Raveena Tandon Indian Actress | Sinhala Article

Raveena Tandon by Mmp Ranaweera

තම සහෝදරයා පාවා දුන් නරුම මිනිසුන් ගැන රවීනා කතාව…?

රවීනා තන්ඩන් යනු 90 දශකයේ බොලිවුඩයේ සරාගීම සුරූපිණියන් අතර මුල් තැන හිමිවූ සුරූපිනියක්.. අදටත් වැසි දිනයකදී කහපාට සාරියත් එක්ක ඇගේ සුන්දර සරාගී නර්තනය සිහි නොවෙනවානම්.අනිවාර්යයෙන් ඔබ තිරිසෙනෙක් වෙන්න්ට ඕන.. ?

නමුත් මේ කතාවන ඒ සරාගීත්වය පිරි සුන්දර කතාවක් නම් නොවෙයි. මේ සරාගිණියක් වූ රවීනාගේ දුක්බර කතාවක්..90 දශකය කියන්නේ බොලිවුඩයේ නිළියන්ගේ දශකයයි..90 දශකයේ නිළියන් තමයි මාරම වාසනාවන්ත නිළියන් කියලා අපි හිතුවට ඒ වාසනාව පිටුපස ඔවුන්ගෙ දුක්බර කතාද සැගවී තිබුනා.

රවීනාගේ ජනප්‍රියත්වය සමග පැපරාසි මාධ්‍ය කරුවන්ද ඇගේ කුමක් හෝ ගොසිප් එකක් හොයන්නට ඈ යන එන තැන් වල නිතර ගැවසුනා.. ඒ කාලයේදී ඇය ආක්ශේ සමග තිබූ ප්‍රසිද්ධ ප්‍රේම සම්බන්ධයෙන් වෙන් වී සිටින කාලයක් වූවා ඇය දැඩි ලෙස ජීවිතය ගැන කලකිරී සිටි අතර ඇගේ රූගත කිරීම් සදහා ඇය මුම්බායි හී මහල් නිවසක් කුලියට ගෙන තිබුනා.. නමුත් ඇගේ දුක සහ තනිකම වෙනුවෙන් උනන්දු වූ සහ දුක් වූ ඇගේ එකම ආදරණීය සහෝදරයා Rajiv Tandon ඇගේ මේ සිදුවීමෙන් පසු ඈ කිසිම මොහොතක තනි නොකර රැදී සිටියේ ඇයට ඇති ආදරය නිසා ඇය රැක ගැනීමටයි..

රජීව් එතරම් මාධ්‍යට පෙනී සිටි කෙනෙකු නොවෙයි. ඔහු නළුවෙකු කෙස රඟපෑවේ එක් අසාර්ත චිත්‍රපටියක පමනයි. කෙසේ හෝ ඔහු ඇය සමග මේ මහල් නිවාසයට යන එන බව දකින ඒ කාලයේ කුණු රස ගොසිප් මැවූ පුවත්පතක මාධ්‍යකාරයෙකු මෙය දැක ඒ අවස්තාවන් ඡායාරූප ගත කර පසු දින..ඔහු Rajiv හැදින ගන්නේ නෑ.

“ආක්ෂේගෙන් වෙන් වූ රවීනා කඩවසම් ව්‍යාපරිකයෙකු සමග පෙමින් වෙලී.. තනිව නිවසක ජීවත් වෙ..” යනුවෙන් ලොකු අකුරින් සිරස්තල ඔහු සේවය කරන පුවත්පතේ පසුදින පල කරනවා.

මේ බව දකින රවීනා.. පුවත්පතේ හිමිකරුටත් එය පළ කළ මාධ්‍ය කරුවාටත් දුරකතනයෙන් බැන වදින අතර, ඔවුන් ඉන් පසුවයි දැන ගන්නේ ඒ ඇයගේ සහෝදරයා බව…ඒ අවස්තාවේදී ඔවුන් ඇයගෙන් යටහත් පහත් ලෙස සමාව අයදින අතර. එය අනික් සතියේ කලාපයෙන් නිවැරදි කරන බව ඇයට පොරොන්දු වනවා.. රවීනා සිතන්නේ එය එතනින් නිමවේවියැයි සිතායි..

පසු සතියේ පුවත්පතේ මෙසේ එය ලියා තිබුනි…

“රවීනා තම සහෝදයා සමග අඹුසැමියන් ලෙස ..එකට ජීවත් විමට තීරණය කර තිබෙනවා ද?”

යනුවෙනි… කාට කියන්නද මේ දුක කියා සිතා ගන්නා රවීනා මේ සම්බන්දයෙන් ඒ පුවත්පත් සමාගමට විරුද්දව නඩු මගට බසින්නට තීරණය කරනවා.. එයින් වසර 7කට පසුව තවත් ලැබුණු පැමිණිලි හේතුවෙන් ඉන්දියාවේ මේ සගරාව තහනම් වූවා..

MMP රණවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *