකිනව ආදරේ. “අනේ මේ වගේ නම් ශෝක්, රැව්ල මෙහෙම නම් ශෝක්, උසනම් ශෝක්, මහතනම් ශෝක්, කෙට්ටුනම් ශෝක්” ….. ඔහොම කතා ගොඩක්.ඒත් උබට ඇත්තටම කවුරුන් හෝ ආදරේ නම් උබ වෙලාවකට ලස්සනයි වෙලාවකට කැතයි වෙලාවකට අපිලිවෙලයි වෙන් නෑ. කොන්ඩෙ වැව්ව, ශෝට ගැහුව, රැව්ල වැව්ව, සල්ලි නොතිබ්බ, උබෙ පිලිවෙල ඕව බලන් නෑ… වෙලාවකට මන් මේ කියන ඒව පිස්සු වගේ ඇති. ඒත් දෙයක් මතක තියා ගන්න, අත පය අහිමි උන රනවිරුවන්ට, උපතින්ම පිස්සුහැදුන මිනිස්සුන්ට, මනසින් අඩු මිනිස්සුන්ට පවා ආදරය දෙන දෙවිවරු මේ ලෝකෙ ඉන්නවා.

අදකාලෙ උබ මන් අපි දකින ආදරකතා වල පැවැත්ම සෑහෙන්න කෙටී. ඒ ඇයි.ගොඩක් අය කියන්නේ ඒකට නොගැලපීම. නෑ ඒක නොගැලපීම නෙමේ. ආදරේට හුරු වීමට නොහැකි වීම. අන්න ඒකයි වචනෙ. ආදරේ කරද්දි කෙල්ල කොල්ලට හෝ කොල්ල කෙල්ලට ගැලපෙන විදියට හැඩ ගැහෙන්න ඕන. දෙන්නගෙන් එක්කෙනෙක් හැම ප්‍රශ්නෙකදිම සන්සුන් වෙන්න ඕන. ඉවසල ඉවසල බැරිම තැන් කියල තැන් නෑ ආදරේදී. අද කාලෙ කොල්ල හදිසියෙ මැරුනොත් එහෙම නැත්නම් කෙල්ල හදිසියෙ මැරුනොත් පොටෝස් දාලහෑලි ලියල සැබෑ ආදරේ පෙන්වනවා. මැරෙන්නම උත්සහ කරනවා. ඒත් සතියකින් අලුත් කෙල්ල හෝ කොල්ල එක්ක අලුත් පොටෝස් ටිකක් uplord කරනවා. මන් කියන් නෑ තනියම ඉන්න කියල. ඒත් බොරු රගපෑම් කාටද? අද කීයෙන් කීයද එහෙම ජීවිතකාලයම එක් හදවතකට කැප කරන්නෙ.

චිත්‍රපටය බලපු අය දන්නවා. එක තැනකදි Kartika අහනව jaggi ගෙන් “ඇයි ඔයා මේ තරන් දුර මන් වෙනුවෙන් එන්නෙ? ඇයි මාවම ඔයා තෝරගත්තෙ” කියල. jaggi එතකොට කියන්නෙ “ඒක ගොඩක් සරලයිනෙ. මන් ඔයාට ආදරෙයි. මට ඕන උනේ ඒක ඔයාගෙ ලගට ඇවිත් කියන්න, ඔයා ගෙදර අය ගැන හිතල ඔයාගෙ කසාදෙ ගැන හිතල මාව එපා නම් මට ඒකකියන්න. මන් ඔයාව බලල ගිහින් හිත හදා ගන්නම්” ඒ වචනවල තියන බැදීම සෑහෙන ඉමෝශනල්. තව දෙයක් ඔයා කාටහරි ආදරේනම් ඔයාගෙ ඇහෙන් කදුලක් වැටෙද්දි එයා මොකදකරන්නෙ. ඒක අමතක වෙන්න එක එක දේවල් කරනව නේද? “මේ ඔයා ජනේලයක් ගාවද ඉන්නෙ. ජනේලෙ ඇරල අහස බලන්නකො. ඔයාට හද පේනවද?” “ම්ම්ම්ම්ම්ම්ම්ම්. නෑනෙ මට හද පේන් නෑනෙ” “පුදුමයි මට පේන්නෙත් නෑ, අපි මවල තියෙන්නෙ අපිටමයි” වචන බොලදයි තමා, ඒත් ඒ වචන වල ගැබ්වෙලා තියන ගැඹුරු ආදරය දැන්නෙ ඒ ආදරේ වින්ද මිනිස්සුන්ට. තව දෙයක් සමහර මිනිස්සු ආදරේ වෙනුවෙන් ජීවිතෙ හැමදෙම කැප කරනවා, ඒත් සමහර මිනිස්සු ලගට ගන්න පුලුවන් ආදරේ පුහු මාන්න, බොරුහේතූන්, මවාපෑම්, රගපෑම්, සල්ලි, ඉගනීම, කුල….. වගේ දේවල් නිසා නිකන්ම අහිමිකරගන්නවා… අතේ තියන දෙයින් ටොෆියක් හරි අරන් දෙනවනම් ඒතන තියන ආදරේ ගැඹුර රජමාලිගාවකවත් නෑ. හදවතින් ඕනම තැනකදි ඔයා වෙනුවෙන් ලෝකෙටම ඇහෙන්න ඔයාට ආදරෙයි කියල කියන්න පුලුවන් කෙනෙක් ගැන හිත නවත්තගන්න. ආදරේකියන්නෙ හදවතට දැනෙන දේ මිසක් ලෝකෙට පෙනෙන දේ නෙමේ. අපි අපේ ලෝකේ දවස් කෙටී කියක හිතන් ආදරේ කලොත් අපේ ජීවිත මීට වඩා ලස්සන වෙයි ❤? හුස්ම වැටෙනකන් හදවත නැවතුන තැන නතර වෙන්න. මන් හිතන්නෙ මේ ලෝකේ මේ වගේම ඉන්දර්ලා, සාරුලා, ජග්ගිලා, කාර්තිකාලා, ගෞතම්ලා, ඊරාලා සෑහෙන්න ඇති. වෙන මොකුත් කියන් නෑ. (Imdb rate 8/10 vote 13k)… තව එකම එක දෙයක්. කිසිම කාලෙක තමන්ගේ නොවන මිනිස්සුන්ව පමණට වඩා විශ්වාස කරන්න එපා. වාසිය වෙනුවෙන් අපිව පාවා දෙන උන් හැමතැනම❤?

Initial release: October 1, 2021
Director: Kunal Deshmukh
Distributed by: T-Series

සoදීප ලක්ශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *