Reminiscence (2021) English | Sinhala Article

Reminiscence (2021) English by Sandeepa Lakshan

Director : Lisa joy
Writer : Lisa joy

70% liked this film Google users

Film එකේ ට්‍රෙයිලර් එකක්වත් බලල තිබ්බෙ නම් නෑ. බලන්න ගත්තෙ ඇත්තටම jackman ඉදපු නිසා. හැබැයි බලන්න ගත්ත පලවෙනි විනාඩි 10න්ම ෆිල්ම් එක සෙට් උනා. මොකද ෆිල්ම් එකේ background look එක නිසා. බලපු නැති අය කියවන්නත් එපා මොකද එතකොට බලල වැඩක් නෑනෙ. අනාගතයේ දවසක්. අපි හැමෝම දන්නවනෙ සුර්‍ය රශ්මිය නිසා අයිස් කදු දියවෙලා ලෝකයෙ ගොඩක් රටවල් මුහුදු ජලයෙන් යටවෙනවා. ඉතින් ඔහොම යටවුනාම මිනිස්සු රටවල් වලින් ඈත් වෙන්නද. මැරෙන්නද. නෑ ඒ එන දේවල් එක්ක මිනිස්සු ජීවිතය ඉදිරියට පවත්වාගෙන යනවා. දහවල් කාලයේ ඉර එලිය ගොඩක් සැර නිසා සහ ශරීරයට අහිතකර නිසා මිනිස්සු රාත්‍රියේ වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා. night city consept එක. අන්න එහෙම තමා චිත්‍රපටය පටන් ගන්නෙ.

අපේ ප්‍රදාන චරිතය නික් බැනිස්ටර් කියන්නෙ ඒ අනාගත ලෝකයේ මිනිස්සුන්ගෙ අතීත මතක තාක්ශනය ඔස්සෙ නැවත ඔවුන්ට ලබා දී මුදල් උපයන පුද්ගලයෙක්.ඔහුගේ සහිකාව වෙන්නෙ වොට්ස්. එක දවසක නික්ගෙ ආයතනයට යුවතියක් එනවා.ඒ “මේ”.. ඇය එන්නෙ තමන් අතින් නැති වුන යතුරු කැරැල්ලක් හොයා ගන්න. ඉතින් ඔය කියන පලමු හමුවීමෙන්ම නික් ඇය හා පෙමින් බැදෙනවා.

ඒක රාගයකට එහා ගිය ආදරයක්. නික් ඇයට ඔහුගේ ආදරය ප්‍රකාශ කරනවා. දෙන්න ආදරේ කරනවා. ගොඩක් ලස්සනට කතාව ගලාගෙන යනවා. හදිසියෙම ඇය කිසිදු සාක්ශියකින් තොරව අතුරුදහන් වෙනවා. මේක නික්ට ලොකු ප්‍රෙහෙලිකාවක්. ඇයට මොකද උනෙ.අතුරුදහන් උනාද ඇයට කරදරයක් උනාද? මේ හැම දෙයක්ම හිතේ තියන් නික් ඇයව හොයන්න පටන් ගන්නවා. ඒත් කිසිදු සාක්ශියක් නෑ. ඒත් නික්ට අහම්බෙන් හිත් කියවන්න උන පුද්ගලයෙක්ගෙ මතකයක ඇයගේ මතකයක් තිබිල හම්බෙනවා. අන්න ඒ මතකය පස්සෙ නික් යනවා… කවුරු ඒ දේ නිශ්ඵලයි කීවත් ආදරය වෙනුවෙන් නික් ඒ දේ කරනවා.

කවුරු මොන දේ කිවත් අපි ඇත්තටම ආදරේ කරනවනම් කරන්නෙ එක් කෙනෙකුට විතරයි මේ මුලු ජිවිත කාලෙටම. ඔයා දකින දකින කෙනාට ආදරේ හිතෙනවනම් එතන කිසිම ආදරයක් නෑ. අපි අවන්කව ආදරේ කරා නම් ඒ කරපු කෙනාටතමා මැරෙන මොහොතෙදිත් අපි ආදරේ කරන්නෙ. එහෙම ආදර කතා අපි අදටත් දකිනවා. ආදරේ කියන දේ සල්ලි, හරි වැරදි, ගුන අගුන, ලස්සන කැත ඔය කිසිම දේකට මනින්න බෑ. නිහඩ හදවත් වල ආදරේ ගැඹුර වැඩී. ඒ දේ නික් අපට හොදාකාරවම පෙන්වනවා. තමන්ගෙ ආදරිය කුමන ආකාරයේ කෙනෙක් උනත්, ඇය තමන්ට ඇත්තටම ආදරේද නැද්ද යන්නවත් නොදැන නික් ඇය වෙනුවෙන් තම ජීවිතයම කැප කරනවා. ආදරේ කියන්නෙ අන්න ඒ වගේ ගැඹුරු හැගිමක්. අවුරුදු 70 ආදරෙයි විනාඩි 7 ක ආදරෙයි කියල වෙන් කරන්න බෑ. දැනෙන හැගීම එකමනම් කාලය කියන්නෙ ඉලක්කම් කිහිපයක් විතරයි. අවසානයේ නික් තමන්ගෙ ඒ මිනිත්තු කිහිපයක මතක එක්කම මුලු ජීවිතයම ගෙවන හැටිදැක්කම ඒක නිකම්ම තේරුනා.

Hugh Jackman කියන්නෙ ආවට ගියාට චිත්‍රපට වල රගපාන කෙනෙක් නෙමේ.ඇත්තටම කාලෙකට පස්සෙ බලපු සුපිරිම romantic sci-fi movie එකක් කීවොත් මන් වැරදි නෑ.හැම විනාඩියම කුතුහලය පිරුනු විනාඩියක්.ඒ වගේම බලය සහ ධනය නිසා මිනිසුන් කරන පාපකාරී ක්‍රියා වලින් විනාශවන අහින්සක ජීවිත,ආදරයේ තියන මිහිරි තැන් වගේ ගොඩක් දේවල් චිත්‍රපටයේ තියනවා.

Rebecca, Thandiwe, Cliff, Marina, Daniel, Natalie, Angela වගේ චරිත චිත්‍රපටය සාර්තක කිරීමට හොද දායකත්වයක් දෙනවා.නොබලපු හැමෝම බලන්න.කැපකිරීම් කියන්නෙ ආදරේදි මොන වගේ දෙයක්ද කියල.imdb rate නම් ගනන් ගන්න එපා.

Lisa Joy
Release dateAugust 20, 2021 (USA)
Budget$54–68 million

සoදීප ලක්ශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *