Rukmani Devi Sri Lankan Actress by Rohan Senevirathne
සිංහල සිනමා රාජධානියේ මුල්ම අග රැජිණිය ඇයයි. සිනමා ගීත ගායනයේ ගීත කෝකිලාවියද ඇයයි.
මේ සියලු අංගයන්ගෙන් පරිපූර්ණ නිළි රාජිණිය ලෙස ඇය කිරුළු පලඳින්නේ මේ සුවිශේෂත්වය නිසාමය.
1923 ජනවාරි 15 වෙනි දින උපන් ඇය ඩේසි රාසම්මා ඩැනියෙල් නම් විය.
උපතින් දෙමල ජාතික කතක් වුවද ගීත ගායනයට තිබූ සහජ කුසලතාවය නිසා පසු කලෙක සංගීත කලාවට යොමු වී එවකට ගීත ගායකයෙකු ලෙස ප්‍රසිද්ධව සිටි ඩබ්ලියු.රුපසිංහ මාස්ටර් සමග “සිරි බුද්ධ ගයා විහාරේ” ගීතය ගයමින් ගීත ගායනා ක්ෂේත්‍රයට යොමු වූවාය.
ගායනයට මෙන්ම රංගනයට තිබු දක්ෂතාවය නිසා මීගමුවේ මිනර්වා නාට්‍ය කන්ඩායමේ ප්‍රධාන රංගන ශිල්පිනිය ලෙස වේදීකා නාට්‍ය වල රංගනයේ යෙදුනාය.
1947 දී බි.ඒ.ඩබ්ලියු ජයමාන්නගේ “කඩවුනු පොරොන්දුව”වේදිකා නාටකය සිනමාවට නැගෙන විට එහි ප්‍රධාන නිළි චරිතය වූ රංජනීගේ චරිතය රඟපාමින් ඇය සිනමාවට පා තැබුවාය. ජ්‍යයෝතිස් සින්හා අධ්‍යක්ෂණය කල”කඩවුනු පොරොන්දුව”හී ප්‍රථම සිංහල සිනමා නිළිය ලෙස ඇය වාර්තාවක් තැබුවාය ඉන් පසු නිර්මානය වූ”කපටි ආරක්ෂකයා”,”වැරදුනු කුරුමාණම””උමතු විශ්වාසය”,”දොස්තර”,”පෙරලෙන ඉරණම”,”කැළෑ හඳ”,”සිරියලතා”,”නලගන”,”දස්කොන්”,”හෙට ප්‍රමාද වැඩියි”,”සැමියා බිරිඳගේ දෙවියාය”,”මතභේදය”,”මංගලිකා”,”ලා දළු” “දෛවයෝගය “වැනි මුල් යුගයේ සිනමා පටවල ප්‍රධාන නිළිය ලෙස රංගනයේ යෙදුනාය.
එදා ඇයට සිනමා පටවල ඉතා දීර්ග දෙබස් එකවර කියන්නට තිබුනි.දෙමල ජාතික කතක් වූ බැවින් ඇයට සිංහල ලිවීමේ හා කියවීමේ හැකියාවක් තිබුනේ නැත ද,ඇය එම සැම දෙබසක්ම කටපාඩමෙන් කියා ඇත්තේ සිංහල වචන ඉංග්‍රීසීයෙන් ලියා ගෙන වීම ඇයගේ සුවිශේෂත්වයයි. ඉතා මිහිරි ගීත ගායනයන් මෙන්ම ඇය රඟ පෑ සිනමා පටවල ආ ගීත ඇය විසින්ම ගයා ඇත්තේ ද මේ අයුරිනි.
මේ නයින් සලකා බලන කල ඇය සිනමා කලාවට,ගායන කලාවට මහත් කැපවීමක් කල අසහාය කලා රැජිණියකි.
ඇය එදා සිනමා පටවලට ගැයූ ගීත අද ද ඉතාම ජනප්‍රිය ගීත අතර පවතී.
-
-
- සිරි බුද්ධ ගයා විහාරේ
- අන්න සුදෝ අර පාට වලා
- මෝරනවා ප්‍රේමේ හදේ
- මැලවී යන්නා හද මාගේ
- මාගේ පෙම්වතා හිතවතා රසවතා
- බලාපල්ලා මේ මුණේ හැටි
- සමුදුරේ සොයා
- ශාන්ත වේ ප්‍රේමේ ප්‍රේම ගං තිරේ
- රාණී එන්කෝ නැගී
- ආදරයයි කරුණාවයි
- මගේය ප්‍රේම මාලනී
- මැවිලා පෙනේවී රුපේ
- දෙවා ගිනි දවා පෙම්
-
වැනී රසාලිප්ත ජනප්‍රිය ගීත රාශියක් ඇය ගායනා කලේ සිංහල වචන ඉංග්‍රිසී බසින් ලියා ගෙනය.
මෙවන් විශිෂ්ට කලාකාරිනියකට එදා සිනමාවේ තම රංගන හැකියාවන් බොහෝ විට පෙන්වීමට ඉඩ හසර ලැබුනේ නාට්‍යානුසාරයෙන් වීමත්,එදා සිනමාව රජ කල ද්‍රවිඩ ආභාෂයෙන් වීමත් නිසා ඇයගේ රංගන ප්‍රතිභාව ඉහලින් පෙන්වීමට අවකාශ ලැබුනේ මද වශයෙනි.
එහෙත් ඇය එදා ප්‍රේක්ෂක සිත් තුල ජීවත් වූ එකම රිදී සිනමා තාරකාවිය වූවාය.
ගීත ගායනයෙන් මෙන්ම රංගනයෙන්ද ඇය ප්‍රේක්ෂක හදවත් තුල සදා ලැගුම් ගන්නට සමත් වූවාය.
සිනමාවේ ඇයට තම රංගන ප්‍රතිභාවය මැනවින් පෙන්විය හැකි චරිත ලැබෙනුයේ හැත්තැව දශකයේ දීය.සිනමා ජන කතාකරු කේ.ඒ.ඩබ්ලියු පෙරේරාගේ”ඉහත ආත්මය”,”ළසඳා”,සීයේ නෝට්ටුව”,නෑදැයෝ”,වැනි චිත්‍රපට තුලින් ඇයට එම අවස්ථාව ලැබුනේය.එසේම සමහර විනෝදාත්මක ධාරාවේ සිනමා පට වල රංගනයන් තුලින්ද ඇයට එම අවස්ථාව ලැබුනේය
- පාරා වළලු
- හතර වටේ
- චිං චිං නෝනා
- හිතුවොත් හිතුවමයි
- දෙවියනි ඔබ කොහිද
- නුවන් රේණු
- අනූෂා
වැනි සිනමා පට ඒ අතර වේ.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් ගේ”අහසින් පොළොවට”සිනමා පටයේ ඇය සිනමා ජීවිතයේ කල හොඳම සිනමා රංගනය කිරීමට වාසනාව ලැබුවාය.
කඩවුනු පොරොන්දුවෙන් ඇරඹි ඇගේ සිනමා ගමන් මගේ සන්ධිෂ්ටානය ආචාර්ය ලෙස්ටර්ගේ”අහසින් පොළොවට”හී කල විශිෂ්ට රංගනයයි.ඇය එහී අපූරු ගීතයක් ද ගායනා කලාය.
දරු නැලවිලී ගීතයක් ඇය ඉතා විශිෂ්ට ලෙස මේ චිත්‍රපටයේ ගායනා කලාය”දොයි දොයි දොයි දොයිය පුතේ” නම් එම ගීතයයි
1979 ජනාධිපති සම්මාන උළෙලේ දී හොඳම ගායිකාවට පිදුන මේ ගීතයට හිමි සම්මානය ලබා ගැනීමට ඇය ඒ වනවිට ජීවත්ව සිටියේ නැති වීම සිතට මහත් වේදනාවක් ගෙන දෙන කරුනකි.
ඇය අවසන් වරට සිනමා කැමරා කාචයකට පෙනී සිටියේ ගාමිණී ෆොන්සේකා 1978 දී අධ්‍යක්ෂණය කල “සක්විති සුවය” චිත්‍රපටයේය.
එහී ඇය රඟපැවේ විජය කුමාරතුංගගේ මව ලෙසයි,එයද මිය යන දර්ශනයකි
එම සිනමා රංගනය ඇගේ දෛයවයෝපගත සිදුවීමක් ද කියා විමසා බලන විට දැන් අපට පසක් වෙයි.1978 රුපගත කල එම චිත්‍රපටය තිරගත වුයේ 1982 දීය.
ඒ වන විට ඇය ජීවතුන් අතර නොසිටීම මහත් වේදනාවක් ගෙන දෙන්නකි.
සිනමා නිළියක ගීත කෝකිළාවියක ලෙස කලා ලොව ඉහලින් වැජඹුනද,ඇය කිසි දිනක මාන්නයෙන් උදම් වූ කාන්තාවක් නොවූවාය. ඩේසී අක්කා යන ආදර නාමයෙන් කලා ලොවේ හැමෝගේම සිත් දිනා සිටි හදවතින් සුන්දර මෙතුමිය1978 ඔක්තොම්බර් මස 28 වැනි දින සුවහසක් සිනමා රසික සිත් සෝ සයුරේ ගිල්වා රුදුරු මාර්ග අනතුරකට ලක් වී අප හැර ගීයාය. මේ සුවිශේෂී කලා රැජිණ කයින් අප අතර නැතද ඇයගේ ගීතයක් ඇසෙන සැම විටම,පැරනි සිනමා පටයක් නෙත ගැටෙන සෑම විටම ඇය තව තවත් සැබැ සිනමා රසික අප හදවත් තුල ජීවත් වන්නීය.සැබැ විශිෂ්ට කලාකාරිණියක,සිනමා නිළි රැජිණක ලෙස ඇයගේ ගුණ සුවඳ තවමත් කලා ලොව සැබැ කලාකරුවන්ගේ සිත් තුල මතකයේ රැඳී තියෙන්නේය ඇය කයින් වෙන්ව අද දිනට වසර හතලිස් තුනක් ගත වී ඇත. එතුමියට ස්වර්ග මෝක්ෂ සුව නිති සැලසේවා