Savitri Indian Actress | Sinhala Article by Mmp Ranaweera
සාවිත්‍රි ගනේෂන්ගේ දුක්බර ජීවිත කතාව….
ඔබට සාවිත්‍රි ගනේෂන් කියූ සැනින් ඔබේ මතකය දිවයන්නේ 2018 වසරේ තෙලිඟු භාෂාවෙන් තිරගත වූ “මහානටි”චිත්‍රපටිය වන්නට ඇති නමුත් 50 -70 දශකයේ භාරත සිනමාවට පෙම්බැදි බොහෝ දෙනා සාවිත්‍රි යනු එකල භාරතය මුසපත් කෙරු අපූර් නිළි රාජිනියක් බව හොදින් දන්නා කරුණක්. සුන්දර ඇය එකල රිදී තිරයට රන් ආලේප කලේ ඇගේ සිනාසෙන ඇස් දෙකින් සහ අපුරු සුන්දරත්වයෙන් පිරි රූ ලාලිත්‍යට මුසු වූ රංගනයෙනි.
1936 වසරේ ජනවාරි 04 වැනිදා ආන්ද්‍රා ප්‍රදේශයේ උපන් සාවිත්‍රි, වයස මාස හයක් පමණ වන විට පිය සෙනෙහස අහිමි වීම නිසා හැදී වැඩුණේ ඥාති මාමාගේ නිවෙසකය. විස්තර වල සදහන් වන පරිදි ඇගේ මවගේ සහෝදරයාගේ නිවසේ දීය. නැන්දනිය ඉතා කාරුණික වගේම ඇගේ මාමාද ඉතා කාරුණික අයෙකු වූවා. ඒ වගේම ඔවුන්ට දරුවන් නොසිටි අතර ඔවුන් ඇයට සැලකුවේ තමන්ගේම දියණියක් ලෙසටයි. සාවිත්‍රිත් ඇගේ මවත් ඔවුන්ගේ නිවසේ ජීවත්වූවා. ඇයගේ කලා හැකියාව හඳුනා ගත්තේ ද මාමා විසින් බවයි පැවසෙන්නේ. . ඒ අනුව සාවිත්‍රි නර්ථන අංශයට යොමු කළ ඇයගේ මාමා රංගනයට පිවිසීමට ද මූලික අඩිතාලම සකසා දුන්නේය. ඒ අනුව පළමුවෙන් සිනමාවේ දකින්නට ලැබුණේ ඇයගේ නර්තනයකි. ඒ Pathala Bhairavi (1951) තෙළිඟු චිත්‍රපටයේ ඇයගේ නර්ථනාංගයක් ඇතුළත් විය. මුල් කාලයේ රංගන ක්ෂේත්‍රයේ දුෂ්කර ගමන යෙදුණු ඇය අතිසාර්ථක වූයේ දකුණු ඉන්දීය සිනමාවේ ඉහළම ආදායම් ලබන නිළියක බවට පත් වෙමිනි.
ඇගේ ළමා කාලය ඇත්තටම සුන්දර මතකසටහන් පිරි යුගයක් බවයි ඇය පවසා ඇත්තේ. ඒ වගේම ඇය මව්වරුන් දෙදෙනෙක්ගේ සහ පියෙකුගේ දැඩි ආදරයට මැදිව හැදී වැඩුනු නිසා ඇය ඉතාසුරතල් ලෙස ජීවත් වී තිබෙනවා. නමුත් ඇය ණුවනක්කාර දරුයෙක්. ඇයට වයස අවුරුදු 14 දී පමණ ඇගේ මුල්ම සිනමා අවතීරණය සිදු වූ අතර කෙළිලොල් වයසේදීම ඇය චරිතවලට ආරූඩ වූ අයිරු බොහෝ දෙනාගේ පැසසුමට ලක්වූවා.
චිත්‍රපටියට අනුව සාවිත්‍රි තරමක් නොසන්සුන් නූගත් අයුරින් හැසිරෙන මාමාත් නූගත් කවටයෙකු අයුරින් සිනමාව සඳහා පිවිසෙන අයුරු පෙන්නුම් කළද එය එසේ නොවුන බවයි සඳහන් වන්නේ. ඇගේ මාමා උගත් මිනිසෙකු වූවා වගේම ඔහු ජෝකර් කෙනෙකුනම් නොවෙයි. සාවිත්‍රි චිත්‍රපටියේ මුල් කොටස් වල කීර්ති රංගනයේ යෙදුණු අයුරින් ලඳබොලද යුවතියක ද නොවුන බව සඳහන්.
ඇගේ නර්ථන හැකියාව සහ සුන්දරත්වය නිසාම මුල කාලීන සිනමා නිර්මාණ ඇයට ලැබුනත් ඇගේ මේ උගත් වගේම කැපවීම් නිසාම පසුකාලීනව ඇයට චිත්‍රපට හිමි වී තිබෙනවා.
සාවිත්‍රි විවාහ දිවියට පිවිසියේ එවකට දකුණු ඉන්දීය සිනමාවේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි නළුවකු බවට පත්ව සිටි ජෙමිනි ගනේෂන් සමඟිනි. ඔහු ඇයට මුලින්ම හමුවන්නේ ඇයට වයස අවුරුදු 16 දීයි. වන විට ජෙමිනි විවාහකයෙකු මෙන්ම දියණියන් සිව්දෙනෙකුගේ පියෙකු බවට පත්ව සිටියා. ජෙමිනි ඒ වන විටත් ක්ශේත්‍රයට පැමිණි බාල යොවුන් නිළියන්ගෙන් ලිංගික අල්ලස් ගනිමිනුයි සිටියේ ඔහු අතින් අනාත වූ මෙන්ම ඔහු අතින් අනාත වී දරුවන් බිහි කළ යොවුන් නිළියන් එකළ සිනමාවේ ඕනෑ තරම් සොයාගත හැකි වූවා. අවුරුදු 16ක් වූ මේ අහිංසක සාවිත්‍රි මේ තලතුනා ප්‍රේම වන්තයාගේ වහසි පෙම්බස් වලට රැවටෙනවා. නමුත් ඇගේ භාරකාර දෙමාපියන්ද අම්මාද ජෙමිනිගේ ක්‍රියාවන් සහසුද්දෙන්ම දැන සිටි නිසා ඔහුට කැමති වන්නේ නෑ. ඔහු විවාහකයෙකු බව දැන දැනම අවසානයේ ජෙමිනි සමග එක නිවසක වාසය කරන්නට ඇය පිටත් වනවා. ඒ වනවිට ඇයට වයස අවුරුදු 20ක් වන අතර ජෙමිනිට වයස 32කි.
ජෙමිනිට අවශ්‍ය විවාහයක් නොව වෙනත් සතුටක් බව ඇය වටහා ගන්නා අතර ඇය ඔහුට බලකරන්නේ ඈ සමග විවාහ වන ලෙසටයි. ඒත් ඔහු කැමති වන්නේ නෑ. ඔහු ඒවනවිටත් අල්මේලු නම් කාන්තාවක් සමග විවාහ වී සිටි අතර පුෂ්පවල්ලි නම් නවක නිළියක් සමගද ප්‍රසිද්දියේ ඔහු ජීවත් වූවා. පුෂ්පවල්ලි ඔහු දාව දරුවන් දෙදෙනෙකු බිහින්කළ අතර, පසුකාලීනව ජනප්‍රියම නිළියක් වූ රේඛා සහ රාධා ඇගේ දියණියන් වූවා. පුෂ්ප්වල්ලි ඔහු සමග විවාහ වීමට නියමිතව තිබුනත් සාවිත්‍රි එයට බලපෑම් කෙරූ බව සදහන්. ඇය නිතර නිතර ගොස් පුෂ්පවල්ලි සමග ආරවුල් ඇති කරගත් අතර එකල සහය නිළියක්ව සිටි පුෂ්පවල්ලි හට සිනමා ජීවිතය නැතිකරලීමට බලවත් නිළියක් වූ සාවිත්‍රි ක්‍රියා කළ බව ත් අවසානයේ ජෙමිනිව ඇගෙන් උදුරාගෙන සාවිත්‍රි ජෙමිනිට ඈ සග දරුවන්ට සැලකීමට ඉඩ නොදුන් නිසා ඇය බොහෝ දුක් විදි බවත් පැවසෙනවා..
1952 වසරේ සාවිත්‍රි ජෙමිනි හා එකට ජීවත් වූවත් ඔහු ඇය හා විවාහ වන්නේ නෑ. සාවිත්‍රි ඇගේ දරුවන් බිහි කරන්නේ කෙසේ හෝ ජෙමිනි බලෙන් මෙන් විවාහ කරගත් පසුවයි. ඒ 1958 වසරේදීයි. ඔහු ඇය හා සමග ජීවත්වන්නේ ඉන් පසුවයි. කෙසේ නමුත් සල්ලාල ජෙමිනි හට සාවිත්‍රිගෙන් පලා යා නොහැකි මේ බැදීම නීරස වනවා ඒ වගේම ඔහු මේ වනවිට චිත්‍රපට නොලැබෙන තත්වයට පත්වන අතර සාවිත්‍රී ජනප්‍රියම තාරකාව වනවා.මේ දේවල්ද ජෙමිනිට දැඩිසේ බලපාන අතර ඔහු අවසානයේ නැවතත් යොවුන් අඩුවයස් යුවතියන් හඹා යෑමට පටන්ගන්නවා.
අවසානයේ ඇය ඔහුව අතහරින්නට තීරණය කරනවා නමුත් ඒ වනවිටත් ඇය දියවැඩියා රෝගයෙන් පීඩා විදි අතර මානසික පීඩනය හේතුවෙන් මධුවිතට හුරුවී හමාරයි. ඇය ප්‍රසිද්ධියේ ඔහු සමග සන්ඩු ඇති කරගන්නවා. ඔහුගේ පෙම්වතියන්ට ඇය ප්‍රසිද්ධියේ පහරදෙනවා.
ඇය ප්‍රේමයවෙනුවෙන් කුරිරු ලෙස හැසිරුනත් අවසානයේ ඇය සියල්ලක්ම අතහැර ජීවත්වීමට තීරණය කරන අතර ඇය අසරණඉනිසුන් වෙනුවෙන් බොහෝ උදව්කිරීමට පෙළබෙන්නේ ඉන්පසුවයි..
ඇගේ කෙටිකාලීන සක්‍රීය සිනමා දිවියේ තෙලිලු , දමිල ,මලයාලම් , හිංදි, කන්නඩ භාෂාවලින් චිත්‍රපට රැසක රගපා තිබෙනවා. ඒ වගේම සාවිත්‍රි විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය යන දෙකම එකවර කළ චිත්‍රපට තුනක් තිබෙනවා.ඇගේ නිෂ්පාදන ආයතනයට ශ්‍රී සාවිත්‍රි ප්‍රොඩක්ෂන්ස් යනුවෙන් නම් තබන ලද අතර. නවරාත්‍රී නම් තෙලිගු චිත්‍රපටයේ “රාජු වේඩාලේ” නම් ගීතය ඇය විසින් ගායනා කර තිබෙනවා.
ඉන්දිය ජනාධිපති විසින් පිදෙනු ලබන රාෂ්ට්‍රපති සම්මානය, තමිල්නාඩු රජයේ කලෛමාමණි සම්මානය යන සම්මානයන්ගෙන්ද පිදුම් ලද ඇය අසරණවන්නේ සල්ලාලයෙකු හේතුවෙන් බවනම්.නොරහසක්.
සාවිත්‍රි ඇගේ 45 වන වියේදි මත්පානයට ඇබ්බැහි වීමෙන් රුධිර පීඩනය හා දියවැඩියාව අධික වී අසාධ්‍ය වූ අතර. ඒ හේතුවෙන් මාස දහනවයක් කෝමා තත්ත්වයෙන් පෙලී සිට 1981 දෙසැම්බර් 26 වනදා චෙන්නායි හිදී අභාවප්‍රාප්ත වූවාය
මිය යනවිට ඇයට දියණියක් සහ පුතෙකු සිටි අතර ඔවුන් ඇගේ මවත් නැන්දනියත් මාමාත්විසින් රැකබලා ගත්තේය. ජෙමිනි නැවතත් සුපුරුදුලෙස යෞවනියන් බිලිගත් අතර 1997 වසරේ දී ඔහුට වයස අවුරුදු 77දී Juliana Andrew නම් 20හැවිරිදි තරුණිය සමග විවාහ වී 2005 වසරේදී දිවියෙන් සමුගත්තාය.
චිත්‍රපටය අධ්‍යක්ෂණක නාග් අශ්වින් විසින් 2018 වසරේ දී නිර්මාණය කළ මහානටි චිත්‍රපයේ මහානිළි සාවිත්‍රයේ චරිතය නිරූපනය කලේ තරුණ ජනප්‍රිය දක්‍ෂ නිළියක් වූ කීර්ති සුරේෂ් විසිනි ඇත්තටම ඇය සාවිත්‍රි නැවත ජීවමාන කළ බවනම් කිව යුතුමයි. චිත්‍රපටියේ මුල් කොටස්වලදී සාවිත්‍ර ලෙස රගපෑ කීර්ති සුරේෂ් ගේ රංගනය අධි රංගනයක් ලෙස මටනම් හැගුණා හේතුව සාවිත්‍රයේ ලදබොලද කම නිකන් කවටකමක ලෙස පෙන්නුම් කිරීමට අධ්‍යක්‍ෂක වරයා උත්සාහ ගැනීම නිසා සාවිත්‍රගේ ප්‍රතිරූපයට හානි වූවාදෝ හැගෙන නිසා. ඒ වගේම දුල්කර් සල්මාන් ගේ ජෙමිනි ගනේෂන් ලෙස රංගනයත් සමන්තා අක්කිනේනි මධුරවානි නම් මාධ්‍යවේදිනියගේ රංගනයත් ඉතා ප්‍රසංසනීයයි.