Section 375 (2019) Hindi | Sinhala Article

Section 375 (2019) Hindi by Ramitha Vimukthi

මේ දිනවල හොලිවුඩයේ දැඩිව අවධානයට පත් වුණු නඩු විභාගයක් ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ් අතර දිවෙන නඩුව. මෙම නඩු විභාගයේ පසුබිම් කතාවට බොහෝ සෙයින් සමීප වන චිත්‍රපටයක් 2019 වර්ෂයේ තිරගත වුනු Section 375. මෙම චිත්‍රපටයටද පාධක වන්නේ කාන්තාවකට සිදුවූ ස්ත්‍රී දූෂණයක්‌ සම්බන්දව සිදුවූ නඩු විභාගයක්. Section 375 හි තිර රචකයා වන මනීෂ් ගුප්තා මෙහි පසුබිමට පාධක කර ගන්නේ, කලක් හින්දි සිනමාවේ නැගී එන නළුවෙක් ලෙස කරලියට පැමිණි ශයිනි අහුජාට එල්ල වුනු බරපතල චෝදනාවක්. එම චෝදනාව හමුවේ ඔහුගේ සිනමා ජීවිතයම අගාදයකට ගෙන ගියා.

ශයිනි අහුජාට සිදු වන්නේ මෙවැනි දෙයක්. 2009 ජූනි මාසයේ අහුජාව පොලිස් අත්අඩංගුවට ගන්නේ ඔහුගේ නිවසේ සේවිකාව සිදු කළ පැමිණිල්ලක් හමුවේ. එම සේවිකාවගේ පැමිණිල්ලට අනුව අහුජා ඇයව දූෂණය කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය දණ්ඩ නීතීය යටතේ Section 376 (rape) සහ Section 506 (threat to kill) යටතේ ඔහුට විරුද්ධව නඩුවක් ගොණු වනවා. එවකට අවුරුදු 19 ක්‌ වූ එම සේවිකාව මෙම නඩු විභාගයේ පසුකාලීනව ප්‍රකාශ කරන්නේ ඇය දූෂණයට ලක්‌ නොවුණු වගයි. අහුජා එවකට විවාහකය. ඒ අනුව ඔහු මෙම සේවිකාව සමග අනියම් සම්බන්දයක් පවත්වාගෙන තිබෙනවා. නමුත් ඒ සියල්ලක්ම එම ඔවුන් දෙදෙනාගේ කැමැත්ත මත සිදුවූ දෙයක්. අහුජා අතින් සැබවින්ම සිදුවී ඇත්තේ විවාහ සංස්ථාව තුල සදාචාරාත්මකව වරදක් මිස ස්ත්‍රී දූෂණයක් නොව. එම සේවිකාව අහුජා තමාව දූෂණය නොකළ බව පසුව පැවසුවත් ශයිනි අහුජාව වසර හතකට සිරගත වනවා.

මෙහි සෑම අහුමුල්ලක තොරතුරු අනාවරණය නොවුනත්, අහුජාට දඬුවම් විඳීමට සිදු වන්නේ තමා නොකරපු වරදකට. ඒ අනුව අහුජා හසු වූයේ මුළුමනින්ම අසත්‍ය චෝදනාවකටයි. අහුජා සිනමාවට පිවිසෙන්නේ 2003 වර්ෂයේ Hazaaron Khwaishein Aisi චිත්‍රපටය තුලින්. ඔහු එවකට බොලිවුඩය තුල ස්ථාවර නමුත් බොහොම සෙමින් තම රංගන දිවිය ගොඩනගමින් සිටි ශිල්පියෙක්. නමුත් 2009 වර්ෂයේ සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන්, ඔහුට ක්ෂේත්‍රය තුලද ස්ත්‍රී දූෂකයා යන ලේබලයෙන් මිදීමට අපහසු වනවා. එහි ප්‍රතිපලයක් වශයෙන් ඔහුව අවසන් වරට ප්‍රේක්ෂකයාට දැකීමට හැකි වන්නේ 2015 වර්ෂයේ තිරගත වූ Welcome Back චිත්‍රපටයේ සුළු චරිතයකින්. අවසානයේ අසත්‍ය චෝදනාවක් ඔහුගේ මුළු සිනමා දිවියම විනාශ කර දැමුවා.

Section 375 චිත්‍රපටයට බොහෝ සෙයින් පාධක වන්නේ අහුජාගේ සිදුවීමයි. මෙහි අහුජාව නිරූපණය වන්නේ රෝහන් නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ චරිතයෙන්. රෝහන්ගේ චිත්‍රපටයක සහාය ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් ලෙස කටයුතු කළ අංජලී නම් යුවතියක්, ඇයව මෙම අධ්‍යක්ෂකවරයා විසින් දූෂණයට ලක්වුණු බව පවසමින් ඔහුට එරෙහිව නඩුවක් ගොණු කරනවා. රෝහන් වෙනුවෙන් පෙනී සිටින්නේ ටරුන් සලුජා නීතිඥවරයා සහ අංජලී වෙනුවෙන් පෙනී සිටින්නේ හිරාල් ගාන්ධි නම් නීතිඥවරියක්. ඉතා මතබේදාත්මක නඩු විභාගයකින් අනතුරුව ප්‍රේක්ෂකයාවද වෙනස්ම කෝණයකින් සිතීමට පොළොඹවන අවසානයක් මෙහි ඉතිරි කරනවා.

Section 375 යනු මම මේතාක් නරඹපු courtroom drama ගණයේ චිත්‍රපට අතරින් ඉහලින්ම තැබිය හැකි නිර්මාණයක්‌. පොදුවේ ඉන්දියාව යනු කාන්තාව සම්බන්දයෙන් හොඳ ප්‍රතිරූපයක් පෙන්නුම් කරන රටක් නොව. ඉතා කෘර ස්ත්‍රී දූෂණ සහ ගැහැණු දරුවන් ගර්බාශය තුල මරා දමන sex selective abortions අදටත් බහුලව සිද්ද වන රටක්. එම නිසා මෙය කිසි සේත්ම කාන්තා අයතීන් සහ ඔවුන්ට සිදුවන අසාදාරණයන් ඉවත දමන චිත්‍රපටයක් නොව. නමුත් ඔවුන්ව ආරක්ෂාව කිරීමට ඇති නීතී පද්දතීන් අවභාවිතා කිරීමද අවසානයේ බලපෑමක් ඇති කරන්නේ කාන්තාවටමය. ඊට ප්‍රභලම උදාහරණය මෙම චිත්‍රපටයට පාධක වූ ශයිනි අහූජාගේ සිදුවීම සහ ඇම්බර් හර්ඩ්ගේ අසත්‍ය චෝදනාවන් හමුවේ සැබෑ ගෘහස්ත හිංසනයනට ලක්වන පුද්ගලයින්ට ලැබෙන කළු පැල්ලමයි.

ඔබ තවමත් නරඹා නැති නම් අනිවාර්යෙන්ම නැරඹීමට යෝජනා කරන චිත්‍රපටයක් මෙය.

Section 375 scored 8.1 out of 10 on IMDb.

Section 375 scored 64 percent on Rotten Tomatoes.
88% liked this film Google users
Release date: September 12, 2019 (United Arab Emirates)
Director: Ajay Bahl
Box office: est. ₹12.35 crore
Written by: Manish Gupta

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *