RRR (2022) Telugu | Sinhala Article

RRR (Telugu) 2022 by Mahesh Hettiarachchi

ගින්දරට ජලය සම්මුඛ වෙන ජලයට ගින්දර සම්මුඛ වෙන
RRR

RRR චිත්‍රපට KGF Chapter 2 වගේම එනකන් බලන් හිටපූ චිත්‍රපටයක්.ඒකට පෞද්ගලික හේතුව තමා Jr NTR නළුවා.අවසානයේ එයාගේ බලපූ චිත්‍රපට තමා 2018 තිරගතවුනු Aravinda Sametha Veera Raghava කියම චිත්‍රපටය.ඒකෙ තේරුම මම Ram Charan කියන නළුවාව ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙමේ.මට Ram Charan කියන නළුවා හරහාම තමා Jr NTR කියන නළුවාව
හමූවෙන්නේ.

?ඒ කොහොමද?

සිනමාව කියන්නේ පුළුල් විෂයක්.ඒ විෂය ජාතියෙන් ජාතියට දේශයෙන් දේශයට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන විෂයක්.ඉතින් ඒ වෙනස අපි දකින්නේ ක්‍රමිකව.ඒ වගේම ඒ වෙනස දකින්න පුද්ගලයාගේ රසාස්වාදයත් වැදගත් වෙනවා.English,Tamil,French, Korean වැනි සිනමා පට පමණක් බලපු මට 2014 වර්ෂයේ තෙළිඟු සිනමාව කියන්නේ වෙනස්ම දෙයක් බවට පත් වෙනවා.ඒ වෙනස ඇඟට දැනෙන්න ගන්නවා.මූලින්ම මට බලන්න ලැබෙන්නේ Ram charan ගේ සිනමාපටයක් වන Yevadu කියන චිත්‍රපටය.Yevadu කියන්නේ Face/Off කියන 1997 තිරගත වුණු චිත්‍රපටයේ කතා අනුසාරයෙන් ගොඩනැගෙන සිනමාපටයක්.Face/Off චිත්‍රපටයේ කරට කර යන්නේ John Travolta සහ Nicolas Cage කියන දක්ෂයෝ දෙන්නා.Yevadu චිත්‍රපට තුල Allu Arjun සහ Ram charan කරට කර යනවා.Concept එක සමාන උනත් Yevadu ඔවූන්ගේ Audience එකට දැනෙන විදිහට හදලා තියනවා.කතාව ඉස්සුවට අමුවෙන්ම උස්සලා නෑ.Creative වැඩක් විදිහකට ඒක ඉදිරිපත් කරලා තියනවා.

ඒ චිත්‍රපටයෙන් පස්සේ Ram charan කියන නළුවා හරහා තෙළිඟු චිත්‍රපට බලන්න පටන්ගන්නවා.ඒ එන ගමන තුල තමා Jr NTR කියන දක්ෂයාව හම්බෙන්නේ.මුලින්ම මම බලන්නේ Temper කියන චිත්‍රපටය.ඒ චිත්‍රපටය තුල ජනප්‍රියත්වය හරහා දක්ෂ නළුවා කියන පරාසයට යන්ම පුළුවන් වෙනවා NTR කියම නළුවට.ඒ වගේම NTR ඒ චිත්‍රපට හරහා තෙළිඟු සිනමාව තුල වෙනස් ආකාරයක ප්‍රතිරූපයක් ගොඩනගාගන්නවා.ඒක තව ආකාරයකින් කියනවා නම් NTR කියන්නේ දක්ෂ චරිතාංග නළුවෙක් කියලා ඔප්පූ කරනවා.ඊට පසුව ආපූ

?Naannaku Prematho (2016)
?Janatha Garage (2016)
?Jai Lava Kusa (2017)
?Aravinda Sametha Veera Raghava (2018)

චිත්‍රපට වලින් තම දක්ෂතාවය ඔප්පු කරලා පෙන්නනවා. Ram charan ගෙන් තෙළිඟු සිනමාව බලන්න පෙළඹුන මම අවසාමයේ ආසම නළුවා විදිහට තෙළිඟු සිනමාවේ වැළඳ ගන්නේ NTR. ඉතින් RRR මට පෞද්ගලිකව වැදගත් වෙන ප්‍රධාන කාරණය ඒක..

අනෙක් කාරණය තමා NTR මේ Project එකට අතගහන එක. මොකද තෙළිඟු සිනමාව තුල තවත් දැවැන්ත තරුවක් තමා Ram charan කියනේ.

?️Ram charan
?️Allu arjun
?️NTR
කියන්නේ සිනමාවේ වෙනම ගමනක් පුද්ගලිකව යන අය. මේ තුන් කට්ටුව ගත්තාම Ram charan මේ දෙන්නා එක්කම මේ වෙනකොට වැඩ කරලා තියනවා. Yevadu චිත්‍රපට තුල Ram, Allu arjun එක්ක කරට කර යන කොට මේකේ NTR එක්ක කරට කර යනවා. මේ යන විදිහට මේ තුන්දෙනා එකට ඉන්න ෆිල්ම් එකක් එයිද කියන්නත් බෑ. ඒ Project එක කොහොම වෙයිද කියලා හිතාගන්නත් බෑ.

කොහොම නමුත් මේ හේතුත් එක්කම NTR ගේ මේ Project එක මොකක් වෙයිද කියන කුතුහලය තිබ්බා. මුලින්ම මේ චිත්‍රපටයේ එන්නේ වෙනත්ම ආකාරයක Teaser එකක්. පස්සේ ඒක එක Teaser එකක් නෙමේ Teaser දෙකක් වෙනවා. ඒ කියන්නේ RRR චිත්‍රපටයට Teaser දෙකක් තියනවා POV දෙකකින්.

?Ram Charan’s First Look From RRR
https://youtu.be/2_BkCz3OnlY

?NTR’s First Look From RRR
https://youtu.be/BN1MwXUR3PM

Ram ගේ Teaser එක තුළ Ram රංගනය ඉදිරිපත් කරන්නේ Alluri Sitarama Raju චරිතය.ඒ චරිතයේ ස්වභාවය එහෙමත් නැත්නම් චරිතයේ චර්‍යාව පළවෙනි Teaser එකෙන් Symbolizes කරලා තියනවා.චරිතය තුල තියන කෝපමය ස්වභාවය,ප්‍රචන්ඩත්වය,කළහාකාරී ස්වභාවය වීරත්වය මේ සියල්ල Teaser එක තුළින් පෙන්නන්න උත්සහ කරනවා.ඒ වගේම චරිතය හඳුනවලා දෙන්නේ NTR.Teaser එක බලද්දි Background Voice එකකින් චරිතය අර්ථ දක්වනවා සහ ඒ අර්ථ දක්වන චරිතයට එහෙමත් නැත්නම් Komaram Bheem ට Alluri Sitarama කවුද කියන එකත් පැහැදිලි කරනවා. Alluri Sitarama Raju චරිතය Symbolizes කරලා තියෙන්නේ ගින්දරට.ගින්දර වල අවසාන ඵලය වෙන්නේ විනාශකාරී බවයි.ඉතින් Alluri Sitarama Raju චරිතය කොතරම් ප්‍රබල ද කියන එක පෙන්නුම් කරලා තියනවා ඒ Teaser එකෙන්.

NTR ගේ Teaser තුල NTR රංගනය ඉදිරිපත් කරන්නේ Komaram Bheem කියම චරිතය.ඒ Teaser එක තුලිනුත් කරන්නෙම චරිතයේ ස්වභාවය එහෙමත් නැත්නම් චරිතයේ චර්‍යාව Symbolizes කිරීම සහ පැහැදිලි කිරීම.ඒකෙන් අපිට හඟවන දේ තමා කැලෑවක් තුල හැදී වැඩෙන ස්වභාව ධර්මය හොඳින් තේරුම් ගන්නා බොහෝම Calmful ඒ වගේම ශක්තිමත් පුද්ගලයෙක් කියන එක.සන්සුන් නමුත් ඒ චරිතය තුලත් තියනවා විනාශකාරී බව කියන ස්වභාවය.මේ Teaser එක තුල චරිතය විස්තර කරන්නේ Ram Charan සහ ඒ Komaram Bheem කියන පුද්ගලයාව Alluri Sitarama Raju ට කවුද කියන එකත් පැහැදිලි කරනවා.මේ චරිතයේ ස්වභාවයත් එක්ක මේ චරිතය සමාන කරලා තියෙන්නේ ජලයට.ජලය කොච්චර Calm උනත් සීතල උනත් අවසානය තුල විනාශකාරී බවක් තියනවා.Komaram Bheem කියන්නේ කොච්චර ශක්තිමත් පුද්ගලයෙක්ද කියන එක පෙන්නුම් කරලා තියනවා.

?කවුද මේ Alluri Sitarama Raju සහ Komaram Bheem කියන්නේ.

මේ චරිත දෙකම ඉන්දියානු ඉතිහාසයේ කාල රාමු දෙකක් තුල සිටි විප්ලවවාදීන් දෙදෙනෙකි.බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ වන ආදීවාසීන් ගේ ප්‍රශ්නයන් වෙනූවෙන් පෙනී සිට ඒ වෙනුවෙන් සටන් වැදුණු විප්ලවවාදීන් දෙදෙනෙක්.ඉතින් RRR කියන්නේ S. S. Rajamouli ගේ ෆැන්ටසිය.ඒ එකම කාලරාමුවක් තුල චරිතයන් දෙකම හමූවීම සහ මිත්‍රයන් බවට පත්වීම.ඒක S. S. Rajamouli අනුව ගින්දරට ජලය සම්මුඛ වෙන ජලයට ගින්දර සම්මුඛ වෙන අවස්ථාවක්.

“There are gaps in the lives of these legendary freedom fighters that we don’t know about … It is through this fictional story [that] we’d like to show what could have happened in their lives and what would have happened if they met and bonded”

ඒ S. S. Rajamouli ගේ චිත්‍රපට ගොඩනැංවීමේ පදනමයි.

හැබැයි මේ ඉතිහාස පදනම ඔලූවේ තියන්ම මේ සිනමාපටය රසවිඳින්න අවශ්‍ය වෙන්නෑ.S. S. Rajamouli එයාගේ අදහස අපිට දැනෙන විදිහටම මේ චිත්‍රපටය ගොඩනගලා තියනවා.ඒක චිත්‍රපට පටන්ගන්න තැන ඉදලා අවසාන වෙන තැන දක්වාම අපිට දැනෙන්න සලස්වලා තියනවා.

අනෙක් සුවිශේෂී දේ තමා Ram සහ NTR වගේ රංගන ශිල්පීන් දෙදෙනෙක් ඉන්න චිත්‍රපටයක ඒ දෙන්නට ගොඩනැගෙන Star Entrance එක. සිංහල සිනමාව තුල අහිමිවෙලා ගිය වින්දනයක් උනත් තවමත් ඉන්දීය සිනමාවට වලංගු දෙයක් තමා ඒක. දැන් ඒ වින්දනය Hollywood එකත් උස්සලා ඉවරයි. ඒකට හොඳම උදාහරණය තමා Marvel සිනමාව. 

ආසම නළුවා පුළුල් තිරයේ දකින කොට හූ තියලා විසිල් ගහල නටලා ලබන වින්දනය වෙනමම හැඟීමක්. ඒ හැඟීම තවමත් අපිට ලාංකීය වශයෙන් ගන්න පුළුවන් වෙන්නේ හින්දි සහ දමිළ චිත්‍රපට වලින් විතරයි.

RRR චිත්‍රපටයේ මට හිතාගන්නම බැරි උනේ Ram charan ගේ Character Entrance එක. ඒකට හිනා වෙන්න ඕනේද? නටන්න ඕනේද? සතුටු වෙන්න ඕනේද? නැත්තන් අඩන්න ඕනේද? කියන එක හිතාගන්න බෑ. මොකද එතන මානුෂීයත්වය පිළිබඳ ප්‍රශ්නයක් ගොඩනගලා තියන නිසා. ඒ නිසා පොඩ්ඩක් පටන් ගන්න තැනම Audience එක හිරකරලා දාන්න හදනවා. දැනටමත් ෆිල්ම් එක බලපූ අය ඒ Entrance එක සමාජ මාධ්‍යට මුදාහැරලා තියෙන්නේ. මට අනූවනම් Ram charan ගේ Entrance එක NTR ගේ Entrance එකට වඩා ප්‍රබලයි.

සමස්ථය ගත්තාම මේ සිනමාපටය තුල කතා කරනවා විප්ලවයක පැති දෙකක් ගැන.S. S. Rajamouli මේ චරිත දෙක තුලින් Symbolizes කරන්න උත්සහා කරන්නේ අන්න ඒ දේ කියලා මට හිතෙනවා. න්‍යායාත්මක වගේම සැළසුම් සහගත දෘෂ්ටිවාදී විප්ලවය සහ හැඟීම් සහගත දෘෂ්ටිවාදී විප්ලව කියන කාරනා දෙක.විප්ලවවාදියෙක් හැඟීමකින් ගොඩනැගෙන්න පුළුවන්, තවත් විප්ලවාදියෙක් සැළසුම් සහගතව ගොඩනැගෙන්න පුළුවන්. ඒත් කෙනෙක්ට හිතන්න පුළුවන් ඉතින් මේ ස්වභාවයන් දෙක තුලම තියෙන්නේ හැඟීමක් නේද කියලා. අන්න ඒකට දෙන උත්තර තමා මේ ෆිල්ම් එක. ඒක එකක් නෙමේ ඒක දෙකක් කියන එක. සැළැස්ම තුල තියෙන අරමුණ විශාල එකක්. ඒ නිසාම එය තුළ හැඟීම් දකින්න ලැබෙන්නෑ.කොටින්ම ඒ විශාල බව කිසිම කෙනෙක්ට අවබෝදය වෙන්නෑ. අවබෝධය ලබන්න වෙන්නේ එහි අවසාන ප්‍රතිඵලයත් එක්ක. හැඟීම තුල තියෙන අරමූණ බොහොම පොඩියි.ඒ නිසා ඒක අවබෝධ කරගන්න එච්චර අමාරු දෙයක් නෙමේ. ඒ හරහා යන කෙනෙක්ට යන්න තියෙන ගමන බොහොම කෙටියි. S. S. Rajamouli ඒ බව පෙන්නන ගමන් RRR හරහා අපිට පරිකල්පන කරන්න යමක් දෙනවා. ඒ

?විප්ලවයකදී මේ දෙකම එකතු උනොත් මොකක් වෙයිද?

 

RRR දැනෙන වැඩක්…..

?Who were Sitarama Raju and Komaram Bheem
https://www.thenewsminute.com/article/who-were-sitarama-raju-and-komaram-bheem-real-life-heroes-shown-rrr-162277?amp

?Alluri Sitarama Raju Bio
https://en.m.wikipedia.org/wiki/Alluri_Sitarama_Raju

?Komaram Bheem Bio
https://en.m.wikipedia.org/wiki/Komaram_Bheem

මහේෂ් හෙට්ටිආරච්චි

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *