Rescue (2021) English by Hirusha Kasun
Documentary
තාය්ලන්තයේ Tham Luang ගුහා පද්දතිය එරට දීර්ඝතම ගුහා පද්දතියක් ලෙස හැදින්වෙනවා. 2018 වසරේ අනපේක්ෂිත අයුරින් තාය්ලන්ත ළමා පාපන්දු කණ්ඩායමක් මේ තුල සිරවෙනවා. පාපන්දු කණ්ඩායමෙහි ළමුන් දොළහය් . ඔවුන් සියල්ලෝම අවුරුදු එකොළහත් දාසයත් අතර ළමුන්. ඔවුන් සමග ඔවුන්ගේ විසි පස් හැවිරිදි සහකාර පුහුණුකරුවාද මේ අනපේක්ෂිත සිදුවීමට මුහුණපානවා.
වචන වලින් ලේසියෙන් කියලා දැම්මට මේක මාරාන්තික අනතුරක්. Tham Luang කියන්නෙ කිලෝමීටර් හතරක පහක වපසරියක විහිදුනු අභ්‍යන්තර ස්වභාවික ගුහා පද්දතියක් . අධික වර්ෂාව හේතුවෙන් ගුහා පද්දතිය කෙමෙන් ජලයෙන් පිරෙන්නට ගන්නවා . ගුහා පද්දතියේ ජල මට්ටම කෙමෙන් වැඩිවීම දිගටම සිදුවුව හොත් නිසැක වශයෙන්ම මේ ළමුන් දොළොස් දෙනාට හා පුහුණුකරුට මරු කැදවනවා.
තාය්ලන්ත මුදාගැනීම් කණ්ඩායම් වලට පැහැදිලිවම දැන් මේක ගැටලුවක් . මේක කුඩා ළමුන් දොළහකගේ ජීවිතය පිළිබඳ ගැටලුවක් . මේ කිලෝමීටර් ගානක ගුහා වපසරියෙ හරියටම කොතනද මොවුන් සිර වී සිටින්නෙ. ඔව්න් ජීවතුන් අතරද ? . ඔවුන් උභතෝකෝටික ගැටලුවක. තාය්ලන්ත මුදාගැනීම් කණ්ඩායම් දැඩි අර්බුදයක .
ගොඩක් විට අපි හැමවෙලේම කියනවනෙ ලෝකෙ මනුශ්‍යත්වය කියන දේ රින මට්ටමට වැටිලා කියන කාරණාව. ” නෑ බන් පිස්සුද ලෝකෙ මනුශ්‍යත්වය කියන දේ තාම තියෙනවා” . ” ලෝකෙ මිනිස්සු තාම ජීවත් වෙනවා ” කියලා ඔප්පු කරන සිදුවීම වෙන්නෙ දැන් !. ලෝකයේ නම් දරා සිටින , මුදවාගැනීම් සදහා ප්‍රවීනත්වය උසුලන Cave Drivers ලා කිහිප දෙනෙක්ම මේ තාය්ලන්ත කුඩා පාපන්දු ක්‍රීඩකයන් බේරා ගැනීමේ මෙහෙයුමට ඉදිරිපත් වනවා. මෙහෙයුමට සහය දීමට ලොව පුරා Volunteers ලා දහස් ගනනක් තාය්ලන්තයට පැමිනෙනවා. මෙවැනි මෙහෙයුම් පැහැදිලිවම ජීවිතයත් මරණයත් අතර සටනක්. එමෙන්ම සිදුවී ඇති සිදුවීමේ අනතුරුදායී බව නිසාම පැහැදිලිවම දැඩි පිරිස් බලයක් මෙහෙයුම සදහා අවශ්‍ය වනවා . එමෙන්ම ඒ සියල්ලෝගේම හැකි උපරිම දායකත්වයත් මේ සදහා අවශ්‍ය වනවා
Rescue වාර්තා චිත්‍රපටය ඉදිරිපත් කරන්නේ මානව ඉතිහාසය තුල සිදුවුන දැවැන්තම මෙන්ම අසීරුම මානුශීය මුදාගැනීමක් වූ ඒ අද්වීතීය මෙහෙයුම. දහ තුන් දෙනෙකුගේ ජීවිත වෙනුවෙන් ලෝකයක් දෙවියන් යැදපු ඒ මනුශ්‍යත්වයේ මානුශීය මෙහෙයුම. වාර්තා චිත්‍රපටයක් ඇතුලෙ පුලුවන් අමුවෙන් උනත් ප්‍රස්තූත සිදුවීම නැවතත් ජීවමාන කරන්න. ඒ සිදුවීමේ හැම සියුම් තත්පරයක්ම විය හැකියාව ගම්‍ය වෙන විදිහට රෝම කූප වලට පවා කාවද්දන්න . මේක එහෙම එකක්. ලෝක පාපන්දු ලෝක කුසලානයේ තරගකාරී උණුසුම පැත්තකට තියලා ලෝකයක් බලන් උන්නා මේ මෙහෙයුම දිහා. තාය්ලන්ත ළමුන් දොළොස්දෙනා වෙනුවෙන් ලෝකයෙ හැම අස්සක් මුල්ලක් නෑරම ප්‍රාර්ථනා කලා. මේ මෙහෙයුම ඉදිරියට යන්නෙ ලෝකයක් බලා ඉදිද්දි ඒ හය්ය එක්ක. Cave Drivers ලා , Navy Seal සෙබලු ගුහාවේ අස්සක් මුල්ලක් නෑර ළමුන් කණ්ඩායම සොයා පීරන්න ගන්නෙ මේ බලාපොරොත්තුවෙ හය්ය වගේම මනුශ්‍යත්වයේ ස්පිරිට් එකත් එක්ක.
Rescue වාර්තා චිත්‍රපටය ඔස්කාර් සම්මානලාභී Elizabeth Vasarhelyi හා ඇගේ සැමියාගේ නිර්මාණයක්.ඔවුන්ට පුලුවන් වෙනවා වසර කිහිපයකට පෙර සිදුවුන මේ අනුවේදනීය සිදුවීම තුලින් ලෝකෙට කාරණා දෙකක් ආයෙ මතක් කරලා දෙන්න.එකක් තමා ලෝකෙ තාම මනුශ්‍යත්වය මැරිලා නෑ කියන කාරණාව. අනිත් කාරණාව තමා ” තාය්ලන්තේ ළමුන් දොළොස් දෙනා තාම හුස්ම ගන්නෙ උන් ගුහාව ඇතුලෙ හිරවෙලා ඉන්න කොට උන් වෙනුවෙන් උණු උන හදවත් වල මනුශ්‍යත්වය එදා උන් වෙනුවෙන් බලාපොරොත්තු දල්වා ගෙන හුස්ම ගත්ත හන්දා ” කියන කාරණාව ලෝකෙට කියන්න !