Ridley Scott American Film Director | Sinhala Article

Ridley Scott American Film Director by Imalka Malintha Vithanage

– විසිවැනි සියවසේ ස්ත්‍රීවාදී භුමිකාව රිඩිලි ස්කොටිගේ ඇසින් –

ලෝකයේ සිනමා අධ්‍යක්ෂවරුන් අතුරින් ජේමිස් කැමරන්, රිඩිලි ස්කොටි,ස්ටීවන් ස්පිල්බර්ග් යන අධ්‍යක්ෂවරුන් තිදෙනා ලෝක සිනමාවට දැවැන්ත සිනමා නිර්මාණ දායාද කර ඇත.සර් රිඩිලි ස්කොටි බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. දැවැන්ත චිත්‍රපට නිර්මාණ රැසක් ඔහු අතින් බිහි වී ඇත.ඒ අතර “Blade Runner”, “Gladiator”, “Black Hawk down”, “Black rain”,” Kindon of Heaven”, “American Gangster”,” Robin hood ” සහ “Prometheus” ඔහුගේ දැවැන්ත නිර්මාණ අතර වෙයි. “Gladiator” සහ “Kingdom of Heaven’ සුවිශිෂ්ට අද්විතීය උත්කෘෂ්ට සම්මානනීය මාහැඟි නිර්මාණ වේ. සර් රිඩිලි ස්කොටිගේ සටන් ජවනිකා රැසක් අඩංගු “Gladiator” චිත්‍රපටය ලෝක සිනමාවේ සන්ධිස්ථානයකි.

වර්ෂ 1991 දී සර් රිඩිලි ස්කොටි විසින් අධ්‍යක්ෂණය කළ “තෙල්මා සහ ලුයිස් ” චිත්‍රපටයහි මතුපිට වනුයේ ස්ත්‍රිවාදය පෙරට තබා ෆෝර්ඩ් තන්ඩ(ර්)බර්ඩ් වර්ගයේ කාරයකින් අැමරිකාව කණපිට හරවන බවලතුන් දෙපළකගේ “Road Trip ” කතාන්දරයක් පිළිබඳවයි. පුරැෂ දාසයකුගෙන් බැටකන තෙල්මා ඩිකින්සන් සහ ටර්මිනේටර් පන්නයේ අභිත කාන්තාවක වන ලුයිස් සෝයර් මෙි සුදානමි වන්නේ තම නිවාඩුව ගත කිරීම සඳහා “ආකර්න්සන්” ජනපදය වෙත බලා යෑම ය.

ෆෝර්ඩ් තන්ඩ(ර්)බර්ඩ් වර්ගයේ මෝටර් රථයකින් ගමන ආරම්භ කරන තෙල්මා සහ ලුයිස්ගේ අපුරැ සංචාරයතුර අතරමඟ රාත්‍රී සමාජශාලාවලකට(Night Club) වැද, මෙි සුරැපී තරැණියන් දෙපළ කති. බොති. ප්‍රීතියෙන් මත් වෙති. ලිප්සටික් ගෑ තොල්වලින් දුමිවැටි උරමින්, බියර් වීදුරැ හිස් කරම්න් ජීවිතය ප්‍රමෝදයෙන් යුතු ව ගත කරති. රොක් සංගීතයෙන් දැහැන්ගත වෙති. මෙි අතර තෙල්මා දුෂණයට කරන්නට පිරිමියකු තැත් කරති. මිතුරි ලුයිස් රිවෝල්වරයක් සමඟ කඩා පනිති. තෙල්මා දැන් ආරක්ෂිත ය. පිරිමියා ලුවිස්ට අභියෝග කරති. “Suck My Cock.”(උරන්න මගේ ශිෂ්ණය). පිරිමියා ලුයිස්ට අභියෝග කරති. ලුවිස්ගේ රිවෝල්වරයෙන් පිරිමියාට ප්‍රතිචාර ලැබෙයි.පිරිමියාගේ රමණයට පිළිතුරැ ලැබුණේ මරණීය මුනිස්සමකිනි. කුස්සියට කොටු වී සිටි රිවෝල්වරයක් අත දරන ලුවිස් පන්නයේ ගැහැණියක් නිර්මාණය වුයේ කෙසේද?අරැමයකි. පිරිමියාගේ වහල්බවින් මිදීමට සියුමැලි කාන්තා දෑතට රිවොල්වරයක් අත දරන්නට අනාගතයේ සිදුවන බව රිඩිලි ස්කොටි අනතුරැ හඟවති.

ජාඩියට මූඩිය මෙන් සිටින තෙල්මා ඉදිරියේ පාදුර්භූත වන ආරක්ෂිකාව ලුයිස්ට පාරාවලල්ලක් වන්නේ ද තෙල්මා ය. තෙල්මා යනු කිසිදු බරක් පතළක් නොතේරෙන ඇසුරැ සැණින් රැවටෙන කාන්තාවකි. තෙල්මා පිරිම්න්ගෙන් බොහෝ සේ මටිටු වෙති. තෙල්මා යනු ප්‍රඥාව, බුද්ධිය ඇබින්දක්වත් නොමැති කාන්තාවකි. තෙල්මාගේ අසාරබව හමුවෙි ලුයිස්ට සිදුවන අලාභය ගණනය කිරීම අසීරැ ය.ගැහැනියකගෙන් තවත් ගැහැනියකට අප්‍රමාණ වු දුක්ක දෝමනස්සයන් කන්දරාවක් උරැම වෙි. තෙල්මා වැනි කාන්තාවන් සුලභ ය.නමුත් ලුයිස් වැනි කාන්තාවන් අතිශයින්ම දුර්ලභ ය.

මඟකදී අසහනකාරී කන්ටෙිනර් රියදුරාගේ ලිංගික උසුළු විසුළුකමිවලට ලක්වන මෙි බලවතුන් දෙපළ යට කී පුරැෂයා හා සමිමුඛ වෙයි. ලුයිස් විසින් ලිංගික අසහනයෙන් පෙළෙන පුද්ගලයාගෙන් ⁣මෙසේ ප්‍රශ්න කරති.

“How’d you feel if sombody did that your mother ?
“Or Your sister?”
“Or Your wife?

මෙවර පිරිමියා හුරතල් කරන්නට සැරසෙන්නේ නැත. පිරිමියා මටිටු කරන්නට වෙිලාව පැමිණ ඇති බව රිවොල්වරයෙන් පවසයි. තෙල් පුරවාගත් ටැංකිය පුපුරුවා හැර වසර ගණනාවක් සිරගත කිරීමට තරමි අපරාධයක් කරයි. අමන කන්ටෙිනර් රියදුරා තෙල්මාට සහ ලුයිස්ට පතුරැයනතුරැ බැණ වදී.

අවසානයේ “ග්රෑන්ඩි කැනියන්” නිමිනය අසල කඳු බෑවුමක් දෙසට පොලිසිය ඔවුන් පසුපස හඹා එද්දී, ඔවුන් බෑවුම කෙළවරේ මඳක් නතර වෙයි. ඔවුන් කොටු විය. පොලිස්කාරයන් තිස් දෙනකු පමණ ගැහැණියන් දෙදෙනකුට එරෙහිව අවි අමෝරාගෙන සිටිති. ඔවුන් කොතරම් විශාල ප්‍රතිවිපාකවලට මුහුණ දී ඇත්ද යත්, ඔවුන් එකිනෙකා සිපගෙන ග්රැන්ඩි කැනියන් කඳු මුදුන ඔබිබට ගමන් කරයි. මරණීය ප්‍රබෝධයකින් යුතුව විඳගත් ඒ ජීවිතයේ අස්වැසිල්ල වෙනුවෙන් කඳුළක් නැංවෙන්නෙ නැත.දැනෙනුයේ ඉමහත් සතුටකි. කාන්තා නිදහස උපරිමයෙන් විඳගත් මෙි දෙපළ වෙනුවෙන් අත්පොලසන් නාදයක් දෙන්නට වුව ද සිතෙයි. ස්ත්‍රීවාදී භූමිකාව මැනවින් නිරෑපණය කළ මෙි බලවතුන් දෙපළගේ විශ්මිත කාන්තා නිෂේද බලයෙන් ඇමරිකානු පුරැෂයා මෙල්ල වෙයි. සර් රිඩිලි ස්කොටිගේ ස්ත්‍රීවාදී කැන්වසය මනරමි ය. ප්‍රචණ්ඩකාරී ය. දැඩි උපහාසාත්මක ය.

සර් රිඩිලි ස්කොටි විසින් එතෙක් කාන්තාවට පැවති “අහිමි නිදහස ” සෙලියුලයිඩි පටයට මෙලෙස මාතෘකාගත කරයි. පුරැෂාධිපත්‍යයට නතු වු ගැහැනිය නමැති රාමුව රිඩිලි බිඳ දමයි.රැඩිකල්බවට පරිවර්තනය වු කාන්තාවන් දෙදෙනකු ඇමරිකානු පුරැෂයා හා සටන් වැදෙන අයුරැ සිනමාත්මක රෑපාවලියකින් ඉස්මතු කිරීම නුතන කාන්තාව සවිමත් කිරීමට පවා මාවතක් සැකසෙන්නට ඇත.සිනමාපටය පුරාවටම ඇඳෙන කඳුවැ⁣ටි, නිමින, දුවිල්ලෙන් ගහණ කර්කෂ පරිසරය සමුහ රෑපරාමුවලින් උපලක්ෂිත ය. යෝධ කන්ටෙිනර් රථවල රෑපරාමුවලින් පුරැෂාධිපත්‍යයේ අැති බලසමිපන්න බව පෙන්වයි.රිඩිලි ස්කොටි විසින් චිත්‍රපටය සඳහා යොදාගෙන ඇති සංස්කරණ රටාවන් අපුරැ ය. තෙල්මා සහ ලුයිස් යනු සර් රිඩිලි ස්කොටිගේ විශිෂ්ටතම චිත්‍රපට අතර ඉහළින්ම ස්ථානගත කළ හැකි විශිෂ්ට සලරැවක්.

මලින්ත විතානගේ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *