Sanath Gunathilake Sri Lankan Actor
මහා නළු සම්ප්‍රදායක
විශිෂ්ටතම සමකාලීනයා
1980 අගෝස්තු මස අට වැනි දින සිනමා රිදී තිරය වර්ණවත් කරමින් තිරගතවූ සුමිත්‍රා පීරිස් මහත්මියගේ “ගඟ අද්දර”සිනමා පටයෙන් තවත් නැවුම් කඩවසම් සිනමා නළුවෙක් දොරට වැඩියේය.
සනත් සොමිසිරි ජුලියන් ගුණතිලක නම් ඔහු 1955 ඔක්තොම්බර් 27 වැනි දින කන්ද උඩරට මහනුවරදී උපත ලැබුවේය.
ඔහු සිනමාවේ අප හඳුනන්නේ සනත් ගුණතිලක යන නාමයෙනි.
මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ උසස් පෙල දක්වා විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලද හෙතෙම වෛද්‍ය විද්‍යාලයට සමත් වීමට අඩූ වී ඇත්තේ ලකුනු හතරක ප්‍රමානයකි.
ඔහුගේ දෛවය ඔහුව මහනුවර රසායන විද්‍යාව උගන්වන උපකාරක පංති ගුරුවරයෙක් කල මුත්,අහම්බයෙන් සිනමා පුවත් පතක සිනමා නළුවෙකු වෙනුවෙන් පල වූ දැන්වීමකට අයදුම් කරමින් ,සිනමා නළුවෙකු වීමට වාසනාව ලැබුවේය.
විජය ධර්ම ශ්‍රී ගේ”සිටු කුමරියෝ” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි හෙතෙම කෙටි කලකදී,සිනමාවේ ජනප්‍රිය නළුවෙකු බවට පත් වුයේය.
“සිටු කුමරියෝ”පලවෙනි චිත්‍රපටය වූවත් මුලින්ම තිරයට ආවේ “ගඟ අද්දර”සිනමා පටයයි.එය ඔහුගේ හතරවැනි චිත්‍රපටය විය.
කෙටි කලකදී තම කැපවීම හා දක්ෂතාවය නිසාම සිනමාවේ විශිෂ්ට නිර්මාණවේදීන්ගේ චිත්‍රපටවල රඟපැමට ඉඩ හසර ලැබුනේය.
ආචාර්ය ලෙස්ටර්ගේ”කලියුගය”
ඩි.බී.නිහාල්සිංහගේ”රිදී නිම්නය””මල්දෙණියේ සිමියෝන්”
සුමිත්‍රා පිරිස්ගේ”යහළු යෙහෙළි”
එච්.ඩී.ප්‍රේමරත්නගේ”දෙවෙනි ගමන”වැනි කලාත්මක සිනමා නිර්මාණවල මෙන්ම
ජනප්‍රිය සිනමාවේ ජයකෙහෙළි නැංවූ යසපාලිත නානායක්කාරගේ”නැවත හමුවෙමු” චිත්‍රපටයෙන් ඔහුගේ සිනමා ගමන් මහ වෙනස් කිරීමට සමත් වුනි. එතෙක් සිනමාවට අඩුපාඩුවක්ව පැවති තවත් වීර නළු ප්‍රතිරුපයක් සිනමාව තුල ගොඩනගා ගන්නට මේ චිත්‍රපටය තුලින් සනත් ගුණතිලකට හැකියාව ලැබුනි. ඔහු සුපිරි තාරකා ගුනයක් මේ චිත්‍රපටයෙන් වඩවා ගත්තේය. එදා වානිජ සිනමාවෙත්,කලාත්මක සිනමාවේත් ජය කෙහෙළි නංවන්නට සනත් ගුණතිලකයන්ට හැකියාව ලැබුනි.
ඔහුගේ සිනමා ගමන් මගේ කූටප්‍රාප්තිය ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ”විරාගය”අරවින්දයි. සිංහල සිනමාවේ රුපන වේදීන් කල හොඳම රංගනයන් දහය අතරට විරාගයේ”අරවින්දත් එකතු වී ඇත්තේය. චරිත රංගනයක් වෙනුවෙන් දවස් 16 ක් දෙහි යුෂ පමනක් පානය කරමින් ඉතා දුෂ්කර කර්තව්‍යක් කිරීමට ඔහුට පුලුවන් වුනි. එහි ප්‍රතිපලයක් ලෙස 1988 මෙරට පැවැත් වූ ප්‍රධාන සම්මාන උළෙලවල් තුනකදීම විරාගයේ අරවින්ද සම්මානයට පාත්‍ර වුනි. සරසවිය,ඕ.සි.අයි.සී.ස්වර්ණ සංඛ එම සම්මාන උළෙලවල් තුනයි. එයට පෙර එවන් අයුරින් සම්මාන ලබාගෙන ඇත්තේ ජෝ අබේවික්‍රමත්,ගාමිණී ෆොන්සේකාත් පමනි.
“විරාගය” අරවින්ද මෙන්ම ප්‍රේමරත්නගේ “පාලම යට” වලහාද තිරය මත ඉතා විශිෂ්ට ලෙස සනත් ප්‍රතිනීර්මාණය කලේය.
“දොරකඩ මාරාව”
කැඩපතක ඡායා
“සිසිල ගිනි ගනී”
“රාජ්‍ය සේවය පිණිසයි”
“සක්මන් මළුව”
“ආගන්තුකයා”
“සුදු කලුවර”
වැනි චිත්‍රපට වලද ඔහුගේ ප්‍රශස්ත චරිතාංග නිරූපනයන් දක්නට ලැබුනේය.
කලාත්මක සිනමාවේ මෙන්ම ජනප්‍රිය සිනමාවේත් ජයග්‍රාහී නළුවෙකු ලෙස සනත් බැබලුනේය.
ඔබටයි ප්‍රියේ ආදරේ
ප්‍රාර්ථනා
හොඳින් නැත්නම් නරකින්
දිනුම
සටන
මධු සිහින
රජ වැඩකාරයෝ
නොම්මර 17
රජ දරුවෝ
මධු සිහින
චායා
සුජාතා(නව නිෂ්පාදනය)
බඹසර බිසව්
ආත්මා
වැනි චිත්‍රපට රාශියක සාර්ථක රංගනයන් කිරීමට සනත් ගුණතිලක සමත් වුනේය.
එම රංගනයන් තුලින් සිනමා අම්බරයේ සුපිරි තාරකා ගුනයක් ඔහු ලඟා කර ගත්තේය.
විජය කුමාරතුංගයන්ගෙන් පසු අපේ සිනමාවේ බිහි වූ ලස්සනම ,කඩවසම් නළුවා ඔහු බව අවිවාදාත්මකය.
සිනමාව වෙනුවෙන්
“සසර සැරිසරන තෙක් ඔබ මගේ”සහ “සිසිල ගිනි ගනී” යන චිත්‍රපට නිෂ්පාදනය කල හෙතෙම
“එකමත් එක රටෙක”
“සිනහව අතරෙන්”යන චිත්‍රපට අධ්‍යක්ෂණය කලේය.
“එකමත් එක රටෙක”තිරරචනයද සනත්ගේමය.
ගායක මිල්ටන් මල්ලවාරච්චි ගැයූ “මාගේ අතීත දිවියේ සැමරුම් මැකී මැකී”ගීතයේ පදරචකයාද සනත් ගුණතිලකය.
තිස්ස අබේසේකරගේ”දොලොස්මහේ ගංඟාව”
ටයිටස් තොටවන්තයින්ගේ”රන් කහවුනු” යන ටෙලි සිතුවම් දෙකෙහි හේ රඟපැවේය.
සිනමා තිරකතා රචකයෙකු,
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු
ගීත රචකයෙකු
චිත්‍රපට නිෂ්පාදකවරයෙකු
මෙන්ම විශිෂ්ට චරිතාංග රංගනවේදියෙකු ලෙස සිනමා කලා ක්ෂේත්‍රය පෝෂනය කල සනත් ගුණතිලකයන් ජෝ,ගාමිණී,ටෝනී,රවීන්ද්‍ර යන මහා නළු සම්ප්‍රදායක විශිෂ්ටතම සමකාලීනයාය.
ඔහුගේ පරම්පරාවේ සෙසු රංගන වේදීන්ගෙන් ඔහු සුවිශේෂ වනුයේ ඔහු සතු සුපිරි තාරකා ගුනයත්, විශිෂ්ට රංගන කෞෂල්‍යත් නිසාමය
මේ සුවිශේෂ රංගනවේදියාණන්ගේ
හැටහය වෙනි ජන්ම දිනය අදට යෙදී තිබේ.
සිනමා රංගනයන්ගෙන් අප හදවත් වල ජීවත් වීමට සමත් වූ සනත් ගුණතිලක රංගනවේදීයාණන්ට
නිදුක් නීරෝගී චිර ජීවනය ලැබෙන වාසනාවන්ත සුබ උපන් දිනක් රසික අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
රෝහන් සෙනෙවිරත්න
මෙහි සියලු සේයා රු
දයාන් විතාරන මහතාග් මුහුනු පොතින් ලබා ගතිමි.
එතුමාටද මාගේ ගෞරවාදර ස්තුතිය පුද කරමි.