Sakarma (2021) Sinhala | Sinhala Article

Sakarma (2021) Sinhala by Akalanka Matharage

සකර්ම ……

මේකට ටෙලිනාට්‍යයක් ගැන ලිව්වම මොකක්ද වගේ ඇති ඒත් ලියන්න ඕනම කියලා හිතුණා.

කොටස් 67 කින් ජීවිතයේ යාථාර්ථය කියා දී යන්නට ගොස් ඇත.

සකර්ම බලන්නට මම පටන් ගන්නා විටත් කොටස් පහළොවක් පමණ විකාශනය වී තිබුණි. පළමු කොටසේ සිට එක පෙළට එතෙක් නරඹා පසුව සතියෙන් සතිය කුහුලෙන් රැඳුණෙමි.

ශාන්ති දිසානායක මහත්මියගේ පරඬැල් නවකතාවද කතාව යන අතර වාරයේ ම මට කියවන්නට ලැබීමද සතුටට කරුණක් වූ මුත් නවකතාවට එහා ගිය සමාජ දේශපාලන දැක්මක් ටෙලිනාට්‍ය තුළ පවතින වග මුල් කොටස් කීපයෙන් ම වටහා ගැනීමට හැකි ය. ටෙලිනාට්‍ය අවසන් වන විට නවකතාව අතික්‍රමණය කළ ටෙලිනාට්‍යයක් සියල්ලන්ටම දැක බලා ගත හැකි විය.

බයිසිකල් රේස් එකකින් ආරම්භ වූ ටෙලිනාට්‍ය තුළ සමාජය විවිධ අයුරින් ස්පර්ශ කරමින් රසෝත්පාදනයද මග නොහැර පුළුල් සමාජ කතිකාවතක් ගොඩ නගයි. නමුත් බොහෝ අය අවසානයේ දෙමව්පියන් ට සැලකීම යන ගුණාංග පමණක් කතාවෙන් ගත් බව බොහෝ දෙනාගේ අදහස් තුළ මැනවින් නිරූපණය වී තිබුණි. තිරපිටපත තුළ තිබූ බොහෝ කරුණු රසිකයන්ගේ සිත්තුළ රැඳී ඇතද යන්න පැනයකි. එය නිසැකයෙන් ම රසිකයන්ගේ දුර්වලතාවකි.

ඇඟිලි පහ මෙන් දරුවන් පහක්. ඒ දරු පහගේ බැඳීම් අනේක විදය.

ලොක්කී….
ලොක්කී ගුරුවරයෙකුගේ බිරිඳක්. ගුරුවරයා සමාජ දර්ශකයෙක්. පවතින දේශපාලන රාමුවන්ට තුල් පහරවල් ගසයි.

දෙවනී…
දෙවැන්නී මුදලාලි කෙනෙකුගේ බිරිඳක්. මුදලාලි ගතානුගතික බඩ ඉදිරියට නෙරූ සරම් කෝට් අඳින මුදලාලි කෙනෙක් නොවීය. ඇදහිලි විශ්වාස පසෙක ලා කටයුතු කළ සම්ප්‍රදාය විවේචනය කළ පුද්ගලයෙක්. ගොයම් ගොඩ ගිනිගත්තේ ඔහුගේ කටවහ වැදීද? (මට නම් සිතෙන්නේ එසේ ය. )

කිරිපුතා …
නවකතාවේ නම් ප්‍රධාන චරිතය කිරිපුතා ඒත් ටෙලිනාට්‍ය එය වෙනස්ම අතකට පෙරළා ඇත. කිරිපුතාගේ හඬ පමණයි අවසන් කොටසේ දකින්නට ලැබුණේ. ඒක අපූරු සංකේතයක්. ඒ වගේ ම ලොක්කී රමණිට කියන කතාව. ” ගෙදර බුදුන්ට පයින් ගහලා මළ පෙරේතියෝ පස්සෙන් ගියපු උන්ට බලයි දෙයියෝ ” ඇත්තටම කිරිපුතාටත් අම්මව මග ඇරුණා. රමණි ඔහුගේ බිරිඳ. ඇය කබර රෝගයෙන් පෙළන තැනැත්තියක්. නවකතාව ඊට වැඩි ඉඩක් ලබා නොදී ගොඩ නගලා තියෙනවා. රමණිගේ චරිතය මධ්‍යස්ථව ගොඩ නගලා තියෙනවා මට නම් හිතෙන්නේ.

චුට්ටී…
පුෂ්ප කුමාරත් එක්ක පැනලා ගියපු කෙල්ල තමයි චුට්ටි. දරුවෙක් නැති හින්දා ඇය කෙතරම් නැන්දම්මාගේ සහ සැමියගේ පීඩාවට ලක් වුණාද? නමුත් නුග ගහේ හිටපු මුදලාලි මස්සිනාගේ පිහිටෙන් පුෂ්ප කුමාරගේ දුබලතාව චුට්ටි විතරක් දැනගන්න දෙයක් වුණා. ඇයගේ චරිතය ටෙලිනාට්‍ය මුල් කොටසේ ප්‍රබල ලෙස නිරූපණය වුණා. මැදත් එහෙමයි.

අක්කුං….
අම්මගේ බඩ පිස්සා. හැමදේම අතෑරල යනකන් ම. හිතුමතේට වැඩ කරපු සල්ලි ජීවිතේ කියලා හිතාගත්තු කෙනෙක්. ඔහුගේ බිරිඳත් ආත්මාර්ථකාමී චරිතයක්.

එක අම්මගේ කුසේ වුණත් දරුවෝ නම් ඇඟිලි එක්කෙනෙකු එක්කෙනෙක් නෑ.
” වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන …. “ සහෝදර බැඳීම මතක් කරපු කතාවක් එක් පැත්තකින්…

මේ චරිත වලට අමතරව තවත් චරිත සකර්ම රසවත් කළා …
පුෂ්ප කුමාරගේ අම්මා
පුතාට අම්මෙකු වගේ ම සැලකුවා. හැබැයි ලේලිට …
ලේලිට නැන්දම්මෙක් වුණා. අම්මෙක් වුණේ ඉතා කලාතුරකින්. ටෙලිනාට්‍යයේ මුල් කොටස රසයෙන් පරිපූර්ණ කරපු චරිතයක්.

සුමාලි
ගම් ශෝබනියක් වගේ කාන්තාවක් ඇය. නමුත් ආදරණීය අම්මෙක්. ඒ වගේ ම හොඳ සහෝදරියක්.
” අලුත් මාළු වලට තියෙන ඉල්ලුම උම්බලකඩවලට නෑ” ඇයගේ ජීවනෝපාය අහිමි වුණු විදිය ව්‍යංගයෙන් කියලා තියෙනවා.

මේ චරිත විතරක් නෙවෙයි ටෙලිනාට්‍ය හැම අතින්ම සම්බන්ධ වුණු සෑම චරිතයක් ම ටෙලිනාට්‍ය පෝෂණය කළා කිව්වොත් නිවැරැදි යි.

ගුරුතුමා දේශපාලනය ගැන ලොකු පාඩමක් කියලා දුන්නා….
අම්මා සියල්ල අත් ඇරලා අනිවාර්යයෙන් යන්න වෙනවා කියලා දුන්නා….
දරුවෝ ආදරය ගලන්නේ පහළට මිසක් ඉහළට නෙවෙයි කියලා කියලා දුන්නා…
ඒකනේ අම්මා ගැන කවුරුවත් හෙව්වේ නැත්තේ. එයලා ආදරේ කරේ තමන්ගේ දරුවන් ට. ඒක තමයි සමාජ යථාර්ථය ….
මුදලාලී ගතානුගතිකත්වය ප්‍රතික්ෂේප කළා….
චුට්ටි පෙරළෙන පිට හොඳයි කියලා සතුටින් ජීවත් වුණා…
කිරිපුතා මිත්‍යාමත තුළ ගිලී වැලලී හඬ පමණක් ඉතුරු වුණු චරිතයක් වුණා…
දෙවනී ලොක්කී ආදරණීය අම්මාවරු වුණා….
සුමාලි වැරදි දේවල් හැමදාම කරන්න බෑ කියලා පෙන්නුවා…

ඒ විතරක් නෙවෙයි මෙකී නොකී හැම චරිතයක් ම ඒ වගේ ම මුල් කොටස්වල ගුවන්විදුලි චරිතය තුළින් පවා සමාජයේ යථාර්ථය අපූරුවට ඉගැන්නුවා…

තමන් කරන දේ තමන් ට මයි. තමන් කරන කර්ම …. සකර්ම …. දෑසට කඳුලකුත් එක් කරලා යන්න ගිහින්

එහෙනම් ආයුබෝවන් ?
ටෙලිනාට්‍යයට එක් වූ සියල්ලන්ටම ස්තූතියි මෙවන් නිර්මාණයක් ගෙන හැර පෑවට…
මේ වගේ කතාවක් ආයිත් කවද දකින්නද? ???

 

Sakarma | Youtube

පසිඳු අකලංක

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *