Richard Weerakkody Sri Lankan Actor by Thusha S Weerasinghe
චරිතාංග රංගනයේ දැවැන්තයා | රිචඩ් වීරක්කොඩි …..
90 දශකයේ රූපවාහිනීයෙන් විකාශය වූ බර්ට්‍රම් නිහාල් මහතා අධ්‍යක්ෂණය කල රුපියල් ශත, කඩවර, දඩබිම වැනි ත්‍රාසජනක ටෙලිනාට්‍යය වල රඟපෑ ඒ අතිදක්ෂ නළුවා මතකද.. ඔහු තමයි රිචාඩ් වීරක්කොඩි … බ්‍රර්ටම් නිහාල් මහතාගේම ගම්පෙරළිය ටෙලිනාට්‍යයේද ඔහු සුවිශේෂී රංගනයක් ඉදිරිපත් කලා..
70 දශකයේ මැද භගෙයේදී සිනමාවට අවතීර්ණ වූ රිචාඩ් .. අශා දෑසින්, නිල්ල සොයා, චංචල රේඛා, අනූපමා, උතුමාණෙනි, ඈතින් ඈතට, යලි හමුවෙන්නයි, සෙයිලම, සුදු කළුවර, පුර සක්මන, උඩුගංයාමය, භේරුණ්ඩ පක්ෂියා… ඇතුළු සිනමාපට රැසකටම සිය රංගන දායකත්වය ලබා දුන්නේය… දඩබිම, රුපියල් සත, නිරානන්දය, කඩවර වැනි කලා නිර්මාණය සමඟ ඔහු ප්‍රේක්ෂකයාට සමීප වූයේ දුෂ්ට චරිත නිරූපණය කරමිනි. රංගනයේදී චරිතාංග නළුවකු ලෙස ඔහු ඕනෑම චරිතයකට සාධාරණය ඉටුකළේය. රිචාඩ් වීරක්කොඩි නම් වන ඔහු සැබෑ ජීවිතයේ දී බොහෝ සැහැල්ලු, විනෝදකාමී, සුහද පුද්ගලයෙකි..
මේ දිනවල නැවත විකාශය වන බෝගල සවුන්දිරිස් ටෙලිනාට්‍යයේ මතායස්ගේ චරිතය ඔහු කල තවත් මතකයේ රැඳෙන චරිතයකි..
අද සිටින ගිරවු මෙන් දෙබස් කියවන නළුවන් සමඟ සසඳන විට රිචාඩ් යනු කලකට පහලවන තරමේ රංගන ශිල්පියෙකි… නමුත් වර්තමානයේ බිහිවන හරසුන් ටෙලිකතා නිසා මෙවැනි දක්ෂ රංගන ශිල්පීන් රංගනයෙන් ඈත් වී සිටී….