S. P. Balasubrahmanyam Indian Playback Singer | Sinhala Article

S. P. Balasubrahmanyam Indian Playback Singer

#Memorie

සංගීතය කියන්නේ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා දාන්න පුලුවන් අධි මාත්‍රික ඖෂධක්.. ඒකටම මියුරැ කටහඩක් එකතු උනොත් ආයේ අමුතුවෙන් ඒ ෆීල් එක ගැන විස්තර කරන්න දෙයක් නෑ.. අන්න ඒ වගේ මියුරැ කටහඩක් හිමි පුද්ගලයෝ බහුතරයක් හිටියත් එදා මෙදා තුර මගේ හිතේ ලැඟුම් ගත් ආදරණීය චරිතයන් කිහිප දෙනෙකු තමයි මේ වෙනකම්ම සිටින්නේ..ඉතිං ඒ අතරින් #SPB කියන්නේ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්.. කොටින්ම කිව්වොත් බ්‍රෑන්ඩ් එකක්..

තෙලිඟු, දමිළ, මලයාලම්, කර්නාටකා, හිංදි, උර්දු, බෙංගාලි, මරාටි ඇතුළුව භාෂා දහසයකින් ගීත ගායනයන් හතලිස්දහසකට අධික ප්‍රමාණයක් තම මියුරැ කටහඩින් අවුරැදු 50 පුරාවටම රසවත් කළ ඔහු නමින් #ශ්‍රිපති_පණ්ඩිදරතෙරැ_බාලසුබ්‍රමනියම්. 1946 ජුනි 4 වන දින නෙල්ලූර් ආන්ද්‍රා ප්‍රදේශයේ උපත ලබන මොහු කුඩා කල සිටම සංගීතය ඇළුම් කළ පුද්ගලයෙක්.. පවුල් පසුබිමෙන්ම එම හැකියාව උරැම කරගන්නා SPB තම හැකියාව වර්ධනය කරගනිමින් තම යෞවන අවධියේ සිටම #ඉලෛයරාජා #ගංගෛඅමරන් #අනිරැදා #බාස්කර් සමඟින් වේදිකා නාට්‍ය සහ සංගීත වැඩසටහන් වල ගීත ගායනා කරද තිබෙනවා.. 1964 වසරේ තෙලිඟු සංස්කෘතික ආයතනය මගින් පවත්වනු ලැබු තරඟයකදී තම ප්‍රථම ත්‍යාගය ලබා ගනු ලබනවා..එය ඔහුගේ ගායකයෙක් වීමේ ආශාව වැඩි කරන්නක්ද වෙනවා..

කන්ඩසාලා සහ ගොදන්ඩවානි විනිසුරැවන් ලෙස සහභාගී වු වැඩසටහන ගීත ගායනා කරමින් හොදම ගායකයා බවට තේරී පත් වනවා..පසුව විවිධ අධ්‍යක්ෂකවරැන්ගෙන් අවස්ථාව පතන SPB හට ප්‍රථම අවස්ථාව ලෙස ගෝදන්ඩවානි යටතේ ලැබෙනවා.

එම නිසා SPB ගේ ප්‍රථම සිනමා ගීත ගායනය ලෙස හැදින්වෙන්නේ ශ්‍රි ශ්‍රි ශ්‍රි මරියාද රමනායි..එය සංගීත අධ්‍යක්ෂක S.P. ගෝදන්ඩවානි විසින් සංගීතය වූවකි. #රාවේ_කාව්‍ය_සුමබාලා යන ගීතය තම ප්‍රථම ගීතය ලෙස P.සුසිලා සහ ශ්‍රිනිවාසන් සමඟින් ගායනා කරන මොහු 1969 වසරෙදී #හොටල්රම්බා යන චිත්‍රපටය හරහා දමිළ සිනමාවට පිවිසෙනවා.. 1979 වසරෙදී සංකරාබරනම් චිත්‍රපටයේ ගීත හරහා ප්‍රසිද්ධ වන මොහු කර්නාටක භාෂාව පිළිබද එතරම් දැනුමක් නොතිබියද දක්ෂ ලෙස තම හැකියාව පෙන්නුම් කරන අතර සංකරාබරනම් වෙනුවෙන් තම ප්‍රථම ජාතික සම්මානයද ලබා ගනු ලබනවා.නැවතත් 1988 වසරෙදී රැද්‍රවීණා යන තෙලිඟු චිත්‍රපටයට දෙවැනි වතාවටත් ජාතික සම්මානය හිමිකරගනු ලබනවා..පසුව හිංදි සිනමාව වෙනුවෙන් 1989 වසරේ සිට සල්මාන් වෙනුවෙන් තම කටහඩ සපයන මොහු දිල් දිවානා ගීතය වෙනුවෙන් FilmFare සම්මානයද ලබා ගන්නවා..

1990 දශකයේ සිට දේවා, විද්‍යාසාගර්, කීරවානි,රාජ්කුමාර් යන සංගීත අධ්‍යක්ෂකවරැන් යටතේ ගීත ගායනා කරන මොහු ප්‍රථම වරට A.R.Rahman සමඟ රෝජා චිත්‍රපටයේ තම කුසලතාවන් පිළිඹිබු කරනවා.. එයින් පසුව දීර්ඝ කාලයක් රහුමන් සමඟ එකතු වන මොහු ගීත රාශිකයකට තම දායකත්වය නොමසුරැව ලබා දෙනවා..

1981 පෙබරවාරි 8 වන දින කර්නාටක ගීත 21, දමිළ ගීත 19 සමගින් හිංදි ගීත 16 දවසින් ගායනා කරමින් වාර්තාවක්ද තබනවා..එමෙන්ම කේරල ප්‍රාන්තයේ අරිවාසනම් සම්මානට මොහුගේ භක්ති ගීත සදහා මොහු ලබා ගන්නවා.. තවද 2001 වසරේ ඉන්දීය රජය මගින් දෙනු ලබන #පද්මශ්‍රි සම්මානයද 2011 වසරේ #පද්මභූශන් සම්මානය ද තමන් සතු කරගන්නවා..විශේෂම දේ ලොව වැඩිම ප්‍රමාණයක් ගීත ගායනා කරමින් ගිනස් පොතට යන මෙම අපූරැ කලාකරැවා මේ වන විට සම්මාන රැසකට උරැමකම් කියනු ලබනවා..

තවද අමර්කලම් චිත්‍රපටයේ #සත්තම්_ඉල්ලාද ගීතය සහ කේලඩි කන්මනී චිත්‍රපටයේ #මන්නිල්_ඉන්ද_කාදල්
ගීත දෙක හුස්ම නොගෙන ගායනා කිරී⁣ම හේතුවෙන් ඉතාමත් ප්‍රසිද්දයට පත් වනවා සහ අදටත් එම ගීත ජනප්‍රියයි.

එමෙන්ම මොහු මලෛ චිත්‍රපටය වෙනුවෙන් ගායනා කල ගීතය වෙනුවෙන් විනාඩි 12 කාලයක් පමණක් වැය කිරීම විශේෂයි. තවද මොහු ඉතා හොද ක්‍රිකට් ලෝලියෙකුත් වෙනවා.. #තුඩික්කුම්_කරන්ගල් චිත්‍රපටය ඇතුළුව චිත්‍රපට හැටක් මොහුගෙන් මේ වනතෙක්ම සංගීත අධ්‍යක්ෂනය වෙලත් තියෙනවා.

මොහු ගායකයෙක්ම පමණක් නොවේ.. ඉතා හොද නළුවෙකු,බටනලා වාදකයෙකු, ගීත රචකයෙකු,චිත්‍ර ශිල්පියෙකු,සංගීත අධ්‍යක්ෂකවරයෙක්ද වනවා.. නමුත් අවාසනාවකට රෝගී තත්ත්වය හේතුව නිසාවෙන් ලොවම අඩවමින් ගිය අවුරැද්දේ මෙලොව හැර දා යන්නේ රසික හදවත් මෙන්ම කලා ලොවේ ලොකු හිස්තැනක් තබමින්… කවදා කවුරැ කොහොම ආවත් මොහුගේ මතකයන් සදා අනුස්මරණ නොවෙනවා නොඅනුමානයි..

නිරෝෂා භාරතී

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *