Saaho 2019 Telugu
“…මුඩුක්කුවල හයේ පාරවල් ගහන්න ඕන තරම් අය ඉදීවී, නමුත් ඔල්වරසන් දෙන්නේ පිට්ටනියේ සෙල්ලම් කරන එකාට විතරයි…!!! “
“සාහෝ… පේරු සාහෝ… ?
සෙල්ලම් පෙන්නන වේලාවයි..” ? ⏰
2019 අවුරුද්දේ අද වගේ දවසක කෝටි 350ට වඩා වැඩි වියදමක් දරමින් තෙලුගු, හින්දි, දමිල හා මලයාලම් බසින් ලොව පුරා imax තිරයේ සාහෝ තිරගත වුනා.. එවකට බාහුබාලී හරහා ලොවක් වසග කර ජාත්‍යන්තර තරුවක් බවට පත්වූ ප්‍රභාස් මෙහි ප්‍රදාන චරිතය වුනා.. ❤️?ජනප්‍රිය බොලිවුඩ් නිලි ශ්‍රද්ධා කපූර්ගේ පලමු ටොලිවුඩ් ආගමනය ද සාහෝ නිසා සිදු විය.? ඒ වගේම ප්‍රභාස්ගේ පලමු බොලිවුඩ් ආගමනයද මෙයයි. මීට අමතරව අරුණ් විජෙයි, ජැකී ශෙරෝප්, මන්දිරා බෙඩි, චන්කි පාන්ඩෙයි, නීල් නෙතිල් මුඛේශ්, මුරලි ශර්මා, වෙන්නිලා කිශෝර්, ජැක්ලීන් ෆර්නැන්ඩස් (item dancer) යන සුපිරි නලු නිලියන්ගේ රංගනයෙන් පූර්ණයි.. තරුණ නිශ්පාදකයෙකු වන සුජීත්ගේ නිර්මාණයක්.. VC creation ඉදිරිපත් කිරීමක්.. IMDb අගය 5.2 /10 ක් වුනා. සාහෝ හි රූගත කිරීම් ඉන්දියාවේ හයිද්‍රාබාද් හා මුම්බායි වගේම ඕස්ට්‍රියා, බුඩායි, අබුඩාබි, යුරෝපය හා රෝමේනියා යන රටවල ද සිදු වුනා..
ගීත 4 ක් ඇතුළත්. මේ ගීත හතරම තෙලුගු, දමිල, හින්දි හා මලයාලම් භාශා හතරෙන්ම නිර්මාණය වී ජනප්‍රිය වුනා..
1. Psycho
2. Enni soni
3. Bad boy
4. Baby wan’t to tell me
බාහුබාලී 2 තිරගත වී අවුරුදු 2ට පමණ දීර්ඝ කාලෙකට පසු නැවතත් කරලියට පිවිසෙන ප්‍රභාස්ට සාහෝ තුලින් යම් පසු බෑමක් වුනා යැයි ඇතැම් අය දෝශාරෝපණය කළද, ඉන්දියාවේ පමණක් නොව ලෝකවාසී ඔහුගේ සැබෑ රසිකයන් සාහෝ ආදරයෙන් වැලද ගත්තා.. කිසිම විටෙක ඔහුගේ රගපෑමට හෝ ආදායම් වාර්තාවන්ට දොස් පැවරීමක් කලේ නැත. ???
හොලිවුඩ් තාක්ෂණයෙන් නිර්මාණය කළ සාහෝ යම් යම් පාර්ශවයන්ට දැඩි ප්‍රහාරයක් එල්ල වූවාක් මෙන් සෑම තැනින්ම අසුභවාදී ප්‍රතිචාර ආවත් නොනවත්වාම තිරගත වී කෝටී 433+ වඩා වැඩි ආදායමක් ලැබුවා…?
බාහුබාලී වගේම සාහෝ වෙනුවෙන්ද අසීමිත කැප කිරීමකින් හා හොද පෙර සූදානමකින් සාහෝට උපරිම සාධාරණයක් කල ඇති බව ප්‍රභාස්ගේ රූපය, ශරිරය හා රංගනය දෙස උවමනාවෙන් බලන ඕනෙම කෙනෙක්ට දැක ගත හැකිය. ?
දකින සමහර අයට “සාහෝ” යනු ජරාවකි, මෙලෝ මගුලක් නොතේරෙන කුණු ගොඩකි, ? ප්‍රෙහේලිකාවකි, දුර්වල තිර පිට පතකි, සල්ලි විනාශ කිරීමකි. නමුත් එහි ඇත්ත බොරුව දැන ගැනීමට නම් දෙපාරකට වඩා බැලුවා නම් වෙලා තියෙන්නෙ මොකද්ද කියලා තේරුම් ගන්න පුලුවන්.. සාහෝ යනු හොලිවුඩ් ෆිල්ම් එකක් තරම් නැති වුවත් ඒ අධි තාක්ෂණය යම්තාක් දුරකට හෝ ඉන්දියන් සිනමාවට රැගෙන ආ දැවැන්ත නිර්මාණයක්.. අකමැත්තෙන් හෝ ඒක පිලිගන්නම වෙනවා. ? වැඩි අත්දැකීම රහිත සුජීත් වගේ තරුණ නිශ්පාදකයෙක් මේ වගේ වැඩකට අතගැසීමද ලොකු ජයග්‍රහණයක්..?
ලියන්න බොහෝ දේ තිබුනත් කෙටියෙක් ගොඩක් දේවල් කියන්නයි ඕනේ වුනේ.. ඒ අදට සාහෝට අවුරුදු 2ක් වෙනවා. ? තවත් නොබැලු අය සිටී නම් බාහුබාලී අමතක කරලා සාහෝ බලන්න. හැමදාම දකින හිත හොද වීරයා වෙනුවට අලු පාට චරිතයක් හමුවේ ප්‍රභාස් දැක ගත හැකිය. ?ලස්සන ආදර කතාවක් ද බලා ගන්න පුලුවන්.. ❤️
සාහෝ තිරගත වී අදට අවුරුදු 2ක් ?