RANGEELA (1995) Hindi by Nalaka Herath
අධ්‍යක්ෂණය :- රාම් ගෝපාල් වර්මා
තිර රචනය :- රාම් ගෝපාල් වර්මා, නීරාජ් වෝරා
නිශ්පාදනය :- ජම්මු සුගාන්ද්, රාම් ගෝපාල් වර්මා
සංගීතය :- A.R. රහ්මාන්
ගී පද රචනය :- මෙහ්බූබ්
රංගනය :- ආමීර් ඛාන්, ජැකී ශ්‍රෝෆ්, උර්මිලා මතෝන්ඩ්කාර්, ගුල්ශාන් ග්‍රෝවර්, අවතාර් ගිල්, රීමා ලාගෝ, අච්යුත් පොට්තාර්, රාජේෂ් ජෝෂි, නිතින් චන්ද්‍රාසේකර්
Total India Net Collection ₹ 20.37 Cr
Worldwide Collection Gross ₹ 33.45 Cr
Overseas Collection ₹ 0.83 Cr
India Gross Collection ₹ 32.62 Cr
Rangeela Budget: ₹ 5 Cr (approx)
Verdict: BLOCKBUSTER
චිත්‍රපටය පිළිබඳව විශේෂ කරුණු
_________________________________
?️ ජනප්‍රිය විලාසිතා නිර්මාණකරුවෙකු වන මනීෂ් මල්හෝත්‍රා චිත්‍රපටයේ උර්මිලා සඳහා ඇඳුම් නිර්මාණය කිරීමෙන් පසු ප්‍රසිද්ධ විලාසිතා නිර්මාණකරුවෙකු බවට පත්විය.
?️ මෙම චිත්‍රපටය නේපාලයේ සිනමා ශාලා තුළ වැඩිම කාලයක් ධාවනය වූ චිත්‍රපටයයි. කත්මණ්ඩුහි ප්‍රධාන සිනමාශාලාවකින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කළ ඉවත් කළවිට එරට මිනිසුන් විරෝධය පළ කර අතර චිත්‍රපටය නැවත ප්‍රදර්ශනය සඳහා කටයුතු කර තිබේ.
?️ චිත්‍රපටය සඳහා සුපිරි ගීත දෙකක් ගැයූ ප්‍රවීණ පසුබිම් ගායිකා ආශා බෝම්ස්ලේගේ නැවත පැමිණීම රංගීලා සනිටුහන් කළේය. ආශා ගේ සහෝදරිය වූ ලතා මංගේෂ්කාර් මෙන්ම පසුබිම් ගායිකාවන් සඳහා වූ සම්මාන ලබා ගැනීමෙන් බොහෝ කලකට පසු විශ්‍රාම ගිය නමුත් එම වසරේ “තණ්හා තණ්හා” ගීතය ඉදිරිපත් කිරීම නිසා ඇයට ෆිල්ම්ෆෙයාර් විශේෂ සම්මානය හිමි විය.
?️ ආමීර් ඛාන් ඔහුගේ චරිතය සඳහා ඔහුගේම ඇඳුම් භාවිතා කළ අතර, ඔහුගේ මිතුරන්ගෙනුත් පරණ ඇඳුම් කිහිපයක් ලබා ගෙන තිබේ.
?️ උදිත් නාරායන්ගේ පුත්‍රයා වන ආදිත්‍ය නාරායන් රංගීලා රේ ගීතයේ පෙනී සිටින අතර ඔහු එම ගීතයේ සමහර පද ද ගායනා කරනු ලබයි.
?️ මෙම චිත්‍රපටය වෙනුවෙන් ජැකී ෂ්රොෆ් ෆිල්ම්ෆෙයාර් හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.
?️ චිත්‍රපටයේ සංගීතය ආරම්භ කළේ ඒආර් රහ්මාන්ගේ මව කරීමා විසින් 1995 සැප්තැම්බර් මාසයේදීය.
?️ චිත්‍රපටය සඳහා ආමීර් පැළඳ සිටින කැප් තොප්පිය Andaz Apna Apna චිත්‍රපටයෙහි පැළඳ සිටි තොප්පියම වේ.
?️ ජැකී ෂ්රොෆ්ගේ චරිතය සඳහා සල්මාන් ඛාන් තෝරා ගැනීමට සලකා බලා තිබේ.
?️ Welcome Back (2015) චිත්‍රපටයේ ජෝන් ඒබ්‍රහම්ගේ ටැපෝරි පෙනුම මෙම චිත්‍රපටයේ ආමීර් ඛාන්ගේ පෙනුමෙන් ආභාෂය ලැබීය.
?️ මෙම චිත්‍රපටය උර්මිලාගේ වෘත්තීය දිවියට විශාල පෙරළියක් වූ අතර එමඟින් ඇය ප්‍රසිද්ධ නිළියක් ලෙස ද තහවුරු විය.
?️ A.R. රහමාන් නව සංගීත කුසලතාව සඳහා ෆිල්ම්ෆෙයාර් ආර්ඩී බර්මන් සම්මානය දිනා ගත් අතර එය ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂ ආර්ඩී බර්මන්ගේ අභාවයෙන් පසු සිදු වූ පළමු ප්‍රථම සම්මානයයි.
?️ චිත්‍රපටයේ ආමීර්ගේ චරිතය පදනම් වී තිබුනේ හයිද්‍රාබාද්හි වීදි මැරවරයෙක් මත ය.
?️ මෙම චිත්‍රපටය 2004 දී හොලිවුඩයේ ප්‍රතිනිර්මාණය කරන ලද්දේ Win a date with Tad Hamilton ලෙස ය.
?️ ගුල්ෂාන් ග්‍රෝවර්ගේ චරිතය ප්‍රකට හොලිවුඩ් අධ්‍යක්‍ෂ ස්ටීවන් ස්පිල්බර්ග්ගේ චරිතයකි. ස්පිල්බර්ග් සහ කොපොලා වැනි හොලිවුඩ් අධ්‍යක්ෂවරුන් සමඟ තරඟ කිරීමට අපේක්‍ෂා කරන බොලිවුඩ් අධ්‍යක්ෂවරයෙකු වන ස්ටීවන් කපූර් ඔහුගේ චරිතයේ නමයි. අහම්බෙන් ස්ටීවන් කපූර් යනු සුප්‍රසිද්ධ ගායක Apache Indian ගේ නමයි.
?️ “රංගීලා රේ” ආරම්භක ගීතයේ වර්තමාන ජනප්‍රිය නර්තන රචක සහ අධ්‍යක්‍ෂක රෙමෝ දෙසූසා පසුබිම් නර්තන ශිල්පිනියක් ලෙස පෙනී සිටින ලදි.
?️ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා ශ්‍රී දේවි සමඟ රවීනා ටැන්ඩන් ද තෝරාගැනීමට මුලින් සලකා බලන ලදි. කෙසේ වෙතත් පසුබ උර්මිලා තෝරාගන්නා ලදි.
?️ ජැකී ෂ්රොෆ්ගේ චරිතය අනිල් කපූර්ට ද පිරිනමන ලද නමුත් ඔහුට දින නොමැති වීම නිසා එය ප්‍රතික්ෂේප වී තිබේ.
?️ රාම් ගෝපාල් වර්මා මීට පෙර Drohi චිත්‍රපටයේ උර්මිලා සමඟ වැඩ කළේය. එම චිත්‍රපටයේදී නර්තන ශිල්පියා ගීතයක් සඳහා පැමිණියේ නැත. ඉතින් ඔහු උර්මිලාගෙන් ඇසුවේ ඇය තනිවම ඒ සඳහා නර්ථනයේ යෙදෙනවාද කියාය. ඇය එයට එකඟ වූවාය. ඇය පිළිබඳව පැහැදුනු රාම් ගෝපාල් වර්මා උර්මිලා Rangeela චිත්‍රපටය සඳහා තෝරාගත්තේ එම නිසාය.
?️ 1977 දී නිෂ්පාදක ආර්.සී. කුමාර් බ්‍රිජ් සදනා විසින් අධ්‍යක්ෂණය කරන ලද ෆෙරෝස් ඛාන් රඟපෑ “රංගීලා” නම් චිත්‍රපටයක් කරමින් සිටියේය. නමුත් චිත්‍රපටය සෑදුනේ නැත.
?️ සරෝජ් ඛාන් ‘තණ්හා තණ්හා’ ගීතයේ නර්තන නිර්මාණය අධ්‍යක්ෂ රාම්ගෝපාල් වර්මා සෑහීමකට පත් නොවීය. ඒ නිසා ඔහු සෙසු ගීත වල නර්තන නිර්මාණය සඳහා අහමඩ් ඛාන්ව පත් කළේය.
?️ අමීර් ඛාන්ගේ මිත්‍රයා වූ Parkiya ගේ චරිතය නිරූපණය කළ රංගන ශිල්පී රාජේෂ් ජෝෂි හදිසි අනතුරකින් මිය ගියේය. ඔහු නළු මනෝජ් ජෝෂිගේ සහෝදරයා වේ.
?️ උර්මිලාගේ තන්හා තන්හා ගීතයේ අඩක් රූගත කළේ ගෝවා වලදී වන අතර අනෙක් භාගය රූගත කිරීමට සිදු වූයේ මාද් දූපතේ ය.
?️ චිත්‍රපටය ආමීර් ගේ චරිතය නිරූපණය කිරීම සඳහා ඔහු සැබැ ලෙසම මුම්බායහි මුඩුක්කු නිවාස ආශ්‍රිතව කාලය ගත කරමින් එහි සිටින සිඟන්නන්ගෙ සහ් නොයෙකුත් පුද්ගලයාන්ගේ ගති ලක්ශන සහ භාශා හැසිරවීමේ විලාශය අධ්‍යනය කළේය.
?️ මෙම චිත්‍රපටයේන් පසු නළු අමීර් සහ අධ්‍යක්ෂ රාම් ගෝපාල් වර්මා අතර මතභේද ඇති වූ අතර දෙදෙනාම කිසි විටෙකත් නැවත එක්ව වැඩ නොකරන බවට පොරොන්දු වූහ.
?️ Rangeela Re ගීතය මුළුමනින්ම රූගත කරන ලද්දේ නවී මුම්බායි හි සීබීඩී බෙලාපූර් දුම්රිය ස්ථානයේ සහ ඒ අවට ය.
?️ Rangeela චිත්‍රපටය තිරගත වීමෙන් පසු අමීර් ඛාන් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලලවල් සඳහා සහභාගී වීම නැවැත්වීය. චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙන් 1995 හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට නොහැකි වීම එයට හේතු විය.
?️ චිත්‍රපටයෙ ගීත බෙහෙවින් ජනප්‍රිය විය.
?️ මෙම චිත්‍රපටය ෆිල්ම් ෆෙයා සම්මාන 7ක් දිනා ගත්තේය. ඒ හොඳම සහාය නලුවා වෙනුවෙන් ජැකී ශ්‍රෝෆ් ද, හොඳම නර්ථන අංගය වෙනුවෙන් අහ්මඩ් ඛාන්, හොඳම ඇඳුම් නිර්මාණය වෙනුවෙන් මනීෂ් මල්හෝත්‍රා, හොඳම කාතාව වෙනුවෙන් රාම් ගෝපාල් වර්මා, හොඳම සංගීතය වෙනුවෙන් A.R. රහ්මාන්, Tanha Tanha ගීතය වෙනුවෙන් අශා භෝන්ස්ලෙ ජූරියේ විශේෂ සම්මානය.